බාලිකා වධු (අර්ථය: ළමා මනාලිය, ළමා විවාහය) යනු කලර්ස් ටීවී නාලිකාව විසින් විකාශය කරන ලද ඉන්දියානු සෝප් ඔපෙරාවකි. එය කලර්ස් නාලිකාව ඔස්සේ 2008 ජූලි 21 සිට එහි අවසන් කථාංගය දක්වා 2016 ජූලි 31 තෙක් වසර 8ක් පුරාවට ඉන්දියාව තුළ විකාශය විය. මෙමගින් රාජස්ථානයේ දුෂ්කර ග්‍රාමීය පෙදෙසක ළමා මනාලියකගේ ජීවන චාරිකාව නිරූපණය වේ. මෙහි පළමු වාරය මගින් ළමා වියේදී විවාහ කර දෙනු ලැබූ ආනන්දි සහ ජග්දිෂ්ගේ ජීවිතය නිරූපණය වේ. දෙවන වාරය මගින් ආනන්දිගේ දියණිය වන ළමා මනාලියක වූ වෛද්‍ය නන්දිනිගේ ජීවිතය නිරූපණය වේ. බාලිකා වධු කතාමාලාව මගින් ළමාවියේ දී සම්ප්‍රදායයට මුවා වී, බලෙන් විවාහ කර දෙනු ලැබූ දරුවන්ගේ ජීවන ඛේදවාචකය නිරූපණය කරමින් ඔවුන්ගේ දිවියේ සෙසු කාලය ගෙවෙන අයුරු ආවර්ජනය කරයි.[2] 

බාලිකා වධු
බාලිකා වධු තේමාපාඨය
මෙලෙසද හැඳින්වේබාලිකා වධු – කච්චි උමාර් කේ පක්කේ රිෂ්තේ
බාලිකා වධු – ලම්හේ ප්යාර් කේ
ප්‍රභේදයඉන්දියානු සෝප් ඔපෙරා
නාට්‍ය
රසවින්දනය
තැනුවේස්ෆියර්ඔරිජින්ස් මල්ටිවිෂන් ප්‍රයිවට් ලිමිටඩ්
රචනය කලේපුර්නෙන්දු ෂේඛර්
ගජ්රා කොට්ටාරි
රාජේශ් දුබේ
ඌෂා ඩික්සිත්
රඝුවීර් ෂෙඛාවත්
අධ්‍යක්ෂණය කලේසිද්ධාර්ත් සෙන්ගුප්තා
ප්‍රදීප් යාදව්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
ඉංග්‍රීසි
රාජස්ථානි
කථාවාර සංඛ්‍යාව3
කථාංග ගණන2245[1]
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ෂකීර් ෂෙයික්
සචින් චාවන්
ෆසුවල් ඛාන්
නිෂ්පාදක(යෝ)සන්ජෝයි වාධ්වා
කෝමල් සන්ජෝයි ඩබ්.
සංස්කාරක(යන්)සන්තෝෂ් සිං
ජනක් චව්හාන්
ස්ථානය(න්)ජායිත්සාර්
උදයපූර්
සිනෙමාරූපණයසන්ජේ කේ. මෙමේන්
අනිල් කේත්කේ
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 20
නිෂ්පාදන සමාගමස්ෆිය‍ර් ඔරිජින්ස් මල්ටිවිෂන් ප්‍රයිවේට් ලිමිටඩ්
ප්‍රචාරණය
මුල් නාලිකාවColors TV, Raj TV, Antv
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය21 ජූලි 2008 (2008-07-21) – 31 ජූලි 2016 (2016-07-31)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මෙය කථාංග 2000 පසුකළ ඉන්දියාවේ පළමු ප්‍රබන්ධය ලෙස සැලකෙයි.[3]

මෙම කතාමාලව කතා වාර දෙකකින් සමන්විත වන අතර, ඒවා බාලිකා වධු – කච්චි උමාර් කේ පක්කේ රිෂ්තේ (අරුත: ළමා මනාලිය — ළාබාල වියේ දැඩි සබඳතා, ළමා විවාහය — ළසා වියේ දැඩි සබඳතා) සහ බාලිකා වධු — ලම්හේ ප්යාර් කේ (අරුත: ළමා මනාලිය — ප්‍රේමයේ නිමේෂයන්, ළමා විවාහය — ප්‍රේමයේ නිමේෂයන්).[4]

බාලිකා වධු කතාමාලාව මීට අමතරව, තෙලිඟු බසින් හඬකවා “චින්නරි පෙල්ලිකුතුරු” තේමාව යටතේ MAA TV නාලිකාව ඔස්සේ ද, දෙමළ බසින් හඬකවා “මන් වාසනෛ” යනුවෙන් රාජ් ටීවී නාලිකාව ඔස්සේ ද සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 7.30ට විකාශය කරන ලදී.

කතාමාලාව දළ විශ්ලේෂණය සංස්කරණය

වාරය කථාංග සංඛ්‍යාව මුල් විකාශනය (ඉන්දියාව)
විකාශය ඇරඹීම විකාශය අවසන් වීම
1 2165 21 ජූලි 2008 (2008-07-21) 22 අප්‍රේල් 2016 (2016-04-22)
2 80 25 අප්‍රේල් 2016 (2016-04-25) 31 ජූලි 2016 (2016-07-31)

කථා සාරාංශය සංස්කරණය

වාරය 1 සංස්කරණය

බාලිකා වධු - කච්චි උමාර් කේ පක්කේ රිෂ්තේ කතාමාලාව තුළින් ළමා වියේදී විවාහ කරදෙනු ලැබූ ආනන්දි සහ ජග්දිෂ්ගේ ජීවන චාරිකාව නිරූපණය වේ. අට වියැති දැරියක වන ආනන්දි නාඳුනන පවුලක් සමග සම්බන්ධ වී සිය ළමාවිය තුළදීම මිතුරියක, පෙම්වතියක, බිරියක සහ ලේලියක ලෙස සිය දිවිය ‍ගෙවන අයුරු නිරූපිත ය. වයසින් වැඩෙන විට ආනන්දි ජග්දිෂ්ට ප්‍රේම කරයි. අනෙක් පසින් ජග්දිෂ් සිය කොලීජියේ මිතුරියක වන ගෞරිට ප්‍රේම කරයි. ආනන්දිව දික්කසාද කරන ඔහු ගෞරි සමග විවාහ වෙයි. නමුත් දැඩිව ළමා විවාහ සම්ප්‍රදාය අනුගමනය කරන ජග්දිෂ්ගේ පවුල ගෞරි සමග ජග්දිෂ්ගේ විවාහය ප්‍රතික්ෂේප කරයි. සිය ඥාතීන්ගේ ප්‍රතික්ෂේපය හමුවේ පලිගැනීමේ චේතනාවෙන් පෙළෙන ගෞරි සිය විවාහ දිවියේ ගැටුම් ඇතිකර ගනියි. අනෙක් අතින් ලෝකය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ දරන ආනන්දිට නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. එහිදී ඇයට දිස්ත්‍රික් අයකැමි ෂිව්රාජ් ෂේඛර් හමුවෙයි. ජග්චිෂ්ගේ පවුල ඇයව ඔහුට විවාහ කරදීමට අදහස් කරයි. සිය වරද වටහාගන්නා ජග්දිෂ් ගෞරිව සික්කසාද කරයි. ඔහු නැවත සිය පවුල සහ ආනන්දි සොයා එයි. නමුත් නැවත පැමිණෙන විට, ආනන්දි සහ ෂිව්රාජ්ගේ විවාහය පිළිබඳ අසා ඔහු තිගැස්මට පත් වෙයි. ෂිව්රාජ් සමග විවාහ වූ පසු, ආනන්දි ජග්දිෂ්ට සමාව ලබා දෙන අතර, ඔවුහු මිතුරන් ලෙස ආශ්‍රය කරති. මඳකලකට පසුව, ජග්දිෂ්ට ළමා විවාහ රකුසාට බිලි වී, ඥාතීන්ගේ ගෘහස්ථ හිංසනයට ලක් වූ ගංගා නැමැති දැරියක හමුවෙයි. ඇයට ඇගේ ඥාතීන්ගෙන් නිදහස් වීමට ජග්දිෂ් උපකාර කරන අතර, ඇගේ සිහිනය වූ හෙදියක වීමට ඔහු ඇයට උපකාර කරයි. අනතුරුව ඇය කෙරෙහි හටගැනෙන ප්‍රේමය වටහාගන්නා ඔහු ඇයව විවාහ කරගනියි. ඔහු ඇයගේ පුත් මහේන්ද්‍ර සිය දරුවකු ලෙස හදාවඩා ගන්නා අතර, ඔවුනට අභිමන්යු යනුවෙන් දරුවකු බිහිවෙයි. මේ අතර ආනන්දි සහ ෂිව්රාජ් අනාථ දරුවකු ඔවුන්ගේම දරුවකු ලෙස හදාවඩා ගනිති. සතුටුදායක වර්ෂ දෙකකට පසු උදයපූර් නගරය ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බේරාගැනීමට තැත්කිරීමේදී ෂිව්රාජ් මියයයි. ඉන් මඳකලකට පසු ආනන්දි, ෂිවම් සහ නන්දිනි නම් වූ ඔවුන්ගේ නිවුන් දරුවන් දෙදෙනාට උපත ලබා දෙයි. ජග්දිෂ්ගේ උපකාර ඇතිව වැඩිදුර අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්නා ගංගා ද වෛද්‍යවරියක බවට පත් වෙයි. අඛිරාජ් සිං නැමැති මිනිසකු විසින් නන්දිනිව පැහැරගනු ලබන අතර, පසුව ඔහු ඇයව සිය පුත්‍රයා වන කුන්දන්ට විවාහ කර දෙයි. වසර දොළහක සෙවීමකින් පසු, ඇයව සොයාගන්නා ජග්දිෂ් ඇයව ඇගේ මවට භාරකරයි. ආනන්දි සහ ජග්දිෂ් එක්ව අඛිරාජ්ව සිරගත කරනු ලබන අතර, ආනන්දිගෙන් පලිගැනීමේ අපේක්ෂාවෙන් අඛිරාජ් සිරභාරයෙන් පලායයි. ආනන්දි සහ ජග්දිෂ්ගේ කථාව අවසන් වන්නේ අඛිරාජ්ගේ වෙඩි තැබීමකින් ආනන්දි මියයාමත් සමගයි. ආනන්දිට සාධාරණයක් ඉටුකිරීමේ අරමුණින් ජග්දිෂ් අඛිරාජ්ට වෙඩි තබයි. ආනන්දිගේ මරණින් පසු ඇගේ දියණියගේ කථාපුවත ඊළඟ කථා වාරයෙන් නිරූපණය වේ.

වාරය 2 සංස්කරණය

බාලිකා වධු - ලම්හේ ප්යාර් කේ කතාමාලාව මගින් ආනන්දිගේ මරණින් පසු ඇගේ දියණිය වන වෛද්‍ය නන්දිනිගේ ජීවන චාරිකාව නිරූපණය වේ. සිදුවීම් මාලාවකින් පසු ඇය සහ ඇගේ සොහොයුරු ෂිවම් අතර විරසක ඇති වේ. අවසානයේ ඇයව ෂෙඛාවත් මහතා විසින් හදාගනු ලැබෙන අතර, ඇගේ සිහිනය සැබෑ කරමින් වසර පහළොවකට පසු ඇයට වෛද්‍යවරියක වීමට ඔහු ඇයට උපකාර කරයි. රාජස්ථානයේ සෑම කොනකම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇරඹීමට නන්දිනී සිය මියගිය මවට පොරොන්දු වෙයි. ඇයට එය ආනන්දි අනුස්මරණ මධ්‍යස්ථානයක් ලෙස නම්කිරීමට අවශ්‍ය වේ. ඇයට මේ සඳහා සිය උපදේශකයා වන, ඇය කෙරෙහි සෙනෙහස දැක් වූ වෛද්‍ය අමිත් නරේශ් ගොයෙල්ගේ සහාය නොමඳව හිමි වේ. නන්දිනිට ඇගේ හදවත දිනාගැනීමට උත්සාහ දැරූ ක්‍රිෂ් නැමැති තරුණයකු හමු වේ. පසුව නන්දිනි ක්‍රිෂ් (කරුණාගේ පුත්‍රයා) සමග විවාහ වේ. නමුත් පුදුමයට කරුණ නම් ක්‍රිෂ්ගේ සුළුපියා යනු නන්දිනිගේ අනියම් සැමියා (නීත්‍යානුකූල නොවන සැමියා) වූ කුන්දන් වීමයි. ඔහුට සියා පියාගේ මරණය වෙනුවෙන් නන්දිනිගෙන් පලිගැනීමට අවශ්‍ය විය. අවසානයේ සෑමදෙනාම මේ රැවටිල්ල පිළිබඳ දැනගනිති.

චරිත නිරූපණය සංස්කරණය

වාරය 1 සංස්කරණය

වාරය 2 සංස්කරණය

බෙදාහැරීම සංස්කරණය

හඬකැවූ සංස්කරණ (ඉන්දියාව තුළ) සංස්කරණය

මෙම කතාමාලාවේ දෙමළ බසින් හඬකැවූ සංස්කරණයක් මන් වාසනෛ යනුවෙන් රාජ් ටීවී නාළිකාව ඔස්සේ ප.ව. 7.30ට සෑම සඳුදා සිට සෙනසුරාදා තෙක් දිනවල විකාශය වේ.

එසේම මෙම කතාමාලාව තෙලිඟු බසින් හඬකවා චින්නරි පෙල්ලිකුතුරු යන තේමාව ඔස්සේ MAA TV නාළිකාව මගින් සෑම සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල ප.ව. 7.00ට විකාශය කෙරේ.

අන්තර්ජාතික විකාශය සංස්කරණය

  • සැකිල්ල:Country data Croatia ‍ක්‍රොඒෂියාව තුළ, මෙය ඩෝමා ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 08:10ට (මධ්‍යම යුරෝපානු වේලාව) Mala nevjesta (පුංචි මනාලිය) යන තේමාව ඔස්සේ විකාශය කරයි.
  •   බල්ගේරියාව තුළ, එය නොවා ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 04:30ට (මධ්‍යම යුරෝපානු වේලාව) Малката булка (පුංචි මනාලිය) යන තේමාව ඔස්සේ විකාශය කරන ලදී.
  •   රුමේනියාව තුළ, එය ටීවී නැෂනල් නාළිකාව ඔස්සේ Mica mireasa (පුංචි මනාලිය) යන තේමාව ඔස්සේ විකාශය කරන ලදී.
  • සැකිල්ල:Country data Serbia සර්බියාව තුළ, RTV Pink නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 04:00ට (මධ්‍යම යුරෝපානු වේලාව) Мала невеста (පුංචි මනාලිය) යන තේමාව ඔස්සේ විකාශය කරන ලදී.
  •   බොස්නියාව සහ හර්සෙගොවිනා තුළ, Pink BH නාළිකාව ඔස්සේ Mala nevjesta (පුංචි මනාලිය) යන තේමාව ඔස්සේ විකාශය කරන ලදී.
  • සැකිල්ල:Country data Republic of Macedonia මැසිඩෝනියාව තුළ, Sitel TV නාළිකාව ඔස්සේ Малечката невеста (පුංචි මනාලිය) යන තේමාව යටතේ විකාශය කරන ලදී.
  •   මොන්ටෙනෙග්‍රෝ තුළ, මෙය Pink M නාළිකාව ඔස්සේ Mala nevjesta (පුංචි මනාලිය) යන තේමාව ඔස්සේ විකාශය කරන ලදී.
  •   ඉන්දුනීසියාව තුළ, මෙය ANTV නාළිකාව ඔස්සේ 2016 මාර්තු 15 දින සිට ආනන්දි යන තේමාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 4:00ට (ඉන්දුනීසියා බටහිර වේලාව) සහ සෙනසුරාදා සිට ඉරිදා දක්වා ප.ව. 4:30ට (ඉන්දුනීසියා බටහිර වේලාව) විකාශය කරන ලදී.[5]
  • සැකිල්ල:Country data Kyrgyzstan කිර්ගිස්ථානය තුළ, එය KTRK නාළිකාව ඔස්සේ Келин (මනාලිය) යන තේමාව ඔස්සේ විකාශය කරන ලදී.
  •   කසකස්ථානය තුළ, එය Келін (මනාලිය) යන තේමාව ඔස්සේ කසකස්ථාන් නාළිකාව ඔස්සේ විකාශය කරන ලදී.[6]
  •   වියට්නාමය තුළ, මෙම නාට්‍යය Cô Dâu 8 Tuổi යන තේමාව ඔස්සේ ටුඩේ ටීවී නාළිකාව ඔස්සේ 2014 නොවැම්බර් 11 සිට විකාශය කරන ලදී. මෙම නාට්‍යය වියට්නාමය තුළ එහි විකාශය ආරම්භයේ සිට සුවිසල් ප්‍රේක්ෂකාකර්ෂණයක් හිමිකර ගත්තේ ය.[7] මෙම වැඩමටහනේ ජනප්‍රියත්වය නිසා මෙහි නිළිය වන, අවිකා ගෝර් ටුඩේ ටීවී නාළිකාවන් සම්මානයක් ද හිමිකරගත්තා ය.[8] එලෙසම නාට්‍යයේ සාර්ථකත්වය නිසා ගෝර් වියට්නාමයේ දෙදින චාරිකාවක නියැළුණ අතර, සෙසු නළුනිළියන් වූ අවිනාශ් මුඛර්ජී සහ ස්මිතා බන්සාල් ඇතුළු පිරිස ද වියට්නාමයට පැමිණ ඇත.[9] වියට්නාමය තුළ 2015 වර්ෂයේ ගූගල් සෙවුම තුළ නව වෙනියට වැඩිපුරම සෙවුමට ලක් වූ තේමාව ලෙස සැලකෙයි.[10] බාලිකා වධු ලද ප්‍රේක්ෂකාකර්ෂණය හේතුවෙන් වියට්නාමය තුළ ආසියානු නාට්‍ය සඳහා පුළුල් ඉල්ලුමක් ඇති විය. විද්වතුන් පවසන පරිදි එහි "බටහිර ප්‍රතිපූරණ අභිබවා සංස්කෘතික මායිමක්" සලකුණු කළ බව පැවසෙන්නේ දකුණු ආසියාවෙන් ආනයනය කළ සෝප් ඔපෙරාවන්, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියානු සංස්කෘතීන් අතර පවතින සමීපත්වය නිරූපණ වන නිසායි.[11] මෙහි නළුනිළියන් අතුරින්, සිද්ධාර්තා ශුක්ලා, අවිනාශ් මුඛර්ජී, රූප් දුර්ගාපාල් සහ ආසියා කාසි යන පිරිස වියට්නාමයේ සත් දින චාරිකාවක් ලෙස 2016 ජූලි 13 සිට 19 තෙක් සංචාරයක නියැළුනහ.[12][13][14] නැවත වරක් 2016 ජූනි 23 සිට 25 දක්වා අවිකා ගෝර් වියට්නාමයේ සංචාරයක නියැළෙමින් හෝ චි මින් නගරයේ චෝ රායි රෝහලට ඇමරිකන් ඩොලර් 30,000ක ආධාරයක් සිදුකළා ය.
  •   ශ්‍රී ලංකාව තුළ, මෙම කතාමාලාව ටීවී 1 නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 07:00ට විකාශය ඇරඹූයේ 2016 අගෝස්තු 15දා සිට ය. මෙය සිංහලෙන් හඬකවා පුංචි මනාලි යන තේමාව ඔස්සේ විකාශය ආරම්භ කොට ඇත.[15]

සම්මාන සංස්කරණය

ජයග්‍රහණයන්

වර්ෂය සම්මානය ප්‍රවර්ගය සම්මානලාභි(න්)
2008 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම මාලානාට්‍යය (ජූරිය) ස්ෆියර් ඔරිජින්ස්
හොඳම අධ්‍යක්ෂක සිද්ධාර්ත් සේන් ගුප්තා
ප්‍රදීප් යාදව්
හොඳම මාලානාට්‍ය නිළිය (ජූරිය) අවිකා ගෝර්
සහායක චරිතයක හොඳම නිළිය සාදියා සිද්දිකි
හොඳම නිෂේධාත්මක නිළිය සුරේඛා සික්රි
හොඳම ළමා කලාශිල්පියා අවිකා ගෝර්
හොඳම තේමා පථය ලලිත් සේන්
හොඳම තිරරචනය පූර්නේන්දු ෂේඛර්
රාජේෂ් දුබි
ගජ්රා කොතරි
හොඳම දෙබස රඝුවීර් ෂෙඛාවත්
හොඳම වීඩියෝකරණය සන්ජේ මේමේන්
2009 හොඳම මාලානාට්‍යය (ජූරිය) ස්ෆියර් ඔරිජින්ස්
හොඳම අධ්‍යක්ෂක සිද්ධාර්ත් සේන් ගුප්තා
ප්‍රදීප් යාදව්
සහායක චරිතයක හොඳම නිළිය ස්මිතා බන්සාල්
හොඳම නිෂේධාත්මක නිළිය සුරේඛා සික්රි
හොඳම ළමා කලාශිල්පියා අවිකා ගෝර්
හොඳම දෙබස ඌෂා ඩික්සිත්
හොඳම තිරරචනය පූර්නේන්දු ෂේඛර්
රාජේශ් දුබි
ගජ්රා කො‍තෙරි
හොඳම තේමා පථය ලලිත් සේන්
හොඳම වීඩියෝකරණය සන්ජේ මේමේන්
අනිල් කාත්කේ
2010 හොඳම නාට්‍ය නිළිය (ජූරිය) සුරේඛා සික්රි
හොඳම ළමා නිළිය අවිකා ගෝර්
හොඳම දෙබස ඌෂා ඩික්සිත්
හොඳම තිරරචනය රඝුවීර් ෂෙඛාවත්
රාජේශ් දුබී
ගජ්රා කොතෙරි
හොඳම ඇඳුම් නිර්මාණකරුවා විනී මල්හෝත්‍රා
නීලු ෂ්‍රොෆ්
2011 හොඳම නාට්‍ය නිළිය (ජූරිය) සුරේඛා සික්රි
සහායක චරිතයක හොඳම නිළිය අනුප් සෝනි
2012 හොඳම තේමා පථය ලලිත් සේන්
හොඳම ඇඳුම් නිර්මාණකරුවා විනී මල්හෝත්‍රා
නීලු ෂ්‍රොෆ්
හොඳම දෙබස ඌෂා ඩික්සිත්
හොඳම වීඩියෝකරණය සන්ජේ මේමේන්
2013 Gr8! වසරේ රංගන ශිල්පියා සිද්ධාර්ත් ශුක්ලා
2014 හොඳම නාට්‍ය නිළිය (ජූරිය) සුරේඛා සික්රි
හොඳම කථාව පූර්නේන්දු ෂේඛර්
ගජ්රා කොතෙරි
2015 විශේෂ සම්භාවනාව ආසියා කසි, ග්‍රේසි ගෝස්වාමි
සිද්ධාර්ත් සේන් ගුප්තා
2008 ඉන්දියන් ටෙල්ලි සම්මාන හොඳම ළමා රංගනශිල්පියා අවිකා ගෝර්
සහායක චරිතයක හොඳම නිළිය ස්මිතා බන්සාල්
හොඳම නිෂේධාත්මක චරිතයක නිළිය සුරේඛා සික්රි
හොඳම නැවුම් නවක මුහුණ (කාන්තා) අවිකා ගෝර්
සමාජ විෂයයක් අරභයා හොඳම වැඩසටහන්කරණය ස්ෆියර් ඔරිජින්ස්
2009 හොඳම ජනප්‍රියම මාලානාට්‍යය ස්ෆියර් ඔරිජින්ස්
හොඳම ළමා නළුවා අවිනාශ් මුඛර්ජී
අවිකා ගෝර්
සහායක චරිතයක හොඳම නළුවා අනුප් සෝනි
හොඳම තේමා පථය ලලිත් සේන්
2010 හොඳම තේමා පථය ලලිත් සේන්
හොඳම මාලානාට්‍ය නිළිය (ජූරිය) අවිකා ගෝර්
සහායක චරිතයක හොඳම නළුවා (ජූරිය) අනුප් සෝනි
සත්‍යජිත් ෂර්මා
2012 සහායක චරිතයක හොඳම නළුවා අනුප් සෝනි
සහායක චරිතයක හොඳම නිළිය සුරේඛා සික්රි
හොඳම මාලානාට්‍යය ස්ෆියර් ඔරිජින්ස්
2013 හොඳම නිළිය සුරේඛා සික්රි
2014 හොඳම කථාව පූර්නේන්දු ෂේඛර්
ගජ්රා කොතෙරි
හොඳම සන්තතික රූපවාහිනී වැඩසටහන ස්ෆියර් ඔරිජින්ස්

මූලාශ්‍ර සංස්කරණය

  1. "බාලිකා වධු – කච්චි උමාර් කේ පක්කේ රිෂ්තේ එපිසෝඩ්ස්". බාලිකා වධු – කච්චි උමාර් කේ පක්කේ රිෂ්තේ. 2014 මැයි 20. සම්ප්‍රවේශය 2015 මැයි 20. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  2. "කලර්ස් ටීවී ෂෝ/සීරියල් - එලිසෝඩ්ස්, වීඩියෝස් ඔන්ලයින් ඔන් කලර්ස්". aapkacolors.com. සම්ප්‍රවේශය 2016-04-24.
  3. "'බාලිකා වධු' බිකම්ස් ද ලෝංගස්ට් රනිං ඩේලි ෂෝ ඔන් ඉන්ඩියන් ටීවී". mid-day. සම්ප්‍රවේශය 2016-04-24.
  4. "අ පින්ච් ඔෆ් ලව්; අ බ්ලෙන්ඩ් ඔෆ් ඉමෝෂන්ස්…අ ප්‍රිස්ක්‍රිප්ෂන් ෆෝ හැපිනම් බාලිකා වධු…ලම්හේ ප්යාර් කේ | සිනෙ ස්පීක්ස්". cinespeaks.com. සම්ප්‍රවේශය 2016-04-24.
  5. "'Anandhi', Serial Terpanjang di India Segera Tayang di ANTV". Iyaa.com. 2016 මාර්තු 3. සම්ප්‍රවේශය 2016 මාර්තු 3. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  6. "Келін (келин) индийский сериал 2014, все серии, последняя серия, үнді киносы қазақша тілде көру соңғы серия". සම්ප්‍රවේශය 2016 අප්‍රේල් 6. {{cite web}}: Check date values in: |accessdate= (help)
  7. "අවුට්පුවරිං ඔෆ් ග්‍රීෆ් ඉන් වියට්නාම් ෆෝ 'බාලිකා වධු' - ක්වෙස්ෂන්ස් ඕවර් ඇක්ට්‍රස්'ස් ඩෙත් ඉන් මුම්බායි, ෂොක් ඉන් හැනෝයි වෙයාර් සීරියල් ටොප්ස් ටෙලිවිෂන් චාට්ස්". ද ටෙලිග්‍රාෆ්. 2016 අප්‍රේල් 3. සම්ප්‍රවේශය 2016 අප්‍රේල් 3. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  8. ටෙලිචක්කර් ටීම් (2014 දෙසැම්බර් 18). "වියට්නාම් කෝලිං ෆෝ අවිකා ගෝර්". Tellychakkar.com. සම්ප්‍රවේශය 2016 අප්‍රේල් 6. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  9. "ඉන්ඩියන් ටීනේජ් ඇක්ට්‍රස් අවිකා ගෝර් විසිට්ස් වියට්නාම්". තාන්හ් නියෙන් ඩේලි. සම්ප්‍රවේශය 2016 අප්‍රේල් 6. {{cite web}}: Check date values in: |accessdate= (help)
  10. ඇලෙක්ස් මිල්සන් (2015 දෙසැම්බර් 19). "ගූගල්'ස් ටොප් සර්ච් අයිටම්ස් ඔෆ් 2015 රිවීල් ඒෂියා'ස් ඩිෆරිං ‍වෙබ් ටේස්ට්ස්". Bloomberg.com. සම්ප්‍රවේශය 2016 අප්‍රේල් 6. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  11. "ඉන් වියට්නාම්, ද සෝප් ඔපෙරාස් ආ ඩිප්ලොමැට්ස්". OZY මීඩියා. 2016 මාර්තු 18. සම්ප්‍රවේශය 2016 අප්‍රේල් 3. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  12. dan-sao-phim-co-dau-8-tuoi-se-tro-lai-viet-nam-vao-thang-7-20160613100617875.htm
  13. bon-dien-vien-phim-co-dau-8-tuoi-den-viet-nam-3418729.html
  14. dan-dien-vien-co-dau-8-tuoi-ram-ro-sang-viet-nam-712928.html
  15. https://www.facebook.com/tv1lk/photos/a.1253182168044845.1073741828.1135931999769863/1411430005553393/?type=3&theater

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බාලිකා_වධු&oldid=421937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි