මැණික් කුරුකුලසූරිය

මැණික් කුරුකුලසූරිය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි.

මැණික් කුරුකුලසූරිය
උපත
රැකියාවරංගන ශිල්පිනී.

මුල් අවධිය සංස්කරණය

මැණික් කුරුකුලසූරිය සිය අධ්‍යාපන කටයුතු, පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්, බොරැල්ල සියළු ශාන්තුවරුන්ගේ බාලිකාවෙන් සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙන් හදාරණ ලදී. සිය වැඩිමල් සහෝදරියන් තිදෙනා වූ ජීවරාණි, ශිරාණි සහ ජානකී ලෙස නිළියක් බවට පත්වීමට මුල් සමයේ ඇය බලාපොරොත්තු නොවූවාය. නමුත් 1971 දී ගෝයා රූ රැජින බවට කිරුළු දැරීමෙන් අනතුරුව කුරුකුලසූරියද, සිය සහෝදරියන් මෙන් රංගන වෘත්තියට පිවිසියාය.[1]

වෘත්තීය දිවිය සංස්කරණය

1973 වසරේ හත්දින්නත් තරු චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි කුරුකුලසූරිය, 1974 වසරේදී ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටියේද රංගනයේ යෙදුනාය.

රංගනයන් සංස්කරණය

රිදී තිරය සංස්කරණය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
1973 හත්දින්නත් තරු පතිරාජ දයානන්ද
1974 අහස් ගව්ව ධර්මසේන පතිරාජ
1974 සැණකෙළිය හර්බට් රංජිත් පීරිස්
1980 හෙවනැළි ඇද මිනිස්සු පරාක්‍රම ද සිල්වා
1981 බඹා කෙටූ හැටි සුනිල් ආරියරත්න
1981 වජිරා සුනිල් ආරියරත්න
1982 තනි තරුව රත්නවීර ද සිල්වා
1982 සක්විති සුවය ගාමිණී ෆොන්සේකා
1982 තන ගිරවී රෝයි ද සිල්වා
1984 හිත හොඳ කොල්ලෙක් රෝයි ද සිල්වා
1985 ආදර කථාව චන්ද්‍රන් රත්නම්
1986 අසිපත මමයි ජෙරාඩ් ප්‍රනාන්දු
1986 ප්‍රාර්ථනා ප්‍රියන්ත රත්නායක
1987 රජ වැඩකාරයෝ සුනිල්සෝම පීරිස්
1989 ඔබට රහසක් කියන්නම් සුනිල් සෝම පීරිස්
1989 නොම්මර 17 හේමසිරි සෙල්ලප්පෙරුම
1990 වන බඹරා තිමති වීරරත්න
1992 ඔබ මට විශ්වාසයි තිලක් වේහැල්ල
1994 විජය ගීතා කඳපොල කුමාරතුංග
1994 නොහඬන් කුමරියේ රංග විජේන්ද්‍ර
1994 ළඳුනි ඔබ මට දෙවඟනකි ජයන්ත දාස් පෙරේරා
1998 රැජිණි රාජා ද සිල්වා
1998 එයා ඔබට භාරයි සුනිල් සෝම පීරිස්
2014 සැමීගේ කතාව ප්‍රියංකර විතානාරච්චි


මූලාශ්‍ර සංස්කරණය

  1. "මැණික්-සනත් කම් ටුගෙදර් ආෆ්ටර් 11 ඉයර්ස්". විජය නිව්ස් පේපර්ස්. 2006. සම්ප්‍රවේශය 2008-04-26.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මැණික්_කුරුකුලසූරිය&oldid=371850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි