විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර් 12

සැප්තැම්බර් 12: කේප් වර්ඩ් රාජ්‍යයේ ජාතික දිනය

මයිකල් ඔන්ඩාජි

  • 1893 - ලංකා කම්කරු ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක වැඩ වර්ජනය.
  • 1894 - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය: උපත.
    • 1899 - මුල්වරට කොළඹ නගරයේ ට්‍රෑම් රථ සේවාව ආරම්භ කිරීම.
    • 1911 - කොලින් බ්‍රවුන් රිබෙස් පේලේස් නැවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් ගොඩ බැස්වීම.
  • 1943 – මයිකල් ඔන්ඩාජිගේ (රූපයේ දැක්වෙන) උපත අද වැනි දිනක සිදු වුණි.
    • 1958 - ජැක් කිල්බි විසින් ඔහුගේ නිපැයුමක් වන ක්ෂුද්‍රකෘත විද්‍යුත් පරිපථය ප්‍රදර්ශනය කිරීම.
    • 1959 - ලුනා 2 අභ්‍යවකාශ යානය දියත් කිරීම.
    • 1962 - ඇමරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි විසින් සිදු කරන ලද ලොව සුප්‍රසිද්ධ කතාවක් වන "අපි හඳට යන්න තීරණය කළා" යන කතාව සිදු වුයේ මෙදිනය.
    • 1970 - ලුනා 16 අභ්‍යවකාශ යානය දියත් කිරීම.
    • 1992 - ඇන්ඩවර් ෂටලය මගින් ප්‍රථම අප්‍රිකානු-ඇමෙරිකානු අභ්‍යවකාශගාමී කාන්තාව වන මේයි සී. ජෙමිසන් අභ්‍යවකාශගත වීම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 11සැප්තැම්බර් 12සැප්තැම්බර් 13