ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් රොමානිස් සැමුවෙල්, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 09:32, 10 අගෝස්තු 2010 (යූටීසී)Reply

පුද්ගල නාමකරණ සම්මුතිය සංස්කරණය

රොමානිස්, අපි පුද්ගල නාමකරණ සම්මුතියක් ඇති කරමු. දැනට සිංහල විකිපීඩියාවේ එලෙස ඇති බවක් නොපෙනේ. මේ ගැන එක් වරක් අපි කෝපි කඩේදී කතා කළෙමු. (Singhalawap හැරුණුකොට කිසිවෙක් ඒ ගැන අදහස් දැක්වූයේ නැත:( )නැතහොත් එකිනෙකාට රුචි පරිදි පුද්ගල නාමකරණයන් යොදා ගැනීමෙන් නොයෙකුත් ගැටලු ඇතිවීමට පිළිවන. සෙවීම් කිරීමේදීද අපහසුවන්නට පිළිවන. ඔබ කුමක් සිතන්නේද? -- බිඟුවා සාකච්ඡාව 16:41, 13 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඔබ කතා කරන්නේ ආර්. එල්. ස්පිට්ල් ගැන විය යුතුයි. මම දි.මු. ජයරත්න තනන විට ඊනියා නාමකරණ සම්මුතිය දුටිමි. එ නිසා දි.මු. ජයරත්න ආකාරයෙන් භාවිතා කලෙමි. එහෙත් පසුව කවුරුන් හෝ දි. මු. ජයරත්න බවට පත් කර තිබුණි. මා පුද්ගලික වශයෙන් සිතන්නේ මෙයයි. ලේඛකයින් විසින් සමාජය හෝ ජනතාව හෝ සිතන පතන ආකාරය වෙනස් කල යුතුය යන්න මිථ්‍යාවකි. එහෙත්, ලේඛකයන් විසින් ජනතාවට හෝ සමාජයට හෝ සිතන පතන ආකාරය වෙනස් කිරීමට උදවු විය යුතුය. (නිවැරැදි දිශාවට) නමුත් විකිපීඩියාව එයට තැන නොවේ. එය විශ්ව කෝෂයක් මිස ශෝධනාගාරයක් නොවේ. ජනතාවට හෝ සමාජයට අප ලං වූයේ නැත්නම් දැනුම පදනම් වූ සමාජයක මහා දැනුම් ගබඩාව නිමැවීම සිහිනයක් වනු ඇත. එසේ ලං වීමට නම් ජනතාව හෝ සමාජය හෝ පොදුවේ භාවිතා කරන දේ අනුව අප යා යුතුමය. නිදසුනක් වශයෙන් Pakistan ගැන විවාදය දුටිමි. ජනතාව සිංහල වදන් 4 ක් හෝ කිහිපයක් භාවිතා කරන්නේ නම්, කල යුත්තේ වඩාත් ප්‍රචලිත වදන ප්‍රධාන කොට ඉතිරි ඒවා එයට යළියොමුකිරීම පමණයි. අප විසින් සිහින ලොවේ සම්මුති ඇති කර ලීමෙන් ජනතාව ඒවා පිළිගන්නේ නැත. ඔවුන් අපෙන් ඈත් වෙති. අප දෘඪ නොවී හැකි තරම් සුනම්‍ය විය යුතුයි. අප ජනතාව‍ගේ සේවකයන් මිස ඔවුන්ගේ ස්වාමියන් නොවේ. ලොව පවතින සමස්ත වෘත්තීන් Professions සමාජය විසින් නිර්මාණය කොට ඇත්තේ ඔවුන් හට සේවයක් කරවා ගැනුමට මිස ඔවුන් පාලනය කරවා ගැනුමට නොවේ. ලේඛකත්වයද එලෙසමය. මෙම නාම ගැන මාගේ පුද්ගලික අදහස නම් අප විසින් ‍සාමාන්‍ය ජීවිතයෙහිදී සිංහල හා ඉංග්‍රීසි බසින් නමක් ලියන විට මුලකුරු අගින් තිතක් යොදා හිස් ඉඩක් තබන ආකාරය ජනප්‍රිය හා ප්‍රධාන අයුර බවය. Wordprocessing කිරීමෙහිද මෙලෙස භාවිතා කිරීම logical වේ. -- රොමානිස් සැමුවෙල් (talk) 01:50, 14 අගෝස්තු 2010 (යූටීසී)Reply
ඔබ දැක්වූ සමහර කරුණුවලට එකඟ වෙමි, සමහර ඒවාට එකඟ නොවෙමි. දි. මු. ජයරත්න බවට වෙනස් කලේ මායි. එසේ කළේ en:Wikipedia:Naming conventions (people)#Middle names and abbreviated names මත පදනම්වයි. ඔබ Pakistan ගැන අදහස් දක්වනවා නම් එය කරුණාකර අදාළ සාකච්ඡාවේ දක්වනවා නම් වඩා සුදුසුයි. සම්මුති සහ ජනප්‍රිය යන දෙයින් ඔබ ජනප්‍රිය දේ තෝරාගෙන ඇති බව පෙනේ. මෙහිදී බිඟුවා පවසන දෙය සත්‍ය වේ. සම්මුති ඇත්තේ ගැටළු පැන නැගීම වැළක් වීමටයි. ගැටළුවක් පැන නැංග විට එය විසදීමටයි. විකිපීඩියාව ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන බව මතක් කර දීමට කැමැත්තෙමි. අපගේ MoS මාර්ගෝපදේශකය ගැන නම් මට විශාල ගෞරවයක් ඇත. එය ලෝකයේ ප්‍රසිද්ධම විද්‍යා සඟරා e.g. Nature, Harvard referencing වැනිදේ අනුගමනය කරන බැවිනි. ඔබගේ දායකත්වය අගයමි. ජයවේවා--Chanaka L (talk) 02:59, 14 අගෝස්තු 2010 (යූටීසී)Reply
මාගේ සියළු කරුණු වලට එකඟ වනු ඇතැයි මම කිසිවිටෙක බලාපොරොත්තු නොවූයෙමි. යථාර්තය එය වෙයි. මා ඔබ සැමට පවසන්නේද එයයි. කිසියම් කරුණක් පිළිබඳ විවිධ අදහස් සමාජය තුල පවතියි. දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සමාජ සංගම් ආදීන් ලොව පවතින්නේ එහෙයිනි. විවිධ දේ පැවතීම නුසුදුසු යැයි කිසිවකු නොකියති. කිසියම් කලක් මේවා පැවැති පසු යම් අදහසක් ප්‍රමුඛත්වය ගනියි. අනෙක්වා භංගත්වය පත්වූවා යැයි එයින් නොහැ‍‍ඟේ. සමාජය පවතින්නේ සියළු මිනිසුන්ට අවශ්‍ය පරිදී මිස සීමිත පිරිසකට අවශ්‍ය පරිදී නොවේ. ලෝක ඉතිහාසයෙහි ඒක-අධිපතිත්වය හෝ සීමිත-අධිපතිත්වය උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නොමැත. එය අතිශයින් කෙටි කාලීන වී ඇත. නීති රීති සම්මුති යනු පෙරමුණ ගන්නා අදහස් ලේඛනගත කිරීමයි. මෙම අවශ්‍යතාවය සමාජය තුලින් පැන නැගිය යුතු මිස vice versa අනෙක් පසට නොවිය යුතුය. සමාජය මත කිසියම් දෙයක් බලෙන් පැටවීම කල යුතු නොවේ. අළුත් දෙයක් නිෂ්ප්‍රභා කිරීම ඕනෑම පද්ධතියක ගුණාංගයකි. රසායන විද්‍යාව හදාරා ඇත්තන් ලේ-චැටලියර් මූල ධර්මය දනිති. සමතුලිතව පවතින පද්ධතියක එක් දෙයක් වෙනස් කල විට පද්ධතිය ක්‍රියාකරන්නේ එම වෙනස‍ට ප්‍රතිවිරුද්ධ වන අයුරිනි. කෙසේ වෙතත් පද්ධතියක් තුල සම්මත වී ඇති දෙයක් ලේඛනගත හෝ නීතිගත කිරීමෙන් මෙම අවුල ඇති නොවේ. ලොව පළමු නීති ලේඛන නිමැවූ හමුරාබි කලේද මෙයයි. සමාජය අකමැති දේ එය පිට බලෙන් පැටවූ විටෙක වී ඇත්තේ විප්ලව හා කළකෝලාහල පමණි.
අප යම් අදහසක් සම්මුතියක් ලෙසින් ලේඛනගත කිරීමට පෙර එය නියම සමාජ සම්මතයද යන බව ගැඹුරින් විමසා බැලිය යුතු වෙයි. සම්මතයන් කිහිපයක් පවතින විට කලයුත්තේ ප්‍රමුඛ අදහසට මුල් තැන දී අනෙක්වා ට ද නිසි තැන දීමයි. සමාජය කරන්නේද එයයි. මෙම ප්‍රමුඛත්වය ද සදාකාලික නොවේ. අනෙකුත් දෑ මෙන්ම භාෂාවද පරිණාමය වන බැවිනි.
සම්මුති හා ජනප්‍රිය යන ද්වයය ප්‍රතිවිරුද්ධ යැයි සිතා ජනප්‍රියත්වය දෙස වපරැහින් බැලීම සමහරක් උගතුන් අතර වත්මන පවතින විලාසිතාවක් බව පෙනේ. මෙම උගතුන් සිතන්නේ සමාජය බලෙන් වෙනස් කල යුතු බවය. එනමුදු මා ඉහත පැවසූ පරිදී යථාර්තය නම් සම්මුති පැන නගින්නේ ජනප්‍රියතාවය තුලින් බවය. ලෝක ඉතිහාසය දෙස බැලු කල මෙය වටහා ගැනුම අපහසු නොවේ. ජනප්‍රියතාවය හා අධිපතිවාදය දෙකක් බව නම් පෙනේ. සීසර් අධිපතිවාදියෙකු යැයි සිතුවද ඔහු මැරුම්කෑවේ අධිපතිවාදීන් අතින් යන්නද ඔහු ජනප්‍රියවාදියෙකු බවද ඉතිහාසය පවසයි. සම්මුතිවාදය හා අධිපතිවාදය පරස්පර විරෝධි බවද පෙනේ.
නම් ලිවීම ගැන කිසි ගැටළුවක් නැත. සමාජය තුල නම් ලිවීම ගැන සිරිත් කිහිපයක් පවතියි. එකක් ප්‍රමුඛ වෙයි. අනෙක්වාද පවතිති. ප්‍රමුඛ අදහස් ජීවත් කරවා අනෙක්වා බැහැර කිරීම සාර්ථක නොවේ. අනෙක්වා භාවිතා කරන සුළුතරයක් හෝ ඇකි බැවිනි. මෙම පැනයේදී සුළුතරයට අයත් ඔවුන් වෙන දෙයකදී බහුතරයට අයක් විය හැක. එබැවින් සුළුතරය යැයි කියා ඔවුන් අදහස බැහැර කිරීමද සුදුසු නොවේ. එබැවින් කල යුත්තේ මාගේ ඉහත අදහසෙහි සැටියට ප්‍රමුඛ දෙයට ප්‍රධානත්වය දී අනෙක්වාටද නිසි තැන දෙමින් ඒවා භාවිත කරනවුන් ප්‍රධාන දෙයට යොමු කිරීම වෙයි. --- රොමානිස් සැමුවෙල් (talk) 04:40, 14 අගෝස්තු 2010 (යූටීසී)Reply
ලොකු විවාදයක්... මට පෙනෙන විදියට අපේ සිංහල විකියේ පරිශීලකයින් දැන් වඩා ක්‍රියාශීලීයි. ඒ ගැන මං සතුටු වෙනවා. මෙහෙම ගැටුම් ඇති වෙන්නේ අපේ සම්මුතියක් නැති වීම නේද? මොකද ඉංග්‍රීසියේ සම්මුති සමහරක් ඒවා අපිට ගැලපෙන්නේ නෑ. බසය බස් එක, බස් කියලා මාතෘකා කිහිපය අපිට තියෙන්න පුළුවන්. නමුත් ඉන්ග්‍රීසියේදී bus විතරයි. ඔබේ අදහස් දැක්වීමට තුති. අපි විසදුමක් හොයමු. -- බිඟුවා සාකච්ඡාව 08:03, 15 අගෝස්තු 2010 (යූටීසී)Reply
නටන්න බැරිවුනාම පොළව ඇදයි කියා අවලාද නගන්න එපා! වැරැද්ද ඉංග්‍රීසි කාරයන්ගේ නෙමි අපේ. ඉංග්‍රීසි කාරයෝ ලංකාවට පයගහල වසර 300 කට පොඩ්ඩක් වැඩියි. මේ කාලයේදී පාරිභාෂික පද ගැන විවිධ මත පලවී විවිධ භාෂිත තිබී අවසානයේදී පොදු ජනතාව විසින්ම තීන්දුවක් දී තිබෙනවා. පුවත්පත්, සඟරා, රජයේ ප්‍රකාශන, පෙළ පොත් ආදිය මෙම සම්මුතියට හිස නමන විට, අපේ සමහරුන්ට එසේ කිරීමට ඇති අපහසුව තමයි මෙම විසම්මුතියට හේතුව. ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි වචනය Shri Lanka කරන්න පහුගිය රජයක් තැත් දරා වුනු හදිය මතක ඇති නේ. ජන සමාජයෙහි භාවිත බලෙන් අළුත් කිරීම කල නොහැකියි. මෙය තේරුම් ගත්තේ නම් සම්මුතිය එතනයි. --රොමානිස් සැමුවෙල් (talk) 08:17, 15 අගෝස්තු 2010 (යූටීසී)Reply
ඔබ හරි. සමාජ සම්මුතියට අපි එකග වෙන්න ඕනෑ. නමුත් සමහරු මේ සම්මුතිය මොකද්ද කියලා හරියට දන්නේ නෑ. සමහරවිට ඔබ දන්නවා ඇති. ඔබ දන්නවානම් ඒක ලේඛගත කිරීම ගැනයි මම අදහස් කරන්නේ. මොකද ලේඛගතවුනානම් කාටත් පැහැදිළියි නේද? එතකොට මේ වගේ ගැටලු ගොඩාක් අඩු වෙයි. සමහරු සිංහල හරියට දන්නේ නෑ. ඉතින් එයාලා අතින් වැරදි වෙන්න පුලුවන්. අපිට තියෙනවානම් ලිපියක් මෙන්න මේක කියවන්න කියලා පාර පෙන්වන්න, ඒක ගොඩාක වටිනවා. ඔබ කියන විදියට පුවත්පත්,සඟරා... ඒ සම්මුති භාවිතා වෙනවා. හැකිනම් ඒ සම්මුති ගැන ලියන්න විකියේ. අන් අයට කියවන්න. ඉගෙන ගන්න. නොදන්න අයට පිටිවහලක් වේවි. උදච් කරන්න එකට ගමනක් යන්න. ජය! -- බිඟුවා සාකච්ඡාව 08:31, 15 අගෝස්තු 2010 (යූටීසී)Reply

ප්‍රවර්ග එක් කිරීම සංස්කරණය

ඔබ නිසග අර්ධ සන්නායකය නමින් ලිපියක් අරඹා ඇත. එය ඉතා වටනේය. මෙවන් ලිපිවලට ප්‍රවර්ගයකුත් එක් කලේ නම් තවත් අගනේය. (ඔබ විකිපීඩියාවේ ප්‍රවර්ග ගැන දන්නවා ඇතැයි සිතමි.) ජය! 10:15, 15 අගෝස්තු 2010 (යූටීසී)

Sockpuppetry and Vote-Stacking සංස්කරණය

Your account is found to be a sock puppet according to this. Before an action is taken regarding this matter I would like to hear your side of the story. Please respond ASAP. --Lee (talk) 08:42, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply