ග්‍රීක (Modern Greek: ελληνικά [eliniˈka] "Greek", ελληνική γλώσσα [eliniˈci ˈɣlosa] "ග්‍රීක භාෂාව) යනු ඉන්දු - යුරෝපීය භාෂා පවුලේ නිදහස් ශාඛාවකි. දක්ෂිණ බෝල්කන්, එජියන් දූපත්, බටහිර සුළු ආසියාව සහ සයිප්‍රස් ජාතිකයන්ගේ ජන්ම භාෂාව වෙයි. සියවස් 34 කට අධික ලිඛිත වාර්තා සහිත මෙම භාෂාව, ඉන්දු - යුරෝපීය භාෂා අතුරින් දීර්ඝතම දත්තගත ඉතිහාසයක් සහිත භාෂාව වෙයි. ග්‍රීක හෝඩිය පදනම් කරගෙන එහි ලිවීමේ ක්‍රමය සකස් වී ඇත. ලයිනියර් B සහ සිප්රියෝට් අක්ෂර මාලාව වැනි වෙනත් පද්ධතීන් ද ඊට පෙර භාවිත වී තිබිණි. ෆිනීෂියානු අක්ෂර මාලාව මගින් ග්‍රීක හෝඩිය වැඩි දියුණු වූ අතර ලතින්, සිරිලික්, කොප්ටික් සහ වෙනත් බොහෝ ලිවීමේ ක්‍රමයන්ද ඇසුරු කර ඇත.

ග්‍රීක
ελληνικά
Pronunciationඑළනික
Regionනැගෙනහිර මධ්‍යධරණි
Native speakers
12 million  (2007)[1]
13 මිලියන (L1 ධන L2 කථකයන්) (2012)[2]
ඉන්දු-යුරෝපීය
Standard forms
ග්‍රීක හෝඩිය
Official status
Official language in
Recognised minority language in
Language codes
ISO 639-1el
ISO 639-3Variously:
grc – Ancient Greek
cpg – Cappadocian Greek
ell – Modern Greek
gmy – Mycenaean Greek
pnt – Pontic
tsd – Tsakonian
yej – Yevanic
Glottologgree1276[8]
Linguasphere
  • 56-AAA-a
  • 56-AAA-aa to -am (varieties)
This article contains IPA phonetic symbols. Without proper rendering support, you may see question marks, boxes, or other symbols instead of Unicode characters.

යුරෝපා ඉතිහාසයෙහි ග්‍රීක භාෂාවට අද්විතීය ස්ථානයක් හිමිවෙයි. බටහිර සභ්‍යත්වය සහ ක්‍රිස්තියානිත්වයෙහි වර්ධනයට එහි ආභාෂය බෙහෙවින් ලැබුණි. ග්‍රීක සාහිත්‍යය ඉලියඩ් සහ ඔඩිසි වැනි මහා වීර කාව්‍යයන්ගෙන් සමන්විත වෙයි. බටහිර දර්ශන විද්‍යාව, ප්ලේටෝනික සංවාද මෙන්ම ඇරිස්ටෝටල්ගේ ක්‍රියාකාරකම් වලදී පදනම් භාෂාව වුයේ ද ග්‍රීක භාෂාවයි. කතෝලික බයිබලයේ නව තෙස්තමේන්තුව ලියැවුනේ කොයිනේ ග්‍රීක භාෂාවෙනි. ලතින් පාඨ ග්‍රන්ථ සහ රෝමානු ලෝකය සමඟ එකතුව ග්‍රීක පාඨ ග්‍රන්ථ සහ පුරාතන ග්‍රීක සමාජය අධ්‍යයනය, සම්භාව්‍ය සභ්‍යත්වයෙන් සමන්විත වෙයි.

පුරාතන සම්භාව්‍යත්වය තුලදී, මධ්‍යධරණී ලෝකයෙහි පුළුල්වම ව්‍යාප්ත වූ භාෂා ව්‍යවහාරය වූයේ ග්‍රීක භාෂාවයි. එමෙන්ම එය බයිසැන්තියම් අධිරාජ්‍යයේ නිල භාෂාව බවට ද පත් විය. ග්‍රීසියෙහි සහ සයිප්‍රසයෙහි නිල භාෂාව වන නවීන ග්‍රීක භාෂාව, යුරෝපා සංගමයේ නිල භාෂා 23න් එකකි. මෙම භාෂාව ග්‍රීසියෙහි, සයිප්‍රසයෙහි, ඇල්බේනියාවේ බොහෝ ප්‍රදේශයන්හි සහ ග්‍රීක ඩයස්පොරාවෙහි අඩු තරමින් මිලියන 13ක් වූ ජනතාවක් විසින් අද භාවිත කරනු ලබයි.

ග්‍රීක සහ ලතින් භාෂා අන්තර්ජාතික විද්‍යා වාග් මාලාවෙහි අතිප්‍රමුඛ මුලාශ්‍රයෝ වෙති.

ග්‍රීක හෝඩිය

සංස්කරණය
capital
Α Β Γ Δ Ε Ζ Η Θ Ι Κ Λ Μ Ν Ξ Ο Π Ρ Σ Τ Υ Φ Χ Ψ Ω
lower case
α β γ δ ε ζ η θ ι κ λ μ ν ξ ο π ρ σ/
ς
τ υ φ χ ψ ω

ආශ්‍රිත ලිපි

සංස්කරණය

පාද සටහන්

සංස්කරණය
  1. ^ Nationalencyklopedin "Världens 100 största språk 2007" ("The World's 100 Largest Languages in 2007").
  2. ^ ග්‍රීක භාෂාව. ලෙස්ටර් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 30 ජූනි 2014.
  3. ^ ජෙෆ්රීස්, ලැන්. ඊස්ටර්න් යුරප් ඇට් දි එන්ඩ් ඔෆ් දි 20ත් සෙන්චරි. books.google.com. p. 69. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2013.
  4. ^ a b c "List of Declarations Made with Respect to Treaty No. 148". Council of Europe. 10 April 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 December 2008.
  5. ^ "ග්‍රීක් ඉන් හන්ගරි". ඩේටාබේස් ෆෝ ද යුරපියන් චාටර් ෆෝ රීජනල් ඕ මයිනෝරිටි ලැන්වේජර්ස්. Public Foundation for European Comparative Minority Research. සම්ප්‍රවේශය 31 මැයි 2013.
  6. ^ හෙළනික ජනරජය: විදේශ කටයුතු අමාත්‍යාංශය: Italy: ද ග්‍රීක් කමියුනිටි[භින්න වූ සබැඳිය]
  7. ^ සිට්සෙලිකිස්, කොන්ස්ටන්ටිනෝස් (2013). "අ සර්වයිවිං ට්‍රීටි: ද ලවුසන්නෙ මයිනෝරිටි ප්‍රොටෙක්ෂන් ඉන් ග්‍රීස් ඇන්ඩ් ටර්කි". In ක්‍රිස්ටින් හෙන්රාඩ් (ed.). දි ඉන්ටර්රිලේෂන් බිට්වීන් ද රයිට් ටු අයිඩෙන්ටිටි ඔෆ් මයිනෝරිටීස් ඇන්ඩ් දෙයා සෝෂියෝ-ඉකොනමික් පාටිසිපේෂන්. Leiden: Martinus Nijhoff. pp. 294–295.
  8. ^ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "ග්‍රීක". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)

භාහිර සබැඳි

සංස්කරණය
සාමාන්‍ය පසුබිම
භාෂාව ඉගෙනීම
 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
ශබ්දකෝෂ
සාහිත්‍යය
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රීක_භාෂාව&oldid=622059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි