Selected articles


ත්‍රීත්වය (Trinity) යනු දෙවියන් පුද්ගලයන් තිදෙනෙකු ලෙස අන්‍යෝන්‍ය වශයෙන් නිත්‍යව පවතින යැයි පවසන ක්‍රිස්තියානි දර්ශනයකි. එහිදී ත්‍රිත්වය වශයෙන් හැඳින්වනුයේ, පියා, පුත්‍රයා (ජේසුස් වහන්සේ ලෙස මිනිස් රූපයකින් මවා පාන) සහ ශුද්ධවූ ආත්මයයි. 4 වන සියවසේ සිට පෙරදිග ක්‍රිස්තියානු දහමේ සහ බටහිර ක්‍රිස්තියානු දහමෙහි යන 2හිම ත්‍රිත්වයේ දේව ධර්මය එකම දෙවි කෙනෙකුගේ පුද්ගලයන් තිදෙනෙකු ලෙස ප්‍රකාශ කර තිබේ. මෙම පුද්ගලයන් තිදෙනා බෙදිය නොහැකි එක් දිව්‍යමය ස්වභාවයකින් යුත් සරල පුද්ගලයෙකුය. තවද කිතු දහම, පුත්‍රයාට විශේෂ වූ ස්වභාවයන් 2ක් තිබෙන බවට උගන්වනු ලැබේ. එනම් දිව්‍යමය සහ සම්පූර්ණයෙන්ම මිනිස් ස්වභාවයයි. ත්‍රිත්වයේ දර්ශනයෙන් පෝෂණය වූ දහම ශුද්ධ ත්‍රිත්වවාදය(Trinitarianism) ලෙස හඳුන්වයි. ක්‍රිස්තියානි දහමක් සමඟ වූ බොහෝ නිකායන් ත්‍රිත්වයක් ලෙස සලකනු ලබන අතර ත්‍රිත්වයේ ඇති විශ්වාසයන් ක්‍රිස්තියානු සම්මතයන් ලෙස සලකනු ලැබේ.


වැඩිදුර කියවන්න...



කන්ද උඩ දේශනාව (Sermon on the Mount) - කාල් හෙන්රික් බ්ලොක් ගේ සිතුවමක් (1877). නව ගිවිසුමට අනුව ජේසුස් වහන්සේ නිරන්තරයෙන් දේශනා පැවැත්වූ අතර ඒවා සඳහා විශාල ජනකායක් සහභාගිවී ඇත.

කිතුනු පල්ලිය රෝම යුදෙව් ප‍්‍රදේශයේ පළමු සියවසේ දී බිහිවූ අතර ඒ සඳහා සියලූ කිතුනුවන් තම ගැලවුම් කරුවායැයි විශ්වාස කරන නාසරෙත් හි යේසුස් ගේ ඉගැන්වීම් පාදක විය. පල්ලියේ ආරම්භය නිසැක ලෙසම සිදුවූයේ පෙන්තකොස්තයේ දී යැයි සැළකේ. නමුත් සාමාන්‍යයෙන් එය යේසුස් වහන්සේ අනුගාමිකයන් සමග පැන නැගීයැයි විශ්වාස කෙරේ. යේසුස් වහන්සේ තම අනුගාමිකයනට සිය ඉගැන්වීම් ලොව පුරා ප‍්‍රචාරණය කරන්නැයි කියා සිටීමෙන් මේ බව තහවුරු වේ.

ක‍්‍රමයෙන් පල්ලිය රෝම අධිරාජ්‍ය තුල පැතිරුණු අතර සුවිශේෂී සන්ධිස්ථානයන් යෙරුසලම ඇන්ටියොක් හා එඩිසා හි අත් කර ගත්තේය. කිතුනු දහම බොහෝ ප‍්‍රතික්ෂේපිත ආගමක් විය යුදෙව්වෝ මෙය මිත්‍යාදෘෂ්ටියක් යැයි ද්වේෂ කළ අතර ඒක දේව වාදය පැරණි ලෝකයට පිටස්තර බැවින් ද, අධිරාජ්‍ය සංස්කෘතියට තර්ජනයක් බැවින් ද රෝම බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කළෝය. මේ සියල්ල මධ්‍යයේ පල්ලිය සීඝ‍්‍ර වර්ධනයක් ලබා ගත් අතර අවසානයේ හතරවන සියවසේ දී ගැලේරියස් සහ කොන්ස්ටන්ටින් අධිරාජ්‍ය සමයේදී නීතිගත වී ප‍්‍රචාරණය විය. හතර වන සියවස මුළුල්ලේ පල්ලිය මුහුණ දුන් ප‍්‍රධාන විවාදයක් වන්නේ ආර්යානුවාදය (ක‍්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය භාවය ප‍්‍රතික්ෂේප කිරීම) හා ත‍්‍රිත්ව වාදය අතර වූ ඝට්ඨනයයි.


වැඩිදුර කියවන්න...



The 17th-century painting Christ Crucified by Diego Velázquez, held by the Museo del Prado in Madrid

පළමුවන සියවස තුළ සිදු වූ සිදුවීමකි.


වැඩිදුර කියවන්න...



කන්ද උඩ දේශනාව නම් යේසුස්වහන්සේ මතෙව්5-7 පරිච්ඡේදවල දුන් දේශනයයි. මතෙව් 5:1-2 කන්ද උඩ දේශනාව ලෙස හැඳින්වීමට හේතුව දක්වයි: "දැන් ඔහු සමූහයා දුටු විට කඳු මුදුනක නැඟ හිඳ ගත්තේය. ඔහුගේ ගෝලයන් ඔහුවෙතට පැමිණ ඔහු ඔවුන්ට ඉගැන්වීමට පටන් ගත්තේය. "කන්ද උඩ දේශනාව යනු යේසුස්වහන්සේ මෙතෙක් දුන් වඩාත්ම ප්‍රසිද්ධ දේශනයයි. සමහරවිට කිසිවෙකු විසින් දෙන ලද වඩාත්ම ප්‍රසිද්ධ දේශනය මෙයයි.

කන්ද උඩ දේශනාව විවිධ මාතෘකා කිහිපයක් ආවරණය කරයි. මෙම ලිපියේ අරමුණ සෑම අංශයක් ගැනම අදහස් දැක්වීම නොව එහි අඩංගුදේ පිළිබඳ කෙටි සාරාංශයක් ලබා දීමයි. කන්ද උඩ දේශනාව අපි එක වාක්‍යයකින් සාරාංශ කරන්නේ නම්, එය මෙවැන්නක් වනු ඇත: දෙවියන් වහන්සේට කැපවූ හා සතුටු වන, කුහකකමින් තොර, ප්‍රේමයෙන් හා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් පිරි ජීවිතයක් ගත කරන්නේ කෙසේද? සහ විචාර බුද්ධිය.

5:3-12 – ආශිර්වාද වාක්‍ය


වැඩිදුර කියවන්න...



රොජියර් වොන් ඩ වෙයිඩන් විසින් 1448දී පමණ නිර්මිත සක්‍රමේන්තු හත.

රෝමානු කතෝලික සභාව උගන්වන පරිදී, කතෝලික සභාවේ සක්‍රමේන්තු යනු, "ක්‍රිස්තුන් වහන්සේ විසින් ස්ථාපනය කරනු ලැබ සභාව වෙත බාර කරන ලද, අප වෙත දිව්‍යමය ජීවය ප්‍රදානය කරන්නාවූ, වරප්‍රසාද ලබාදෙන ප්‍රත්‍යක්ෂ සළකුණු වෙති. සක්‍රමේන්තු විදි සිද්ධ කරන්නාවූ පිටස්තර චාරිත්‍රවිධි විසින් දක්වා සිටින්නේ සහ පෙන්වා දෙන්නේ එක් එක් සක්‍රමේන්තුවට උචිත වරප්‍රසාදයන් වෙති. අවශ්‍ය සූදානම සහිතව මේවා ලබාගන්නා අයවළුන් වෙත යහපත් විපාක ලැබෙයි." සෑම අයවළුන් විසින්ම සෑම සක්‍රමේන්තුවක්ම ලබා ගත යුතු නොවෙතත්, සභාව විසින් සමස්තයක් වශයෙන් විශ්වාසකයන් හට තරයේ කියා සිටින්නේ, ක්‍රිස්තුන් වහන්සේ විසින්ම ස්ථාපිත දිව්‍යමය වරප්‍රසාද ලබා දෙන්නාවූ ප්‍රකාරයක් වන්නාවූ සක්‍රමේන්තු, ගැලවීම සඳහා අවශ්‍යම බවයි. මෙලෙසින්ම, ක්‍රිස්තූන් වහන්සේගේ සක්‍රමේන්තු වෙනුවෙන් වන එකම ප්‍රදානකරුවා වන බැවින්, කතෝලික සභාව හැඳින්වෙන්නේ, ප්‍රත්‍යක සක්‍රමේන්තු හත කැටි කොට ගත් "විශ්ව ගැලවීමේ සක්‍රමේන්තුව" ලෙසිනි. සභාව පවසන පරිදී, මෙම එක් එක් සක්‍රමේන්තුව ඔස්සේ, ක්‍රිස්තුන් වහන්සේට හා සභාවට ඇතුලත් කර ගැනීම, පවු කමා කිරීම හෝ, කිසියම් සේවාවකට අභිෂේක කිරීම වැනි, සක්‍රමේන්තුවට අදාල නියමිත වරප්‍රසාදය ක්‍රිස්තුන් වහන්සේ විසින් ප්‍රදානය කරනු ලැබේ.


වැඩිදුර කියවන්න...



A baptism by immersion in the Jordan River.

බෞතිස්මය (ග්‍රීක නාම පදය βάπτισμα බැප්ටිස්මා වෙතින්; පහත බලන්න) යනු ක්‍රිස්තියානි සභාවට ඇතුළත් කිරීම සහ ප්‍රතිග්‍රහණය පිළිබඳ ක්‍රිස්තියානි වතාවතක් වන අතර, එය සැමවිටම පාහේ ජලය භාවිතා කරමින් සිදු කෙරෙයි.


වැඩිදුර කියවන්න...



ශුද්ධාසනයේ නිල ලාංඡනය........ මෙය වතිකානු රාජ්‍යයේ නිල ලාංඡ්නයට වඩා සුළු වශයෙන් වෙනස්ය..

ශුද්ධාසනය (ඉංග්‍රීසි:Holy See, ලතින්:Sancta Sedes) යනු රෝම නුවර සදහා වන රෝමානු කතෝලික සභාවේ එපිස්කෝපල් බලප්‍රදේශය හෙවත් රදගුරු පදවිය වන අතර, එහි රදගුරු ධූරය හොබවනු ලබන්නේ පාප් තුමා විසිනි . වත්මන් පාප් ධූරය දරනු ලබන්නේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින්ය. ශුද්ධාසනය කතෝලික සභාවේ රදගුරු පදවි අතරින් ශ්‍රේෂ්ඨතම පදවිය නොහොත් මූලිකම එපිස්කෝපල් ආසනය වන අතර මෙමගින් කතෝලික සභාවේ මධ්‍යගත පරිපාලනය සිදු කරනු ලබයි. එබැවින් රාජ්‍යතාන්ත්‍රික හා අනෙකුත් විෂයෙහි ශුද්ධාසනය ක්‍රියා කරනු ලබන්නේත් සිය මතය ප්‍රකාශ කරනු ලබන්නේත් සමස්ථ කතෝලික සභාවම වෙනුවෙනි. එලෙසම මෙය අන්තර්ජාතික නීතිය විෂයෙහි තානාපති සබඳතා පවත්වා පවත්වාගෙන යා හැකි, පාප් තුමන් විසින් පාලනය කෙරෙන, ස්වාධීන අස්තිත්වයක් ලෙස හදුනා ගැනේ.

සමහර අවස්ථාවලදී "වතිකානුව" යන උභයාර්තවාචී වචනයෙන් හැදින්වූවද, ශුද්ධාසනය යනු 1929 යේ සිට පැවතෙන වතිකානු රාජ්‍යය යන ආස්තිත්වයම නොවේ. ශුද්ධාසනයේ හෙවත් රෝම රදගුරු පදවියේ ඉතිහාසය මුල් කිතුනු යුගය (ක්‍රි.ව. පලමු සියවස) දක්වාම දිව යන්නකි. විදේශ රාජ්‍යයන් විසින් සිය තානාපතිවරුන් නිල වශයෙන් පත් කරනු ලබන්නේ වතිකානු රාජ්‍යයට නොව ශුද්ධාසනයට වන අතර, විදේශ රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන සදහා නිල වශයෙන් පත් කරනු ලබන පාප් තුමාගේ නියෝජිතයින් හදුනා ගනු ලැබෙන්නේ වතිකානු රාජ්‍යයේ නොව, ශුද්ධාසනයේ නියෝජිතයින් ලෙසිනි.

සියළුම එපිස්කොපල් ආසන ශුද්ධවූ ලෙස සැළකෙතත්, ශුද්ධවූ අසුන හෙවත් "ශුද්ධාසනය" යන වචනය විශේෂාකාරයෙන් යමක් සදහන් නොකොට අන්තර්ජාතික සබඳතාවන්හිදී (හා කතෝලික සභාවේ සසුන් නීතියේ) භාවිතාකරනු ලැබෙන්නේනම් ඉන් හැඟවෙන්නේ කතෝලික සභාවේ මධ්‍යම පරිපාලනය සිදු කරනු ලබන රෝම රදගුරු පදවිය බව සාමාන්‍යයෙන් සළකනු ලබයි. ශුද්ධාසනය නෛතික පුද්ගලභාවය අතින් බොහෝදුරට අගාරික රාජකීය රාජ්‍යකට සමානකම් දක්වයි.


වැඩිදුර කියවන්න...



Pope Francis in 2021

පාප්වහන්සේ ( පාපාස් වෙතින්, "පියා") යනු, ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ , සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි.


වැඩිදුර කියවන්න...



පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා වර්තමාන ශුද්ධවූ සභාවේ නායකයානන් වන අතර රෝමයේ අගරදගුරුතුමානන්ද වේ. මෙතුමානන් වතිකානයේ රාජ්‍ය නායකයානන්ද වේ. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදි මෙතුමානන් ලොවට බිහිවිය. එතුමා පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුලත්වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකි වශයෙන්ද, රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිළධාරියකු වශයෙන් කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ජේසු නිකායේ ආජන්ටිනානු ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. තවද 1998 වසරේදි බුවනොස් අයර්ස් හි අගරදගුරු තුමන් ලෙස මෙතුමා පත්කරන ලද අතර 2001 වසරේ දි දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලදි. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල් තුමාව තෝරා ගන්නා ලදි.

සාමාන්‍ය ජිවිතයේ දි ෆ්‍රැන්සිස් පාප් තුමන් නිහතමානි, සරල, අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් දෙවිපියානන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන් සාක්ෂියක් විය. ශුද්ධ වූ සභාව වඩාත් විවුත හා කාලානුරුපි වී යුතුයි යන්න එතුමන්ගේ මතයයි. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම හා මාක්ස්වාදි සංකල්පවලට එතුමන්ගේ විරෝධය ප්‍රකාශ කල අතර ගබ්සාව, අන්‍යාස මරණය, ගැබ්ගැනීම වැලැක්වීමේ උපක්‍රම, සමලින්ගිකතාව, කාන්තාවන් සඳහා පුජාත්වරය පිරිනැමීම හා පුජකතුමන්ලාගේ බ්‍රහ්මචාරි ජීවිතය පිලිබඳ වූ ශුද්ධ වූ සභාවේ සම්ප්‍රදායන් ඒ ආකාරයයෙන්ම ආරක්ෂා කරන ලදි. පාරිබෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් හඬ නැගීය. එතුමන් විසින් ප්‍රකාශයට පත්කරන ලද “වේ ප්‍රසංසා” යන විශ්ව ලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිලිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇති කිරීමට සමත් විය.

පාප් පදවියට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ (Jorge Mario Bergoglio) යන්නයි. ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස්හි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) නම් දිස්ත්‍රික්කයෙදි ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස ඔහු උපත ලැබුවේය. ඔහුගේ පියා මාරියෝ ජොසේ බර්ගොග්ලියෝ ඉතාලියෙන් අර්ජන්ටිනාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක් විය. පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් විය. ඔහුගේ මව රෙජිනා මාරියා සිවොරිය. ගෘහණියක් වූ ඇය ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස් හි උපත ලබා ඇතත් ඇයට තිබුනෙත් ඉතාලි සම්භවයකි.1929 වර්ෂය වනතුරු මාරියෝ ජොසේලා ජීවත්ව තිබෙන්නේ ඉතාලියේය. ඒ වුනත් 1929න් පසුව මෙම පවුලේ උදවිය ආර්ජන්ටිනාවේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන් තමන් ඉපදුන මුල් ගම් බිම් වෙනස් කිරීමට හේතු වි ඇත්තේ අන් කවර හේතුවක් නිසාවත් නොව මොසොලිනිගේ පාලනයට නොකැමැත්තෙන් බව පැවසේ. මේ වග සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මරියා එලේනා ය. මරියා එලේනා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සොහොයුරියයි. මරියා එලේනා හැරුනු විට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෙසු සහෝදර සහෝදරියන් මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇත. පියා ආර්ජන්ටිනාවේ ජිවත් වුවද ඉතාලියට බෙහෙවින් ආදරය කළ පුද්ගලයෙකු බව ඈ පවසන්නීය.


වැඩිදුර කියවන්න...




වැඩිදුර කියවන්න...



Archbasilica of Saint John Lateran in Rome, Italy
Emblem of the Holy See
Latin Church
ලතින්: Ecclesia Latina
Façade of the Archbasilica of St. John in Lateran
වර්ගයParticular church (sui iuris)
වර්ගීකරණයCatholic
පෙළගැස්මWestern Christianity
ScriptureBible (Vulgate)
දේවධර්මයCatholic theology
බලමූලයEpiscopal
පාලනයHoly See
Popeෆ්‍රැන්සිස්
ප්‍රදේශයMainly in Western Europe, Central Europe, the Americas, the Philippines, pockets of Africa, Madagascar, Oceania, with several episcopal conferences around the world
භාෂාවEcclesiastical Latin
මූලස්ථානයArchbasilica of Saint John Lateran, Rome, Italy
ආරම්භකApostles Peter and Paul
සම්භවය1st century
Rome, Roman Empire
Separations
සාමාජිකයන්1.311 billion (2018)[තහවුරු කර නොමැත]
Other name(s)
  • Western Church
  • Latin Catholic Church
  • Roman Catholic Church
Official websiteHoly See

ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ සුයි ඉයුරිස් විශේෂිත සභාවකි. එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා නැගෙනහිර කතෝලික සභා වෙති. ජනවන්දනාමය පිළිවෙත (උත්සව, පූජක වේෂ්ටන, ගායනා, භාෂාව), ඇදහිලි චාරිත්‍ර, දේවධර්මය, ධර්ම නීතිය සහ, ආගමික උපදේශකවරුන් (එකිනෙකා එකම බලප්‍රදේශය තුල සිටියද) යන දෙයින් ඒවා එකිනෙකින් වෙනස් වෙතත්, ඒවා සියල්ලම එකම විශ්වාසය දරන අතර, කතෝලික වීමෙහි ආවශ්‍යයික ගුණාංගයක් ලෙසින් රෝමයේ රාජගුරුප්‍රසාදින්වහන්සේ (පාප්වහන්සේ) යටතේ සංධාන ගතවීම සලකති.


වැඩිදුර කියවන්න...