ගෝඨාභය රාජපක්ෂ
මෙම ලිපිය යාවත් කාලීන කිරීම අවශ්‍යයි.(2024 සැප්තැම්බර්) |
ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, RWP, RSP, පීඑස්සී, GR (උපත 20 ජූනි 1949) ශ්‍රී ලංකාවෙහි හිටපු ජනාධිපතිවරයා යි. ඔහු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, තාක්ෂණධරයෙක් සහ විශ්‍රාමික හමුදාමය නිලධාරියෙක් වේ. 2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙහි ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
ගෝඨාභය රාජපක්ෂ | |
---|---|
| |
ශ්‍රී ලංකාවෙහි 8වන ජනාධිපතිවරයා | |
In office 18 නොවැම්බර් 2019 – 14 ජූලි 2022 | |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | මෛත්‍රීපාල සිරිසේන |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
ආරක්ෂක අමාත්‍ය | |
In office 28 නොවැම්බර් 2019 – 14 ජූලි 2022 | |
ජනාධිපතිවරයා | ඔහුම |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | මෛත්‍රීපාල සිරිසේන |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
තාක්ෂණ අමාත්‍ය | |
In office 26 නොවැම්බර් 2020 – 14 ජූලි 2022 | |
ජනාධිපතිවරයා | ඔහුම |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | සුසිල් ප්‍රේමජයන්ත |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙහි ලේකම්වරයා | |
In office 25 නොවැම්බර් 2005 – 8 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක දි. මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | අශෝක ජයවර්ධන |
අනුප්‍රාප්තිකයා | බී. එම්. යූ. ඩී. බස්නායක |
Personal details | |
උපත | නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 20 ජුනි 1949 වීරකැටිය, ලංකා ඩොමීනියන් රාජ්‍යය |
පුරවැසිභාවය | |
කලත්‍රයා | අයෝමා රාජපක්ෂ |
සබඳතා | මහින්ද රාජපක්ෂ (සොහොයුරා) බැසිල් රාජපක්ෂ (සොහොයුරා) චමල් රාජපක්ෂ (සොහොයුරා) |
ළමයි | මනෝජ් රාජපක්ෂ |
දෙමාපිය(s) | ඩී. ඒ. රාජපක්ෂ (පියා) දන්දිනා සමරසිංහ දිසානායක (මව) |
Alma mater | කොළඹ විශ්වවිද්‍යාලය |
වෙබ් අඩවිය | https://gota.lk/ |
අන්වර්ථ නාමය | ගෝඨා |
Military service | |
පක්ෂපාතීත්වය | ශ්‍රී ලංකාව |
ශාඛාව/සේවාව | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
සේවා කාලය | 1971–1992 |
නිලය | ලුතිනන් කර්නල් |
ඒකකය | ගජබා රෙජිමේන්තුව |
විධාන | 1වන ගජබා රෙජිමේන්තුව ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය |
සටන්/ යුද්ධ | ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය 1987–1989 ජවිපෙ කැරැල්ල |
සම්මාන | රණ වික්‍රම පදක්කම රණ ශූර පදක්කම |
2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.[6]
වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි. වර්ෂ 2019, නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස සර්වජන ඡන්දයෙන් තේරී පත්විය.
හමුදා නිලදාරියෙකු ශ්‍රි ලංකාවේ ජනාධිපති ධූරයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, ජනාධිපති දූරයට පෙර වෙනත් කිසිඳු දේශපාලනික තනතුරක් නොදැරූ පුද්ගලයෙකු එම තනතුරට තේරී පත්වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. සිය ධූරකාලය ආරම්භයේදීම විසිවන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරයේ බලතල විශාල ලෙස තරකරගත් ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් රජයේ ප්‍රභල තනතුරු වලට පත්කරගනිමින් පවුල්වාදී දේශපාලන ක්‍රමයක් ගෙන ගියේය. ගෝලීය කොවිඩ් 19 වසංගත තත්වය සමඟින් පැණවුනු සංචරණ සීමා හේතුකොටගෙන සංචාරක ව්‍යාපාරය මත පදනම් වූ ආර්ථිකය බිඳවැටීමත් සමඟ එල්ලවූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් රාජපක්ෂ පාලනය දැඩි අපහසුතාවයකට පත්වූ අතර ඉන්ධන සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල හිඟය මෙම තත්වය තවත් බරපතල විය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ පාලනයට විරුද්ධව රට පුරා කැරලි හටගත් අතර එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් ගෝඨාභය රාජපක්ෂට රටෙන් පළා යාමට සිදුවිය.
ජීවිතයේ මුල් අවධිය
මාතර දිස්ත්‍රික්කයේ පලාටුව හී උපන් ගෝඨාභය මහතා, හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ, විජයානන්ද දහනායක රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතර, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය. සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූවේය.
හමුදා දිවිය
කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.[7]
සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.[8]
1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.[9]
ආරක්ෂක ලේකම්වරයා ලෙස
සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.
2009 වසරේ මැයි මසදී ත්‍රස්ථවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට, ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.[10]
මීට අමතරව එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුර හෙබවූයේ ද මෙතුමා විසිනි.
ඝාතන තැත
2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්ටීටීඊ ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.[6][6][11]
එජා සංවිධානය සහ බටහිර රටවල් විවේචනය කිරීම
2007 ජූනි මාසයේදී, රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර රජයයන් පිළිබඳ දැඩි විවේචන එල්ල කෙරිණි. ත්‍රස්තවාදීන් විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්‍රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා සංවිධානය වෙත සාවද්‍ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්‍රෝක්ත කළේ බ්‍රිතාන්‍යය සහ යුරෝපියානු සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්‍රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර රටට සපයන්නේ නැති බවත්ය.[12]
මතභේද
යුද්ධ අපරාධ
විකිලීක්ස් ප්‍රකාර, දෙ.ඊ.වි.කො. (එල්. ටී. ටී. ඊ.) සංවිධානයට එරෙහිව යුද්ධය මෙහෙයූ වර්ථමානයේ විපක්ෂයේ ජනප්‍රිය පුද්ගලයෙක් වන ජනරාල් සරත් ෆොන්සේකා විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත චෝදනා එල්ල කර ඇත්තේ යුද්ධය අවසන් අදියරෙහිදී සටන් විරති ධජ යටතේ බාර වීමට පැමිණෙන ඕනෑම දෙ.ඊ.වි.කො. නායකයෙක් මරා දමන ලෙස නියෝග කෙරුණු බවයි. එහෙත් ගෝඨාභය මහතා විසින් ෆොන්සේකා මහතාට තර්ජනය කරමින් කිසියම් යුද්ධ රහස් එළි කළහොත් මරා දමන බවට ප්‍රකාශ කළ බවට ප්‍රොක්ත කෙරෙයි.[13][14][15]
කරුණා හා සම්බන්ධය
යුද්ධයෙහිදී කරුණා පාර්ශවය ක්‍රියාකාරි ලෙසින් දෙඊවිකො සංවිධානයට එරෙහිව භාවිතා කරමින් එය පරාජය කිරීමට භාවිතා කිරීමේ ගෞරවය හිමිවූයේ ගෝඨාභය මහතාටය. එනමුත් එවකට ක්‍රියාකාරී ලෙස කටයුතු කළේ ජනරාල් සරත් ෆොන්සේකා වේ. කර්නල් කරුණා ලෙසින් බෙහෙවින් හැඳින්වුනු, හිටපු දෙඊවිකො ආඥාපති විනයාගමූර්ති මුරලිදරන් විසින් බ්‍රිතාන්‍ය බලධාරින් වෙත පවසා ඇත්තේ, 2007 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යය වෙත පළායෑමට ඔහුට හැකි වන පරිදී, ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඔහු වෙත නිකුත් කරලීමට රාජපක්ෂ මහතා අතිශයින් උපකාරී වූ බවයි. එකල ශ්‍රී ලාංකික විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම විසින්ද,[16] පසුව රාජපක්ෂ මහතා විසින්ද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- ^ "පොලීස් ටු ප්‍රෝබ් ගෝඨාස් සිටිසන්ෂිප්, පාස්පෝට්ස්". ඩේලි එෆ්ටී (කොළඹ, ශ්‍රී ලංකාව). 10 අගෝස්තු 2019. http://www.ft.lk/front-page/Police-to-probe-Gota-s-citizenship-passports/44-683723. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 ඔක්තොම්බර් 2019.
- ^ "ගෝඨාස් ලංකා සිටිසන්ෂිප් ඉන් ඩවුට්, කැන්ඩිඩසි අන්ඩර් ක්ලවුඩ්". දි අයිලන්ඩ් (කොළඹ, ශ්‍රී ලංකාව). 22 සැප්තැම්බර් 2019. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=210978. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 ඔක්තොම්බර් 2019.
- ^ සිං, අනුරංගි (29 සැප්තැම්බර් 2019). "ගෝඨාස් සිටිසන්ෂිප් චැලෙන්ජ්ඩ් ඉන් කෝට් ඔෆ් අපීල්". සන්ඩේ ඔබ්සර්වර් (කොළඹ, ශ්‍රී ලංකාව). http://www.sundayobserver.lk/2019/09/29/news/gota%E2%80%99s-citizenship-challenged-court-appeal. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 ඔක්තොම්බර් 2019.
- ^ "පීපල් වෝන්ට් නොන්-ට්‍රැඩිෂනල් පොලිටීෂියන්ස් - ගෝඨාභය රාජපක්ෂ". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-01-14.
- ^ "සීටී ෆයින්ඩ්ස් ගෝඨාස් ටෲ යූ.එස්. රිනන්ෂියේෂන් සර්ටිෆිකේට්". සිලෝන් ටුඩේ. 2019-08-01. සම්ප්‍රවේශය 2019-08-01.
- ^ a b c "CHRONOLOGY-Attacks blamed on Sri Lanka's Tamil Tigers". Reuters. 2008-01-08.
- ^ Who are the Real Traitors ? සංරක්ෂණය කළ පිටපත 2008-07-05 at the Wayback Machine. www.defence.lk (2008-12-30). Retrieved on 2012-07-09.
- ^ T.B. Singalaxana (2007-07-19). Politics, Thoppigala and rhetoric. Daily Mirror
- ^ 1 Gotabaya Rajapaksha-Talk at "Tech Colloquium" organized by Microsoft. YouTube. Retrieved on 2012-07-09.
- ^ "Honorary degrees to the President and Gota". Daily Mirror. 2009-09-05. සම්ප්‍රවේශය 2009-11-03.
- ^ "Failed suicide attack unusual for Sri Lankan rebels known for precision". AP. International Herald Tribune. December 2, 2006. 2006-12-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-04-07.
{{cite news}}
: Cite has empty unknown parameter:|coauthors=
(help) - ^ බුවර්ක්, රෝලන්ඩ්. (2007-06-12) සවුත් ඒෂියා| ශ්‍රී ලංකා ඇකියුසර්ස් 'බුලිං' වෙස්ට්. බීබීසී නිවුස්. සම්ප්‍රවේශය කෙරුණේ 2012-07-09.
- ^ "ගෝඨාභය රාජපක්ෂ ෂුඩ් බී ට්‍රයිඩ් ෆෝ වෝ ක්‍රයිම්ස්". Frontierindia.net. 2013-04-14. http://frontierindia.net/gotabaya-rajapaksa-should-be-tried-for-war-crimes#ixzz2dxY2F6lD. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-11-01.
- ^ "ෆොන්සේකා විල් බී හැන්ග්බ් ඉෆ් හී ස්පිල්ස් වෝ සීක්‍රට්ස්: ලංකා". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 2010-06-07. http://articles.timesofindia.indiatimes.com/2010-06-07/uk/28275569_1_sarath-fonseka-war-crimes-defence-secretary. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-11-01.
- ^ ජේසන් බර්ක්, දකුණු ආසියා වාර්තාකරු (2011-11-18). "ෆෝර්මර් ශ්‍රී ලංකා ආමි චීෆ් කන්වික්ටඩ් ෆෝ වෝ ක්‍රයිම්ස් ක්ලේම් | වර්ල්ඩ් නිවුස්". ද ගාර්ඩියන්. http://www.theguardian.com/world/2011/nov/18/former-sri-lankan-army-chief-jailed. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-11-01.
- ^ "ගෝඨාභය 'ගේව් මී පාස්පෝට්'". බීබීසී නිවුස්. 2008-01-25. සම්ප්‍රවේශය 2009-11-03.
වැඩිදුර කියවීම්
- Army, Sri Lanka. (1st Edition – October 1999). "50 YEARS ON" – 1949–1999, Sri Lanka Army. ISBN 955-8089-02-8
- The Broken Palmyra – The Tamil Crisis in Sri Lanka: An Inside Account. The Sri Lanka Studies Institute, Claremont 1990. By Hoole, R., Somasundaram, D., Sritharan K., and Rajini Thiranagama. (Also available online.)
- War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna. ISBN 955-26-0001-4/ISBN 978-955-26-0001-2, Institute of Fundamental Studies, Sri Lanka; 1 edition (October 1, 1987), By Rohan Gunaratna.