ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2024
2024 වසරෙහි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය (ඉංග්‍රීසි: 2024 Elpitiya Pradeshiya Sabha election) යනු, ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරය පාලනය කරන ප්‍රාදේශීය සභාවට සභිකයින් 30 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකි. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ඇත. 2024 සැප්තැම්බර් 12 වන දින නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2024 ඔක්තෝබර් 26 දින පැවැත්විණි.[2]
| |||||||||||||||||||||||||||||||||||||||||
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සමස්ත ආසන 30 වෙනුවෙන් බහුතරයක් සඳහා ආසන 16 දිනාගත යුතුව ඇත | |||||||||||||||||||||||||||||||||||||||||
ලියාපදිංචි ඡන්දදායකයින් | 55,643[1] | ||||||||||||||||||||||||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 66.18% (▼ 12.68pp) | ||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||
|
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 8 සහ එක් ස්වාධීන කණ්ඩායමක් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය.[3]
මෙම ඡන්ද විමසීමේදී වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාව වන 15ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට සමත් වූ නමුත් බහුතරයක් ලබා ගැනීමට පක්ෂයට අපොහොසත් විය.[4] දෙවන ස්ථානයට පත් සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 6ක් හිමි වූ අතර මීට පෙර සභාවේ පාලන බලය හිමිකර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 3ක් පමණයි.[4] මෙහිදී සිව්වැනි ස්ථානයට පත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 2ක් පමණයි.[5] පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ පොදුජන එක්සත් නිදහස් පෙරමුණට මන්ත්‍රීධුර 1ක් හිමි විය. [6]
2024 ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මේ මැතිවරණය ලෙස සැලකිය හැකි අතර ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනයක පාලන බලය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.
පසුබිම
සංස්කරණයඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2019 වසරේදීය. එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් මැතිවරණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වූ අතර අතිවිශිෂ්ට ජනවරමක් ලබා ගැනීමට ඒ පක්ෂය සමත්විය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වූ එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 6ක් හිමි වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 3ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.[7]
එම ඡන්ද විමසීම 2018 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීම අනතුරුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එම වසරේ ඡන්ද විමසීමක් පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.[8] ඒ අනුව 2019 වසරේ එම ඡන්ද විමසීම පැවැත්විණි.
ආශ්‍රිත ලිපි
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ නිරූපණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙහිදී දිනාගත් ආසන සංඛ්‍යාව වෙයි.
- ^ පසුගිය මැතිවරණයට පෙර මේ පක්ෂය පිහිටුවා නොමැතිය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "ඇල්පිටියේ ඡන්දය ඇරඹෙයි". අද දෙරණ. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "ඇල්පිටිය". දිනමිණ. 12 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26". අද දෙරණ. 12 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2024.
- ^ a b "ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය". හිරු මාධ්‍ය ජාලය. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
- ^ Farzan, Zulfick. "CBK Back in Politics: Leads Broad Alliance for Upcoming Elections". News First (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-02-12.
- ^ "ඇල්පිටියේ ඡන්දය ඇරඹෙයි". අද දෙරණ. 5 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට". ලංකාදීප පුවත්පත. 11 ඔක්තෝබර් 2019. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
- ^ "පස්සට ගොස් පෙරට ආ ඇල්පිටිය පුංචි ඡන්දය". සිළුමණ. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link)