21 ලුතැත්සියා යනු, ප්‍රධාන-වළල්ලේ පිහිටි, අසාමාන්‍ය වර්ණාවලී වර්ගයක් සහිත, විශාල ක්ෂුද්‍ර ග්‍රහයෙකි.

21 ලුතැත්සියා
21 ලුතැත්සියාගේ සඹිපතම එලඹුමේදී රොසෙටා රූපයක්
සොයාගැනීම
සොයාගත් තැනැත්තේ හෑමන් එම්. එස්. ගොල්ඩ්ෂ්මිට්
සොයාගත් දිනයනොවැම්බර් 15, 1852
නිලනාමයන්
නම් කෙරුණේපැරිස් (ලතින්: ලුතැත්සියා)
සුළු ග්‍රහ වර්ගයප්‍රධාන වළල්ල
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය ජනවාරි 30, 2005 (JD 2453400.5)
විහේලිකය2.834 AU (423.955 ගිමී)
අපහේලිකය2.036 AU (304.600 ගිමී)
අඩ-මහා අක්ෂය2.435 AU (364.277 ගිමී)
උත්කේන්ද්‍රියතාවය0.164
කක්ෂීය කාලාවර්තය3.80 a (1387.902 දි)
සාමාන්‍යය කක්ෂීය වේගය18.96 කිමී/තත්
මධ්‍යන්‍යය විෂමතාවය75.393°
ආනතිය3.064°
ආරෝහණ මංසලෙහි දේශාංශකය80.917°
පරිතාරාන්තිකයේ විස්තාරය250.227°
භෞතික ගුණාංග
මාන{{ |(121± 1) × (101 ± 1) × (75 ± 13) කිමී}}[2]
පරිමාව5.0 ± 0.4×1014 මී³[3]
ස්කන්ධය1.700 ± 0.017×1018 කිග්‍රෑ[3]
මධ්‍යන්‍යය ඝණත්වය3.4 ± 0.3 ග්‍රෑ/සෙමී³[3]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය~0.05  සෙමී/තත්²
මිදුම් ප්‍රවේගය~0.069  කිමී/තත්
භ්‍රමණ කාලාවර්තය0.3402 දි (8.1655 පැ)[1]
ආක්ෂක ආනතිය96°[2]
උත්තර ධ්‍රැවය විෂුවදංශය51.8 ± 0.4°[2]
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය+10.8 ± 0.4°[2]
ප්‍රභානුපාතය0.19 ± 0.01 (ජ්‍යාමිතික)[2]
0.073 ± 0.002 (බොන්ඩ්)[2]
උෂ්ණත්වය170–245 K[4]
වර්ණාවලී වර්ගයC හෝ M[1]
දෘශ්‍ය විශාලත්වය9.25[5] to 13.17
නිරපේක්ෂ විශාලත්වය (H)7.29[6]
වර්තමානයේ ක්ෂුද්‍ර ග්‍රහ වළල්ලේ ලුතැත්සියා පිහිටවුනේ කෙසේද යන්න පැහැදිලි කරන සම්භාව්‍ය නළුව දැක්වෙන සිත්තරකුගේ අදහසෙහි සජීවිතරණයක්.

සංයුතිය සංස්කරණය

ලුතැත්සියා ක්ෂුද්‍ර ග්‍රහයාගේ සංයුතිය, සුළු කාලයක් තුල, තාරකා විද්‍යාඥයින් ව්‍යාකූලත්වයට පත් කළේය. ඒවා අතරින් බොහෝමයක් ලෝහමය වන M-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයන් අතර වර්ගීකරණය වුවද,[1] ලුතැත්සියා ක්ෂුද්‍ර ග්‍රහයා, ඒවායේ පෘෂ්ඨ මත ලෝහ ඇති බවට ඒතරම් සාක්ෂි නොසපයන විෂම ක්ෂුද්‍ර ග්‍රහයන්ගෙන් එකකි. කෙසේවතුදු, අලෝහ පෘෂ්ඨයක් පිළිබඳ බොහෝ ඉඟි තිබුණි: අංගාරමය කොන්ඩ්‍රයිට් සහ C-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයන් මෙන් වන සහ කිසිසේත්ම ලෝමහය ක්ෂුද්‍ර ග්‍රහයන්ගේ මෙන් නොවන, පැතලි, අඩු සංඛ්‍යාත වර්ණාවලියක්,[7]16 සයිකී වැනි ප්‍රබල ලෝහමය ක්ෂුද්‍ර ග්‍රහයන්ගේ මෙන් උච්ච ප්‍රභානුපාතයක් නොව, අඩු රේඩාර් ප්‍රභානුපාතයක්,[6] එහි පෘෂ්ඨයෙහි සජලිත ද්‍රව්‍ය පැවති බවට සාක්ෂ්‍ය,[8] බහුල සිලිකේට,[9] සහ බොහෝ ක්ෂුද්‍ර ග්‍රහයන්ට වඩා ඝනැති ප්‍රාවරණ පාෂාණයක් යන දේවල් වෙයි.[10]

රොසෙටා ඒෂණිය ඇත්ත වශයෙන්ම සොයාගත්තේ ක්ෂුද්‍ර ග්‍රහයා සතුව දෘෂ්‍ය ආලෝකයෙහි තරමක් රතු වර්ණාවලියක්ද අධෝරක්ත ආසන්න පෙදෙසෙහි අවශ්‍යයෙන්ම පැතලි වර්ණාවලියක්ද පවතින බවයි. නිරික්ෂණ වලට නතු වූ තරංග ආයාම පරාසයෙහි —0.4–3.5 μm— අවශෝෂණ ගුණාංග කිසිවක් සොයා නොගැනුණි.මේ නිසා, ලුතැත්සියා පෘෂ්ඨයෙහි සජලිත ඛණිජ සහ කාබනික සංයෝග පැවති බවට පෙරදී ලැබුණු වාර්තා විසාධනය විය. ඔලිවින් ඛනිජයද පෘෂ්ඨයෙහි දක්නට නොලැබුණි. ලුතැත්සියාහී වැඩි ඝණත්වය හා සමග මෙම ප්‍රතිඵල වලින් පෙන්නුම් කළේ එක්කෝ එය එන්ස්ටටයිට් කොන්ඩ්‍රයිට් ද්‍රව්‍යයෙන් සැදී ඇති බව හෝ එය ලෝහ-පිරිපුන් සහ ජලය-අඩු, CB, CH, හෝ CR වැනි පංතීන්ගේ අංගාරමය කොන්ඩ්‍රයිට් හා සම්බන්ධිත බවයි. [4][11]

රොසෙටා නිරික්ෂණ අනාවරණය කළේ, ලුතැත්සියාහී පෘෂ්ඨය වැසි ඇත්තේ, 50–100 μm ප්‍රමාණයේ ධූලි අංශුන්හී ලිහිල් සමුච්චයක් වෙතින් තැනුනු ප්‍රාවරණ පාෂාණයකින් බවයි. එය ඇස්තමේන්තු කර ඇත්තේ, 3 කිමී ප්‍රමාණයක් ඝන බවත් බොහෝ විශාල ආවාට වල මෘදුමය පිට මායිම් සඳහා හේතු විය හැකි බවත්ය. [2] [12]

හැඩය සහ අක්ෂ ඇලය සංස්කරණය

21 ලුතැත්සියාහී කක්ෂය හා, 2009 ජනවාරි 01 දිනදී (නාසා ඕර්බිට් විවර් ඇප්ලට් හී) එහි පිහිටුම.

ලුතැත්සියා හී හැඩය දළ වශයෙන් ගෝලයක් වන අතර "තියුණු සහ අවිධි හැඩ ලක්ෂණ" වලින් යුතු බවට 2003 ලයිට්කර්ව් විශ්ලේෂණයක ප්‍රතිඵල ඔස්සේ සිදු කළ අනාවරණයක්, රොසෙටා ඒෂණියෙහි ඡායාරූප විසින් ස්ථිර කරන ලදි. [13] අයි.එන්. බෙල්ස්කයා සහ අනෙකුන්. විසින් 2004–2009 දී සිදු කළ අධ්‍යයනයකින් පසු යෝජනා කළේ, "ලුතැත්සියා සතුව උත්තල-නොවන හැඩයක් සතුව ඇත්තේ, බොහෝවිට විශාල ආවාටයක් නිසාය";[14] රොසෙටා'හී සොයාගැනීම් විසින් මෙයට සහය පළ කරනුයේද යන්න තවමත් පැහැදිලි නොවේ.

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 21 ලුතැත්සියා". 2010-06-13 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2008-12-07. {{cite web}}: Check date values in: |date= (help)
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 සීක්ස්, එච්., සහ වෙනත් අය; ලැමි, පී.; බාබෙයිරි, සී.; කොස්ච්නි, ඩී.; රික්මෑන්, එච්.; රොඩ්රිගෝ, ආර්.; අහර්න්, එම්. එෆ්.; ඇංග්‍රිලි, එෆ්.; බරුකි, එම්. ඒ. (2011). "ඉමේජස් ඔෆ් ඇස්ට්‍රොයිඩ් 21 ලුතැත්සියා: අ රෙම්නන්ට් ප්ලැනටසිමල් ෆ්‍රොම් ද අර්ලි සෝලර් සිස්ටම්". සයන්ස්. 334 (6055): 487–490. Bibcode:2011Sci...334..487S. doi:10.1126/science.1207325. PMID 22034428.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  3. 3.0 3.1 3.2 එම්. පැට්සෝල්ඩ්, ටී. පී. ඇන්ඩර්ට්, එස්. ඩබ්. අස්මාර්, ජේ. ඩී. ඇන්ඩර්සන්, ජේ.-පී. බැරියට්, එම්. කේ. බර්ඩ්1, බී. හොය්ස්ලර්, එම්. හාන්, එස්. ටෙල්මාන්, එච්. සීක්ස්, පී. ලැමි, බී. පී. වෙයිස් (ඔක්තොම්බර් 28, 2011). "ඇස්ට්‍රොයිඩ් 21 ලුතැත්සියා: ලෝ මාස්, හයි ඩෙන්සිටි". 334 (6055). සයන්ස් මැගසින්: 491–2. Bibcode:2011Sci...334..491P. doi:10.1126/science.1209389. සම්ප්‍රවේශය 2011-10-28. {{cite journal}}: Cite journal requires |journal= (help)CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)
  4. 4.0 4.1
    මෙම උපහරණය ස්වයංක්‍රීය ලෙසින් මීළඟ විනාඩි කිහිපය තුලදී සම්පූර්ණ කෙරෙනවා ඇතඔබ හට පෙළ මගහැරීම හෝ හස්තීය ලෙසින් විහිදුවාලීම කළ හැක
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; AstDys-Lutetia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. 6.0 6.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Magri99 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Birlan04 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Lazzarin04 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Feierberg83 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Dollfus75 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. "ලුතැත්සියා: අ රෙයාර් සර්වයිවර් ෆ්‍රොම් ද බර්ත් ඔෆ් අර්ත්". ESO, ගාකිං, ජර්මනිය. නොවැම්බර් 14, 2011. සම්ප්‍රවේශය නොවැම්බර් 14, 2011.
  12. ආමෝස්, ජොනතන් (4 ඔක්තොම්බර් 2010). "ඇස්ට්‍රොයිඩ් ලුතැත්සියා හෑස් තික් බ්ලැන්කට් ඔෆ් ඩෙබ්රිස්". බීබීසී නිවුස්.
  13. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Torppa03 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

  14. මෙම උපහරණය ස්වයංක්‍රීය ලෙසින් මීළඟ විනාඩි කිහිපය තුලදී සම්පූර්ණ කෙරෙනවා ඇතඔබ හට පෙළ මගහැරීම හෝ හස්තීය ලෙසින් විහිදුවාලීම කළ හැක


බාහිර සබැඳි සංස්කරණය

(පේරන්ට් ඇටිකල් ඔෆ් ඉමේජ් බයි ප්ලැනටරි සොසයිටි සංරක්ෂණය කළ පිටපත 2012-03-18 at the Wayback Machine)


"https://si.wikipedia.org/w/index.php?title=21_ලුතැත්සියා&oldid=603603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි