ද්වාරය:තාරකා
හැඳින්වීම
තාරකාවක් යනු, එහි ගුරුත්වය විසින්ම බැඳ තබා ගන්නාවූ දීප්ත ප්ලාස්මා ගෝලයකි. තරුවක ආයු කාලය අවසානයේ එය තුල පිරිහුණු පදාර්ථ ප්‍රමාණයක්ද අඩංගු වේ. පෘථිවියට ළඟම තාරකාව සූර්යයා වන අතර පෘථිවිය මත ඇති ශක්තියෙන් බොහෝ ප්‍රමාණයක මූලාශ්‍රය වනුයේ සූර්යයාය. අනෙකුත් තාරකා රාත්‍රි කාලයේදී පෘථිවියට දර්ශනය වන අතර සූර්යයා වඩා දීප්තියෙන් නොබබළන අවස්ථාවන්හිදී හෝ වායුගෝලීය සංසිද්ධි වලින් අවහිර නොවූ අවස්ථාවන්හිදී අචල දීප්තිමත් ලක්ෂ්‍ය සමූහයක් ලෙස බොහෝ විට දැක ගත හැක. ඉතිහාසයෙහි අහසේ වඩා හොඳින් මතු වී පෙනුනු තාරකා එකට එකතු කොට තාරකා රාශි සහ තාරකා මණ්ඩල වශයෙන් හඳුනාගත් අතර වඩාත්ම දීප්තිමත් තාරකා සුදුසු ලෙස නම් කරනු ලැබීය. තාරකා විද්‍යාඥයින් විසින් සකස් කරන ලද සවිස්තර තාරකාවන්ගේ නාමාවලිය සම්මත වූ තාරකාවන්ගේ තත්වයන් පිළිබඳ විස්තර අඩංගු වේ.
අවම වශයෙන් තරුවක ආයු කාලයෙහි එක් කොටසකදී හෝ එහි මධ්‍යයේ පවතින හයිඩ්‍රජන්, තාපන්‍යෂ්ටික විලයනයෙන් මුදා හරින ශක්තිය තරුවෙහි අභ්‍යන්තරය හරහා ගමන් කර පිටත අවකාශයට නිකුත් කිරීම නිසා එහි දීප්තිය විහිදීම සිදු වේ. තාරකාවක ජීවිත කාලය තුල සිදුවන තාරීය න්‍යෂ්ටිකසංස්ලේශණය හෝ තාරකා පිපිරීමට ලක් වන අවස්ථාවේදී සිදුවන අද්භූත තාරකා න්‍යෂ්ටිකසංස්ලේශණය මගින් ස්වභාවිකව පවතින හීලියම් වලට වඩා බරින් වැඩි මූලද්‍රව්‍ය සියල්ලක්ම පාහේ නිර්මාණය වීම සිදු වේ. තාරකා විද්‍යාඥයන් හට තාරකාවක වර්ණාවලිය, දීප්තිය සහ අභ්‍යවකාශය තුලින් චලිතය නිරීක්ෂණය කිරීම මගින් තාරකාවක ස්කන්ධය, වයස, රසයනික සංයෝජනය සහ තවත් අනෙකුත් ගුණාංග නිර්ණය කර ගත හැක. තාරකාවක සම්පූර්ණ ස්කන්ධය එහි පරිණාමයෙහි හා අවසාන ඉරණමෙහි ප්‍රධානතම නිර්ණායකය වේ. පරිණාමීය ඉතිහාසය, විශ්කම්භය, පරිභ්‍රමණය, සංචලනය සහ උෂ්ණත්වය මගින් තාරකාවක අනෙකුත් ලක්ෂණ නිර්ණය කරනු ලබයි. බොහෝ තාරකා වල උෂ්ණත්වය, එහි දීප්තියට එදිරිව අඳින ලද ප්‍රස්තාරය, හර්ට්ස්ප්‍රන්ග් - රසල් ප්‍රස්තාරය (H - R ප්‍රස්තාරය) ලෙස හඳුන්වන අතර එය තාරකාවක වයස සහ පරිණාමීය තත්වය නිර්ණය කිරීමට උපකාරී වේ.
තෝරාගත් ලිපි
නියුට්‍රෝන තරුවක් යනු අභිපාතය වීමට පෙර සූර්ය ස්කන්ධ 10 - 29 අතර වූ විශාල තාරකාවක අභිපාතය වූ හරය යි. ක්වාර්ක් තරු සහ ස්ට්‍රේන්ජ් තරු හැරුණු විට ඇති කුඩාම හා ඝනත්වය වැඩිම තරු මේවා වේ. නියුට්‍රෝන තරුවක අරය කි.මී. 10ක් (සැතපුම් 6.2ක්) පමණ වන අතර සූර්ය ස්කන්ධ 1.4 - 2.16 බරකින් එය සමන්විත වේ. එය විශාල තරුවක සුපර්නෝවා පිපුරුමකින්, හා එහි ගුරුත්ව අභිපාතය නිසා ඇති වේ. මෙම ගුරුත්ව බිඳවැටීමෙන් මෙහි හරය සුදු වාමනයෙකුගේ ඝනත්වයටත් එහා යමින් පරමාණුක න්‍යෂ්ටියක ඝනත්වයට සම්පීඩනය කරයි.
මෙය සෑදුනායින් පසු මෙය තවදුරටත් සක්‍රීය ලෙස තාපය පිට නොකරන අතර ටික කලකට පසු සීතල වී යයි. කෙසේවෙතත් මෙය තවදුරටත් ඝට්ටනයෙන් හෝ අධිවර්ධනය විය හැකි යි. මේවායේ අනුරූප බොහෝමයක මේවා සම්පූර්ණයෙන්ම පාහේ නියුට්‍රෝනවලින් සෑදී ඇත (මුළු විද්‍යුත් ආරෝපනයක් නැති ප්‍රෝටෝනවලට වඩා ඉතා ස්වල්ප වශයෙන් තරමක් විශාල අනු පරමාණුක අංශු). සාමාන්‍ය පදාර්ථයේ ඇති ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන නියුට්‍රෝන තරුවක ඇති ස්වාභාවය නිසා එකතු වී නියුට්‍රෝන සාදයි. පෝලීගේ බහිෂ්කරණ න්‍යායට අනුව නියුට්‍රෝන තරු නියුට්‍රෝන පිරිහීමේ පීඩනය නිසා තවදුරටත් අභිපාතය වීම නවතී; කෙසේද යත්: සුදු වාමනයන් ඉලෙක්ට්‍රෝන පිරිහීමේ පීඩනය නිසා අභිපාතය වීම නවතින සේ ම ය. කෙසේවෙතත් අවශේෂ තරුව සූර්ය ස්කන්ධ 3කට වඩා වැඩිනම් එය කළු කුහරයක් දක්වා ම අභිපාතය වෙයි. (තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට Star සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
Lua දෝෂය in Module:Random_slideshow at line 200: No images found.
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න