හම්බන්තොට ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි නගරයකි. 2004 සුනාමි ව්‍යසනයෙන්ද බැට කෑ මෙම දිස්ත්‍රික්කය කලක් ඌන සංවර්ධිත කලාපයක් සේ පැවැතුණි. නමුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියක් මෙම කලාපයේ ක්‍රිය නැංවීම නිසා වර්ථමාන ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණුවන නගර අතුරින් ප්‍රධාන නගරයක් ලෙස හම්බන්තොට හඳුනාගත හැක. ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙන් පසු, දියුණු කරමින් පවතින ප්‍රධානම අනාගත වාණිජ නගරය වන්නේද මේ හම්බන්තොට නගරයයි.

හම්බන්තොට
Hambantota
නගරය
හම්බන්තොට පරිපාලන සංකීර්ණය.
හම්බන්තොට පරිපාලන සංකීර්ණය.
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයහම්බන්තොට දිස්ත්‍රික්කය
උන්නතාංශය3 ft (1 m)
ජනගහණය(2001)
 • මුළු11,213
වේලා කලාප+05:30

ඉතිහාසයසංස්කරණය

අතීතයේ රුහුණ රට පැවැතියේ මෙම ප්‍රදේශ තුලයි. එකල මෙහි සියම, චීනය සහ ඉන්දුනීසියාව වැනි රටවලින් පැමිණි සංචාරකයින් හා වෙලෙන්දන් සිටි බවත් ස්වභාවික වරායක් වූ අම්බලන්තොට, ගොඩවාය තුල ඔවුන් නැංගුරම් ලූ බවත් සඳහන් වෙයි.[1]

2004 සුනාමියසංස්කරණය

2004 සුනාමිය හේතුවෙන් හම්බන්තොටට විශාල ජීවිත සංඛ්‍යාවක් සහ දේපල සංඛ්‍යාවක් අහිමි විය.

දේශගුණයසංස්කරණය

මාතර හා ගාල්ල යන නගර වලට වඩා ඉතා වියලි නගරයකි. හම්බන්තොට ප්‍රධාන වශයෙන් නිවර්ථන සහ වියලි කාලගුණයක් සහිත කලාපයක් වෙයි. මෙහි පැහැදිලිව හඳුනාගත හැකි වියලි ඍතුවක් නොමැති වූවත් ජනවාරි-මාර්තු සහ ජුනි-අගෝස්තු අතර කාල තුල වර්ෂාව අඩු බව දැකගත හැක. ඔක්තෝම්බර්-නොවැම්බර් කාලය වර්ෂාව සහිත වෙයි. සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලිමීටර 1050 ක පමණ වර්ෂාපතනයක් පතනය වෙයි.

හම්බන්තොට සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රේ මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වර්ෂය
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) 32.4
(90.3)
33.2
(91.8)
33.4
(92.1)
34.2
(93.6)
34.8
(94.6)
36.1
(97)
35.5
(95.9)
35.5
(95.9)
34.7
(94.5)
34.6
(94.3)
32.4
(90.3)
32.7
(90.9)
36.1
(97)
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) 29.8
(85.6)
30.2
(86.4)
30.9
(87.6)
31.2
(88.2)
30.7
(87.3)
30.3
(86.5)
30.6
(87.1)
30.1
(86.2)
29.9
(85.8)
30.1
(86.2)
29.9
(85.8)
29.6
(85.3)
30.28
(86.5)
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F) 26.3
(79.3)
26.6
(79.9)
27.4
(81.3)
28.1
(82.6)
28.1
(82.6)
27.7
(81.9)
27.6
(81.7)
27.4
(81.3)
27.2
(81)
27.1
(80.8)
26.8
(80.2)
26.5
(79.7)
27.23
(81.03)
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) 22.8
(73)
23.0
(73.4)
23.9
(75)
25.0
(77)
25.5
(77.9)
25.1
(77.2)
24.7
(76.5)
24.6
(76.3)
24.5
(76.1)
24.2
(75.6)
23.6
(74.5)
23.3
(73.9)
24.18
(75.53)
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) 19.1
(66.4)
19.2
(66.6)
20.5
(68.9)
21.6
(70.9)
21.7
(71.1)
22.1
(71.8)
22.0
(71.6)
21.8
(71.2)
21.6
(70.9)
21.9
(71.4)
20.6
(69.1)
19.1
(66.4)
19.1
(66.4)
වර්ෂාපතනය mm (inches) 58
(2.28)
47
(1.85)
66
(2.6)
95
(3.74)
89
(3.5)
59
(2.32)
48
(1.89)
55
(2.17)
71
(2.8)
151
(5.94)
188
(7.4)
118
(4.65)
1,045
(41.14)
මූලාශ්‍ර: NOAA (1961-1990)[2]

ආර්ථික දායකත්වයසංස්කරණය

සිමෙන්ති ඇඹරුම් කර්මාන්තශාලාවක් හා පොහොර කම්හලක් හම්බන්තොට පිහිටුවා තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ වැඩිම ලුණු නිෂ්පාදනක් සහිත දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට ප්‍රචලිතය.

සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයසංස්කරණය

හම්බන්තොට, සිරිබෝපුර ඉදිකල ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය 2013 අවසන් කාර්තුවේදී ජනතා අයිතියට පත් කෙරිණි.[3]

සුලං බලාගාරයසංස්කරණය

ශ්‍රී ලංකාවේ පලමුව ඉදිකල සුලං බලාගාරය පිහිටා තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේයි.[4] [5]

වරායසංස්කරණය

 
හම්බන්තොට වරාය
 
හම්බන්තොට වරාය කුළුණ

හම්බන්තොටට ජාත්‍යන්තර වරායක් මෑතකදී ඉදි කෙරිණි. එය අදියර 3කින් නිම කිරීමට අපේක්ෂිතය. පලමු අදියර ඇඩො මිලියන 360 ක වියදමින් 2010 දී නිමකෙරිණ.[6] වරාය ආශ්‍රිතව විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීමටද නියමිතයි.[7]

ඉන්දන සැපයුම් පහසුකම්: ටැංකි 14 ක් පවතී (තෙල් සඳහා 8, ගෑස් ඇතුළු අනෙකුත් ඉන්දන වෙනුවෙන් 6 යි)

ගුවන් තොටුපලසංස්කරණය

 
හම්බන්තොට ගුවන් තොටුපල.

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල වූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කොට ඇත්තේද හම්බන්තොට, මත්තල ප්‍රදේශයේ වේ.

ගමනාගමනයසංස්කරණය

හම්බන්තොට හා කොළඹ යා කරමින් A2 මාර්ගය ගාල්ල සහ මාතර අතරින් දිවෙයි.

මීට අමතරව මාතර සිට කතරගම දක්වා නව දුම්රිය මාර්ගයක් සෑදීමට පියවර ගනු ලැබිණ.[8]

ක්‍රීඩාසංස්කරණය

ආසන 35 000 ක පමණ ධාරිතාවක් ඇති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, 2011 දී ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් විවෘත කරන ලදී. මේ සඳහා රුපියල මිලියන 900 ක් පමණ වැයවී ඇති බව සඳහන්ය. හම්බන්තොට නගරය, 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සත්කාරකත්වය සඳහා තරඟ වැදුනත් ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය හිමි කරගත් නිසා ශ්‍රී ලංකාවට එය අහිමිවිය. නමුත් 2017 ආසියානු තරුණ ක්‍රීඩා උළෙල සත්කාරකත්වය හිමි කර ගැනීමට හම්බන්තොටට හැකිවිය. කෙසේ නමුදු පසුව ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි විය.

සංචාරක ආකර්ෂණසංස්කරණය

සහෝදර නගරසංස්කරණය

Country City State / Region Since
  චීනය[9]   Guangzhou   Guangdong 2007

මේවාද බලන්නසංස්කරණය

හම්බන්තොට සුළං වාදුලි බලාගාර

භාහිර සබැදිසංස්කරණය

  1. "Hambantota". Hambantota District Chamber of Commerce. සම්ප්‍රවේශය 30 April 2011.
  2. "Climate Normals for Habantota". National Oceanic and Atmospheric Administration. සම්ප්‍රවේශය 1 February 2013.
  3. Samath, Feizal. "Rising like a phoenix". TTGmice. සම්ප්‍රවේශය 11 December 2012.
  4. [1]
  5. [2]
  6. Shirajiv Sirimane (21 February 2010). "Hambantota port, gateway to world". Sunday Observer. සම්ප්‍රවේශය 30 April 2011.
  7. Ondaatjie, Anusha (2010-03-08). "Sri Lanka to Seek Tenants for $550 Million Tax-Free Port Zone". Business Week. සම්ප්‍රවේශය 2010-03-10.
  8. Massive Development in Hambantota District, Media Centre for National Development in Sri Lanka, retrieved 2010-01-19
  9. "Guangzhou Sister Cities [via WaybackMachine.com]". Guangzhou Foreign Affairs Office. 24 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-07-21.
"https://si.wikipedia.org/w/index.php?title=හම්බන්තොට&oldid=456931" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි