ගම්පෙරළිය (චිත්‍රපටය)
1963දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් කළ චිත්‍රපටයකි
(ගම්පෙරළිය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ගම්පෙරළිය" චිත්‍රපටය – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
ගම්පෙරළිය | |
---|---|
අධ්‍යක්ෂණය | ලෙස්ටර් ජෙම්ස් පීරිස් |
නිෂ්පාදනය | ඇන්ටන් වික්‍රමසිංහ |
රචනය | තිස්ස අබේසේකර (අතිරේක දෙබස්) |
තිර රචනය | රෙජී සිරිවර්ධන |
කතාවස්තුව | මාර්ටින් වික්‍රමසිංහ |
පාදක වූයේ | මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගම්පෙරළිය |
රංගන ශිල්පීන් | හෙන්රි ජයසේන ශාන්ති ලේඛා |
සංගීතය | ඩබ්ලිව්. ඩී. අමරදේව |
සිනෙමාරූපණය | විලී බ්ලේක් |
සංස්කරණය | සුමිත්‍රා පීරිස් |
චිත්‍රාගාරය | සරසවි ශබ්දාගාරය, කොල්ලුපිටිය |
නිකුත්වූ දිනය(න්) | දෙසැම්බර් 20, 1963(location) |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනයසංස්කරණය
- හෙන්රි ජයසේන (පියල්)
- ශාන්ති ලේඛා
- පුණ්‍යා හීන්දෙනිය (නන්දා)
- ඩේවිඩ් ධර්මකීර්ති
- ට්‍රිලීෂියා ගුණවර්ධන (අනුලා)
- වික්‍රම බෝගොඩ
- ගාමිණී ෆොන්සේකා (ජිනදාස)
- ටෝනි රණසිංහ
- අනුලා කරුණාතිලක
- සී. ටී. ප්‍රනාන්දු
- හර්බට් අමරවික්‍රම
විශේෂතා සහ සම්මානයන්සංස්කරණය
- ගීත රහිත ප්‍රථම සිංහල චිත්‍රපටය
- අන්තර් ජාතික සම්මානයක් ලද ප්‍රථම සිංහල චිත්‍රපටය
- 1966 මෙක්සිකෝවේදී පැවැත්වුණ ලෝක චිත්‍රපට උත්සව පිළිබඳ 8 වෙනි සමාලෝචනයේදී මෙයට ‘ගොල්ඩන් හෙඩ් ඔෆ් පලෙන්ක්’ සම්මානය හිමි විය.
- 1965 නවදිල්ලි චිත්‍රපට උළෙල ‘ස්වර්ණ මයුර තිළිණය’
- 1964 දී මුල් වරට පවත්වන ලද සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්යක්ෂ, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සංගීතය, හොඳම කැමරා ශිල්පය, හොඳම සංස්කරණය යන සම්මාන සහ ගාමිණී ෆොන්සේකාට ගෞරව සම්මානයක් හිමි විය. පාඨක ඡන්ද 35374 ක් ලබා මුල් තැනට පත් වූයේ ගම්පෙරළියයි.
නිෂ්පාදනයසංස්කරණය
- වේශ නිරූපණය - රෝහණ මුදන්නායක
- කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි, පෙරමුණේ රණසිංහ