ධර්මසේන පතිරාජ

ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක්

error: {{nihongo}}: Japanese or romaji text required (help) ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙකි.

ආචාර්ය

ධර්මසේන පතිරාජ
උපතමාර්තු 28, 1943(1943-03-28)
මියගිය දිනයJanuary 28, 2018(2018-01-28) (වයස 74)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවඅධ්‍යක්ෂ, තිර රචක, විශ්ව විද්‍යාල කථිකාචාර්ය
සක්‍රීය වසර1969 සිට
ප්‍රධාන නිර්මාණ
බඹරු ඇවිත්
සොල්දාදු උන්නැහෙ
සම්මානජනාධිපති සම්මාන
ආගමබෞද්ධ

මුල් සමය සංස්කරණය

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලද ධර්මසේන පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල සහ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හදාරා 1967 දී ගෞරව උපාධියක් ලබාගත්තේ ය. පාසැල් වියේ පටන් ම සාහිත්‍යයට, නාට්‍ය කලාවට හා සිනමාවට ළැදි ව සිටි පතිරාජගේ මුල් ම සිනමා කෘතිය 1969 දී නිර්මාණය කෙරුණු සතුරෝ නමැති කෙටි චිත්‍රපටය යි. 1974 නිකුත් කෙරුණු අහස් ගව්ව චිත්‍රපටයත් සමග පතිරාජ චිත්‍රපට ලෝකය තුළ පුළුල් අවධානයක් දිනාගත්තේ ය. අහස් ගව්ව මෙරට "වම් ඉවුරේ සිනමාව" වශයෙන් හැඳින්වුණු ප්‍රවණතාවෙහි ආරම්භය සලකුණු කළේ ය.

අධ්‍යක්‍ෂණ සංස්කරණය

චිත්‍රපට

වසර චිත්‍රපටිය භාෂාව වෙනත්
1969 සතුරෝ
1974 අහස් ගව්ව සිංහල නළුවෙකු ලෙස
1975 එයා දැන් ලොකු ළමයෙක් සිංහල
1978 පොන්මනි දෙමළ
1978 බඹරු ඇවිත් සිංහල
1980 පාර දිගේ සිංහල
1981 සොල්දාදු උන්නැහෙ සිංහල නළුවෙකු හා තිර රචකයෙකු ලෙස
1994 වාසුලි සිංහල
2001 මතුයම් දවස සිංහල තිර රචනය
2016 සක්කාරං සිංහල
2017 ස්වරූප සිංහල

ටෙලි නාට්‍ය

වසර ටෙලි නාට්‍යය
1985 ගඟුලෙන් එතෙරට
1986 මායා මන්දිර
1988 ඇල්ල ළඟ වලව්ව
1989 වන්නි හාමිලාගේ කතාව
1989 සුදු බණ්ඩෙලාගේ කතාව
1989 පුර සක්මන
1992 කඩුල්ල
1993 සුබ අනාගතයක්
1994 නාඳුනන පුත්තු
1996 දුර්ගාන්තය
2009 කම්පිත විල්

සම්මාන සංස්කරණය

වසර සම්මානය චිත්‍රපටය සම්මාන උළෙල
1978 හොඳම අධ්‍යක්‍ෂණය බඹරු ඇවිත් ජනාධිපති සම්මාන
1981 හොඳම තිර රචනය සොල්දාදු උන්නැහෙ ජනාධිපති සම්මාන
1981 හොඳම අධ්‍යක්‍ෂණය සොල්දාදු උන්නැහෙ ජනාධිපති සම්මාන

මේවාද බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ධර්මසේන_පතිරාජ&oldid=658295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි