ඊජිප්තු කෞතුකාගාරය

ඊජිප්තුවේ කයිරෝහි පිහිටි පුරාවස්තු කෞතුකාගාරය

ඊජිප්තුවේ කයිරෝහි ඊජිප්තු පුරාවස්තු කෞතුකාගාරය, පොදුවේ ඊජිප්තු කෞතුකාගාරය හෙවත් කයිරෝ කෞතුකාගාරය පුරාතන ඊජිප්තු පුරාවස්තූන් රැසකින් සමන්විත ස්ථානයකි. මෙහි පුරාවස්තූන් 120,000 පමණ ප්‍රදර්ශනයට තබා ඇති අතර ඉතිරිය ගබඩාවන්හි තැන්පත් කොට ඇත. මෙය මෙම ප්‍රදේශයේ පිහිටි විශාලතම කෞතුකාගාර අතරින් එකකි. 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙය මහජනතාවට විවෘත විය.

ඊජිප්තු කෞතුකාගාරය
المتحف المصري
المتحف المصري
Map
පිහිටුවීම1902
පිහිටීමකයිරෝ, ඊජිප්තුව
වර්ගයඉතිහාස කෞතුකාගාරය
එකතුවේ ප්‍රමාණයඅංග 120,000
අධ්‍යක්ෂකඛාලෙඩ් එල්-අනානි
වෙබ් අඩවියegyptianmuseum.gov.eg/

ඉතිහාසය සංස්කරණය

 
1904 දී බැලූනයකින් ගොස් ලබාගත් ඡායාරූපයක්, මෙහි දකුණු පසින් ඊජිප්තු කෞතුකාගාරය දැක් වේ.

ඊජිප්තු පුරාවස්තු කෞතුකාගාරය පැරණි ඊජිප්තුවේ ඉතිහාසය පිළිබඳ බොහොමයක් වැදගත් පුරාවස්තු රැසක් සහිත ස්ථානයකි. මෙය‍ පාරාවෝවරුන් සම්බන්ධ පුරාවස්තු විශාල ප්‍රමාණයක් සහිත ලොව ඇති විශාලතම කෞතුකාගාරයයි. මෙය ඊජිප්තු රජය විසින් 1835 දී එස්බෙකෙයාහ් උද්‍යානයේ ඉදි කළ නමුත්, පසුව මෙය කයිරෝ බලකොටුව වෙත ගෙනයන ලදි. 1855දී, ඔස්ට්‍රියාවේ මැක්සිමිලියන් ආදිපාදවරයාට ඊජිප්තු රජය විසින් සියලු පුරාවස්තූන් පිරිනමන ලදි. මේවා දැන් වියානාවේ කුන්ස්ට්හිස්ටොරිචස් කෞතුකාගාරයේ පවතී.

1858දී, නව කෞතුකාගාරයක් බෝලැක්හි පැරණි ගබඩාවක පිහිටුවන ලදි. මෙය ඔගස්ටේ මැරියටගේ මෙහෙයවීම යටතේ නව පුරාවස්තු දෙපාර්තමේන්තුවට පදනම දැමීමෙන් පසු සිදු විය. මෙම ගොඩනැගිල්ල නයිල් ගංගා ඉවුරේ ඉදි වූ නමුත්, 1878දී නයිල් ගඟ පිටාර ගැළීමත් සමග මෙම ගොඩනැගිල්ලට බොහෝ හානි සිදු විය. 1891 දී මෙහි තිබූ කෞතුක එකතුව කයිරෝ දිස්ත්‍රික්කයේ ගීසා නගරයේ පැරණි රාජ මාළිගය වෙත රැගෙන යන ලදි.[1] එය 1902 වන තෙක් පැවති අතර, අවසානයේ එය අද පවත්නා ටහ්රිර් චතුරස්‍රයේ කෞතුකාගාරය වෙත ගෙනගොස් ඇත.[2]

2011 ඊජිප්තු විප්ලවයේ දී මෙම කෞතුකාගාරයට හානි සිදු වූ අතර ,මෙහි තිබූ මමී දෙකක් විනාශ කෙරුණු බව වාර්තා වේ.[3][4] එසේම පුරාවස්තු කිහිපයකටම හානි ද සිදු විය.[5] අංග 50ක් පමණ අතුරුදන් ය.[6] ඒ අතරින් වස්තූන් 25ක් නැවත හමු විය. ඒවා නැවත ප්‍රතිසංස්කරණය කොට 2013 සැප්තැම්බර් මස හානි වූ සහ ප්‍රතිසංස්කරණය කළ යන තේමාවෙන් යුතුව ප්‍රදර්ශනයට තබන ලදී. ඒ අතර දේවදාර දැවයෙන් නිමවා රනින් ආවරණය කළ තුතන්ඛාමුන්ගේ ප්‍රතිමා දෙකක්, අක්නාටෙන් රජුගේ ප්‍රතිමාවක්, නූබියානු රජවරුනට අයත් උෂාබ්ටි ප්‍රතිමා, ළමා මමියක් සහ කුඩා බහු වර්ණ වීදුරු බඳුනක් ද වේ.[7]

අභ්‍යන්තර නිර්මාණය සංස්කරණය

මෙම කෞතුකාගාරය ප්‍රධාන මහල් දෙකකින් යුක්ත වේ. එය බිම්මහළ සහ පළමු මහළ ලෙස වේ. මෙහි බිම් මහළේ පැරණි ලෝකයේ භාවිතා වූ කාසි සහ පැපිරස් ලිපි විශාල එකතුවකින් සමන්විත වේ. පසුගිය සහස්‍ර ද්විත්වය තුළ වියෝජනය හේතුවෙන් මෙහි පැපිරස් පත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා කැබලි වශයෙන් පවතී. මෙම පැපිරස් පත්‍රවල විවිධ භාෂා සඳහන් වේ. ඒ අතර ග්‍රීක, ලතින් , අරාබි සහ පුරාතන ඊජිප්තු භාෂාවන් වේ. මෙම මහළේ තැන්පත් කර ඇති කාසි විවිධ වර්ගවල ලෝහවලින් තනා ඇත. ඒවා රත්රන්, රිදී හා ලෝකඩ මගින් නිමවා ඇත. නමුත් මෙම කාසි ඊජිප්තු කාසි පමණක්ම නොවේ. මේ අතර ග්‍රීක ,රෝම, සහ ඉස්ලාමීය කාසි ද වේ. මේවා පැරණි ඊජිප්තුවේ වෙළඳාමේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයට ඉතිහාසඥයනට බෙහෙවින් උපකාරී වේ.

තවද බිම් මහ‍ළ ඊජිප්තුවේ ක්‍රි.පූ 1550 සහ 1069 අතර කාලයේ නව රාජධානි සමයේ පුරාවස්තු සඳහා වෙන්කර ඇත. මෙම පුරාවස්තූන් ඊට පෙර සියවස්වල නිර්මාණවලට වඩා විශාල ය. මෙම පුරාවස්තූන් අතර ප්‍රතිමා, මේස සහ මිනී පෙට්ටි (ගල් මිනීපෙට්ටි) ඇතුළත් වේ.

කෞතුකාගාරයේ පළමු මහලේ ඊජිප්තුවේ අවසාන රාජවංශ ද්විත්වයට අයත් පුරාවස්තූන් තැන්පත් කර ඇත. මේ අතරට IIIවන තුත්මොසිස්, IVවන තුත්මොසිස්, IIවන අමෙනෝෆිස්, හට්ෂෙප්සුට් යන පාරාවෝවරුන්ගේ, සහ අමාත්‍ය මේහෙර්ප්‍රි යන පුද්ගලයන්ගේ සොහොන්ගැබ් ඇතුළු රජුන්ගේ නිම්නයේ සොහොන්ගැබ්ලින් හමු වූ පුරාවස්තු ඇතුළත් වේ. එසේම තුතන්ඛාමුන් සහ Iවන ප්සුසෙන්නස් වැන්නන්ගේ නොඉඳුල් සොහොන්ගැබ්වල නිර්මාණ ද වේ. තවද මෙහි සුවිශේෂී වූ කාමර දෙකක නව රාජධානියේ රජවරුන්ගේ සහ රාජකීය පවුලේ සාමාජිකයන්ගේ හමුවූ මමී විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට තබා ඇත.

ගැලරිය සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Sca-egypt.org
  2. ද ගාඩියන්
  3. "ලූටර්ස් ඩිස්ට්‍රෝයි මමීස් ඩියුරිං ඊජිප්ට් ප්‍රොටෙස්ට්ස්". ABC නිව්ස්. 2011-01-29. සම්ප්‍රවේශය 2011-01-29.
  4. "වැන්ඩල්ස් රැවේජ් ඊජිප්ටියන් මියුසියම්, බ්‍රේක් මමීස්". අල්-මස්රි අල්-යෝම්. 2011 පෙබරවාරි 1 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011 ජනවාරි 30. {{cite web}}: Check date values in: |accessdate= and |archivedate= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. "ස්ටැචූස් ඔෆ් ටුටන්ඛාමුන් ඩැමේජ්ඩ්/ස්ටෝලන් ෆ්‍රොම් ද ඊජිප්ටියන් මියුසියම්". ද අලෝක්වන්ට් පීසන්ට්. සම්ප්‍රවේශය 2011 ජනවාරි 30. {{cite web}}: Check date values in: |accessdate= (help)
  6. "මමීස් සෙට් ඔන් ෆයර් ඈස් ලූටර්ස් රේඩ් ඊජිප්ටියන් මියුසියම් - වීඩියෝ - චැනල් 4 නිව්ස්". Channel4.com. 2013-08-28. සම්ප්‍රවේශය 2014-01-08.
  7. "ඣජිප්ටියන් මියුසියම් එක්ස්හිබිට් පුට්ස් ස්පොට්ලයිට් ඔන් රීස්ටෝර්ඩ් ආර්ටෙෆැක්ට්ස්". ඩේලි නිව්ස් ඊජිප්ට්. සම්ප්‍රවේශය 2014-01-08.

වැඩියුර කියවීමට සංස්කරණය

  • බ්‍රයර්, බොබ් (1999). The Murder of Tutankhamen: A True Story. ISBN 0-425-16689-9.
  • මොන්ටෙට්, පියරේ (1968). Lives of the Pharaohs. වර්ල්ඩ් පබ්ලිෂිං කම්පනි.
  • වෆා එල්-සාද්දික්. The Egyptian Museum. මියුසියම් ඉන්ටර්නැෂනල්. (වෙළුම. 57, අංක.1-2, 2005).
  • Egyptian Treasures from the Egyptian Museum in Cairo, ෆ්‍රැන්සෙස්කෝ ටිරැඩ්‍රිටි, සංස්කාරක, ඇරල්ඩෝ ඩෙ ලුකා, ඡායාරූපශිල්පී. 1999, නිව් යෝක්: ඒබ්‍රම්ස් ISBN 0-8109-3276-8. එසේම විවිධ ‍තේමාවන්ගෙන් යුතුව, ඉතාලියේ සහ එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත්කොට ඇත. විචාර එක්සත් ජනපද සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඊජිප්තු_කෞතුකාගාරය&oldid=578403" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි