වඳුරාදෙනිය, යනු ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ගම්මානයකි. ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෑණපාණ ග්‍රාම නිළධාරී වසමේ පිහිටා ඇත.කෑගල්ල නගරයේ සිට කිලෝමීටර් 14 ක දුරින් පිහිටා තිබෙනවා.

වඳුරාදෙනිය
ගම්මානය
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයකෑගල්ල දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂය
ජනගහණය(2012[1])
 • මුළු820
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+05:30)

පිහිටීම සංස්කරණය

උතුරින් අටුගොඩ, දකුණින් ගුරුගොඩ ඔය මායිම් ලෙස සලකනු ලබයි.

ඉතිහාසය සංස්කරණය

 
Mount Newman

ජනප්‍රවාදයට අනුව රන්වන් පැහැ වඳුරෙක් ගමෙහි වූ වෙල් යායේ ගැවසීම නිසා වඳුරාදෙනිය නම ලැබුණු බව විශ්වාස කරනවා. තවත් කථාවකට අනුව ගමෙහි වූ කිසියම් ස්ථානයක ගලක රත්තරන් වඳුරෙකු පිලිබඳ සටහනක් තබා ඇති නිසා එම නම ලැබුණු බව විශ්වාස කරනවා.නමුත් තවම එවැන්නක් හමුවී නැත.

අධ්‍යාපන පහසුකම් සංස්කරණය

වඳුරාදෙනිය ප්‍රාථමික විද්‍යාලය ගමේ ඇති එකම පාසලයි. ==ආගමික ස්ථාන==ඉපැරණි ඉද්දමල්පාන රජමහා විහාරය ප්‍රධාන ආගමික ස්ථානයයි තවද වදුරාදෙනිය බෝධිමළුවද ගම මද්‍යයෙ ඉදිකර පිහිටුවා ඇත

නැරඹිය හැකි විශේෂ ස්ථාන සංස්කරණය

ගල්ගෙඩියාන ඇල්ල සංස්කරණය

 
ගල්ගෙඩියාන ඇල්ල

වඳුරාදෙනියේ සිට කි.මී 4 පමණ දුරින් හරිගලට නුදුරැව පිහිටා තිබෙනවා.ගංතුන දෝතළුව කන්දෙන් ගලා ගුරු‍ගොඩ ඔයෙන් මෙම ඇල්ල නිර්මාණය වී තිබෙනවා.උස මීටර් 5 ක් පමණ වන අතර පළල මීටර් 40 ක් පමණ වෙනවා.කෑගල්ල -අවිස්සාවේල්ල මාර්ගයේ අරන්දර බෝගස් හන්දියේ සිට කි.මී 7 ක දුරින් හා කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ මොරොන්තොට සිට කි.මී 2 ක දුරින් පිහිටා තිබෙනවා.කලක් එතරම් අවධානයට ලක් නොවුවද මෑත සිට බොහෝ දේශිය සංචාරකයින්ගේ සංචාරක ස්ථානයක් බවට පත් වී තිබෙනවා.ඉතා මනරම් බවින් යුතු ඇල්ලක් වුවත් සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා ඇල්ල අවට ඉතා අපිරිසිදු වී ඇති බව දැක ගත හැකි වනවා.බොහෝ විට මත්පැන් පානයෙන් පසු ඉවත දමන බොතල් හා පොලිතින් කවර නිසා මෙලෙස අපවිත්‍ර වී තිබෙනවා.

ලාහුපන ඇල්ල සංස්කරණය

ගුරුගොඩ ඔයේ ශාඛා ඇලක මෙම ඇල්ල පිහිටයි.උස මීටර් 3 ක් පමණ වේ.හරිගල පසු කල විට ඉද්දමල්පාන රජමහ විහාරය,මාලිගාකන්ද/මාලිගාතැන්න ආදි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හමු වේ.මේ ස්ථාන සම්බන්ධව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වන එච්.සී.පී. බෙල් මහතා වාර්තා කර තිබෙනවා. මේ අසලම ඇති තවත් වැදගත් ස්ථානයක් වනුයේ වලගම්බා රජු සැගවී සිටි බවට සැලකෙන මාලිගාකන්ද විහාරයයි.එය මු.ම.සි මීටර් 240 ක් පමණ උසින් පිහිටා තිබෙනවා.

ඉද්දමල්පාන රාජමහා විහාරය සංස්කරණය

වඳුරාදෙනියේ සිට කි.මී 2 පමණ දුරින් අරන්දර මොරොන්තොට මාර්ගයේ පිහිටා තිබෙනවා.මෙම විහාරය ඉතාම පැරණි විහාරයක් වන අතර මේ වන විට විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Sri Lanka - largest cities (per geographical entity)". World Gazetteer. 2011-04-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-12-29. {{cite web}}: External link in |publisher= (help)

බාහිර සබැදි සංස්කරණය

  වඳුරාදෙනිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

සැකිල්ල:Towns Pilbara WA

"https://si.wikipedia.org/w/index.php?title=වඳුරාදෙනිය&oldid=593274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි