කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ, (දෙමළ: கீதா குமாரசிங்க, ඉංග්‍රීසි: Geetha Kumarasinghe; උපත 5 ජූලි 1955) සාමාන්‍ය වශයෙන් ගීතා කුමාරසිංහ ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලංකික නිළියෙක් සහ දේශපාලකයෙක්.[1] ඇය වත්මන් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය වේ.[2] කුමාරසිංහ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියෙක්.[3]

ගීතා කුමාරසිංහ
கீதா குமாரசிங்க
Geetha Kumarasinghe
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
8 සැප්තැම්බර් 2022
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
සංස්කෘතික හා ප්‍රාසංග කලා රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
20 අගෝස්තු 2020
බහුතරය63,357 මනාප ඡන්ද
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015 – 3 මැයි 2017
අනුප්‍රාප්තිකයාපියසේන ගමගේ
බහුතරය63,955 මනාප ඡන්ද
පුද්ගලික තොරතුරු
උපත
කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ

5 ජූලි 1955 (1955-07-05) (වයස 68)
බදුල්ල, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
කලත්‍රයාක්‍රිස් ෆුරර් ෆර්ඩිනන්ඩ් (වි. 1977; දි. 2018)
වාසස්ථානගාල්ල
උගත් ශාස්ත්‍රාලයසංඝමිත්තා බාලිකා විද්‍යාලය
රැකියාවරංගන ශිල්පිනී, නිෂ්පාදිකා
Awardsසරසවිය හොඳම නිළිය සම්මානය
සරසවිය ජනප්‍රියම නිළිය සම්මානය

රංගන වෘත්තිය සංස්කරණය

කුඩා කල සිටම ඇය ගායනයට හා නැටීමට ඇගේ දක්ෂතා පෙන්නුම් කළාය. ඇය පාසල් වේදිකාවේ 'චෝර පබ්බත' නාට්‍යයේ 'කුණ්ඩලකේෂි' චරිතය කළා. ඇගේ පියා සිනමා වෘත්තියක් අනුමත නොකළත්. මේ අතර බෙන්තොට ‘සවස’ පුවත්පත මගින් සංවිධානය කරන ‘අවුරුදු රූප සුන්දරී’ තරගයට ගීතා ඉදිරිපත් කරන ලෙස අසල්වාසීහු ඇයගේ දෙමාපියන්ට බල කළහ. ඇගේ පියා අවසර දුන්නේ පවුලේ මිතුරිය අමිතා අබේසේකරගේ ඉල්ලීමකට අනුවයි.[1] 1973 දී වයස අවුරුදු 16 දී ගීතා තරඟයෙන් ජයග්‍රහණය කළාය. රූ රැජින තරගයට සහභාගි වන විට ඇයගේ මව නිතරම ඇය සමඟ සිටියා. ඇයගේ නැන්දා වන අනුලා වික්‍රමපාල කීර්තිමත් අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මිතුරියක් ද විය. ඔහුගේ "රන්සළු" චිත්‍රපටිය සඳහා ස්ථානය ලෙස යොදාගෙන ඇත්තේ ඇගේ නැන්දලාගේ මන්දිරයයි. [4] පාසල් නිවාඩුව කොල්ලුපිටියේ නැන්දලාගේ නිවසේ ගත කරන පුංචි ගීතා ඇගේ ළමා වීරවරිය වූ 'පුණ්‍යා හීන්දෙණිය' අනුකරණය කළාය.

දේශපාලන ජීවිතය සංස්කරණය

2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් ලෙස තේරී පත් වූ අතර, ස්විට්සර්ලන්තයේ සහ ශී ලාංකීය ද්ත්ව පුරවැසිභාවය හිමි වී තිබීම හේතුවෙන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව 2017-05-03 දින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය. අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

ඇය රඟපෑ චිත්‍රපට සංස්කරණය

වසර චිත්‍රපට
1975 දමයන්ති
1976 වාසනා
1976 ආශා
1976 රන් තිලකා
1976 ඔන්න මාමෙ කෙල්ල පැනපි
1977 මරුවා සමඟ වාසේ රන් මැණිකා
1977 නිලූකා
1977 චණ්ඩි පුතා
1977 පෙම්බර මධූ
1977 ඇගේ ආදර කතාව
1978 මදුවන්ති
1978 සරා
1978 දීපාංජලී
1978 සීතා දේවී
1978 අපේක්ෂා
1979 සමන්මලී
1979 පොඩි මල්ලී
1979 ජීවන කඳුළු
1979 අක්කෙ මට අවසර
1979 සවුදන් ජෙමා
1976 කොළඹ සන්නිය
1979 මිනිසුන් අතර මිනිසෙක්
1980 කරුමක්කාරයෝ
1980 සිරිබෝ අයියා
1981 අන්ජානා
1981 වාලම්පුරි
1982 මහ ගෙදර
1983 යලි පිපුණු මලක්
1983 සිවු රඟ සේනා
1983 බෝනික්කා
1984 මායා
1984 හිම කතර
1986 ජය අපටයි
1987 රත්තරන් මිනිහෙක්
1987 යුක්තියද ශක්තියද
1987 රජ වැඩකාරයෝ
1987 ඔබටයි ප්‍රියේ ආදරේ
1988 අම්මෙ ඔබ නිසා
1988 දුර්ගා
1989 බදුලු කෝච්චිය
1990 පාලම යට නිෂ්පාදනය
1991 සළඹක් හඬයි නිෂ්පාදනය
1991 ලව් ඉන් බැංකොක්
1992 කදිරා
1993 නෙළුම් හා සමනලී
1994 අඹු සැමියෝ
1995 ඉන්ස්පෙක්ටර් ගීතා
1995 චාන්දනී
1995 සුදු වලස්සු
1996 ලොකු දුව නිෂ්පාදනය
1996 හිත හොඳ ගැහැනියක්
2000 රාජ්‍ය සේවය පිණිසයි
2004 රන් දිය දහර

සම්මාන සහ ප්‍රධානයන් සංස්කරණය

ජනාධිපති සම්මාන සංස්කරණය

  • 1981 - හොඳම සහය නිළිය
  • 1997 - හොඳම නිළිය - ලොකු දුව
  • 2000 - නිර්මාණාත්මක කුසලතා - අනුරාගයේ අනන්තය
  • 2000 - හොඳම නිළිය - රාජ්‍ය සේවය පිණිසයි
  • 2005 - හොඳම නිළිය - රන් දිය දහර

සරසවිය සම්මාන සංස්කරණය

  • 1990 - හොඳම නිළිය - පාලම යට
  • 1990 - ජනප්‍රිය නිළිය
  • 1996 - හොඳම නිළිය - ලොකු දුව
  • 2000 - හොඳම නිළිය - රාජ්‍ය සේවය පිණිසයි
  • 2004 - හොඳම නිළිය - රන් දිය දහර

සිග්නිස් (ඕ.සී.අයි.සී) සංස්කරණය

  • 1990 - Merit Awards - පාලම යට
  • 2005 - Most Outstanding Performance - රන් දිය දහර

වෙනත් සංස්කරණය

  • 1990 - ස්වර්ණ සංඛ සිනමා උළෙල - හොඳම නිළිය - පාලම යට
  • 1996 - ස්වර්ණ සංඛ සිනමා උළෙල - හොඳම නිළිය - ලොකු දුව
  • 2015 පාර්ලිමේන්තූ මන්ත්‍රීවරියක් ලෙස.

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "සිංහල සිනමාවේ 'ලස්සන කෙල්ල'". සිළුමිණ.lk. සම්ප්‍රවේශය 2021-06-04. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  2. "නව රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි". සිළුමිණ.lk. 8 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2022.
  3. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  4. Biography of Geetha, http://www.geethakumarasinghe.com/site/biographya.htm, ප්‍රතිෂ්ඨාපනය 2022-09-20 
"https://si.wikipedia.org/w/index.php?title=ගීතා_කුමාරසිංහ&oldid=591928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි