සබරගමුව පළාත
සබරගමුව පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. සබරගමුව පළාත දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත වේ. ඒවා නම් කෑගල්ල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කයයි.
සබරගමුව පළාත | |
---|---|
පළාත | |
![]() ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
ඛණ්ඩාංක: 6°40′N 80°24′E / 6.667°N 80.400°Eඛණ්ඩාංක: 6°40′N 80°24′E / 6.667°N 80.400°E | |
රට | ශ්‍රී ලංකාව |
සංස්ථාපනය | 1889 |
පිළිගැනුම | 14 නොවැම්බර් 1987 |
අගනගරය | රත්නපුරය |
විශාලතම නගරය | රත්නපුරය |
රජය | |
• ආණ්ඩුකාර | ටිකිරි කොබ්බෑකඩුව |
සරිය | |
• මුළු | 4,902 කිමී2 (1,893 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 8වන (මුළු භූමි ප්‍රමාණයෙන් 7.46% ) |
ජනගහණය(2001) | |
• මුළු | 1,801,331 |
• අනුස්ථිතිය | 5වන (මුළු ජනගහණයෙන් 9.63% ) |
• ඝණත්වය | 370/කිමී2 ( 950/වර්ග සැත) |
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1] | |
• මුළු | රු 303 බිලියන |
• අනුස්ථිතිය | 5වන (මුළු ප්‍රමාණයෙන් 6.3% ) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
නිල භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | www.sg.gov.lk/ |
ඉතිහාසයසංස්කරණය
සබරගමුව පළාතේ ප්‍රාග් ඓතිහාසික දායාදයන් දකින්නවුන්ව ශත වර්ෂ ගනණක් ඈත අතීතයට ගෙන යයි. සිදු කරන ලද ගල් ගුහා කැනීම් වලින් තහවුරු වී ඇත්තේ සබරගමුව පළාතේ ඉතිහාසයට වසර 29, 000 ක් පමණ වූ අතීතයක් උරුම බවය. ආදි මානවයාගේ ඇට සැකිළි, ආයුධ, ඔවුන් භාවිතා කළ විවිධ පාෂාණ වර්ග, ඉතිරිව තිබූ විවිධ ආහාර කොටස් ආදී දේ කිතුල්ගල බෙලිලෙන, කෑගල්ලේ අලුලෙනෙන්, කුරුවිට බටදොඹ ලෙනෙන් සහ බලන්ගොඩ බෙල්ලන්බැඳි පැලැස්සෙන් සොයාගෙන ඇත.
ආදි මානවයා විසින් නිර්මාණය කර ඇති පනහකට නොඅඩු සතුන්ගේ සහ වෙනත් නොයෙක් දෙයෙහි චිත්‍ර වරකාපොළට ආසන්නයේ පිහිටි දොරවක කන්ද අත්ලෙනෙන් සොයා ගෙන ඇත. එමතුද නොව ප්‍රාග් මානවයා තනන ලද ආදිකල්පිත ගල් මේසයක් මුළු ශ්‍රීර් ලංකාවේම දක්නට ලැබෙන්නේ සබරගමුව පළාතේ පදවිගම්පොළ ප්‍රදේශෙය්දී පමණි.
බුද්ධ වර්ෂ තුන් වන සියවසේදී ලංකාවට බුදු දහම පැමිණි බව තහවුරු කෙරෙන සාක්ෂිද මෙම පළාතේ ඓතිහාසික ස්ථානයන්ගෙන් සොයා ගෙන ඇත.
පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානසංස්කරණය
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික ස්ථාන රාශියක් සබරගමුව පළාතේ පිහිටා තිබුනද ඉන් මූලිකම ස්ථානය ලැබෙන්නේ රත්නපුර මහ සමන් දේවාලයටය. මෙය රත්නපුර නගර මධ්‍යයට ආසන්නයේ පිහිටා ඇත. පුරාවෘත්ත වල සඳහන් වන පරිදි සහ අතීතයේ සිට පැවත එන මතයන්ට අනුව සමන් දේවාලය ඉදි කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1236 ත් 1270 ත් අතර කාල වකවානුව තුල දෙවන පරාක්‍රමබාහු රජතුමා විසිනි.
රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර සෑම මසකම අගෝස්තු මාසයේ මහා බැතිමතුන් පිරිසකගේ සහ විශාල ජනකායකගේ සහභාගීත්වෙයන් එම දේවාලයේදී පැවැත්වේ. බෙරෙන්දි කෝවිල, මානියන්ගම රාජකීය විහාරස්ථානය, සංකපාල විහාරය, දෙල්ගමුව රජමහා විහාරය, අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය, බෙලිගල විහාරය, දැදිගම කොට වෙහෙර, දනකිරිගල ගල් විහාරය, නිකපිටිය පොතුගල විහාරය, බිසෝවෙල රාජ මහා විහාරය, අරනායක සාලාව විහාරය, දෙවනගල විහාරය, අම්බුළුලෙන විහාරය,ඇහැලේපොළ වලව්ව(වර්තමාන කෞතුකාගාරය) ආදිය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික ස්ථානයන් සදහා ඉතා හොද නිදසුන්ය.
මැණික් කර්මාන්තයසංස්කරණය
මැණික් කර්මාන්තය පිළිබඳව සබරගමුව පළාත මහත් ප්‍රසිද්ධියක් උසුලන අතර එය ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයන් අතර මූලික ස්ථානයක් ගනී. බොහෝ දුරට මෙම ප්‍රදේශයේ සිටිනා බහුතරයක් ජනතාව මැණික් කර්මාන්තයේ නියැලී සිටිනු දැකිය හැකි වේ. එහිදී ඉල්ලම් හෑරීම, මැණික් කැපීම, ඔප මට්ටම් කිරීම, මැණික් යොදා ආභරණ තැනීම හෝ මැණික් සහ ආභරණ විකිණීම වැනි රැකියාවන් මූලික වශයෙන් දක්නට ලැබේ.
ශාක සහ සත්ත්ව සංහතියසංස්කරණය
සිරිලක පුරා පමණක් නොව මුළු ලොවෙහිම ප්‍රචලිත සිංහරාජ වනාන්තරයෙන්ම සබරගමුව පළාතේ ස්වභාව සෞන්දර්යය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම අරඹන්නේ නම්, සිංහරාජ වනාන්තරය යනු ලෝකයෙහි තවමත් අදූෂිතව පවතින වනාන්තර සුළු ප්‍රමාණයන්ගෙන් එකකි. හෙක්ටයාර 8900 ක භූමි ප්‍රමාණයක් වසා පැතිරුණු මෙම වනාන්තරය ස්වභාවයෙන්ම දිය ඇළි, ගංගා, දිය උල්පත්, වන සත්ත්වයින් සහ දේශීය මෙන්ම ලංකාවට පමණක් ආවේනික දුර්ලභ ශාක, වටිනා පැළෑටි, බෙහෙත් සඳහා යොදා ගන්නා ශාක ආදියෙන් සමන්විතය.
උඩවලව ජාතික වනෝද්‍යානය, කුරුල්ලන් සදහාම විශේෂිත වූ කෑගල්ලේ "කුරුළු කැලය" නම් කුරුළු අභය භූමිය, බුළුතොට කන්ද ආදිය සබරගමුව පළාතේ ස්වභාව සෞන්දර්යය මනාව පෙන්නුම් කරන ස්ථානයන්ය.
සංචාරක ස්ථානසංස්කරණය
ශ්‍රීපාදසථානය සබරගමුව පළාෙත් පිහිටි ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
සංස්කෘතිකමය වටිනාකමසංස්කරණය
සබරගමුව පළාතේ සංගීතය, ප්‍රධාන වශයෙන්ම තාලම්පට වැනි තාල වාද්‍ය භාණ්ඩ සමග මුසු වූ බෙර වාදනයන්ගෙන් සමන්විත වේ.
විවිධ ජන කතා වල එන චරිතයන්ට අනුරූප වන පරිදි නිර්මාණය කර ඇති වෙස් මුහුණු වලින් අලංකෘත වූ සබරගමු නර්තනයන් විටෙක විවිධ වර්ණවත් සහ ආශ්චර්යවත් භාවයන් නිරූපණය කරන අතර තවත් විටෙක හාස්‍ය රසය උපදවයි.
බෞද්ධාගමික කටයුතුසංස්කරණය
බෞද්ධාගමික කටයුතු වශයෙන් මෙහිදී මූලිකවම අවදානය යොමු කෙරෙන්නේ භාවනාමය කටයුතු සඳහාය. සබරගමුව පළාතේ නිස්කලංකව භාවනා කටයුතු කර ගැනීම සඳහා යෝග්‍ය වූ භාවනා මධ්‍යස්ථාන රැසක් පවතී. කෑගල්ලේ පිහිටි කුරුළු කැලය නම් වූ කුරුළු අභය භූමිය නිල්මල්ගොඩ කරුඳු ලෙන වන සේනාසනය ආදිය මෙවන් භාවනා මධ්‍යස්ථාන සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.