නයිජර්
නිල වශයෙන් නයිජර් සමූහාණ්ඩුව වන, නයිජර් යනු, නයිජර් ගංගාව අනුව නම් ලබා ඇති, බටහිර අප්‍රිකාවේ පිහිටි, භූමියෙන් වටවූ රටකි. එහි මායිම් වන්නේ දකුණට නයිජිරියා හා බෙනින්, බටහිරට බර්නිනා නාසෝ හා මාලි, උතුරට ඇල්ජිරියා හා ලිබියා හා නැගෙනහිරට චැඩ් යන රටවලටයි. එය භූමි ප්‍රමාණය වර්ග කි.මී. 1,270,000 වන අතර 80% ක් සහරා කාන්තාරයෙන් වැසී ඇත. එහි ප්‍රධානතම ජනතාව වන ඉස්ලාමිකයන් 15,000,000 පැතිර ඇත්තේ දකුණට හා බටහිරටය. අගනුවර වන්නේ නියාවේයි ය. නයිජර් සංවර්ධිත රටකි. කාන්තාර නොවන ප්‍රදේශය නියඟයේ හා කාන්තාර වීමේ තර්ජනයට ලක් වී ඇත. යැපුම් ආර්ථිකයන් හා අපනයන කෘෂිකර්මය වඩා සරුසාරව දකුණට ව්‍යාප්තව ඇත. අපනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ යුරේනියම්ය. එහි භූගෝලීය පිහිටීම නිසා වන බාධාවන් වන අතර, කාන්තාර භූමි, දුර්වල අධ්‍යාපනය, දිළිදුකම, මුලික අවශ්‍යතා අඩු බව, පරිසර අවක්‍රමණය වේ. නයිජිරියන් රාජ්‍යයෙහි පැවැති නිදහස ඔවුන්ගේ ජනවාර්ගික කණ්ඩායම් හා ප්‍රදේශයන්හි පැවැත්මට බලපා ඇත. නයිජර්, බොහෝ රාජ්‍යයන් මායිමේ පිහිටි රාජ්‍යයකි. නිදහස ලැබූ දා පටන් නයිජිරියානුවන් ව්‍යවස්ථා 5 ක හා හමුදා පාලනයන් 3 ක් යටතේ පාලනය වී ඇත. මෙරට බහුතරයක් ජනගහනය ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වේ. මෙහි උසස් අධ්‍යාපනය සඳහා ඉඩ කඩ සීමා සහිතය.
නයිජර් සමූහාණ්ඩුව
| |
---|---|
උද්යෝග පාඨය:
| |
ජාතික ගීය: ලා නීජර්යෙන් | |
![]() නයිජර් (තද නිල්) හි පිහිටුම – අප්‍රිකාව තුල (ලා නිල් හා තද අළු) | |
අගනුවර සහ විශාලතම නගරය | නියාමෙ |
නිල භාෂා(ව) | ප්‍රංශ |
ජාතික භාෂා | |
ජාති නාම(ය) | නිජේරියානු(/naɪdʒɪrɪˈɛn/ හෝ /niːˈʒɛəriən/) [1][2] |
රජය | අර්ධ-ජනාධිපතිමය සමූහාණ්ඩුව |
• ජනාධිපති | මැමේඩු ඉසුෆු |
බ්‍රිජි රාෆීනි | |
ව්‍යවස්ථාදායකය | ජාතික සභාව |
නිදහස ප්‍රංශය වෙතින් | |
• ප්‍රකාශ කිරීම | 3 අගෝස්තු1960 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,267,000 km2 (489,000 sq mi) (22වන) |
• ජලය (%) | 0.02 |
ජනගහණය | |
• 2020 ජන සංගණනය | 22,772,361 |
• ඝණත්වය | 12.1/km2 (31.3/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $11.632 බිලියන[3] |
• ඒක පුද්ගල | $771[3] |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $6.022 බිලියන[3] |
• ඒක පුද්ගල | $399[3] |
ගිනි (1995) | 50.5 ඉහළ |
මාසද (2011) | 0.295 පහළ · 186වන |
ව්‍යවහාර මුදල | බටහිර අප්‍රිකානු CFA ෆ්‍රෑන්ක් (XOF) |
වේලා කලාපය | UTC+1 (WAT) |
• ගිම්හාන (DST) | UTC+1 (භාවිතා නොවේ) |
රිය ධාවන මං තීරුව | දකුණ[4] |
ඇමතුම් කේතය | +227 |
අන්තර්ජාල TLD | .ne |
මූලාශ්‍රසංස්කරණය
- ↑ මේරියම්-වේබ්ස්ටර් ශබ්දකෝෂය
- ↑ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ
- ↑ 3.0 3.1 3.2 3.3 "නයිජර්". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2012.
- ↑ විච් සයිඩ් ඔෆ් ද රෝඩ් ඩූ දේ ඩ්‍රයිව් ඕන්? බ්‍රයන් ලූකස්. අගෝස්තු 2005. සම්ප්‍රවේශය 28 ඩනවාරි 2009.