ගෝත්‍රය (ජීව විද්‍යාව)
වර්ගීකරණ මට්ටමක් හෝ එම මට්ටමේ තක්සෝනය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි, ගෝත්‍රය (ලතින්: ඕර්දෝ) යනු
- ජීවින් වර්ගීකරණය සඳහා භාවිතා කෙරෙන සහ නාමකරණ කේත විසින් පිළිගනු ලැබෙන වර්ගීකරණාත්මක අනුස්ථිතියකි. අනෙකුත් සුපතල අනුස්ථිතීන් වන්නේ ජීවය, වසම, රාජධානිය, වංශය, වර්ගය, කුලය, ගණය, සහ විශේෂය වන අතර, ගෝත්‍රය සීහුම් වන්නේ වර්ගය සහ කුලය අතර වෙයි. සමීපතම ඉහළ අනුස්ථිතිය වන, සුපිරිගෝත්‍රය, ගෝත්‍රයට ඉහළින් එක් කල හැකි වන අතර, උපගෝත්‍රය පහළ අනුස්ථිතියකි.
- එම අනුස්ථිතියෙහි, වර්ගීකරණාත්මක ඒකකයක්, තක්සෝනයකි.
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. වංශයක් තුල එක් ගෝත්‍රයක් හෝ ගෝත්‍ර කිහිපයක් හෝ අඩංගු වෙයි. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.
- නිදසුන: සමස්ත බකමුහුණන් අයත් වන්නේ ස්ට්‍රිජිෆෝර්මිස් ගෝත්‍රයටය