අවිකා ගෝර්

(ආවිකා ගෝර් වෙතින් යළි-යොමු කරන ලදි)

අවිකා සමීර් ගෝර් (උපත 30 ජූනි 1997)[2] යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන්නේ බාලිකා වධු රූපවාහිනී කතාමාලාවයි. මෙහි ඇය විසින් ලාබාල ආනන්දි ජග්දීෂ් සිංගේ චරිතය නිරූපණය කරන ලදී.[3] එසේම ඇය සසුරාල් සිමර් කා කතාමාලාවේ ද චරිත නිරූපණයෙන් දායක වී තිබේ. එම කතාමාලාව තුළ ඇය රෝලි සිද්ධාන්ත් භාරද්වාජ් යන චරිතය නිරූපණය කළා ය.[4] ගෝර් ටොලිවුඩ් සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් 2013 වර්ෂයේ දී උයියාලා ජම්පාලා චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණා ය.[5] ඇය කන්නඩ සිනමාව වෙත ඇගේ ප්‍රවිෂ්ඨය සටහන් කරමින් අධ්‍යක්ෂකයකු මෙන්ම නළුවකු ද වන කිෂාන් ශ්‍රීකාන්ත්ගේ Care of Footpath 2 චිත්‍රපටයට 2015 වර්ෂයේ දායක වූවා ය.[6] ගෝර් විසින් ළමා විලාසිතා සන්නාමයක් වන ජිනි ඇන්ඩ් ජොනී සඳහා නිරූපිකාවක වශයෙන් කටයුතු කොට ඇත.[7] ඇගේ මව් භාෂාව වන්නේ ගුජරාති භාෂාවයි.[8]

අවිකා ගෝර්
ගොර් 2013දී
උපත
අවිකා සමීර් ගෝර්

ජුනි 30, 1997 (1997-06-30) (වයස 27)
මුම්බායි, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක
සක්‍රීය වසර2008-2016
ප්‍රසිද්ධව ඇත්තේබාලිකා වධු
සසුරාල් සිමර් කා

ගෝර් හින්දි භාෂා චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇති අතර, 2009දී ඇය රංගනයෙහි යෙදුණු Morning Walk චිත්‍රපටය සිනමා ක්ෂේත්‍රයේ ඇ‍ගේ ආගමනය ලෙස සැලකේ. මෙහි ඇය විසින් ගාර්ගි යන චරිතය නිරූපණය කරන ලදී. 2010දී ඇය පාඨශාලා නැමැති තවත් හින්දි චිත්‍රපටයකට දායක වූවා ය. 2012දී ඇය චරිත නිරූපණයෙහි යෙදුණු තේස් චිත්‍රපටය ද හින්දි චිත්‍රපටයකි. එහි ඇය පියා රයිනා ශෂිකිරා යන චරිතය නිරූපණය කළා ය. 2013 වර්ෂයේ උයියාලා ජම්පාලා චිත්‍රපටයේ උමා දේවි චරිතය නිරූපණය තුළින් ඇය තෙලිඟු සිනමාවට පිවිසියා ය. 2014 දී ඇය ලක්ෂ්මි රාවේ මා ඉන්තිකි නැමැති තෙලිඟු චිත්‍රපටයේත්, 2015දී සිනෙමා චූපිස්තා මාවා නම් තෙලිඟු චිත්‍රපටයේත් රංගනයෙහි යෙදුණා ය. 2015දීම ඇය තානු නේනු නැමැති තෙලිඟු චිත්‍රපටයේ කීර්ති නැමැති චරිතය නිරූපණය කළා ය. ගෝර් ඇගේ කන්නඩ සිනමා අගමනය සනිටුහන් කරමින් Care of Footpath 2 චිත්‍රපටයේ ගීතාගේ චරිතය නිරූපණය කළා ය. 2016දී ඇය එක්කඩිකි පෝතවු චින්නවාඩා නම් තෙලිඟු චිත්‍රපටයට සිය දායකත්වය සැපයූවා ය. මෙහි ඇය නිරූපණය කළේ ආමලා/අයේෂා නැමැති චරිතයකි.

අවිකා ගෝර් ඇගේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් සම්මාන කිහිපයක්ම දිනා ඇත. බාලිකා වධු රූපවාහිනී කතාමාලාවේ ළමා ආනන්දිගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇය 2008 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම ළමා ශිල්පිණියට හිමි සම්මානය දිනාගත් අතර, හොඳම නිළියට හිමි ජූරියේ විශේෂ සම්මානය ද ඇයට හිමි විය. 2009 සහ 2010 වර්ෂවල ද ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම ළමා නිළිය සඳහා වන සම්මානය ඇයට හිමි වූයේ බාලිකා වධුහි ඇය දැක්වූ රංගන කුසලතාව වෙනුවෙනි.

රූපවාහිනිය

සංස්කරණය
වර්ෂය වැඩසටහන චරිතය
2008–2010 බාලිකා වධු ආනන්දි ජග්දීෂ් සිං
2011– 2016 / 2013 / 2015 සසුරාල් සිමර් කා රෝලි සිද්ධාන්ත් භාරද්වාජ් / ජුම්කි / ශ්‍රැති වර්මා

චිත්‍රපට දායකත්වය

සංස්කරණය
වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව ආශ්‍රේය
2009 Morning Walk ගාර්ගි හින්දි චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසීම
2010 පාඨශාලා අවිකා හින්දි
2012 තේස් පියා රයිනා ශෂිකිරා හින්දි
2013 උයියාලා ජම්පාලා උමා දේවි තෙලිඟු තෙලිඟු ක්ෂේත්‍රයට පිවිසීම
2014 ලක්ෂ්මි රාවේ මා ඉන්තිකි ලක්ෂ්මි තෙලිඟු
2015 සිනෙමා චූපිස්තා මාවා පරිනීතා තෙලිඟු
2015 තානු නේනු කීර්ති තෙලිඟු
2015 Care of Footpath 2 ගීතා කන්නඩ කන්නඩ සිනමාව පිවිසීම[6]
2016 එක්කාඩිකි පෝතවු චින්නවාඩා ආමලා/අයේෂා තෙලිඟු
2015 මාන්ජා කීර්ති තෙලිඟු

සම්මාන සහ නිර්දේශ

සංස්කරණය
වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය වැඩසටහන ප්‍රතිඵලය
2008 8වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම ළමා කලාකරුවා බාලිකා වධු දිනාගති[9][10]
හොඳම නිළිය - නාට්‍ය (ජූරියේ)
2009 12වන රජීව් ගාන්ධි ජාතික සම්මාන ළමා අරුමය දිනාගති[11][12]
9වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම ළමා කලාකරුවා දිනාගති[13]
2010 10වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන දිනාගති[14][15]
2014 2වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම කෝඩුකාරිණිය - තෙලිඟු උයියාලා ජම්පාලා දිනාගති

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Playing an 18-year-old bahu is challenging: Avika – The Times of India. Timesofindia.indiatimes.com (3 October 2012). Retrieved on 2015-11-27.
  2. ^ Rajpal, Roktim (30 June 2015). "Avika Gor turns 18: Career-defining performances that turned this child artist into a star". CNN – Indian Broadcasting Network. ibnlive.com. 12 December 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 August 2015.
  3. ^ "Goodbye, Anandi!". The Times Of India. 27 June 2010. 2014-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-04.
  4. ^ Roli gets a makeover yet again in Sasural Simar Ka – The Times of India. Timesofindia.indiatimes.com (23 October 2013). Retrieved on 2015-11-27.
  5. ^ Avika Gor's serial a hit in the telugu market. Movies.ndtv.com (10 December 2013). Retrieved on 27 November 2015.
  6. ^ a b "Avika Gor comes to Sandalwood". The Times Of India. 7 January 2014. 2014-01-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-04.
  7. ^ "Avika : 'I want to be Miss Universe'".
  8. ^ Avika Gor. Outlookindia.com (22 December 2008). Retrieved on 27 November 2015.
  9. ^ "The Idea ITA Awards, 2008". 20 August 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  10. ^ IndianTelevisionAcademy.com සංරක්ෂණය කළ පිටපත 17 පෙබරවාරි 2012 at the Wayback Machine. IndianTelevisionAcademy.com (24 October 2008). Retrieved on 2015-11-27.
  11. ^ "Rajiv Gandhi awards presented". The Hindu. Chennai, India. 20 August 2009.
  12. ^ Shahid, Katrina win Rajiv Gandhi National Award. Sify.com. Retrieved on 27 November 2015.
  13. ^ "The Idea ITA Awards, 2009". 9 September 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  14. ^ The ITA Awards » The Indian Television Academy Awards. IndianTelevisionAcademy.com (2010). Retrieved on 27 November 2015.
  15. ^ The 10th Indian Television Academy Awards – Top −4 සංරක්ෂණය කළ පිටපත 2014-02-01 at the Wayback Machine. IndianTelevisionAcademy.com (6 October 2010). Retrieved on 2015-11-27.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=අවිකා_ගෝර්&oldid=722585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි