සරසවිය හොඳම නිළිය සම්මානය

සරසවිය හොඳම නිළිය සම්මානය පිරිනමනු ලබන්නේ "ලේක් හවුස්" හි සමානුබද්ධිත පුවත්පතක් වන සරසවිය මගිනි. මෙම සම්මානයද පළමු වරට පිරිණැමූයේ 1964 වර්ෂයේදීයි. මෙහි සම්මාන හිමි කර ගත් අය අතර ස්වර්ණා මල්ලවආරච්චි සම්මාන 5ක්, අනෝජා වීරසිංහ 4ක් සහ ගීතා කුමාරසිංහ 4ක් ද වශයෙන් සටහන් වී ඇත.

පහත දැක්වෙන්නේ පසුගිය වසර පුරා සම්මාන ලැබූ නාමයන්.

වසර නිළිය චිත්‍රපටය
2008 දුලානී අනුරාධා අබා
2007 සංගීතා වීරරත්න උප්පලවණ්නා
2006 චාන්දනී සෙනෙවිරත්න උඩුගංයාමය
2005 දිල්හානි ආශෝකමාලා සුදු කළු සහ අළු
2004 ගීතා කුමාරසිංහ රන් දිය දහර
2003 දමිතා අබේරත්න සුළං කිරිල්ලී
2002 නිත්‍යාවනී කන්දසාමී පුංචි සුරංගනාවී
2001 සංගීතා වීරරත්න අස්වැසුම (චිත්‍රපටිය)
2000 ගීතා කුමාරසිංහ රාජ්‍ය සේවය පිණිසයි
1999
1998 ස්වර්ණා මල්ලවආරච්චි චන්න කින්නරී
1997 ස්වර්ණා මල්ලවආරච්චි බව දුක
1996 ගීතා කුමාරසිංහ ලොකු දුව
1995 අයිරාංගනි සේරසිංහ පවන රළු විය
1994 අනෝජා වීරසිංහ සුරභිදෙන
1993 ශ්‍රියාණි අමරසේන කුළ ගෙය
1992 අනෝජා වීරසිංහ කෙළි මඬල
1991 ගීතා කුමාරසිංහ පාළම යට
1990 අනෝජා වීරසිංහ සිරි මැඳුර
1989 ස්වර්ණා මල්ලවආරච්චි සාගර ජලය
1988 සබීතා පෙරේරා පොඩි විජේ
1987 අනෝජා වීරසිංහ මල්දෙණියෙ සිමියොන්
1986 ස්වර්ණා මල්ලවආරච්චි සුද්දිලාගෙ කතාව
1985 සබීතා පෙරේරා දෙවනි ගමන
1984 ස්වර්ණා මල්ලවආරච්චි දඩයම
1983 මාලිනී ෆොන්සේකා යස ඉසුරු
1982 මාලිනී ෆොන්සේකා ආරාධනා
1981 වසන්ති චතුරානි ගඟ අද්දර
1980 මාලිනී ෆොන්සේකා හිඟන කොල්ලා
1970 ස්වර්ණා කහවිට බිනරමලී
1969 අනුලා කරුණාතිලක ගොළු හදවත
1968 පුන්‍යා හීන්දෙණිය රන් සළු
1967 අයිරාංගනි සේරසිංහ ඔබ දුටු දා
1966
1965 සුභානි අමරසේන ගැටවරයෝ
1964 පුන්‍යා හීන්දෙණිය ගම්පෙරළිය