පුරාවිද්‍යාව

(පුරා විද්‍යාඥයා වෙතින් යළි-යොමු කරන ලදි)
Excavations at Atapuerca, an archaeological site in Spain.

මූල හා අර්ථ දැක්වීම්

සංස්කරණය

යුරෝපයේ හා පැරණි ලෝකයේ කොටස් වලදී මෙම විෂය පථයේ මූල තිබුණේ පුරා වේදයේ හා ලතින් හා පුරාතන ග්‍රීක ඉගැනීම් වලය. එම නිසා එයට ඉතිහාස ක්ෂේත්‍රය සමග ස්වාභාවික සබඳ කමක් තිබුණි.

පැරණි චීනයේ පුරාවිද්‍යාව ඇති වුයේ පුරාවේද පරිශීලනය නිසා මෙන්ම විශේෂයෙන්ම රාජ්‍ය චාරිත්‍රවල වු පුරාතන ධාතු භාවිතා කිරීම වැඩි දියුණු කිරීමට වු නිළධාරි වරුන්ගේ කැමැත්ත නිසාය. ඔහුගේ චීන සඟයන්ගේ මෙම සේවීම ෂේන් කුවෝ (1031 – 1095) විසින් විවේචනයට භාජනය කරන ලදී. ඔහු ප්‍රකාශ කළේ පුරා විද්‍යාව ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම, පුරාතන කාල වල නිෂ්පාදන ක්‍රම සේවී‍ම සමග පරිශීලනය කළ යුතු අතර අන්තර් ක්ෂේත්‍ර ප්‍රවේශයක් සමග අධ්‍යයනය කළ යුතු බව ෂේන් මෙන්ම මෙම විශය පථය සංකිර්ණව ගත් තවත් අයෙකු වුයේ නිළධාරි, ඉතිහාසඥ, පද්‍ය රචක හා ගද්‍ය රචක ඔව්යෑන්ග් ෂිවුය. (1007 – 1072) ඔහු විසින් පාෂාණ හා ලෝකඩ මත වු පුරාතන ඇතිල්ලීම් වල විශ්ලේෂණික නාමාවලියක් සකස් කරන ලද අතර එමගින් මුල් අභිරේඛන හා පුරා විද්‍යාව පිළිබද අදහස් දිරි ගන්වන ලදී.

උතුරු ඇමරිකාවේදී පුරාවිද්‍යාව යනු මානව විද්‍යාවේ උපක්ෂේත්‍ර හෝ අංශ ¼ කි. අනෙකුත් අංශ 3 වන්නේ සංස්කෘතිකමය මානව විද්‍යාව, ජීවි සංස්කෘතිහා සමාජ පිළිබද අධ්‍යයනයන්; වාග් විද්‍යාව , භාෂා හා භාෂා කා‍ණ්ඩ වල මූල ඇතුළත්ව භාෂා පිළිබද අධ්‍යයනය; හා භෞතික මානව විද්‍යාව, මනුෂ්‍ය පරිනාමනය හා භෞතික හා ජානමය ගති ලක්ෂණ පිළිබද අධ්‍යයනයන් ඇතුළත් වෙයි.

හැඳින්වීම

සංස්කරණය
 
ඉරෝමානු රංග ශාලාව ඇලෙක්සැන්ඩ්රිපයා, ඊජිප්තුව

පුරාවිද්‍යාව යනු මානව සංස්කෘතියන් නොයෙකුත් ශිල්ප ක්‍රමයන් උපයෝගී කරගෙන අධ්‍යයනය කරනු ලබන විෂයකි. මෙම විෂයෙහි අන්තර්ගත අරමුණු විවිධාකාරය. ඒවා අතර මානව වර්ගයාගේ ආරම්භය හා විකාශනය ලේඛනගත කිරීම, විවිධ සංස්කෘතියන් හදුනාගැනීම, පරිණාමනය අධ්‍යයනය කිරීම මුල් තැනක් ගනී.

මේ සඳහා පුරාවිද්‍යාඥයින් තොරතුරු එක්රැස්කරගන්නා ක්‍රම කීපයකි. පුරාවිද්‍යාත්මක කැණීම්, වර්ගීකරණයන්, විශ්ලේෂණය කිරීම් හා සංරක්ෂණය කිරීම් ඒ අතරින් සමහරක් වේ. පොදුවේ මෙම විෂය මානව විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වැනි විෂයන් ගණනාවක සංකලනයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.


පුරා විද්‍යාවේ ඉතිහාසය

සංස්කරණය
 

ඉතිහාසය පිළිබඳ ගවේෂණයේ දියුණුව සහ එම තාක්ෂණයේ වලංගුතාවය රඳා පවතින්නේ පරික්ෂා කරන ලද භුමියේ ප්‍රමාණය මතය.ගවේෂණ මගින් සොයාගත් පුරණ ස්මාරකවලට සහ වසර දහස් ගණන් පැරණි වස්තුවල එකතුවට විශාල වටිනාකමක් හෝ ඉහළ කලාත්මක අගයක් හිමියි.


මෙසේ සොයාගැනීමට භාජනය වන නටඹුන් පිළිබඳව විධිමත් ලෙස අධ්‍යයනය ආරම්භය වූයේ 19 වැනි ශතවර්ෂයෙදි පමණය. රෝමයේ ඉතා ඉපැරණි මෙන්ම විශිෂ්ට වු නිර්මාණයන් පුරාවිද්‍යාව පිළිබඳ ලිපි හුවමාරු ආයතනයේ Eduard Gerhard සහ ඔහුගේ කණ්ඩායම මගින් 1829 දි සොයාගන්න ලදි.

පුරාවිද්‍යාවේ ක්‍රමවේද කලාකාමී සහ වෘත්තිමය යන දෙආකරයෙන්ම දියුණු වෙමින් පවතියි. මෙම ක්‍රියාවලිය Mortimer Wheeler වැනි පුද්ගලයන් ඉහළ සංයමයකින් යුතුව කරන ලද විශිෂ්ට ගවේෂන නිසා 20 වැනි ශතවර්ෂයේ සිට නොනවත්වා දියුණු වෙමින් පැවතියේය.

පුරාවිද්‍යා දියුණුව කෙරෙහි නාගරික පුරාවිද්‍යාවේ සහ ගලවාගැනිමේ පුරාවිද්‍යාවේ දියුණුව ඉතා වැදගත් තොරතුරු ප්‍රමාණයක් ලබා දෙයි. ප්‍රාග් තාරක විද්‍යාව යනු පුරාවිද්‍යාව නොවන අතර එය වැඩිදුර අධ්‍යයනයේදී අතීත ගැමි සංස්කෘතියට සම්බන්ධව පවතින බවට සාධක ඇත.


අරමුණු

සංස්කරණය

පුරා විද්‍යාවේ අරමුණු විවිධ වන අතර එහි අරමුණු හා වගකීම් මොනවාද යන්න පිළිබඳ යම් විවාදයක් ද පවතී. සමහරක් අරමුණුවලට පූර්ව ඓතිහාසික හා ඓතිහාසික සමාජ සඳහා, මානුෂික සංස්කෘතීන්වල මූලාරම්භය හා දියුණු වීම ලේඛණගත කිරීම හා විස්තර කිරීම, සංස්කෘතික ඉතිහාසය තේරුම් ගැනීම, සංස්කෘතික පරිණාමනය වාර්තා කිරීම හා මානුෂික හැසිරීම හා පරිසර විද්‍යාව අධ්‍යයනය කිරීම ඇතුළත් වේ. පුරා විද්‍යාඥයින්, අදාල අංශය තුළදී යොදා ගන්නා ඉගෙනුම් ක්‍රම සමඟ හා පුරා විද්‍යාඥයින් අතීතයේ අසනු ලබන පර්යේෂන වල සැඟවී ඇති සෛද්ධාන්තික හා දාර්ශනික දත්ත මත සලකා බලනු ලැබේ. නව වැඩ බිම් සෙවීම සඳහා ප්‍රදේශ සමීක්ෂණය කිරීම, සංස්කෘතික අවශේ‍ෂ සොයා ගැනීම සඳහා වැඩ බිම් කැනීම, වර්ගීකරණය , විශ්ලේෂණය හා සංරක්ෂණය පුරා විද්‍යාත්මක ක්‍රියාවලියේ සියළු වැදගත් කොටස් වේ. මේ සියල්ල වැදගත් තොරතුරු ප්‍රභව වේ. අදාල විෂය පථයේ අතිශයින් පුළුල් පරාසය පෙන්වා දෙන පුරා විද්‍යාවේ හරස් විෂය පථ පරීක්ෂණ බොහෝමයක් පවතී. එය මානව විද්‍යාව, ඉතිහාසය, කලා ඉතිහාසය, සම්භාව්‍ය, මානව විද්‍යාව, භූගෝල විද්‍යාව, භූ විද්‍යාව,භෞතික විද්‍යාව, තොරතුරු විද්‍යාව, රසායන විද්‍යාව, සංඛ්‍යානය, පුරා පරිසර විද්‍යාව, පුරා සත්ව විද්‍යාව, පුරා මානව උද්භිද විද්‍යාව හා පුරා උද්භිද විද්‍යාව සමඟ සම්බන්ධ වේ.

සිද්ධාන්ත

සංස්කරණය

පුරා විද්‍යාවේ එක් තනි සිද්ධාන්තයක් නොමැත. එමෙන්ම අර්ථ දැක්වීම් ද මත භේදයට තුඩු දෙන 20වන සියවසේ මැද භාගය තෙක් පුරා විද්‍යාව ඉතිහාසයට හා මානව විද්‍යාවට සමීපව සම්බන්ධ බවට පොදු සම්මුතියක් පැවතුණි.

එක්සත් ජනපදයේ පුරා විද්‍යාත්මක සිද්ධාන්තයේ ඉතිහාසය ප්‍රථම ප්‍රධාන කලාපය 19 වන සියවසේ පසුභාගයේ දී හා 20 වන සියවසේ මුල් භාගයේ දී දියුණු විය. එය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ සංස්කෘතිකමය හෝ සංස්කෘතික ඉතිහාසය ලෙසය. එය එහි ඓතිහාසික සුවිශේෂීතාවය පිළිබඳ වූ මතුකර දැක්වීම සඳහා වඩාත් සුප්‍රසිද්ධ වේ.

1920 දශකයේ දී ඇමරිකානු නිරිත දිග සංස්කෘතිකමය ඓතිහාසික පුරා විද්‍යාව ඍජු පුරා විද්‍යාත්මක ප්‍රවේශය සමඟ තදින් බැඳී තිබුණි. මෙම ප්‍රවේශය, ඇමරිකානු නිරිත දිග ප්‍රදේශයේ ඇමරිකානු වයඹ දිග වෙරළේ, මෙසෝ ඇමරිකාවේ ඇන්ඩීෂ්, ඕෂිනියා, සයිබීරියාව හා ජීවී ආවේනික ජනගහන හා පැරණි කණ්ඩායමේ පුරා විද්‍යාත්මක අවශේෂ අතර අඛණ්ඩතාවය දක්නට ඇති ලෝකයේ අනිකුත් ප්‍රදේශවල අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඍජු ඓතිහාසික ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමේ දී නූතන මිනිසුන් හා පුරා විද්‍යාත්මක අතීතය අතර සම්බන්ධතාවය එක්තැන් කිරීම සඳහා මානව පුරා විද්‍යාත්මක හා මුල් ඓතිහාසික වාර්තා වැදගත් භූමිකාවක් රඟ දක්වනු ලැබේ. සාහිත්‍යමය ප්‍රබව අනිකුත් සන්දර්භවල දී ද භාවිතා කළ හැක. උදාහරණ ලෙස හැඩ්‍රියන්ගේ ලිඳ දැක්විය හැක.

1960 දශකයේ දී මූලිකව ඇමරිකානු පුරා විද්‍යාඥයන් කිහිප දෙනෙක් (ලෙවිස් බින්ෆ්‍රෝඩ් හා කෙවින් ෆ්ලැනරි වැනි) සංස්කෘතිකමය ඉතිහාසයේ නාම මාලාවට එරෙහිව කැරලි ගැසේ. ඔවුන් විසින් නව පුරා විද්‍යාව යෝජනා කළ අතර එය වඩා විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක වන අතරම කල්පිත පරීක්ෂා කිරීම හා විද්‍යාත්මක ක්‍රම සමඟ වඩාත් වැදගත් විය. පසුව එය සැකසුම් පුරා විද්‍යාව ලෙස හැඳින්වේ.

1980 දශ‍කයේ දී බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥයන් වූ මිචෙල් ෂෑන්ක්ස්, ක්‍රිස්ටෝපර් ටිලී, ඩැනියෙල් මී හා ඉයන් හොඩර් විසින් මෙහෙය වූ නව පසු නූතනවාදී ව්‍යාපාරයක් මතු විය. එමඟින් සැකසීම් විද්‍යාවේ විද්‍යාත්මක ධනාත්මකතාවයට හා අසාධාරණාත්වයට ඇති ආකර්ශනය ගැටළුවට බඳුන් කළ අතර වඩා ස්වශාස්ත්‍රීය සෛද්ධාන්තික පරාවර්තතාවක වැදගත්කම මතුකර දැක්වීය. මෙම ප්‍රවේශය පසු සැකසුම් පුරා විද්‍යාව ලෙස හඳුන්වනු ලැබීය. කෙසේ නමුත් මෙම ප්‍රවේශය සැකසුම්කරුවන් විසින් විද්‍යාත්මක උමතුව අඩු යැයි පවසමින් විවේචනයට ලක් කරන ලදී. සැකසුම්වාදය හා පසු සැකසුම්වාදයේ වලංගු බව පිළිබඳ තවදුරටත් විවාදයට බඳුන් වී තිබේ.

‍ඓතිහාසික සැකසුම්වාදය මතු වෙමින් පවතින නාම මාලාවක් වන අතර එමඟින් ක්‍රියාවලි හා පසු සැකසුම් පුරා විද්‍යාවේ පරාවර්තීතාව හා ඉතිහාසය පිළිබඳ මතු කර දැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.

පුරා විද්‍යාත්මක සිද්ධාන්ත වර්තමානයේ දී බලපෑම් ගණනාවකින් කරලියට පැමිණේ. එයට නව ඩාවීනියානු පරිණාමනීය සිතුවිල්ල, සංසිද්ධිමය විද්‍යාව, පසු නූතන වාදය, ඒජන්සි සිද්ධාන්තය ඥානාත්මක විද්‍යාව, කාර්යබද්ධ වාදය, ලිංගිකත්වය මත පදනම් වූ හා එබඳු මත දරන පුරා විද්‍යාව හා පද්ධති සිද්ධාන්තය ඇතුළත් වේ.

Academic sub-disciplines

සංස්කරණය


සංස්කෘතික සම්පත් කලමනාකරණය

සංස්කරණය

ක්‍රේෂ්ත්‍ර පිලිවෙත්

සංස්කරණය

මිනුම(Survey)

සංස්කරණය

පුරාවිද්‍යා කැණීම

සංස්කරණය
 
පුරාවිද්‍යාත්මක කැණීම් the site of Gran Dolina, in the Atapuerca Mountains, Spain, 2008

භූමිය නොපුරුදු අයගේ බලප්‍රදේශයක්ව පවතිද්දී පවා පුරාවිද්‍යාත්මක කැණීම් පැවතිණි. බොහෝ ව්‍යාපෘති වලින් අනාවරණය කරගත් බහුතරයක් තොරතුරුවල ප්‍රභව ඉතිරිව ඇත. භූ ස්ථරය පිළිබඳව අධ්‍යයනය සහ ත්‍රිමාණ නිර්මාණ ආදී සමීක්ෂණ වලට සාමාන්‍යයෙන් පිවිසිය නොහැකිය. එබැවින් නොයෙක් වර්ගයේ තොරතුරු අනාවරණය කරගැනීමට ඊට පුළුවන. නවීන කැණීම් ශිල්ප ක්‍රම වලට ලැබෙන සම්භවය වාර්තා කරගැනීමට සියුම් ලෙස ලක්ෂණ සහ වස්තු පිහිටි ස්ථාන අවශ්‍යය වේ. මෙමඟින් තිරස් පිහිටීම මෙන්ම සිරස් පිහිටීමද තීරණය කිරීමට හැකියාව ලැබේ.අවට තිබෙන වස්තූන් සහ ලක්ෂණ සමඟ ඒවායේ පවතින සම්බන්ධතාද පසුව කරන විග්‍රහ සඳහා වාර්තා කර ගනු ලැබේ. මෙමඟින් පුරාවිද්‍යාඥයාට කුමන මානව කෘති හා ඒවා පැවතියේද යන්න ආදිය පිළිබඳව නිගමනය කිරීමට ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස භූමිය කැණීමේදී එහි භූ ස්ථරය පිළිබඳව අධ්‍යයනයට ඉඩ ලැබේ. භූමිය විවිධ සංස්කෘතීන්ට අයත් මානව කොටස්වලට වාස භූමිව වීනම් බොහෝ පැරණි කාලයේ සිට පැවත එන මානව සංස්කෘතින්ගේ මානව කෘති මත මෑත කාලයේ සංස්කෘතීන්ගෙන් පැවත එන මානව කෘති ද පවතියි. පුරාවිද්‍යා පර්යේෂණ වලදී වඩාත්ම වියදම් සහිත අවස්ථාව කැණීම් අවස්ථාවයි. ප්‍රතිඵලයක් ලෙස සමහර භූමි කැණීම් කරන ප්‍රතිශතය රඳාපවතින්නේ එම රට අනුවයි. බොහෝ විට එය 90% කි. කැණීම් වලදී සමීක්ෂණයට වඩා සාම්පල් ලබාගැනීම වඩා වැදගත් වේ. මෙම කැණීම් ක්‍රියාවලිය වඩා පරිස්සමෙන් කළ යුතු උවත් විශේෂයෙන් මතුපිට පස ඉවත් කිරීමේදී විශාල යාන්ත්‍රික උපකරණ (බැකෝ යන්ත්‍ර ) භාවිතා කරයි. සියලුම ලක්ෂණ පැහැදිලිව පෙනේද යන්න නිශ්චය කර ගැනීම උදෙසා මෙම ප්‍රදේශය උදලු සහ මේසන් හැඳි භාවිතයෙන් පිරිසිදු කරයි. ඊලඟ කාර්යය භූමි සැලැස්මක් නිර්මාණය කිරීමයි. එය කැණීම් කටයුතු වලදී තීරණ ගැනීම සඳහා භාවිතා කෙරේ. වාර්තා ගැනීම සඳහා විවිධ කොටස් වෙන වෙනම ස්වභාවික යටිපස තෙක් කැණීම් වලට භාජනය කරයි. උදාහරණයක් ලෙස අගලක් කොටස් 2 කින් යුක්ත වේ. එය පිරවුම හා විවරය ලෙස වේ. විවරය යනු ස්වභාවික පස හමුවන ලක්ෂණ සහිත මායිම වේ. පිරවුම යනු ස්වභාවික පසට වඩා සම්පූර්ණයෙන් වෙනස් ලක්ෂණ සහිත කොටසයි. පරිමාණයට අඳින ලද සැලැස්ම හා භූමියේ එක් එක් ලක්ෂණ වල ඒකක අඳිනු ලැබේ. ඒවායේ ඡායාරූප ලබාගෙන (කලු, සුදු හා වර්ණ )අන්තර්ගතය වාර්තා කරනු ලැබේ. දැනට විනාශ වී ගිය පුරා වස්තූන්ගේ වාර්තා , ඒවායේ තොරතුරු සපයා දෙන අතර ඒවා භූමිය පිළිබඳව විස්තර කිරීමට හා තේරුම් ගැනීමටද යොදාගනී.


කැපුම යනු

සංස්කරණය

පුරා විද්‍යාවේදි හා පුරා විද්‍යාත්මක භූ ස්ථර අධ්‍යයනයේදි කැපුමක් යනු අගලක් හෝ වළක් වැනි යම් අංගයක් නිර්මාණය කිරීම සදහා අනෙකුත් පුරා විද්‍යාත්මක අවශේෂ ඉවත් කර ඇති, කාලයේ යම් කිසි මොහොතක් නිරූපණය කරන සන්දර්භයකි. ලයිමානු වදන් වලින් කැපුමක් යන්න අතීතයේදී හාරන ලද සිදුරක් ලෙස සිතිය හැකි නමුත් කැපුමක් යන්න සිරස් ලෝප කරණ වැනි පුරා විද්‍යාත්මක වාර්තා වල අනෙක් කොටස් වලට ද යෙදෙයි. කැපුම් සන්දර්භයක් යන්න සමහරක් විට ධන සන්දර්භයකට ප්‍රතිවිරුද්ධව සෘණ සන්දර්භ ලෙස ද පරිශීලනය වෙයි. එම වදන මගින් කියා සිටින්නේ එය නිර්මාණය වු කාලයේදී කැපුම මගින් පුරා විද්‍යාත්මක වාර්තාවෙන් ද්‍රව්‍ය ඉවත් කර ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධව ධන සන්දර්භයන්ගෙන් කියවෙන්නේ පුරා විද්‍යාත්මක වාර්තාවට ද්‍රව්‍ය එකතු කිරීමකි. කැපුමකට ශූන්‍ය ඝනකමක් හිමි අතර ද්‍රව්‍යමය ගුණ නොමැති වෙයි. එය අර්ථ දක්වනු ලබන්නේ අනෙකුත් සිමා මගිනි. වාර්තා තුළ කැපුම් දකිනු ලබන්නේ එමගින් කැපුණු ද්‍රව්‍ය හා එය නැවත පුරවන ලද ද්‍රව්‍ය අතර ගුණ වල පවත්නා වෙනස මගිනි. මෙම වෙනස වැඩ බිමේ සිටින පුරා විද්‍යාඥයින් විසින් සීමාවක් ලෙස දකිනු ලබයි. මෙය ඉහත රූපයේ දැක්වෙන අතර එහිදි අර්ධ කොටස් කරණය කර ඇති සැක්සන් වලකින් එහි පසු පිරවුමෙන් බාගයක් ඉවත් කර ඇති අතර එම නිසා අපිට වල හාරන ලද භූමිය හා වල පිරවීම සිදු කරන භූමිය අතර වෙනස සමහරක් විට මෙම වෙනස්කම් පැහැදිලි නොවන අතර එවැනි අවස්ථා වලදී කැපුම් සොයා ගැනීම සදහා පුරා විද්‍යාඥයින්ට තම අත්දැකීම් හා පිරික්සුම් බලය මත රදා පැවතීමට සිදු වනු ඇත.

අංගය යනු

සංස්කරණය

පුරා විද්‍යාවේදි අංග හා විශේෂයෙන් කැණීම් යන්නට වෙනස් නමුත් සමාන තේරුම් කිහිපයක් ඇත. අංගයක් යනු චලනය නොකළ හැකි මනුෂ්‍ය ක්‍රියාකාරකමක් නිරූපණය කරන සන්දර්භ එකක හෝ කිහිපයක එකතුවක් වන අතර වැඩ බිමෙහි භූ ස්ථර පිළිබද විද්‍යාවට සාපේකෂව සිරස් ගති ලක්ෂණ ඇත. අංග වලට උදාහරණ ලෙස වලවල්, තාප්ප හා අඟල් දැක්විය හැකිය. භූවිස්තර විද්‍යාත්මක අනුක්‍රමණයක පවතින ස්ථර, ගැටි හෝ මතුපිට වැනි සාමාන්‍ය තිරස් අවයව අංග ලෙස හදුන්වනු ලැබේ. මතුපිට වලට උදාහරණ ලෙස අංගන, පාරවල් හා මහල් දැක්විය හැකිය.

අංග වල ආගන්තුක ගති ලක්ෂණ හෝ ඒහා සම්බන්ධ වු කැපුම් තිබිමේ හැකියාවක් ඇත. ගොඩනැගිල්ලක මතුපිටද අංගයක් ලෙස හැදින්විය හැකි නිසාත් හා නිපදුම් කැපුම්වලින් තොර නිදහස් නැගිසිටුම් ව්‍යුහ අංග විය හැකි නිසාත්, මෙය නිසි අර්ථ දැක්වීම් ආකාරයක් නොවේ. කුණු ගොඩවල් (කුණු කසල තැන්පත් ඔවුන්ගේ අංග ලෙස හදුන්වනු ලැබේ) මෙය අපද්‍රව්‍ය මට්ටම් කරණයට සන්සන්දනාත්මකව සලකා බලනු ලබන අතර එය අදාල වැඩ බිමෙහි සැලකිය යුතු කොටසක් පුරා ව්‍යාප්ත වී ඇත. අංගයක් යන සංකල්පය යම්තාක් දුරකට විකෘතියක් වන අතර එයට හේතුව එය තැනීමේ තරා තිරම මත පදනම්ව වෙනස්වීමට හැකියාවක් ඇති වීමයි.

ආශ්‍රිත

සංස්කරණය


මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය
  •   විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: Archaeology
 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=පුරාවිද්‍යාව&oldid=693600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි