සසුරාල් සිමර් කා (සිංහල: සිමර්ගේ ඥාතීන්) යනු කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට ඉරිදා දක්වා සවස් කාලයේ විකාශය වන ඉන්දියානු සෝප් ඔපෙරාවකි. 2011 අප්‍රේල් 25 දින විකාශය ආරම්භ වූ මෙය නිෂ්පාදනය කරන ලද්දේ රශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ආයතනය විසිනි.[2] මෙමගින් සිද්ධාන්ත් සහ ප්‍රේම් නැමැති සොයුරන් දෙදෙනා සමග ප්‍රේමයෙන් බැ‍ඳෙන රෝලි සහ සිමර් නැමැති සමීප සොයුරියන් දෙදෙනාගේ කථාපුවත නිරූපණය වේ. ඔවුන් දෙදෙනා භාරද්වාජ් නිවසේ ලේලියන් ලෙස දිවිගෙවති. මලයාලම් බසින් හඬකවා සිතාරා යනුවෙන් සූර්යා ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ අතර, පොලිමර් ටීවී නාළිකාව මගින් එහි දෙමළ බසින් හඬකවා මූන්රු මුඩිච්චු යනුවෙන් විකාශය කෙරිණි.

සසුරාල් සිමර් කා
ससुराल सिमर का
ප්‍රභේදයනාට්‍ය
තැනුවේරශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්
රචනය කලේරාජේශ් දුබේ
වේද් රාජ්
සුධිර් කුමාර්
සොනාලි ජෆාර්
ජයේශ් පතිල්
දාමිනි කේ ෂෙට්ටි
අධ්‍යක්ෂණය කලේපවන් කුමාර් මරුත්
රඟපෑමපහළ බලන්න
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන1657 (2016 ඔක්තෝබර් 27 වන විට)[1]
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)රශ්මි ෂර්මා
ස්ථානය(න්)වෘන්දාවන්
දිල්ලි
මුම්බායි
අහමදාමාද්
හොං කොං
ධාවන කාලයමිනිත්තු 20
නිෂ්පාදන සමාගමරශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී
රූප ආකෘතිය576i SDTV
1080i HDTV
මුල් ධාවනය25 අප්‍රේල් 2011 (2011-04-25) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

කථා සාරාංශය සංස්කරණය

කථාව ගෙතී ඇත්තේ ඉන්දියානු සොයුරියන් දෙදෙනකු වටායි. එනම් සිමාර් (දීපිකා කාකාර්) සහ රෝලි (ආවිකා ගෝර්) ය. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ප්‍රේම් භාරද්වාජ් (ධීරාජ් ධූපාර් / ෂොආයිබ් ඊබ්‍රහිම්) සහ සිද්ධාන්ත් භාරද්වාජ් (මනිෂ් රායිසිංහාන්) නැමැති සොහොයුරන් දෙදෙනා සමග විවාහ වී භාරද්වාජ් පවුලේ ලේලියන් බවට පත් වෙති. මෙම කතාවේ අවස්ථා තුනක් පසුකොට යයි. පළමු අවස්ථාවෙන් පසු අද්භූත ජීවීන් භාරද්වාජ් පවුල වැනසීමට පැමිණෙයි. පළමුව මායා නැමැති ඉච්ඡාධාරී නාගිනිය (සාරා ඛාන්) පැමිණෙයි. අනතුරුව මෝහිනි නැමිති දායන්වරියක් (ප්‍රත්‍යුෂා බැනර්ජී) භාරච්වාජ්වරුන්ව විනාශ කිරීමට පැමිණිය ද, සිමාර් කෙසේ හෝ දායන්ව විනාශ කිරීමට සමත් වෙයි. ඊළඟට දායන් ආත්මයක් වන ඉන්ද්‍රවතී (රෙෂ්මි ඝෝෂ්; පෙර ආත්මයේ සිමාර්ගේ සොයුරිය) සිමාර්ගේ නිවසට පැමිණෙන අතර, ඇයට ප්‍රේම් හා විවාහ වීමට අවශ්‍ය වේ. නමුත් සිමාර් ඇයව මරාදමයි. ඉන් අනතුරුව මෝහීනීගේ සහ ඉන්ද්‍රවතීගේ මරණය වෙනුවෙන් සිමාර්ගෙන් පලිගැනීමට පාඨලි දේවි (මේඝ්නා නායිදු) නැමැති දුෂ්ට දෙවඟනක පැමිණෙයි. නමුත් ඇයව පිළිමයක් තුළ සිරකෙරෙන අතර, දේවිකා (දෙබ්ලිනා චැටර්ජී) සිමාර්හට ආරක්ෂාව පිණිස චන්ද්‍රමාණික්‍යයක් ලබා දෙයි.‍

දුෂ්ට ක්‍රියාවන් සඳහා චන්ද්‍රමාණික්‍යය ලබා ගැනීමේ අරමුණින් යක්ෂ ෂෛතන්වරයෙක් (අලි හසන්) සිමාර්ගේ නිවසට පැමිණෙයි. නමුත් ඔහුගේ සැලසුම අසාර්ථක කරන සිමාර්, රෝලිහට චන්ද්‍රමාණික්‍යය පුළුස්සා දමන ලෙස පවසයි. කෝපයට පත්වන ෂෛතන් රෝලිව පැහැර ගනියි. අනතුරුව ඔහු පාඨලි දේවිව සිරකළ ප්‍රතිමාව ඉල්ලා සිටියි. ඔහු පාඨලි දේවිව නිදහස් කරන අතර, ඔවුන් දෙදෙනා එක්ව සිමාර්ව ඝාතනය කිරීමට ප්‍රයත්න දරති. නමුත් රෝලි ඔවුන් අතරට පැමිණෙන අතර, ඇගේ සොයුරිය එම තත්ත්වයෙන් සිටිනු දැකීම නිසා ඔවුහු ඇයව මරාදමති. කෝපයට පත්වන සිමාර්, පාඨලි දේවි සහ ෂෛතාන් යන දෙදෙනාවම පුළුස්සා මරා දමයි. අනතුරුව සිමාර්ගේ හොඳම මිතුරිය වන ප්‍රෙර්නා (මාන්සි ශ්‍රිවාස්තව) සහ නව අද්භූත චරිතයක් වන චන්ද්‍රමණි (වින්ධ්‍යා තිවාරි) නාට්‍යයට පැමිණෙයි. ප්‍රෙර්නා සිද්ධාන්ත් සමග ප්‍රේමයෙන් බැ‍ඳෙන අතර, චන්ද්‍රමණි පැමිණෙන්නේ තමන්ව පිළිස්සීම වෙනුවෙන් සිමාර්ගෙන් පලිගන්නටයි. නමුත් බාබාගේ උදව් ඇතිව සිමාර් සහ ප්‍රෙර්නා ඇයව යළි යථා තත්ත්වයට පත්කරති.

කාම්‍යා සහ මහාමායා නැමැති තවත් නව දායන්වරියන් දෙදෙනෙක් කථාපුවතට පිවිසෙයි. ඔවුනට නැවත ඔවුන්ගේ කාල්ව ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, ඒ සඳහා සුදුසුම ස්ථානය සිමාර්ගේ දරුගැබ යයි ඔවුහු විශ්වාස කරති. කාල්වරයකුට උපත දෙනු දැකීමට අකමැති වූ භාරද්වාජ්වරු සිමාර්හට ඇගේ දරුගැබ විනාශ කරගන්නා මෙන පවසති. කෝපයට පත්වන ඇය සිය පුත්‍රයා ද සමග නිවසින් පිටව යයි. අනතුරුව තවත් වසර 7ක් ගතවෙයි. සිමාර් සිය හොඳම මිතුරකු වූ කපූර් මහතාගේ නිවසේ ඔහුගේ නිවස බලාගනිමින් දිවිගෙවයි. අනෙක් අතින් භාරද්වාජ් පවුල තුළ ඛූෂි නිසි පරිදි පවුල රැක‍බලා නොගනී. මේ හේතුවෙන් ප්‍රේම් සිමාර්ව නැවත නිවසට ගෙන්වා ගැනීමට සිතයි. නමුත් වරදි වැටහීමක් හේතුවෙන් ඔහු සිමාර්ව අත්හරින අතර, ඇයට දික්කසාදය අත්සන් තැබීමට බල කරයි. ඔහු සිමාර් නොමැතිව පිටව යයි.

අනතුරුව කතාමාලාවේ තවත් වසර 12ක් ගතවෙයි. එහිදී සිමාර් සහ කපූර් මහතාගේ දරුවන් වැඩී සිටිති. එහි කපූර් මහතා හැර සෙසු සියල්ලෝම සතුටින් සිටිති. කපූර් සැමවිටම සිමාර්ට අවමන් කරයි. මේ අතර භාරද්වාජ් පවුලේ සුජාතා මියගොස් ඇති අතර, ප්‍රෙර්නා සිද්ධාන්ත් සමග ඇමරිකාවේ පදිංචි වෙයි. අංජලි සහ ප්‍රේම් හැර සෙසු පවුලේ සාමාජිකයන්ට ඛුෂි සලකන්නේ අයහපත් අයුරිනි. ඛුෂිගේ හැසිරීම නිසා මාතාජිගේ සිහිය විකල් වෙයි. භාරද්වාජ් පවුලේ සැමදෙනාම සිමාර්ට ද්වේශ කරති. ප්‍රේම් සහ අංජලිගේ දුක්ඛිත තත්ත්වය දකින සිමාර් අංජලිව මුණගැසෙන්නට යයි. නමුත් කෝප වන අංජලි ඇයව නිවසෙන් ඇද දමයි. පොලිසිය පිරිවරා සිමාර් නැවත නිවස වෙත යයි. ඇගේ තත්ත්වය දැක ප්‍රේම් කෙරෙහි වූ පියුෂ්ගේ වෛරය දෙගුණ තෙගුණ වේ. නමුත් ඔහුට සමාව දෙන මෙන් පවසන සිමාර්, තමන්ට නිවස හැරයාමට සිදු වූ හේතුව පියුෂ්ට පැහැදිළි කරයි. මේ අතර, මාතාජි තරප්පු පෙළෙන් ඇදවැටෙයි‍. පසුව ප්‍රේම්ගේ කාරයේ පියුෂ් ගැටෙයි. පළමුවරට ඔවුන් මුණගැසෙන අතර, ප්‍රේම් පියුෂ්ට සිය සමාගමේ රැකියාවක් ලබා දෙයි.

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන චරිත සංස්කරණය

ආවර්තී චරිත සංස්කරණය

අධි ස්වාභාවික රංගනය සංස්කරණය

විශේෂ නිරූපණ සංස්කරණය

හරස් මාරු කතාංග සංස්කරණය

කලර්ස් ටීවී
රිෂ්තේ

අනුවර්තන සංස්කරණය

ජියෝ කහානි නාළිකාව ඔස්සේ මෙහි කථාංග කිහිපක් විකාශය කෙරුණු මුත් අනතුරුව විකාශය නවතා දැමිණි. අනතුරුව එය කලර්ස් නාළිකාවේ සහෝදර නාළිකාවක් වූ රිෂ්තේ නාළිකාව ඔස්සේ විකාශය විය. දෙමළ බසට අනුවර්තනය වූ මෙම කතාමාලාව පොලිමර් ටීවී නාළිකාව ඔස්සේ மூன்று முடிச்சு (මූන්රු මුඩිච්චු) ලෙස විකාශය විය. මලයාලම් බසින් සූර්යා ටීවී නාළිකාව ඔස්සේ ද විකාශය වූ මෙම කතාමාලාව වියට්නාමය තුළ වියට්නාම් බසින් Echannel VTVCab 5 නාළිකාව ඔස්සේ විකාශය විය. පාකිස්ථානය තුළ උර්දු 1 නාළිකාව ඔස්සේ ද මෙය විකාශය වේ. ශ්‍රී ලංකාව තුළ ශක්ති ටීවී නාළිකාව විසින් මෙහි දෙමළ බසින් හඬකැවූ ප්‍රභේදය மூன்று முடிச்சு (මූන්රු මුඩිච්චු) යන නාමයෙන් සිංහල උපසිරැසි සහිතව විකාශය කරන ලදී.

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2011 කලර්ස් ගෝල්ඩ්න් පෙටල් අවෝඩ්ස් වඩාත් මසේදාර් පෞරුෂත්වය හිමානි ෂිව්පුරි දිනාගති
වඩාත් ලෝකප්‍රිය ධාරවාහික් සසුරාල් සිමර් කා නිර්දේශිත
වඩාත් ලෝකප්‍රිය මුහුණ - පිරිමි ෂොආයිබ් ඊබ්‍රාහිම්
වඩත් ලෝකප්‍රිය මුහුණ - කාන්තා දීපිකා සැම්සන්
වඩාත් සංස්කාරි පෞරුෂත්වය ආවිකා ගෝර්
වඩාත් ලෝකප්‍රිය පවුල මාතාජි සහ පවුල
2012 11වන ඉන්දියානු ටෙල්ලි සම්මාන හොඳම මාලා නාට්‍යය සසුරාල් සිමර් කා
කලර්ස් ගෝල්ඩ්න් පෙටල් අවෝඩ්ස් වඩාත් දම්දාර් පෞරුෂත්වය ජයති භාටියා නිර්දේශිත
වඩාත් ටෙස්-ටරාර් පෞරුෂත්වය ජ්‍යෝස්ත්නා චන්දෝලා නිර්දේශිත
වඩාත් ලෝකප්‍රිය ජෝඩි ෂොආයිබ් ඊබ්‍රාහිම් සහ දීපිකා කාකාර් නිර්දේශිත
වඩාත් ලෝකප්‍රිය පවුල භාරද්වාජ් පවුල නිර්දේශිත
වඩාත් ලෝකප්‍රිය මුහුණ - පිරිමි ෂොආයිබ් ඊබ්‍රාහිම් නිර්දේශිත
වඩාත් ලෝකප්‍රිය මුහුණ - කාන්තා දීපිකා කාකාර් නිර්දේශිත
වඩාත් මසේදාර් පෞරුෂත්වය නිමිෂා වකාරියා දිනාගති
වඩාත් අනුභාවි පෞරුෂත්වය ජයති භාටියා නිර්දේශිත
වඩාත් ජාන්බාස් පෞරුෂත්වය ආවිකා ගෝර් නිර්දේශිත
වඩාත් චාහිතා පෞරුෂත්වය මනිෂ් රායිසිංහානි නිර්දේශිත
වඩාත් භාවුක් පෞරුෂත්වය ආවිකා ගෝර් දිනාගති
සංස්කාරි ව්‍යක්තිත්ව දීපිකා කාකාර් දිනාගති
වඩාත් ලෝකප්‍රිය ධරන්වාහික් සසුරාල් සිමර් කා නිර්දේශිත
හොඳම කථාව (ප්‍රබන්ධ) කණ්ඩායම දිනාගති
හොඳම වැඩසටහන කණ්ඩායම නිර්දේශිත
ස්ටාර් ගිල්ඩ් සම්මාන මාලානාට්‍යයක හොඳම නළුවා ෂොආයිබ් ඊබ්‍රාහිම් නිර්දේශිත
හොඳම රචක වේද් රාජ් නිර්දේශිත
2013 කලර්ස් ගෝල්ඩන් පෙටල් අවෝඩ්ස් වඩාත් ලෝකප්‍රිය මුහුණ – පිරිමි මනිෂ් රායිසිංහන් දිනාගති
වඩාත් දාම්දාර් පෞරුෂත්වය ජයති භාටියා දිනාගති
හොඳම පරිවාර් භාරද්වාජ් පවුල දිනාගති
වඩාත් භාවුක් පෞරුෂත්වය දීපිකා කාකාර් දිනාගති
වඩාත් ජාන්බාස් පෞරුෂත්වය ආවිකා ගෝර් දිනාගති
හොඳම වැඩසටහන සසුරාල් සිමර් කා නිර්දේශිත
වඩාත් ලෝකප්‍රිය මුහුණ – කාන්තා දීපිකා කාකාර් සහ ආවිකා ගෝර් නිර්දේශිත
ප්‍රියතම ජෝඩි ධීරාජ් ධූපාර් සහ දීපිකා කාකාර් නිර්දේශිත
ස්ටාර් ගිල්ඩ් සම්මාන මාලා නාට්‍යයක හොඳම නළුවා ෂොආයිබ් ඊබ්‍රාහිම් නිර්දේශිත
ඉන්දියානු ටෙල්ලි සම්මාන හොඳම මාලා නාට්‍යය රශ්මි ෂර්මා දිනාගති
ප්‍රධාන චරිතයක හොඳම නිළිය ආවිකා ගෝර් නිර්දේශිත
ඍණාත්මක චරිතයක හොඳම නිළිය ජ්‍යොස්ත්නා චන්දෝලා නිර්දේශිත
සහායක චරිතයක හොඳම නිළිය ජයති භාටියා නිර්දේශිත
2014 ඉන්දියානු ටෙල්ලි සම්මාන හොඳම මාලා නාට්‍යය රශ්මි ෂර්මා දිනාගති
2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන රිෂ්තේ-නාතේ සම්මාන ධීරාජ් ධූපාර්, ආවිකා ගෝර් සහ මනිෂ් රායිසිංහන් දිනාගති
ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නිළිය දීපිකා කාකාර් නිර්දේශිත
හොඳම දිනපතා කතාමාලාව රශ්මි ෂර්මා නිර්දේශිත
බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් වඩාත් වින්දනීය රූපවාහිනී නිළිය ආවිකා ගෝර් නිර්දේශිත
සී ස්වර්ණ සම්මාන හොඳම නිළිය දීපිකා කාකාර් දිනාගති
සහායක චරිතයක හොඳම නිළිය ජයති භාටියා දිනාගති
හොඳම ජෝඩි දීපිකා කාකාර් සහ ධීරාජ් ධූපාර් නිර්දේශිත
හොඳම ප්‍රබන්ධ වැඩසටහන රශ්මි ෂර්මා නිර්දේශිත

මූලාශ්‍ර සංස්කරණය

  1. "සසුරාල් සිමර් කා එපිසෝඩ්ස්". සසුරාල් සිමර් කා. 14 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 15 නොවැම්බර් 2014.
  2. සසුරාල් සිමර් කා රිට්න් එපිසෝඩ්ස්
"https://si.wikipedia.org/w/index.php?title=සසුරාල්_සිමර්_කා&oldid=407246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි