වර්ගීකරණාත්මක අනුස්ථිතිය

ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි, වර්ගීකරණාත්මක අනුස්ථිතියක් යනු ජීවින් සමූහයක් ( තක්සෝනයක්) සඳහා වර්ගීකරණාත්මක ධූරාවලියක සාපේක්ෂ මට්ටම වෙයි. වර්ගීකරණාත්මක අනුස්ථිතීන් සඳහා නිදසුන් වනුයේ විශේෂය, ගණය, කුලය, ගෝත්‍රය, වර්ගය, වංශය, රාජධානිය, වසම, ආදිය වෙයි.

ප්‍රධාන අනුස්ථිතීන්: රතු හිවලා වුල්පස් වුල්පස් කෙරෙහි යෙදුණු වසම, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය සහ, විශේෂය
ජීවයවසමරාජධානියවංශයවර්ගයගෝත්‍රයකුලයගණයවිශේෂය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.

ජීවී වර්ගයන් පිළිබඳ වඩාත් සුවිශේෂ විස්තර සපයන සහ එම නිසාම පුළුල් නොවන ප්‍රවර්ගයන් කිහිපයක් කිසියම් අනුස්ථිතියක් විසින් එය යටතෙහි පවත්වාගෙන යයි. ජීවින් පිළිබඳ වඩාත් පුළුල් විස්තර සපයන සහ පොදු පූර්වජයන්ගෙන් දිස්වෙන සුවිශිෂ්ට ගුණ හෝ ලක්ෂණ හෝ වෙතින් එකිනෙකට සම්බන්ධිත ජීවීන් සමූහයන් අඩංගු අනුස්ථිතීන් යටතෙහි, එක් එක් අනුස්ථිතිය වර්ගීකෘත වන අතර ඒවා එම අනුස්ථිතියට ඉහළින් පවතියි. කිසියම් විශේෂයක අනුස්ථිතිය සහ එහි ගණය පිළිබඳ විස්තර සැපයීම මූලික වෙයි; මෙයින් ගම්‍ය වන්නේ, කිසියම් ජීවියෙකු හඳුනාගැනීම සඳහා, මෙම පළමුවන අනුස්ථිතින් දෙක හැර අනෙකුත් අනුස්ථිතීන් සඳහන් කිරීම සාමාන්‍යයෙන් ආවශ්‍යයික නොවන බවයි. [1]

නිදසුනක් ලෙසින් කිසියම් විශේෂයක්, රතු හිවලා, වුල්පස් වුල්පස්, සලකමු: එයට ඉහළින් පවතින අනුස්ථිතිය වනුයේ, වුල්පස් නමැති ගණය වන අතර, එයට අයත් වන්නේ සමස්ත "සැබෑ" හිවලුන් වෙති. උන්ගේ සමීපතම බන්ධුන් සිටිනුයේ සමීපයෙන් ඉහළ අනුස්ථිතිය වන, කානිඩෙ කුලය වෙත වන අතර, එයට අඩංගු වන්නේ සියළුම බල්ලන්, වෘකයන්, නරියන් සහ, හිවලුන් වෙති; එයට ඉහළ අනුස්ථිතිය වන්නේ, කානිවෝරා ගෝත්‍රය වන අතර, එයට කෑනිෆෝර්ම්ස් (වලසුන්, සීල් මත්ස්‍යයන්, මුගටියන්, උරුලෑවන්, රැකූනාවන් සහ ඉහත සඳහන් කල සියළු සතුන්), සහ ෆීලිෆෝර්ම්ස් (බළලුන්, හයිනා නම් බලු දිවියන්, හෝතඹුවන්) අයත් වෙති. කානිවෝරාවන් යනු, ලොම් සහිත, උණුසුම් රුධිරය සහිත, පැටවුන්ට කිරි දෙන ජීවි සාමාජිකයන් අඩංගු මමාලියා නමැති වර්ගය යටතේ ගැනෙන එක් සමූහයක් වන අතර, පිට කොන්දක් සහිත සත්ත්වයන් අඩංගු වන කෝඩෙටා වංශය යටතෙහි මෙම මමාලියාවන් වර්ගීකරණය වන අතර, සියළු සත්ත්වයන් අඩංගු වන ඇනිමේලියා රාජධානිය යටතෙහි මෙම කෝඩෙටා වංශිකයන් වර්ගීකරණය වෙති. අත්‍යන්තයෙහි, මෙම සියල්ලන්ගේම උසස්තම අනුස්ථිතිය වන්නේ සෛල න්‍යෂ්ටියක් සහිත අනෙකුත් සියළු ජීවීන් එක් සමූහයකට ගැනෙන යුකේරියා නමැති වසමය.

සත්ත්ව විද්‍යාත්මක නාමකරණය සඳහා වන ජාත්‍යන්තර කේතය විසින් අනුස්ථිතිය අර්ථදැක්වෙන්නේ මෙසේය: " වර්ගීකරණාත්මක ධූරාවලියකදී නාමකරණ කටයුතු සඳහා තක්සෝනයක මට්ටම (නිද. සුපිරිකුලයක් සහ උපකුලයක් අතර පවතින සියළුම කුලයන් එකම අනුස්ථිතිය සඳහා නාමකරණ කටයුතු සඳහා භාවිතා වෙයි)."[2]

ප්‍රධාන අනුස්ථිතීන්සංස්කරණය

සිස්ටේමා නතුරෙ වැනි ඔහුගේ සන්ධිස්ථාන ප්‍රකාශනයන්හී, කාල් ලිනායුස් විසින් පහත අනුස්ථිතීන්ට සීමාවූ පරිමාණයක් භාවිතා කළේය: රාජධානිය, වර්ගය, ගෝත්‍රය, ගණය, විශේෂය, සහ විශේෂයට පහළ එක් අනුස්ථිතියක්. වර්තමානයෙහි, නාමකරණය නියාමනය කරනුයේ නාමකරණ කේත වෙතිනි. ප්‍රධාන වර්ගීකරණ අනුස්ථිතීන් හතක් පවතියි: රාජධානිය, වංශය හෝ කාණ්ඩය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය. කිසිදු නාමකරණ කේතයක එය සඳහන් නොවුනද, වසම ( කාල් වොවුස් විසින් යෝජනා කරන ලද) යන්න මෙයට අමතරව මූලික අනුස්ථිතියක් ලෙසින් වර්තමානයෙහි පුළුල් ලෙසින් භාවිතා වන අතර, 1974 වසරෙහිදී මුවර් විසින් හඳුන්වා දෙන ලද විජිතය (ලතින්. ඩොමිනියුම්) යන්නට පර්යාය පදයක් වෙයි. [3] [4]

ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන්
ලතින් සිංහල
වීටයි ජීවය
රෙගියෝ වසම
රෙග්නොම් රාජධානිය
ෆිලුම් වංශය ( සත්ත්ව විද්‍යාවෙහි)
ක්ලස්සිස් වර්ගය
ඕර්දෝ ගෝත්‍රය
ෆමීලියා කුලය
ගේනුස් ගණය
ස්පෙකියේස් විශේෂය

තක්සෝනයකට අනුස්ථිතියක් පැවරෙන්නේ එය‌ට එහි විධිමත් නාමය ලබා දීමත් හා සමගිනි. මූලික අනුස්ථිතීන් වන්නේ විශේෂය සහ ගණය වෙයි. ජීවියෙකුට විශේෂය නාමයක් ලබා දීම හා සමගින් එය ගණයක් යටතට පත්කෙරෙන අතර, ගණ නාමය විශේෂය නාමයෙහි කොටසක් වෙයි.

විශේෂයන්ගේ නාමය ද්විත්ව ලෙසින්ද හැඳින්වෙන අතර, එයින් අදහස් වන්නේ ලද දෙකකින් සමන්විත නාමයකි. නිදසුනක් වශයෙන්, මානව විශේෂය සඳහා සත්ත්ව විද්‍යාත්මක නාමය වන්නේ හෝමෝ සේපියන්ස් යන්න වෙයි. මුද්‍රණයෙහිදී මෙය සාමාන්‍යයෙන් ඇල අකුරෙන් දැක්වෙන අතර ඇල අකුරු නොමැති විටෙක යට ඉරි යොදා දක්වනු ලැබේ. මෙහිදී, හෝමෝ යන්න ගණ නාමය වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙහි ලොකු අකුරු වලින් ඇරඹෙයි; සේපියන්ස් යන්නෙන් විදහා දැක්වෙන්නේ විශේෂය වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙහි ලොකු අකුරෙන් ඇරඹීම සිදු නොකෙරෙයි.

සත්ත්ව විද්‍යාවෙහි අනුස්ථිතීන්සංස්කරණය

පහත වර්ගීකරණාත්මක අනුස්ථිතීන් සඳහා අර්ථදැක්වීම් සත්ත්ව විද්‍යාත්මක නාමකරණය සඳහා වන ජාත්‍යන්තර කේතය තුල දක්වා ඇත: සුපිරිකුලය, කුලය, උපකුලය, වරිගය, උපවරිගය, ගණය, උපගණය, විශේෂය, උපවිශේෂය.

සත්ත්ව විද්‍යාත්මක නාමකරණය සඳහා වන ජාත්‍යන්තර කේතය විසින් "කුලය-සමූහ නාම", "ගණය-සමූහ නාම" සහ "විශේෂය-සමූහ නාම" ලෙසින් නාමයන් බෙදා නම් කර ඇත. කේතය විසින් මෙම ප්‍රවර්ගයන් සඳහා පහත අනුස්ථිතීන් නිශ්චිත ලෙසින් දක්වා ඇත:


සුපිරිකුලය

කුලය

උපකුලය
වරිගය
උපවරිගය

ගණය

උපගණය

විශේෂය

උපවිශේෂය


ආශ්‍රිතසංස්කරණය

  1. "ඉන්ටර්නැෂනල් කෝඩ් ඔෆ් නොමන්ක්ලේචර් ෆො ඇල්ගී, ෆන්ජයි ඇන්ඩ් ප්ලාන්ට්ස් – මෙල්බර්න් කෝඩ්". IAPT-Taxon.org. 2012. Articles 2 and 3.
  2. ඉන්ටර්නැෂනල් කමිෂන් ඔන් සූලොජිකල් නොමෙන්ක්ලේචර් (1999), ඉන්ටර්නැෂනල් කෝඩ් ෆො සූලොජිකල් නොමෙන්ක්ලේචර්. සතරවන සංස්කරණය, ඉන්ටර්නැෂනල් ට්‍රස්ට් ෆො සූලොජිකල් නොමෙන්ක්ලේචර්
  3. මුවර්, ආර්. ටී. (1974). "ප්‍රොපෝසල් ෆො ද රෙකග්නිෂන් ඔෆ සුපර් රෑන්ක්ස්" (PDF). ටැක්සන්. 23 (4): 650–652. doi:10.2307/1218807. JSTOR 1218807.CS1 maint: ref=harv (link)
  4. ලුකේටා, එස්. (2012). "නිව් වීව්ස් ඔය් ද මෙගාක්ලැසිෆිකේෂන් ඔෆ් ලයිෆ්" (PDF). ප්‍රොටිස්ටොලොජි. 7 (4): 218–237.CS1 maint: ref=harv (link)