මමිය

සම සහ අවයව සංරක්ෂිත වී පවතින මිනිස් හෝ සත්ව සිරුර
(මමී වෙතින් යළි-යොමු කරන ලදි)

මමියක් යනු, හිතාමතා හෝ අහම්බෙන් හෝ රසායනයන්, අධික ශීතල, ඉතා අඩු ආර්ද්‍රතාවය හෝ, වාතය නොමැති වීම වෙතට නිරාවරණය වීමෙන්, එහි සම සහ ඉන්ද්‍රියයන් සංරක්ෂණය වීම නිhhgggjසා, සිසිල් සහ වියලි තත්ත්වයන් යටතේ තැබුවහොත් තවදුරටත් ක්ෂය නොවන, මරණයට පත්වූ මනුෂ්‍යයෙකු හෝ සත්ත්වයෙකු වෙයි. මිනිසුන්ගේ හා අනෙකුත් සතුන්ගේ මමීන්,අසමාන්‍ය තත්ත්ව හරහා ස්වාභාවික සංරක්ෂණයේ හෝ මරණ සුරක්ෂා කිරීම සදහා වු සංස්කෘතිකමය මානව කෘති වල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇත.

වතිකානු කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඊජිප්තු මමීයක්.

හිතාමතාම ඖෂධ කවන ලද මමීයන් සංස්කරණය

විශේෂිත සංරක්ෂණ අරමුණක් සදහා හිතාමතාම ඖෂධ ගන්වන ලද මමීයන් වඩාත් ප්‍රචලිත වෙයි. විශේෂයෙන්ම අතීත ඊජිප්තුවේ පැවති මමීයන් ඒ අතරවෙයි. එහිදි මිනිසුන් පමණක් නොව කිඹුලන් හා බලලුන්ද මමී ගන්වන ලදී. අතීත ග්‍රීක පුරාවිද්‍යාඥයන් වාර්තා කරන අන්දමට පර්සියානුවන් ඔවුන්ගේ රජවරුන් හා වංශාදි පතීන් ඉටි මගින් ඇතැම් විට මමී ගන්වන ලදී. එසේ නමුත් මෙම භාවිතය ඊජිප්තුවේදී සිදු නොවීය. 2004 වර්ෂයේදී පකිස්ථානයෙන් සොයාගත් පර්සියානු කුමරියගේ දේහය මිදි තිබුණි. චීනයේදී ඖෂධ ගන්වන ලද සයිප්‍රස් මිනී පෙට්ටි සොයා ගෙන ඇත. ඊජිප්තු මමීයන් වඩාත් ප්‍රචලිත වුව ද උතුරු චිලි දේශයේ හා දකුණු පේරු දේශයේ චින්ක්‍රෝ මමීන් ආදිතම මමීයන් වෙයි. මධ්‍යම සහරාවේ දී හමුවු උවාන් මොහුදියැක් යනු 1958 දී මහාචාර්යය ෆැබ්රිසියෝ මෝරි විසින් සොයා ගන්නා ලද කුඩා පිරිමි දරුවකුගේ මමීයක නමකි. ඕනෑම සංසදනාත්මක ඊජිප්තු මමීයකට වඩා පැරණි මෙම මමීය ඉතා දියුණු මමීකෘත තාක්ෂණයන් යොදා ගෙන ඇති අතර වසර 5500 ක් පමණ පැරණි වෙයි. සිසිලි දූපතේ පැලේමොහි පුජකවරුන් 1599 දී ඔවුන්ගේ මළ දේහයන් මමී ගන්වන ලද අතර තමන්ගේ තත්ත්වයේ සංකේතයක් ලෙස ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයන් ද ඔවුනගේ මළ දේහ සංරක්ෂණයට අදහස් කරන ලදී. ඔවුන් අතරින් අවසන් වරට මමී ගන්වන ලද සමාජිකයා 1920 දී මිය ගිය අයෙකි. පැනෝමොහි Capuchin catacombs දේහ දහසකට වඩා අන්තර්ගත කරගත්තකි. ඒවා අතරින් බහුතරයක් ඇදුම් සහිත සිට ගෙන සිටින ආකා‍රයේ ඒවා වෙයි. කෙසේ නමුත් සංරක්ෂණයේ බොහෝ අවස්ථාවන් අසාර්ථක වු අතර ඇට සැකිල්ල සහ රෙදි පිළි පමණක් ඉතුරු විය.

ස්වභාවික මමී සංස්කරණය

 
මෙහි දැක්වෙනුයේ ස්වභාවික හේතු නිසා මමීකරණයට ලක් වූ මුහුදු අශ්වයෙකි.

ස්වභාවයේ හමුවන විවිධ තත්වයන් හේතුවෙන් මමීකරණයට ලක් වූ සත්ව සිරුරු ලෝකය පුරා විවිධ ප්‍රදේශවලින් හමු වී ඇත. මෙවැනි තත්ව සඳහා උදාහරණ ලෙස අධික සීතල (ඔට්සි නම් අයිස් මිනිසා, අයිස් මේඩ්න්), ආම්ලික තත්ව (ටොලන් මිනිසා), ලවණ අධික බව (ලවණ මිනිසා) හෝ විජලකාරක වියලි තත්ව (ටරීම් මමී) ආදිය හැඳින්විය හැක. යකඩ යුගයට අයත් සිරුරු 1000කට අධික සංඛ්‍යාවක් උතුරු යුරෝපයේ මඩ වගුරු තුළින් හමු වී ඇති අතර ඒවා අතරට වයිඩේ ගර්ල් සහ ලින්ඩෝ මිනිසා ආදී ප්‍රසිද්ධ මමී ද අයත් වේ. මානව මෙන්ම අනෙකුත් සත්ව විශේෂයන්ගේ ද මමීකරණයට ලක් වූ සිරුරු හමු වී ඇත. මෙම තත්වය වඩාත් බහුලව දැකිය හැකි වන්නේ නොගැඹුරු ලවණ ජලය සහිත පරිසරවල ජීවත් වන සත්ව විශේෂයන්ගේ වේ. තවද මෙහි දී මමීකරණය වීමේ ක්‍රියාවලිය සඳහා වඩාත් සුදුසු ව්‍යුහයන්ගෙන් යුත් ශරීර ඇති මුහුදු අශ්වයන් සහ තාරකා මසුන් ආදී ජීවීන් වඩාත් බහුලව මෙලෙස මමීකරණයට‍ ලක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මමිය&oldid=537507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි