ජෛනාගම

ආගමකි
(ජෛන ධර්මය වෙතින් යළි-යොමු කරන ලදි)

පාරුපාලම තැනීමට පෙර ගමනාගමනය පිණිස මෙන්ම භාණ්ඩ, ද්‍රව්‍ය, ප්‍රවාහනය සඳහාද ඔරු, පාරු, අඟුලු, පාද, ආදිය බහුලව භාවිතකෙරිණ. මෙනිසා මෙතැන පහලින් කැලණි ගඟෙහි පාරුපාලම අටවා තිබුනද දිනකට යම් කාලපරාසයක් ජලයාත්‍රා ගමන් සඳහා පාරුපාලම ඉවත් කර ඉඩදෙනු ලැබීය.

ජෛනාගම
ජෛන ධජය
කෙටි යෙදුමජෛන
පෙළගැස්මඅහිංසාව (හිංසා නොකිරීම)
ScriptureJain Agamas
Other name(s)ජින ශාසන හෝ ජෛන ධර්ම
පාරු සේවා -  කොටුවේ සිට කැලණිගඟ දක්වා ඇළ(ටිකිරිකුමාරයාවිසින් තැනවූ ඇළ) පසුව සාන්තසෙබස්තියන්ඇළ ලෙස භාවිතකළ පෘතුගීසීන්ගෙන් අනතුරුව, හා ඕලන්ද ඇළ හෙවත් ‘කැනල් රොව්’ ලෙස හැඳින්වූ මේ ඇළ සංවර්‍ධනයකර එයද ඔවුන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනින. [මෙහි වපසරිය එදාට වඩා අද බෙහෙවින් පටුවී ඇත.] මෙය ලන්දේසි යුගයේදී සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා බහුලව භාවිත කරනුලැබීය. කැලණිගඟෙහි ඉහල ‍දෙසින් එන සහ, පුත්තලම දෙස සිට පාරුඇළ ඔස්සේ කැලණිගඟට පැමිණෙන ඔරු, පාරු, ආදිය තොටළඟින් දකුණු දිශාවට වූ මෙම ඇළට ඇතුළුවී කොළඹ කොටුව දෙසට පැමිණුනි. ඇළ මඟෙහි එදෙසට ගමන් කරන විට සන්තබස්තියමකන්ද ප්‍රදේශයේ ජල මට්ටම් පාලන උපක්‍රමික ද්විත්ව දොරටුවක් මධ්‍යයෙන් යාමට සිදුවීම  මෙහි විශේෂත්වයකි. කොළඹවිල සහ කැලණි ගඟ අතර ජලමට්ටම් අතර වෙනස, ප්‍රවාහනයේදී බාධාවක් නොවනු පිණිසද, කොළඹකොටුවට යන ජලමගෙහි ආරක්ෂක උගුලක් ලෙසද, ලන්දේසීන් විසින් මෙය නිමවනු ලැබ තිබේ. (බේරේ දෙස ජලමට්ටම ඉහලින් පිහිටන හෙයින්, කැලණිගඟ දෙස සිට යන යාත්‍රාවක්, මෙතැන එදෙසින් ඇති දොරටුව ඇර, දොරටුදෙක මධ්‍ය ප්‍රදේශයට ඇතුළුකර කැලණිගඟ දෙස දොරටුවවසනු ලැබේ. ඉක්බිතිව බේරේ දෙසින් දොරටුව විවෘතකර, දිය මට්ටම නැඟුනුපසු යාත්‍රාව බේරේ දෙසට යැවේ. බේරේ දෙසින් එන යාත්‍රාවක්ද මෙතුලට ගෙන බේරේ දෙස දොරවසා ජල මට්ටම පහත් වීමට කැලණිගඟ දෙස දොරටුව විවරකර අනතුරුව එදෙසට යැවීම මෙම උපක්‍රමයයි.) [දෙමටගොඩ පහළ ගංවතුර පාලනයට මෙතැන පොම්පාගාරයක්ද සකසා තිබේ. සාන්තසෙබස්තියන් දොරටුව ස්ථානය අද පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගිනි.] 
 තවද කොළඹ වට (දෙමටගොඩ ඇළ , කිඳ ඇළ, කිරුළපනඇළ , වැල්ලවත්තඇළ, ඔස්සේ ඇළ මාර්ගය)හා බැහැර ප්‍රදේශ(කොළඹ - පුත්තලමඇළ මාර්ගය, වැල්ලවත්ත - කළුතර ජල මාර්ගය, ආදී..) කරාද ජලමාර්ග තුලින් ප්‍රවාහන පහසුකම් යොදා ගැනිණ.
  දහනවවන සියවස අග කාලය තෙක්, වැල්ලවත්ත කජු, දං, ඇඹුල්පේර ආදී ඇළබඩ කැලෑ ස්වභාවයෙන් යුත් තුන් පැත්තකින් ඔරු-පාරු ගමන් කෙරෙන පැහැදිලි දියෙන් පිරි ඇළවල් වලින්, හා බටහිරින් මුහුදින් වටවූ, වතුපිටි කුඹුරු පොකුණු වලවල්, සහිතවූ ග්‍රාමීය පෙදෙසක් විය. මේ හරහා මුහුදට සමාන්තර අයුරින් ගාලුපාර වැටී තිබිණ. [මෙහි දැන් දැකිය හැකි මහාමාර්‍ග පෙර කුඩා පාරවල්ය].  බෙලිකටු,ගල්මල් පුළුස්සා හුණු සෑදීම මෙහි වූවන්ගේ පාරම්පරික වෘත්තිය වීය [අදද කුඩා පිරිසක් මෙම ව්‍යාපාරයේ නියැලෙති]. පෙර කාලයේ අසල මුහුදින් අමුද්‍රව්‍ය ලබාගත්තද, පසු කාලීනව කළුතර ප්‍රදේශයේ  මුහුදින් ඒවා ලබාගෙන, කළුගඟ බොල්ගොඩ වේරැස්ගඟ ඔස්සේ වැල්ලවත්ත ඇළ තෙක් පාරුවෙන් ගෙන ඒම[ඕලන්ද යුගයේ සිට භාවිතවූ මෙම ඇළමඟින් මොරටුවේ දැව කර්‍මාන්තයද දියුණුවට පත්විය.] සිදු කළහ. කොළඹට දියහුණු, අළුහුණු සැපැයූවෝ ඔවුහුය.
   කොළඹවිලෙහි ඔරු පැදීම් පුහුණු සමාජය (Colombo Rowing Club) ඇරැඹියේ 1864දීය [මෙය ආසියාවේ පැරණිතම ක්‍රීඩා සමාජයයි].
  පෘතුගීසි සමයේ Grande Passar (‘ග්‍රැන්ඩෙ පාසා’), ලන්දේසි යුගයේදී Passo Grande(‘පාසෝ ග්‍රාන්දේ’) නැතහොත්  Groote Pas (‘ගෲටෙ පාස්’) යනුවෙන් හඳුන්වමින් තිබූ  තොටුපළ වන, පසුව පාලම් පාදය යොදා තිබුනු ඉක්බිතිව පාරුපාලම සකසනලද ස්ථානය සහිත කැලණි ගඟේ නාගලගම තොට(තොටළඟ) ඇතුලත් ප්‍රදේශය පසුව Grandpass විය.
 ආණ්ඩුව තොටුපොළ රේන්දයන්දී තිබූ හෙයින් මෙහිදීද කරත්ත, වාහන ආදිය එගොඩ මෙගොඩ වීමේදී තොටුපොළ පාළම්බද්දක් අයකරන ලදී.
  ‘පාරුපාලම’ ලෙස හැඳින්වූ, නාගලගම වීදිය කැලණි ගඟ හරහා පෑලියගොඩට යාවූ, ඔරු 21ක් පළල අතට එකට සම්බන්ධ කරමින්, ඒමත දැවයෙන් පාලම කොටස් තුනකට, අඩි499ක දිගකින් යුතුව සකසනලද, මෙය 1822දී නිමැවූ වග කියැවෙයි.
 නාගලගම කැලණි ගඟ තොටළඟ අද්දර භූමිය සහ ප්‍රදේශය වර්ෂා කාලයන්හිදී ගංවතුරට යටවන සාරවත් නිම්නයකි. වැලි ගොඩ දැමීමද මෙහි බහුලව සිදුවූ වාණිජ කාර්යයකි. දියේ ගිලී වැලි කූඩය පුරවා ගොඩගෙන ඒමෙන්ද, අඟුළු පහුරු යොදා ගනිමින්ද, වැලි ගොඩ දැමීම කරණලදී.
   ග්‍රීක අයෝනික වාස්තු ශිල්ප ශෛලියට අනුව ගාලුමුවදොර ඉඳිකළ රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල[වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලයය ගොඩනැගිල්ල] 1930දී විවෘත විය. මෙහි යෙදීම සඳහා විශේෂිත රෝසපැහැ කළුගල් රුවන්වැල්ලේ ගල්වලෙහි සිට ගාලුමුවදොර තෙක් ප්‍රවාහනය කෙරුණේ කැලණි ගඟ, සන්තබස්තියම ඇළ, බේරේ ජලාශය, ඔස්සේ පහුරු මතිනි.

(උපුටාගැනීම- rohanajayakody.blogspot.com)

ජෛනාගම ක්‍රි.පූ. 6 වන සියවසේ දී ඉන්දියාවේ බිහිවූ ආගමකි. එකල ඉන්දියාවේ පැවති හින්දු ආගමෙහි පිරිසිදු බවත් චාම්, සරල ලක්ෂණත් විනාශ වෙමින් ඒ වෙනුවට එය අනුරාගී පූජා විධි, බිලි පූජා සහ හරසුන් ශාන්තිකර්ම වලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා බිහි වෙමින් පැවති නව ආගම් වලට වැඩි ජනතා ආකර්ෂණයක් ලැබුණි.

පාර්ශ්වනාථසංස්කරණය

ජෛන සම්ප්‍රදායයේ පිළිගැනීමට අනුව එම ආගම මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය තරමට ම පැරණි වන අතර එමගින් තිර්තංකරයන් (සාන්තුවරයන්) 24 දෙනෙකු බිහි කොට ඇත. ඒ අතරින් වෘෂභනාථගෙන් පටන් ගන්නා ප්‍රථම තිර්තංකරයන් 22 දෙනා ජනශ්‍රැතියට අයත් පුද්ගලයන් බව පෙනෙන අතර අවසාන දෙදෙනා වන පාර්ශ්වනාථ සහ මහාවීර ඓතිහාසික පුද්ගලයෝ වෙති. පාර්ශ්වනාථ ජිවත් වී ඇත්තේ මහාවීර ඉපදීමට අවුරුදු 250 කට පෙර බව පිළිගැනේ. ඔහු බරණැස අශ්වසේන රජුගේ පුත්‍රයා ය. වයස අවුරුදු 30 දී තවුස් දිවිය ඇරඹු ඔහු වටා අනුගාමිකයන් විශාල පිරිසක් එක්රොක් වූ අතර ඔවුන් "නිගණ්ඨ" නමින් හැඳින්විණි. ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම හතරක් ප්‍රගුණ කළ යුතු බව පාර්ශ්වනාථ සිය අනුගාමිකයන්ට අවධාරණය කළේ ය. ඒවා නම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ (දේපොළ කෙරෙන් වෙන් වීම), සහ ආස්තෙය (සොරකම් කිරීමෙන් වැළකීම) යි.

වර්ධමාන මහාවීරතුමාසංස්කරණය

ජෛන සම්ප්‍රදායට අනුව මහාවීරතුමා 24 වන හෙවත් අවසාන තිර්තංකර විය. එතුමා ක්‍රි.පූ. 663 හෝ 603 හෝ 520 දී පමණ වේදේහ ජනපදයේ අගනුවර වූ වෛශාලියේ කුණ්ඩග්‍රාම නම් ප්‍රදේශයේ උපත ලැබී ය. ඔහුගේ දෙමව්පියන් වූයේ සිද්ධාර්ථ සහ ත්‍රිශලා ය. ප්‍රභූ පවුලක උපත ලැබූ මහාවීර හැදී වැඩුනේ මහත් සැප සම්පත් මධ්‍යයේ ය. ඔහු යසෝධා කුමරිය සමඟ විවාහ වීමෙන් දියණියක ලැබූ අතර ඇය අනෝජා හෙවත් ප්‍රියදර්ශන නම් වූවා ය. සිය දෙමවුපියන්ගේ අභාවයත් සමඟ ගිහිගෙය හැර යාම සඳහා සිය සොහොයුරාගෙන් අවසර ලබා ගත් වර්ධමාන වයස අවුරුදු 32 දී ලෞකික සැප සම්පත් අත්හැර ශ්‍රමණයෙකු බවට පත් විය.

සිය වස්ත්‍ර අත්හැර දිගම්බර (දිශාවන්ට හැඳිවත) තත්ත්වයට පත් ඔහු ඊළඟ වසර 22 තුළ පරම සත්‍යය අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව දුෂ්කර ජීවිතයකට එළඹ භාවනානුයෝගී ව කාලය ගත කළේ ය. එම කාලය අවසානයේ දී ඔහු කේවල හෙවත් සර්වඥ තත්ත්වයට පත් විය. ඉන් අනතුරුව වර්ධමාන, කෙලෙස් දිනූ තැනැත්තා යන අර්ථයෙන් ජින සහ මහාවීර යන නම් වලින් හැඳින්විණි.

වර්ධමාන මහාවීරතුමා තම ජිවිතයේ ඉතිරි කාලය තුළ අංග, මගධ, මිථිලා සහ කෝසල වැනි ප්‍රදේශ වල ජනතාවට සිය ධර්මය දේශනා කිරීමේ නිරත විය. විශාල පිරිසකගේ සිත් ඇද ගැනීමට සමත් වූ එතුමාගේ ධර්මය වැළඳගත අය අතර රජවරු, බලවත් ප්‍රභූවරු, ධනවත් වෙළෙන්දෝ, සහ ගෘහපතියෝ ද වූහ. මහාවීරතුමා වසර 72 ක් ආයු වළඳ ක්‍රි.පූ 591 හෝ 531 හෝ 448 දී පැට්නා නුවර පාවා නමැති ස්ථානයේ දී පරලෝ සැපත් විය. මහාවීරතුමා ගෞතම බුදුන් වහන්සේගේ සමකාලීනයෙකු වූ නමුත් ඒ දෙදෙනා කිසි දිනක ඔවුනොවුන් මුණ ගැසී නොමැත.

මහාවීරතුමාගේ ඉගැන්වීම්සංස්කරණය

මහාවීරතුමාගේ අනුගාමිකයෝ නිග්‍රන්ථ නම් වූහ. මහාවීරතුමා සිය කාලය මිඩංගු කළේ එතුමාගේ පූර්වගාමිකයා වූ පාර්ශ්වනාථ ගොඩනගා තිබූ දහම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ය. පාර්ශ්වනාථ දේශනා කොට තිබූ සිව් වැදෑරුම් ධර්මයට මහාවීරතුමා පස්වැන්නක් එකතු කළ අතර එය බ්‍රහ්මචර්යා නම් විය.

ජෛනාගමේ ප්‍රධාන අංගයක් වූයේ ආත්මය සහ කර්මය පිළිබඳ විශ්වාසය යි. සෑම මූල ධාතුවක් ම භූත සහ ආත්ම යන සාධක වල එකතුවක් බවත් එයින් පළමුවැන්න (භෞතික සාධක) විනාශ වන නමුත් දෙ වැන්න වූ ආත්මය එසේ නොවන බව එතුමා ප්‍රකාශ කළේ ය. ඕනෑම පුද්ගලයෙක් උපත් සහ මරණ විශාල සංඛ්‍යාවකට ගොදුරු වන බවත් එය කර්මය නිසා සිදු වන බවත් දේශනා කල මහාවීරතුමා ආත්මය සහ කර්මය අතර ඇති එම බැඳීමෙන් මිදීම සඳහා කර්මය විනාශ කල යුතු බව පෙන්වා දුන්නේ ය. එතුමාගේ දර්ශනය අනුව මේ තත්ත්වය ලඟා කර ගත හැකි වූයේ ශීල පහ, එනම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ, ආස්තේය සහ බ්‍රහ්මචර්යා ප්‍රගුණ කිරීමෙනි.

සිද්ධ සීල හෙවත් පාරිශුද්ධ වූ ද සදාකාලික වූ ද විමුක්තිය උදාකර ගැනීම සඳහා නියම ජෛන භක්තිකයෙකු විසින් ශීල පහට අමතරව රත්න නමින් හැඳින්වූ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි පැවැත්ම යන තුන් වැදෑරුම් මාර්ග ද අනුගමනය කළ යුතු ය.

අවිහිංසාව පිළිබඳ දර්ශනය ද ජෛන ආගමේ වැදගත් අංගයක් විය. මිනිසුන් සහ සතුන්ට පමණක් නොව ගස් වැල්, ලෝහ වර්ග, ජලය සහ දැව යනාදී සියළු අප්‍රාණික වස්තූන්ට ද ජීවයක් තිබෙන බවත් ඒ නිසා ඒ සියල්ල සම්බන්ධයෙන් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් මහාවීරතුමා අවධාරණය කොට දැක්වී ය. ඕනෑ ම පුද්ගලයකු තම ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාව ජයගත යුතු අතර ඒ සඳහා සිය ශරීරයට දුක් දෙන අත්තකිලමථානුයෝගී වූ ජීවිතයක් ගත කළ යුතු ය. විශ්වය දෙවියන් විසින් මවන ලද බව විශ්වාස නොකළ මහාවීරතුමා දෙවි කෙනෙකු ගැන කිසිම සඳහනක් කර නැත. වෙනස්කම් ඇති වීම ස්වභාව ධර්මය අනුව සිදුවන බව ප්‍රකාශ කළ එතුමා උපත සහ මරණය සියළු මනුෂ්‍යයන්ට මෙන් ම ද්‍රව්‍ය වලට ද එක සේ අදාළ ස්වභාවයක් බව පැහැදිලි කළේ ය.

වෛදික ඉගැන්වීම් නොවැදගත් ලෙස සලකා බැහැර කල මහාවීරතුමා බ්‍රාහ්මණයන් විසින් සිදු කරන ලද බිලිපූජා හෙළා දැක්කේ ය. කාන්තාවන්ගේ නිදහස පිළිබඳ ව විශ්වාස කල එතුමා ශ්‍රාවිකාවන් ලෙස මෙන් ම දායිකාවන් ලෙසත් ශාසනය?ට ඇතුළු වීමට ඔවුන්ට අවසර දුන්නේ ය.

ශ්වේතම්බර සහ දිගම්බර ජෛනයෝසංස්කරණය

ක්‍රි.පූ. 4 වන සියවස අවසාන කාලයේ දී බිහාර් ප්‍රාන්තයේ මහා සාගතයක් ඇති වූ හෙයින් භද්‍රබාහු නම් නායකයා යටතේ ජෛන භක්තිකයෝ දහස් ගණනක් මයිසූර් ප්‍රදේශයට සංක්‍රමණය වූහ. ඉතිරි වූ ජෛනයෝ මූලික ආගමික ඉගැන්වීම් වලට පටහැනිව ශ්වේත වර්ණ ඇඳුම්වලින් සැරසී සිටියහ. ඒ නිසා ඔවුහු ශ්වේතම්බර නමින් හැඳින්විණි. එහෙත් භද්‍රබාහු සහ ඔහුගේ අනුගාමිකයෝ පැරණි ඉගැන්වීම් වලට අනුව ජීවත්වීමට දැඩි ලෙස කැප වී සුපුරුදු ලෙස ම නිරුවත්ව (දිගම්බරව) සිටියහ. පසුකාලීන ධර්ම සංගායනා මගින් සකස් කළ ධර්ම ග්‍රන්ථ සහ විනය නීති පිළිගැනීම ප්‍රතික්ෂේප කළ දිගම්බර ජෛනයෝ 'පුර්ව' කෘති වල අන්තර්ගත මූලධර්ම තවදුරටත් දැඩි ලෙස අනුගමනය කළහ.

ආගමික සාහිත්‍යසංස්කරණය

මහාවීරතුමාගේ ඉගැන්වීම පූර්ව නමින් හැඳින්වෙන පැරණි ධර්ම ග්‍රන්ථ 14 ක අන්තර්ගත වී ඇත. ක්‍රි.පූ. 4 වන සියවස අවසාන කාලයේ දී භාද්‍රබාහු යටතේ ජෛන භක්තිකයෝ දහස් ගණනක් මයිසූර් ප්‍රදේශයට සංක්‍රමණය වීමෙන් පසු ඉතිරි වූ ජෛනයන් විසින් ධර්ම සංගායනාවක් කැඳවන ලදී. එහි දී සම්පාදනය කළ කෘති 12 ක් වූ අතර ඒවා අංග නමින් හැඳින්වේ. ජෛන ආගමික ලියවිලි සියල්ල එකතු කොට සන්හිතාවක් සකස් කිරීම සඳහා ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ වලහි ප්‍රදේශයේ තවත් සංගායනාවක් පැවැත්විණි. එම ධර්ම ග්‍රන්ථ ප්‍රාකෘත භාෂාවකින් ලියා ඇත.

ජෛනාගමේ ව්‍යාප්තියසංස්කරණය

මහාවීරතුමාගේ මරණින් පසුව එතුමාගේ ඉගැන්වීම් ප්‍රචලිත කරන ලද්දේ අංගධර නම් වූ පිරිසක් විසිනි. ජෛනාගමට චන්ද්‍රගුප්ත මෞර්ය, බිම්බිසාර සහ සම්පාති වැනි ප්‍රබල රජවරුන්ගේ අනුග්‍රහය ද ලැබුණි. මෞර්ය අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ජෛනාගම ඉන්දියාවේ දකුණු සහ බටහිර දිසාවන්ට ව්‍යාප්ත විය. ශක, ශත්‍රප සහ රාජ්පුත් පාලකයෝ බටහිර සහ උතුරු ඉන්දියානු ප්‍රදේශ වල ජෛනාගමික ආශ්‍රම ඉදි කළහ. කාලිංග දේශයේ ඛාරවේල රජු ජෛනාගමේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු විය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෛනාගම&oldid=481816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි