බෙලීස් යනු, මධ්‍යම ඇමරිකාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක් (ක්‍රියෝල්) සහ ස්පාඤ්ඤ වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ මෙක්සිකෝව වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් ගෞතමාලාවද සහ නැගෙනහිර දිශාවෙන් කැරිබියානු මුහුද වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය 290 කිමී (180 සැත) පමණ දිගු වන අතර 110 කිමී (68 සැත) පමණ පළල වෙයි.

බෙලීස්

Flag of බෙලීස් හී ධජය
Flag
{{{coat_alt}}}
Coat of arms
Location of බෙලීස්

22,800 square කිලෝmetres (8,800 වර්ග සැතපුම්) භූමි ප්‍රමාණයක් සහ 334,297 ක් පමණක්වූ ජනගහණයක් සහිතවීම (2013 ඇස්ත.[1]),[2] නිසාවෙන්, මධ්‍යම ඇමරිකාවේ අඩුම ජනගහණ ඝණත්වය සහිත රට වන්නේ බෙලීස් වෙයි. [3]රටෙහි ජනගහණ වර්ධන අනුපාතය වන වසරකට 1.97% (2013)[1] යන අගය, ප්‍රදේශයේ දෙවන විශාලතම වන අතර බටහිර අර්ධගෝලයෙහි වැඩිම අගයයන් අතුරින් එකකි. භෞමික සහ සාමුද්‍රිය ජීවි විශේෂයන් බෙලීස්හී සුලභව පැවතීම නිසා සහ එහි පරිසර පද්ධතීන්ගේ විවිධත්වය නිසා, ගෝලීය වශයෙන් සුවිශේෂ මධ්‍යඇමරිකානු ජීවවිද්‍යාත්මක බරාඳයෙහි වැදගත් තැනක් එයට හිමිවෙයි. [4]



ආශ්‍රිතසංස්කරණය

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "සෙන්සස් 2010 ප්‍රොවිෂනල් පොපියුලේෂන් ඇන්ඩ් හවුසෝල්ඩ්ස්, බයි සෙක්ස් ැරන්ඩ් මේජර් ජියෝග්‍රැෆික් ඩිවිෂන්ස්" (PDF). බෙලීස් සංඛ්‍යාන ආයතනය.
  3. "වර්ල්ඩ් පොපියුලේෂන් ප්‍රොස්පෙක්ට්ස්: ද 2008 රිවිෂන් පොපියුලේෂන් ඩේටාබේස්". එක්සත් ජාතීන්. 11 මාර්තු 2009. Archived from the original on 19 අගෝස්තු 2010. Retrieved 29 අගෝස්තු 2010. Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. "Ecosystem Mapping.zip". Retrieved 3 ජූලි 2012.
"https://si.wikipedia.org/w/index.php?title=බෙලීස්&oldid=277825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි