පුරාණ මිසරයේ රාජකීය මමියන්

𓆣රාජකීය මමියන්.

21 වන රාජවංශයේ මුල් භාගයේදී (පලමු සුසෙන්නස් කාලයේදී) එනම් 20 වන රාජවංශය අවසාන් වන කාලයේදී නිධන්හොරු රජවරුන්ගේ මලමිණී මිනීපෙට්ටි තුලින් ඇද දමමින් වටිනා දේ සොයමින් මමී විනාශ කලහ.ඒ නිසා 21 රාජවංශයේ දී රජවරු රාජකීය මමියන් එකතු කර සොහොන් ගෙවල් තුල සැගවූහ.ඒ lll තුත්මෝස් රජුගේ මමී දේහය සහිත වූ 11 වන රාජවංශයට අයත් සොහොන් ගැබකින් සහ ll අමෙන්හොටෙප් රජුගේ මමී දේහය සහිත වූ වාඩි-එල්-මුලුක් හි සොහොන් ගැබකින්ය.

මේ මමී දේහ 1878 දී මිසර සහකාර පුරාවිද්‍යාඥ එමිල් බෲග්ෂ් හා 1890 දී ෆැන්සිස් ලොරෙට් විසින් සොයාගන්නා තුරු වසර 2000 පමණ සැගව පැවතිණ.ඩෙයිල්-එල්- බහාරි හි සොහොන් ගැබෙන් සෙඛනෙන්රේ,l අහමෝස්,l අමෙන්හොටෙප්,l තුත්මෝසිස්, ll තුත්මෝසිස්, lll තුත්මෝසිස් ,l සෙටි,ll රැම්සිස් ,lll රැම්සිස් යන රජවරුන්ගේ හා බිසෝවරුන්ගේ සහ නායක පූජකවරුන්ගේ මමී පැවතින.වාඩි-එල්-මුලුක් හි ll අමෙන්හොටෙප් රජුගේ සොහොන් ගැබෙන් ඒරජුගේ මමී දේහය සහ (ll අමෙන්හොටෙප්) lV තුත්මෝස්,lll අමෙන්හොටෙප්,මෙනෙප්ටා-සිප්ටා,ll සෙටි,lV රැම්සිස්,V රැම්සිස්,Vl රැම්සිස් සහ හදුනා නොගත් ගැහැණු කිහිපදෙනෙකුගේ හා ළමයෙකුගේ මමියන් සොයා ගන්නා ලදී. ඒවා සියල්ල දැන් කයිරෝ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත...ටුටන්කාමන් රජුගේ මමිය සොයාගන්නා විට එය මතට ආලේපනයක් වත්කර තිබුණි. මමී දේහය මිනීපෙට්ටියෙන් ගලවා ගත්තේ පැරපින් පහන් කිහිපයක රශ්මියේ ආධාරයෙනි.

එලියට් ස්මිත් සහ ඩෝසන් විසින් වෛද්‍ය තොරතුරු ලබා ගැනීමට මමීදේහ භාවිතා කෙරිණි.එලියට් ස්මිත් එම මමී දේහ තම රෝගින් ලෙස හැඳින්විය.

දිනක් ඔහු මමී දේහයක එක්ස්රේ පින්තූරයක් ගැනීමට කෞතුකාගාරයේ සිට චිකිත්සාගාරයට ටැක්සියකින් මමියක් ගෙනයනු දක්නට ලැබී ඇත.ඒ මමී දේහය අන්කිසිවෙකුගෙවත් නොව මිසර රැජින හැට්ෂෙප්සුට්ගේ බෑනා වන මිසරයේ ග්‍රේෂ්ඨතම පාරාවෝ වන lll තුත්මෝස් රජුගේය.

ඔවුන් විසින්ම පරික්ෂා කල ll රැම්සිස් රජුගේ මමියේ හිසේ අඩක් කෙස් ශූන්‍යව පැවතිනි.එහි දකුණු ඉකිලියේ තුවාල ලකුණු ද මුහුණේ හා වෙනත් තැන් වල ගෙඩිවල කැලැල් පැවතිනි.ඒවායෙන් අදහස් වන්නේ ll රැම්සිස් කාලෙකදී පෝලියෝ රෝගයෙන් පෙලුනු බවය.තවද සිප්ටාහ් රජගේ මමියේ විකෘති පාදයක් පැවතින.මේ සියලුම මමියන් අතරින් වඩාත්ම කැපී පෙනුනු මමිය වූයේ _සෙඛෙනෙත්රේ_ රජුගේ මමී දේහයයයි.එහි හිස මත පොරොවක ලකුණක් විය.හෙල්ලකින් වාදුණ පහරක තුවාල කැලලක්ද විය.ඔහුගේ කෙස්වල ලේ පැල්ලම් හා ඔහුගේ අස්ථි බිද දමා තිබුණි.ඒ හේතූන් නිසා මේ මමිය කවුරුන් හෝ දුටුවෝතින් පහසුවෙන් අමතක නොවේ.ඒතරම් බිහිසුණු පෙනුමක් ඒ මමියේ පැවතිණි.මැස්පෙරෝ සදහන් කර තිබුණේ සෙඛෙනෙත්රේ එම්බාම් කිරීමේ කටයතු පූජකයන් විසින් කලබලයෙන් සිදුකර ඇති බවය.

එලියට් ස්මිත් lV අමෙන්හොටෙප් ගේ මමිය  පරික්ෂාකර,මමියේ හිස හයිඩොසෙෆැලස් උවදුරට යොමු වී පැවතුන බව ඔහු පැවසීය. එහෙත් එවැනිම තත්වයක් ටුටන්කාමන් රජුගේ මමියේ ද පැවති බැවින් එය නිශ්ප්‍රභා වී ජානමය තත්වයක් ලෙස ප්‍රචලිත විය. අක්නාටන් නොහොත් lV අමෙන්හොටෙප් ගේ මමිය පසුව ස්මෙන්ඛරේගේ බව සැලකුවද හොවාර්ඩ් කාටර්,තවම ස්මෙන්ඛරේ රජුගේ සොහොන සොයා ගෙන නොතිබූ නිසා මෙම මමිය අක්අනාටන් ගේ බව විශ්වාස කරන ලදී.තවද l සෙටි රජුගේ මමිය දැනට සොයාගෙන ඇති හොදින් සුරක්ෂිත වූ එකම මමිය විය.එහෙත් එහි හිස ගැලවී උදරය පොඩි වී තිබුනේ සමහර විට මිහිදන් කිරීමට ප්‍රවාහනය කිරීමේදී  පූජකයන් විසින් සිදුවූ වැරදි නිසා විය හැක.

●ආශ්‍රිත මුලාශ්‍ර

මහාචාර්ය මර්ලින් පීරිස් ගේ පැරණි මිසරය(The Black land)