මනිෂ් රායිසිංහාන්

මනිෂ් රායිසිංහාන් (උපත 22 ජූලි 1979) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවකු සහ නිරූපණ ශිල්පියෙකි. ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ ටීන් බාහුරානියාන් රූපවාහිනී කතාමාලාවේ සමීර්ගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.[1][2][3] මීට අමතරව ඔහු සුසරාල් සිමර් කා රූපවාහිනී කතාමාලාවේ සිද්ධාන්ත් රාජේන්ද්‍ර භාරද්වාජ්ගේ චරිතය ද නිරූපණය කොට ඇත.

මනිෂ් රායිසිංහානි
උපත22 ජූලි 1979 (1979-07-22) (වයස 44)
රැකියාවනළුවකු, නිරූපණ ශිල්පියකු, කික්බොක්සිං ක්‍රීඩකයකු, ඡායාරූප ශිල්පියකු, යාන්ත්‍රික ඉංජිනේරුවකු, අධ්‍යක්ෂක, සංස්කාරක, රෙයිකි ආචාර්යවරයකු, චිත්‍රපට නිෂ්පාදක
සක්‍රීය වසර2003 - වර්තමානය

වෘත්තිය සංස්කරණය

සාර්ථකව රංගන වෘත්තිය වෙත ප්‍රවිෂ්ඨ වීමට සමත් වූ නිරූපණ ශිල්පීන් අතලොස්ස අතුරින් අයෙකි, රායිසිංහාන්‍. ඔහු ජනප්‍රිය මුද්‍රණ සහ රෑම්ප් නිරූපිණ ශිල්පියෙකි. 2002 ග්‍රාසිම් මිස්ටර් ඉන්ඩියා තරගාවලියට සහභාගී වූ ඔහු සමස්ත තරගාවලියෙන්ම සිව්වන ස්ථානය හිමි කරගැනීමට සමත් විය. එහි දී ඔහු නාමයන් තුනක් ජයග්‍රහණය කළේ ය. (ඡායාකාන්ත මහත්මා, හොඳම සිනහව ඇති මහත්මා සහ හොඳින් හැඳිපැළඳි මහත්මා යන) වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයකු වන ඔහු සටන් කලා විශේෂඥයකු ද වේ. රෙයිකි විශේෂඥයකු ද වන රායිසිංහන් ඡායාරූපකරණයට දැඩි ඇල්මක් දක්වයි. කරාතේ, කුං ෆු සහ කික්බොක්සිං යන ක්ෂේත්‍ර සඳහා රායිසිංහාන් කළු පටි උසුලයි. ඔහු සිව් වරක් ලෝක ශූරතාව සඳහා සුදුසුකම් සපුරාලූවත්, අනුග්‍රාහකත්වය මඳ වීම හේතුවෙන් ඔහුට ඉදිරියට යාමට නොහැකි විය. රෝලර් ස්කේටිං ක්‍රීඩාවෙන් ඔහු දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රාහකයකු ද වේ. වර්තමානය වන විට රායිසිංහාන් කලර්ස් ටීවී නාළිකාවේ අතිශයින් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන සසුරාල් සිමර් කා තුළ සිද්ධාන්ත් රාජේන්ද්‍ර භාරද්වාජ් චරිතය නිරූපණය කරමින් සිටියි. මෑතක දී ඔහු මධුර් භාණ්ඩර්කර්ගේ චිත්‍රපටයක් වන Heroine චිත්‍රපටයේ චිත්‍රපට තරුවකගේ මිත්‍රශීලී චරිතයක් නිරූපණය කළේ ය. කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු ද වන මනිෂ් රායිසිංහාන් කෙටි චිත්‍රපටකරණය වෙනුවෙන් සම්මාන කිහිපයක්ම හිමි කරගෙන තිබේ. 2016දී ඔහුගේ කෙටි චිත්‍රපටයක් විචාරක පැසසුමට ලක්වූ අතර එය කෑන්ස් චිත්‍රපට උළෙල ඇතුළු සම්භාවනීය චිත්‍රපට උළෙලවල් ගණනාවක් සඳහා තෝරාගැනිණි.

සුසරාල් සිමර් කා කතාමාලාවට අමතරව රායිසිංහාන් කිලේර් කරාඔකේ ආත්කා තෝ ලත්කා, ටීන් බාහුරානියාන්, වාරිස්, කාහින් කිසී රොස්, ජබ් ලව් හුවා, බේටියාන් අප්නි යා පරායා ධාන්, හම් දෝනෝ හේන් අලග් අලග්, රන්ග් බදාල්ති ඕධ්නි, රාත් හොනේ කෝ හේ, කහීන් තෝ හෝගා, රක්ත් සම්බන්ධ්, තුම්හාරි දිශා සහ සප්නා බාබුල් කා...බිදායි යන රූපවාහිනී කතාමාලා සඳහා සිය දායකත්වය සපයා ඇත. රායිසිංහාන්ගේ කෙටි චිත්‍රපට අතර Almost (2016), අන්කහී බාටේන් (2016), When I Met Myself (2016) සහ තෝ මේරා ගාලත් හේ සාහි හේ (2016) වැනි චිත්‍රපට ප්‍රධාන ස්ථානයක් ගනියි.


නිර්මාණ දායකත්වය සංස්කරණය

රූපවාහිනී වැඩසටහන් සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

  • Heroine - ආරාධිත නිරූපණය

කෙටි චිත්‍රපට

  • Almost (2016) - අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය
  • අන්කහී බාටේන් (2016) - රංගන දායකත්වය
  • When I Met Myself (2016) - නිර්මාණ අධ්‍යක්ෂණය, සිනෙමාරූපණය
  • තෝ මේරා ගාලත් හේ සාහි හේ (2016) - අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, නිෂ්පාදනය

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Zee Rishtey Awards

"https://si.wikipedia.org/w/index.php?title=මනිෂ්_රායිසිංහාන්&oldid=592808" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි