සුගත් තිලකරත්න

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩක

දේශබන්ධු රොබෝසිඤ්ඤෝ ආරච්චිලාගේ දොන් සුගත් තිලකරත්න[1], (Sugath Thilakaratne; උපත 30 ජූලි 1973[2]), හෙවත් සුගත් තිලකරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර මීටර් 400 දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩකයෙකි.[3]

සුගත් තිලකරත්න
Sugath Thilakaratne
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
In office
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාසුනිල් කුමාර ගමගේ
පූර්වප්‍රාප්තිකයාඑච්.එම්.එම්. හාරීස්
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
21 නොවැම්බර් 2024
Personal details
උපත
රොබෝසිඤ්ඤෝ ආරච්චිලාගේ දොන් සුගත් තිලකරත්න

30 ජූලි 1973 (1973-07-30) (වයස 51)
නෝටන් බ්‍රිජ්, මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියමළල ක්‍රීඩක

1998 වසර ඔහුගේ හොඳම සමය සේ සැළකෙයි. තිලකරත්න විසින් මීටර් 400 දිවීමේ ඉසව්ව සඳහා වාර්ථා කල පෞද්ගලික හොඳම කාලය වූ තත්පර 44.61 වාර්ථා කිරීමට එම වසරේදී ඔහු සමත් විය. එසේම එම වසර තුල ජාත්‍යන්තර තරගාවලි ත්‍රිත්වයක පදක්කම් හිමිකර ගැනීමටද ඔහුට හැකිවිය (පහත වගුව). 2001 වසරේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම, තිලකරත්නගේ හොඳම දස්කම ලෙස සැළකෙයි.[4][5]

ඔහු 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. ඉන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තුව වරම් හිමි විය.[6]

2024 නොවැම්බර් 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යධුරය පිරිනැමෙනු ඇත.[7]

ජයග්‍රහණ

සංස්කරණය
වර්ෂය ක්‍රීඩා උළෙල පැවැත්වූ ස්ථානය ස්ථානය කරුණු
  ශ්‍රී ලංකාව නියෝජනය
1998 1998 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය Fukuoka, ජපානය 1 වැනියා මීටර් 400
1998 ආසියානු ක්‍රීඩා උළෙල බැංකොක්, තායිලන්තය 1 වැනියා
1998 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ක්වාලාලම්පූර්, මලයාසියාව 3 වැනියා
2002 2002 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ, ශ්‍රී ලංකාව 3 වැනියා

[8]

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "සුගත් තිලකරත්න". ස්පෝර්ට්ස්-රිෆරන්ස්.කොම්. ස්පෝර්ට්ස්-රිෆරන්ස් LLC. 18 April 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 May 2012. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
  2. ^ "සුගත් තිලකරත්න - ඔලිම්පික් මලල ක්‍රීඩා | ශ්‍රී ලංකාව". ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (ඉංග්‍රීසි බසින්). 2016-06-20. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2017.
  3. ^ "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
  4. ^ සුගත් තිලකරත්න
  5. ^ Sugath Tilakaratne best athlete at CP meet
  6. ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — පාර්ලිමේන්තු මැතිවරණය - 2024 — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ වගන්තිය යටතේ ප්‍රකාශය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
  7. ^ "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 22 නොවැම්බර් 2024.
  8. ^ Asian Games Statistics – Men’s 400m, http://www.asianathletics.org/AG2010/stats/Men-400m.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-08-01 

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සුගත්_තිලකරත්න&oldid=730910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි