ටෙනිසන් කුරේ

(Tennyson Cooray වෙතින් යළි-යොමු කරන ලදි)

මෙරෙඤඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ යනු ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු,[1][2] වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකුද වෙයි. පෙරළිකාරයෝ සිනමා පටයෙන් සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසයි.[3] ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාළම , කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන්ද රචනා කර ඇත. දශක තුනකට වැඩි කාලයක් පුරා වූ වෘත්තීය ජීවිතයක් සහිත සිංහල සිනමාවේ මෙතෙක් ජනප්‍රියම හාස්‍ය නළුවෙකු වූ කුරේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ "රේ ඩැනියෙල් දවල් මිගෙල්", "චෙරියෝ" වැනි බ්ලොක්බස්ටර් චිත්‍රපට ෆ්‍රැන්චයිස් විකට චරිත සඳහා ය.[4][5] ඊට අමතරව පෙරලිකාරයෝ, වද බැරි ටාසන් වගේම සෝමි බෝයිස් චිත්‍රපට තුලින් ඔහු ඉතා ජනප්‍රිය විය.[6][7]

ටෙනිසන් කුරේ
Tennyson Cooray
උපත
මෙරෙඤඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ

30 අප්‍රේල් 1952(1952-04-30)
වැලිගම, මාතර, ශ්‍රී ලංකාව
මියගිය දිනය28 September 2020(2020-09-28) (වයස 68)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනළුවා, තිර රචක, චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක
සක්‍රීය වසර1981–2020
කලත්‍රයා(යන්)මල්සිරි එරංජනී
දරුවන්1
සම්මානහොඳම විකට නළුවා
සටහන්
2009 වසරේ ඔස්ට්‍රේලියාවෙන් වේදිකාවේ සහ තිරයේ ඔහුගේ රංගනයන් වෙනුවෙන් පළමු සම්මානය ලබා ගන්නා ලදී
ආගමක්‍රිස්තියානි-මෙතොදිස්ත

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ඔහු 1952 අප්‍රේල් 30 වන දින වැලිගම, මාතර කතෝලික පියෙකුට සහ බෞද්ධ මවකට දාව පවුලේ දෙවැන්නා ලෙස උපත ලැබීය. ගාමිණී බස් සමාගමේ සේවය කළ ඔහුගේ පියා මෙරෙඤඤගේ එඩ්ගාර් ස්ටැන්ලි ආතර් කුරේ කලක් දේවගැතිවරයකු වීමට ඉගෙන ගත් අතර හොඳ ඉංග්‍රීසි සාහිත්‍ය කියවන්නෙකු ද විය.[8] ඔහුගේ මව, හේරත් මුදියන්සේලාගේ රන් මැණිකා ගෘහණියකි. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය සඳහා කැසබෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර පසුව මොරටුව මෙතෝදිස්ත විද්‍යාලය ලෙසින් හඳුන්වනු ලබන විල්ලෝරවත්ත ප්‍රොතෙස්තන්ත කතෝලික මිශ්‍ර පාසලට ඇතුළත් විය. ඔහු සාමාන්‍ය පෙළ විභාගය පමණයි සමත් වුණේ. ඔහුට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් සිටියේය. ඔහුට වයස අවුරුදු දහයක් පමණ වන විට ඔවුන් පෝය දවසට අම්මා සමඟ පන්සලට මෙන්ම ඉරිදාට පල්ලි යාමට ඔහු පුරුදු වී සිටියේය.[9] මීට පෙර මෝටර් රථ පාඨමාලාවකට සහභාගී වූ ටෙනිසන් පසුව නැව් කාර්මිකයෙකු ලෙස සේවය කළේය.[10]

ඔහු විවාහ වී සිටියේ මල්සිරි එරංජනී සමඟ වන අතර මෙම යුවළට බිෂොප් විද්‍යාලයේ ගුරුවරියක් වන මධුමිහිරි නම් එක් දියණියක් සිටියාය.[11] මධුමිහිරි විවාහ වී සිටින්නේ ව්‍යාපාරිකයෙකු වන චතුරංග ප්‍රනාන්දු සමඟයි. ඔවුන්ට චන්ද්‍රු මිතුෂ්ක නම් පුතෙකු සහ මින්ද්‍රි නම් දියණියකි.[8]

2020 සැප්තැම්බර් 28 වන දින, හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කුරේ වයස අවුරුදු 68 දී කොළඹ ජාතික රෝහල හිදී මිය ගියේය.[12][13] දේහය දින දෙකක් මොරටුව, විල්ලෝරවත්ත, 79/1, ටෙනිසන්ගේ නිවසේ තැන්පත් කර සවස 4 ට රාවතාවත්ත මෙතෝදිස්ත දෙව්මැදුර වෙත රැගෙන ගිය අතර අවසන් කටයුතු 2020 ඔක්තෝබර් 01 වන දින සුසාන භූමියේදී සිදු කරන ලදී.[14][15]

වෘත්තීය ජීවිතය සංස්කරණය

නව යොවුන් වියේදී ඔහු තම මිතුරා වන පර්සි සමඟ අවුරුදු අටක් පමණ පල්ලියේ උත්සවවල රඟ දැක්වීය. ඊට පස්සේ චිත්‍රපටවල රඟපාන්න අවස්ථාවක් ගන්න නාට්‍ය සම්මුඛ සාකච්ඡා කිහිපයකටම ගියත් පෙනුම නිසා අවස්ථාවක් ලැබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම කලකිරුණු තාත්තා දවසක් ඔහුට කිව්වා ‘ඔයාට රඟපාන්න ඕන නම් ඔයාට ගැලපෙන නාට්‍යයක් කරන්න පුළුවන්’ කියලා. ඊට පස්සේ ‘‘අපායේ තත්පර 1800’’ කියලා වෙසක් නාට්‍යයක් කළා.[9] නාට්‍යයේ අරමුණ වූයේ මිනිසුන් පව් කිරීමට බිය වීමයි. ඊට අමතරව ඔහු ශබ්ද පරිපාලනය කළේය. මෙම නාට්‍යය 35 වතාවක් පමණ මොරටුව ප්‍රදේශයෙන් පිටත ප්‍රදර්ශනය විය. (එය 1990 දශකයේ දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් ලෙස ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතයට පණ පොවන අතර දෙබස් සහ තිර රචනය ටෙනිසන් අතින් සිදුවිය). 1971 දී ඔහු "හද ඇදී සිත්තම්" නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. එහිදී ඔහුට ගිවන්ත අර්ථසාද් සහ බර්මින් ලයිල් ප්‍රනාන්දු හමුවිය.[10]

ටෙනිසන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ පූජ්‍ය තියඩෝර් එච් පෙරේරා අධ්‍යක්ෂණය කළ මොරටුමුල්ල දේවස්ථානයේ වේදිකාගත කළ රසික නාට්‍යයක වේදිකා නාට්‍යකරුවෙකු ලෙසය. වෙස්ලි ගුල්ඩ් සහ විල්ලෝරාවත්ත දේවස්ථානයේ බයිබල් පාසලේදී ඔහු තම නාට්‍ය කුසලතා තවදුරටත් වර්ධනය කළේය. ඔහු NCC රේඩියෝව සඳහා ක්‍රිස්තියානි නාට්‍ය නිෂ්පාදනය කර ඇත.[11] ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ හේමසිරි සෙල්ලප්පෙරුම විසින් අධ්‍යක්ෂණය කරන ලද ජීවන්ති හරහාය. ගිවන්ත අර්ථසාද්ගේ බාල සොහොයුරා වන දිනේෂ් ප්‍රියසාද් හමුවීමත් සමඟ ඔහුගේ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. දෙන්නා එකතුවෙලා පොඩි අත්හදා බැලීමක් කළා, එහිදී ඔවුන් "Action" නමින් කෙටි චිත්‍රපටයක් කළා.[10]

දිනේෂ් ප්‍රියසාද්ගේ පළමු අධ්‍යක්ෂණය වන "නොම්මර එකයි" චිත්‍රපටයේ තිර රචකයෙකු ලෙසින් කුරේ සිංහල සිනමාවට පිවිසියේය. ඔහු චිත්‍රපටයේ කතාව සහ තිර රචනය මෙන්ම රංගනයද ලිවීය. අඩු බජට් එකක් වන නොම්මර එකයි නිෂ්පාදනය කර එය විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. පසුව දිනේෂ් “නොම්මර එකයි” චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව තිලක් අතපත්තුගේ අලුත් ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා. ජනතාව කැමති අකමැති දේ කුරේ දන්නවා යැයි සිතූ දිනේෂ් අලුත් චිත්‍රපට පිටපතක් ලිවීමට කුරේ දෙසට හැරුණේය. ඔහු චිත්‍රපටයේ ප්‍රධාන නළුවෙකු ලෙස සිතමින් පිටපතක් ලිවීමට පටන් ගත්තේය. ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාවක් දෙන්න අතපත්තු ප්‍රතික්ෂේප කළේ කුරේ ක්‍ෂේත්‍රයට නවකයෙක් නිසා. ඔහු අවදානමක් ගැනීමට සූදානම් නොවීය. කෙසේ හෝ ඔහුට චිත්‍රපටයේ සුළු චරිතයක් කිරීමට අවස්ථාවක් ලැබුණි.[8] ඉන්පසුව ටෙනිසන් විසින් බ්ලොක්බස්ටර් චිත්‍රපටය වූ "පෙරලිකාරයෝ" රචනා කරන ලදී, එය 1986 වසරේ ජනප්‍රියම චිත්‍රපටය පමණක් නොව, වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ද විය.

"පෙරලිකාරයෝ" අතරතුර ටෙනිසන් සහ ප්‍රියසාද්ට විජය කුමාරතුංග හමුවිය. පසුව ඔවුන් කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය වන ‘‘වරදට දඬුවම’’ට සම්බන්ධ විය. පසුව ප්‍රියසාද්ගේ බ්ලොක්බස්ටර් හිට් වූ "දෙමෝදර පාලම" හි පිටපත් රචකයා වීමට ඔහුට අවස්ථාවක් ලැබුණි, එහිදී ඔහු ගාමිණී ෆොන්සේකා සමඟ 'වලි කුරේ' චරිතය රඟපෑවේය.[16] ප්‍රියසාද්ගේ “හිතට දුකක් නැති මිනිහා” චිත්‍රපටය ටෙනීගේ රංගන විලාසය පසෙකට ඇද දැමූ චිත්‍රපටයක් වූ අතර එහිදී එම වික්‍රමාන්විත දර්ශන සඳහා ඔහුගේ හැකියාව චිත්‍රපටයේ ඉස්මතු වේ. "මෑන් ද මෑන්", "කැප්ටන් කූල්", "සිවම්මා ධනපාල" සහ "මම ශ්‍රී ලංකා" යන ජනප්‍රිය වේදිකා නාට්‍ය සමඟින් ඔහු සිනමාවේ පමණක් නොව වේදිකාවේ ද හොඳින් රඟපෑවේය. මේ සෑම වේදිකා නාට්‍යයකින්ම ඔහු සමාජයේ පවතින ප්‍රශ්න හා ප්‍රශ්න හාස්‍යජනක ලෙස සාකච්ඡා කරන අතර ප්‍රේක්ෂකයින් සිනහසෙන්නට මෙන්ම රටේ ප්‍රශ්න කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමු කිරීමට උත්සාහ කරයි.[10]

ඔහු ප්‍රථම ක්‍රිස්තියානි 16 mm සිංහල චිත්‍රපටය වන අකිකරු පුත්‍රයා නිෂ්පාදනය කළ අතර ඉන්පසු ඔහු වේදිකා නාට්‍ය තුනක් නිෂ්පාදනය කළේය: කුරුල්ලා, මෑන් ද මෑන් සහ අයි ඈම් ශ්‍රී ලංකා.[11][17][18] ඔහු සෙසු නළු බන්දු සමරසිංහ සමඟ රෑ දනියෙල් දවල් මිගෙල් චිත්‍රපට මාලාව, [[චෙරියෝ චිත්‍රපට මාලාව, කොලොම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස්, සොමි බෝයිස්. ඇතුළු අවස්ථා ගණනාවකදී විකට චිත්‍රපටවල ද පෙනී සිට ඇත.[8] එම චිත්‍රපට සියල්ල "බන්දු-ටෙනි යුගල" ලෙසින් 1990 ගණන්වල සහ නව සහස්‍රකයේ මුල් භාගයේදී ප්‍රහසන සිනමා රැල්ලක් ඇති කළ චිත්‍රපට බ්ලොක්බස්ටර් ජයග්‍රහණ විය.

2010 දී පමණ සරසවිය පුවත්පත ටෙනිසන් සමඟ සතිපතා ප්‍රශ්නෝත්තර ලිපි මාලාවක් ‘ටෙනිසන්ගෙන් අහන්න’ නමින් පළ කළේය. එය එකල පුවත්පතේ ජනප්‍රිය විශේෂාංගයක් විය. පාඨකයින් අසන ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු හාස්‍යජනකය. පෞද්ගලිකව ටෙලිනාට්‍යවල රඟපෑමට අකමැති වූ නිසාත් චිත්‍රපට වැනි ප්‍රධාන නිර්මාණවලට සම්බන්ධ වීමට කැමැත්තක් දැක්වූ නිසාත් ඔහු රඟපා ඇත්තේ රූපවාහිනී කතාමාලා අතළොස්සකට පමණි.[10] ටෙනිසන් ඔහුගේ මංගල සිනමා අධ්‍යක්ෂණය "තෑන්ක් යූ බර්ටි" නම් ප්‍රහසන චිත්‍රපටියෙන් සිදු කළේය. එය තිරගත වූයේ 2011 නොවැම්බර් 25 දිනයි.[19][20] මෙම චිත්‍රපටියෙ ඔහු තම දිගුකාලීන මිතුරා වූ බන්දු සමරසිංහ සමඟ රඟපෑවේය. ඊට අමතරව ඔහු 2015 වසරේ “එයා තාමයි” DVD චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළා.[21] 2011 දී, ඔහු එක්සත් රාජධානියේ '1+1=1' පුණ්‍යායතනය විසින් සංවිධානය කරන ලද ප්‍රසංග මාලාවක් සඳහා එක්සත් රාජධානියට ගියේය.[22]

2018 වසරේ ටෙනිසන් වසර 10කට පසු ප්‍රථම වතාවට බන්දු සමඟ “යම රජ සිරි” චිත්‍රපටයේ රඟපෑවා.[23] එම වසරේම සිසිල් ගුණසේකර විසින් නිෂ්පාදනය කරන ලද "Reliy Remix" නම් විකට නාට්‍යයේ ඔහු රඟපෑවේය.[24] පසුව, ඔහු "කොට උඩ එක්ස්ප්‍රස්" චිත්‍රපටය සඳහා 2018 දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උළලේදී හොඳම විකට නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.[25]

සිනමාගමනය සංස්කරණය

වසර චිත්‍රපටය චරිතය කරුණු
පෙරළිකාරයෝ 1986 විජයගේ සහෝදරයා කතා සහ තිර රචනය
නොම්මර එකයි 1987 කතා, දෙබස් රචනය
චණ්ඩින්ගෙත් චණ්ඩියා 1988
සම්බුදු මහිම 1990
හොඳ හොඳ සෙල්ලං 1990
හිත හොඳ පුතෙක් 1990
හොඳින් නැත්නම් නරකින් 1990
ඇසළ සඳ 1990
චෙරියෝ ඩොක්ටර් 1990
අලි බබා සහ හොරු 40 1991
ආසයි බයයි 1991
සිංහයන්ගෙත් සිංහයා 1992
රණබිමේ වීරයා 1992
සිංහ රජා 1993
කම් ඔර් ගෝ චිකාගෝ 1993 හැරා ද කැරාහ්
අජේ සහ විජේ 1993
රෝදය 1995
චෙරියෝ කැප්ටන් 1995
හිත හොඳ සූරයෝ 1995
දෙවියනි සත්‍ය සුරකින්න 1995
දෙමෝදර පාළම 1995 කතා රචනය
චෙරියෝ ඩාලිං 1996 වෛද්‍ය දුන්නොත් මලා
අපායේ තත්පර අසූහාරදාහක් 1997
සූරයෝ වැඩකාරයෝ 1997
විජයග්‍රහණ 1997
රඹා සහ මධූ 1997
රෑ දනියෙල් දවල් මිගෙල් 1998 මිගෙල්
කොළොම්පූර් 1999 බන්දු/මදාවියා/අධ්‍යක්ෂකවරයා/දමිල වෙළෙන්දා/ඇමතිතුමා/ගොවියා/නපුංසකයා කතා, දෙබස්, තිර රචනය. ප්‍රධාන චරිතයට අමතරව වෙනත් චරිත 6ක් රඟනු ලබයි.
නගරං 1999
රෑ දනියෙල් දවල් මිගෙල් 2 2000 මිගෙල්/ඇමති ලේකම්
ජොන්සන් ඇන්ඩ් ගොන්සන්ඩ් 2001
ජැක් ඇන් ජිල් 2001 ජැක්
කොළඹ කොප්පන් 2001
පාර්ලිමන්ට් ජෝක්ස් 2002 පූ.කේ. අමාරිස්
සොමි බෝයිස් 2002
ලව් 2002 2002 ටොම්
ඇලඩින්ගේ වෑල්ඩින් 2003 ඇලඩින්
ටැක්සි ඩ්‍රයිවර් 2003
හිත හොඳ පිස්සෝ 2003 සොනී
වැලා ඉන් ලන්ඩන් 2003
රෑ දනියෙල් දවල් මිගෙල් 3 2004 "008" මිගෙල්
ඔහොම හරිද 2004 වීරසිංහ
ක්ලීන් අවුට් 2004
ජේම්ස් බොන්ඩ් 2005 ජෙම්ස් නොහොත් ජේමිස්
වඩබැරි ටාසන් 2007 ටාසන්/මේසන් ද්විත්ව චරිත
ජුන්ඩයි ගුන්ඩයි 2007 ගුන්ඩා
ඇයි ඔබ තනිවෙලා 2008
හදවත මල් යායයි 2010 ගරු රඟපෑම්
අපේ යාළු පුංචි භූතයා 2010 ජීවං ගුරුන්නාන්සේ ගරු රගපෑම්
වැඩබැරි ටාසන් මැතිසබයට 2010 ටාසන්
කිව්වද නහී නොකිව්වද නහී 2011 සනත් පෙරේරා
තැන්ක් යූ බර්ටි 2011 බර්ටි ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය
ජීවිතේ ලස්සනයි 2012 කළණ
සුපිරි අන්දරේ 2014 අන්දරේ/ගලිවර් ද්විත්ව චරිත
රංජා 2014 ජොනී
පරපුර 2014
සිංග මචං චාර්ලි 2015 චාර්ලි
හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර් 2017 රාජා කාන්ත්
නෝන හරිම වසයි 2017

මූලාශ්‍ර සංස්කරණය

  1. "ටෙනිසන් කුරේ". imdb. සම්ප්‍රවේශය 17 June 2016.
  2. "Actor Tennyson Cooray". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 17 June 2016.
  3. "22 years of MAF". The Sunday Times (Sri Lanka).
  4. "Comedians of Sinhala Cinema". Sarasaviya. සම්ප්‍රවේශය 26 August 2017.
  5. "Two eras: Laughing pattern – I have not even received a certificate of merit". Divaina. සම්ප්‍රවේශය 28 September 2020.
  6. "Golden Stars with the Golden Chimes". The Sunday Times (Sri Lanka).
  7. "Goodbye Teni". sundaytimes. සම්ප්‍රවේශය 2021-01-11. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  8. 8.0 8.1 8.2 8.3 "Career of Tennison Cooray". Rate Gossip. සම්ප්‍රවේශය 28 September 2020.
  9. 9.0 9.1 "I'm an actor from hell". Silumina. සම්ප්‍රවේශය 28 September 2020.
  10. 10.0 10.1 10.2 10.3 10.4 "Dear Tenny, who closed his eyes and smiled". Sarasaviya. සම්ප්‍රවේශය 1 October 2020.
  11. 11.0 11.1 11.2 "A serious chat with Tennyson Cooray". The Nation. සම්ප්‍රවේශය 28 September 2020.
  12. "End of an Era : Tennyson Cooray no more". News First.
  13. "Tennyson Cooray bids farewell to life". Hiru News. සම්ප්‍රවේශය 28 September 2020.
  14. "Final rites of actor Tennyson Cooray on Thursday". Ada Derana. සම්ප්‍රවේශය 28 September 2020.
  15. "Tenny is on his final journey this evening". Sarasaviya. සම්ප්‍රවේශය 1 October 2020.
  16. "We are also charismatic actors". Divaina. සම්ප්‍රවේශය 3 October 2016.
  17. "Tenny with I am Sri Lanka". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
  18. "I am Sri Lanka". Daily News. සම්ප්‍රවේශය 28 September 2020.
  19. "A serious chat with Tennyson Cooray". Nation.lk. සම්ප්‍රවේශය 3 October 2016.
  20. "Tenny brings 'Thank you Berty'". Daily News. සම්ප්‍රවේශය 3 October 2016.
  21. "Tennyson Cooray re-directed 'Eya Thamai Meya'". Sarasaviya. සම්ප්‍රවේශය 3 October 2018.
  22. "Tenny off to UK". Daily Mirror. සම්ප්‍රවේශය 3 October 2019.
  23. "'Yama Raja Siri' in cinemas island wide". Divaina. සම්ප්‍රවේශය 3 October 2019.
  24. "Tenny makes the whole country laugh again". Deshaya. සම්ප්‍රවේශය 3 October 2019.
  25. "Who bang awards for comics". Ada. සම්ප්‍රවේශය 3 October 2019.

මේවාද බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ටෙනිසන්_කුරේ&oldid=576250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි