ලතින් භාෂාව යනු, පුරාතන ඉතාලිමය භාෂාවක්[1] වන අතර, ලාතියුම සහ පුරාතන රෝමය යන ප්‍රදේශයන්හී ඉතාලිමය ලතින්වරුන් විසින් මුලදී කථා කල භාෂාවකි. බොහෝ යුරෝපියානු භාෂාවන් මෙන්ම, එයද, පුරාතන පූර්ව-ඉන්දු-යුරෝපියානු භාෂාව වෙතින් පැවතෙන්නකි. ඉට්‍රස්කන් භාෂාව වෙතින් ආභාෂය ලැබ හා ග්‍රීක හෝඩිය පදනමක් වශයෙන් භාවිතා කරමින්, ඉතාලියානු අර්ධද්වීපයෙහි ලතින් යැයි වෙන් කර හඳුනාගත හැකි භාෂාව දක්වා හැඩ ගැසුණි. නූතන රොමැන්ස් භාෂා වනාහී, මෙම භාෂාවෙහි උපභාෂාමය ආකෘතීන්හී (ග්‍රාම්‍ය ලතින්) අවිච්ඡේදයෝ වෙති. මෙයට අමතර වශයෙන්, බොහෝ ශිෂ්‍යයන්, විද්වතුන් සහ, ක්‍රිස්තියානි පූජක පක්ෂයෙහි සමහරක් සාමාජිකයන් විසින්, චතුර ලෙස එය කථා කරන අතර, ලොව වටා සමහරක් ප්‍රාථමික, ද්වීතියික සහ පශ්චාත්-ද්වීතියික අධ්‍යාපනික ආයතනයන්හී එය දැනුදු උගන්වනු ලැබෙයි.[2][3]

ඉංග්‍රීසි භාෂාවද ඇතුළු, බොහෝ විවිධ භාෂා පවුල්වල නූතන භාෂාවන්හී නව පද නිර්මාණයෙහිදී සහ, බොහෝලෙසින් ජීවවිද්‍යාත්මක වර්ගීකරණ විද්‍යාවෙහිදී, ලතින් භාෂාව දැනුදු භාවිතා වෙයි. ලතින් සහ එය වෙතින් ව්‍යුත්පන්න රොමැන්ස් භාෂාවන්, ඉතාලිමය භාෂා පවුලේ දැනට නොනැසී පවතින එකම භාෂාවන් වෙති. ඉතාලිමය ශාඛාවෙහි අනෙකුත් භාෂාවන්, ආදි ඉතාලියේ අභිලේඛනයන්හී භාවිතා කෙරුනු නමුත්, රෝමානු ජනරජ යුගයෙහිදී ලතින් භාෂාව වෙතට සමාග්‍රහණය කෙරී ඇත.

සටහන්සංස්කරණය

  1. සැන්ඩීස්, ජෝන් එඩ්වින් (1910). අ කම්පෑනියන් ටු ලැටින් ස්ටඩීස්. චිකාගෝ: චිකා‍ගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටු. 811–812. 
  2. හූ, විනී (6 ඔක්තොම්බර් 2008). "අ ඩෙඩ් ලැන්වේජ් දැට්ස් වෙරි මච් අලයිව්". නිව්යෝර්ක් ටයිම්ස්.CS1 maint: ref=harv (link)
  3. එස්කෙනාසි, මයික් (2 දෙසැම්බර් 2000). "ද නිව් කේස් ෆෝ ලැටින්". ටයිම්.
"https://si.wikipedia.org/w/index.php?title=ලතින්_භාෂාව&oldid=323315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි