ධීරාජ් ධූපර් (උපත 1984 දිල්ලි) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවකු සහ මෝස්තර නිරූපණ ශිල්පියෙකි. ඔහු ප්‍රේක්ෂකයන් අතර වඩාත් ප්‍රචලිත වූයේ කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන සසුරාල් සිමර් කාහි ප්‍රේම් භාරද්වාජ්ගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.[3][4]

ධීරාජ් ධූපර්
උපත20 දෙසැම්බර් 1984 (1984-12-20) (වයස 39)
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
රැකියාවනළුවකු, නිරූපණ ශිල්පියකු, මෝස්තර නිර්මාණ ශිල්පියකු[2]
සක්‍රීය වසර2009 – වර්තමානය
කලත්‍රයා(යන්)විනී අරෝරා (2016-වර්තමානය)

වෘත්තිය සංස්කරණය

ධීරාජ් ධූපර් වර්තමානය වන විට රසවින්දන කර්මාන්තයේ ජනප්‍රිය මුහුණක් බවට පත්ව ඇත. නළුවකු ලෙස, කාලයත් සමග ඔහු දායක වී ඇති නිර්මාණ තුළින් ඔහු දක්වන උනන්දුව සහ කැපවීම වටහාගත හැක. ධීරාජ් සිය වෘත්තිය ආරම්භ කළේ මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස වන අතර, ඔහු වෙළඳ දැන්වීම් 100කට අධික සංඛ්‍යාවක් සඳහා නිරූපණයෙන් දායක වී ඇතැයි පැවසේ. මෙම වෙළඳ දැන්වීම් සන්නාම අතරට මරුති සුසුකි, පාකර්, ඩාබර් හනී, සම්සුං ගැලැක්සි, වීඩියෝකොන් මොබයිල් සහ TATA AIG වැනි ප්‍රකට වෙළඳ නාම ඇතුළත් ය.[5] ඔහු රූපවාහිනී ක්ෂේත්‍රය වෙත සිය ප්‍රවිෂ්ඨය සනිටුහන් කළේ කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් වූ මාත් පිතා කේ චර්නොන් මේන් ස්වර්ග් කතාමාලාව තුළිනි‍.[6] මෙහි ඔහු විසින් අංශ් නම් චරිතය නිරූපණය කරන ලදී. ඉන් අනතුරුව ඔහු ස්ටාර් ප්ලස් නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ බෙහෙනෙයින් සමග සම්බන්ධ විය.[7] මෙහි ඔහු භවේශ් පයිල් නැමැති චරිතයක් නිරූපණය කළේ ය. එසේම ඔහු එස්ඒබී ටීවී නාළිකාවේ මිසිස් තෙන්දුල්කාර් නම් මාලා නාට්‍යයේ සුශාන්ත්ගේ චරිතය නිරූපණය කොට තිබේ. මීට අමතරව ධූපර් සෝනි ටීවී නාළිකාවේ කුච් තෝ ලොග් කහෙන්ගේ කතාමාලාව තුළ පසුබිම් චරිත නිරූපණයක් ද සිදුකළේ ය.[8] වර්තමානය වන විට ඔහු කලර්ස් ටීවී නාළිකාවේ අතිශයින් ජනප්‍රියාදරයට පත් රූපවාහිනී කතාමාලාවක් වන සසුරාල් සිමර් කා කතාමාලාවේ සුප්‍රකට ප්‍රේම් භාරද්වාජ්ගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙය කලර්ස් ටීවී නාළිකාවේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලත් මෙන්ම වඩාත්ම නැරඹූ රූපවාහිනී වැඩසටහන්වලින් එකක් ද වේ. ප්‍රේම් ලෙස ඔහු සිදු කළ චරිත නිරූපණය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර, ‍වර්තමානය වන විට “ප්‍රේම්” යන්න ධීරාජ් ධූපර් හඳුන්වන විකල්ප නාමයක් බවට පත්ව ඇත. (මෙම නාමයම සල්මන් ඛාන් හැඳන්වීමට ද රසිකයින් විසින් භාවිතා කරනු ලබයි) මින් පෙර සුසරාල් සිමර් කා[9] කතාමාලා‍වේ එම චරිතය නිරූපණය කළේ ෂොආයිබ් ඊබ්‍රහිම් විසිනි.[10][11]

ධීරාජ් විසින් ඕර් දිඛාඕ විසින් නිර්මාණය කරන ලද එවැනි ගණයේම වෙබ් කතාමාලාවක් වූ SOAPHOLICS (සෝෆොලික්ස්) සඳහා ද සිය දායකත්වය සපයයි. මෙය ඉන්දියානු රූපවාහිනී වැඩසටහන් පිළිබඳ වන හාස්‍යජනක නිර්මාණයකි. එම වීඩියෝ පෙළ මගින් මිනිසුන් රූපවාහිනී වැඩසටහන් සහ ඒවායේ ඇතැම් චරිත වෙත ඇබ්බැහි වනු නිරූපණය කෙරේ. සිය ගැඹුරු හැසිරීමෙන් මිදී ධීරාජ් සාර්ථකව සිය චරිතය තුළ හාස්‍යය ජනනය කිරීමට සමත්ව ඇත. මීට අමතරව 2016දී ඔහු Yellow නැමැති කෙටි චිත්‍රපටයක ද පෙනී සිටියේ ය.

 
ධීරාජ් ධූපර්

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය නාළිකාව
2009-2010 මාත් පිතා කේ චර්නොන් මේන් ස්වර්ග් අංශ් කලර්ස් ටීවී
2010-2011 බෙහෙනෙයින් භවේෂ් පටිල් ස්ටාර් ප්ලස්
2011 මිසිස් තෙන්දුල්කාර් සුශාන්ත් එස්ඒබී ටීවී
2011-2012 සින්දගි කහේ - ස්මයිල් ප්ලීස් ශිඛර් ලයිෆ් ඕකේ
2012 කුච් තෝ ලොග් කහෙන්ගේ අමර් සෝනි ටීවී
2013-2017 සසුරාල් සිමර් කා ප්‍රේම් රාජේන්ද්‍ර භාරද්වාජ් කලර්ස් ටීවී
2016 Yellow ආකාශ් කෙටි චිත්‍රපටය

පෞද්ගලික දිවිය සංස්කරණය

2016 නොවැම්බර් 16 දින නව දිල්ලියේ දී ධූපර් රූපවාහිනී නිළියක වන විනී අරෝරා සමග විවාහ විය. ඔවුන් පළමුව මුණගැසී තිබුණේ 2009දී මාත් පිතා කේ චර්නොන් මේන් ස්වර්ග් දර්ශන තලයේ දී ය.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ධීරාජ්_ධූපර්&oldid=592348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි