ත්‍රිපිටකය

වර්ගීකරණය
මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය

ත්‍රිපිටක යනු පැරණි බෞද්ධ පූජනීය ලියවිලි එකතු කිරීම් සඳහා වන සම්ප්‍රදායික යෙදුමයි. ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධම්ම පිටකය ලෙස සාමූහිකව සමන්විත වන ප්‍රධාන පෙළ වර්ග තුනකින් සමන්විත වේ.[1]

අග්නිදිග ආසියාවේ ථෙරවාදී සම්ප්‍රදායෙන් පවත්වාගෙන යන පාලි ත්‍රිපිටකය, නැගෙනහිර ආසියාතික බෞද්ධ සම්ප්‍රදාය විසින් පවත්වාගෙන යන චීන ත්‍රිපිටකය සහ ටිබෙට් බෞද්ධ සම්ප්‍රදාය මගින් පවත්වාගෙන යන ටිබෙට් බෞද්ධ ත්‍රිපිටකය සමකාලීන බෞද්ධ ලෝකයේ වැදගත්ම ත්‍රිපිටකයන් වේ.[2]

ත්‍රිපිටකය යනු බොහෝ සම්ප්‍රදායන් තුළ එකතු කිරීම් සඳහා භාවිතා කරන යෙදුමක් බවට පත්ව ඇත, නමුත් ඒවායේ සාමාන්‍ය බෙදීම් සෑම විටම පිඨක තුනකටම පමණක් සීමා නොවේ.[3]

පුරාතන ත්‍රිපිටක

සංස්කරණය

සෑම මුල් බෞද්ධ නිකායකම ත්‍රිපිටකයේ එවාටම ආවේනික අනුවාද තිබි ඇත. ඇතැම් මුලාශ්‍රයන්ට අනුව, පිඨක පහක් හෝ හතක් තිබූ ඇතැම් ඉන්දියානු බෞද්ධ සම්ප්‍රදායන් ඇත.[4] 8වන සියවසේ ඉන්දියාවට පැමිණි චීන වන්දනාකරුවෙකු වූ යිජිංට අනුව, නිකායේ බෞද්ධ සම්ප්‍රදායන් විසින් අසමානතා සහිත ත්‍රිපිටක ග්‍රන්ථවල විවිධ කට්ටල තබා ගත්හ. යිජිං මහායාන නොවන පාසල් අතර තිබූ ප්‍රධාන ත්‍රිපිටක හතරක් සටහන් කරයි:[5]

  • මහාසාංඝික ත්‍රිපිටකය (300,000 ශ්ලෝක ප්‍රමාණයක්)
  • සර්වාස්තිවාද ත්‍රිපිටකය (300,000 ශ්ලෝක ප්‍රමාණයක්)
  • ස්ථවිර ත්‍රිපිටකය (300,000 ශ්ලෝක ප්‍රමාණයක්)
  • සංමිතීය ත්‍රිපිටකය (200,000 ශ්ලෝක ප්‍රමාණයක්)

යිජිං සටහන් කරන්නේ උප ගුරුකුළ සහ නිකායන් රාශියක් තිබුණද, උප නිකායන් ඔවුන්ගේ මව් සම්ප්‍රදායේ එන ත්‍රිපිටකයන් බෙදා ගත් බවයි (ඔහු එය හැඳින්වූයේ "අඛණ්ඩ සම්ප්‍රදායේ ප්‍රධාන පාසල් හතර" හෝ "ආර්ය" සම්ප්‍රදායන් ලෙසිනි).[6] කෙසේ වෙතත්, විවිධ බෞද්ධ උප නිකායන්ට ඒවාටම ආවේණික වූ වෙනත් ත්‍රිපිටක නොතිබූ බව මින් අදහස් නොවේ. සුවන්සෑන්ග් විසින් ඉහත සඳහන් කළ ගුරුකුළ මෙන්ම ධර්මගුප්තක, කාශ්‍යපීය සහ මහීශාසක වැනි විවිධ සම්ප්‍රදායන් හතක ත්‍රිපිඨක චීනයට ගෙන ආ බව කියනු ලැබේ.[7]

ඒ. කේ. වාඩර් ට අනුව, ටිබෙට් ඉතිහාසඥ බු-ස්ටන් පවසා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසට පමණ පෙර බුදු ධහමේ නිකායන් දහඅටක් තිබූ බවත්, ඒවායටම අනූන වූ ත්‍රිපිටක ලිඛිතව තිබූ බවත් ය.[8]කෙසේ වෙතත්, සම්පූර්ණයෙන් ඉතිරි වී ඇති එක් අනුවාදයක් හැරුණු විට සහ අනෙකුත් එවායේ කොටස් ඉතිරිව ඇති අතර, මෙම සියලුම පාඨ ඉතිහාසයට අහිමි වී හෝ තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇත.[9]

පාලි ත්‍රිපිටකය

සංස්කරණය
 
අලුලෙන

ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව පාලි ත්‍රිපිටකය තුළ අන්තර්ගත වන බව ථේරවාදී බෞද්ධ විශ්වාසයයි. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් සිදුකර ඇත.

  1. විනය පිටකය
  2. සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
  3. අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය

කර්තෘත්වය

සංස්කරණය

ත්‍රිපිටකයේ විවිධ කොටස්වල කර්තෘත්වය විවිධ වේ

  • බුද්ධ භාෂිත - ත්‍රිපිටකයේ බොහෝ අන්තර්ගත බුද්ධ භාෂිත වේ
  • ශ්‍රාවක භාෂිත
  • කර්තෘත්වය නොදන්නා

ග්‍රන්ථාරූඩ කිරීම

සංස්කරණය

ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ රජරට රජකල වළගම්බා රජ ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරේ යේදී රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.

මාතුල දනව්ව පිහිටියේ අද කෑගල්ල අවට පෙදෙසයි. පසුකාලිනයන් විසින් ‘මාතුල අළුලෙන’ ස්ථානය මාතලේ අලුවිහාරේ යෑයි උපකල්පනය කර හඳුන්වා ඇති බව පෙනේ. මහතිල හෙවත් ලොකු තල (මහ තල) ධාන්‍ය වර්ගයේ ශාක තිබූ පෙදෙස මහතල හෙවත් මාතලේ විය. එසේ නොමැතිව මාතුල මාතලේ වූවා නොවේ. (මාතුල කෑගල්ල අවට බව තහවුරුකර නැත)

විනය පිටකය

සංස්කරණය

භික්ෂු භික්ෂුණියන්ගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරීවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සමඟිය සඳහා සම්මුති පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.

විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

  • උභතෝ විභංග
  • බන්ධක
  • පරිවාර

සූත්‍ර පිටකය

සංස්කරණය

සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ

සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.

දීඝ නිකාය

සංස්කරණය

මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්

  1. . සීලක්ඛන්ධ වග්ග
  2. . මහාවග්ග
  3. . පාටික වග්ග

මජ්ඣිම නිකාය

සංස්කරණය

මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.

සංයුක්ත නිකාය

සංස්කරණය

මෙහි කෙටි සූත්‍ර දහස් ගනනක් ධර්‍ම සංකල්ප අනුව වර්ග 56ක් තුල අඩංගුය. එහි

  1. සගාථ වග්ග
  2. නිධාන වග්ග
  3. ඛන්ධ වග්ග
  4. සළායතන වග්ග
  5. මහා වග්ග

යනුවෙන් ප්‍රධාන වර්‍ග 5 කි.

අංගුත්තර නිකාය

සංස්කරණය

අංක අනුව ධර්ම කරුණු ගොනු කිරීමෙන් මෙය නිපාත 11 කට බෙදා ඇත.

ඛුද්දක නිකාය

සංස්කරණය

මෙම නිකායට ධම්මපදය, සුත්ථනිපාත, උදාන, ථෙරගාථා අභිධර්ම ග්‍රන්ථයන්ගේ මුල් ස්වරූපයට අයත් නෙත්තිප්පකරනය හා පිටකෝපදේසයද, අටුවා ග්‍රන්ථයන්ගේ මූළික ස්වරූපය වූ ජාතකපාලියද, ටීකා ස්වරූපයෙන් යුත් නිද්දේසද, විසුද්ධිමග්ග ආදියට ගුරුවූ පටිසම්භිදාමග්ගපකරණයද ආදී ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.[10]

අභිධම්ම පිටකය

සංස්කරණය

එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.

සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

  1. ධම්මසංගණිප්පකරණය
  2. විභංගප්පකරණය
  3. කථාවත්ථුප්පකරණය
  4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
  5. ධාතුකථාප්පකරණය
  6. යමකප්පකරණය
  7. පට්ඨානප්පකරණය

අමතර අවධානයට

සංස්කරණය


ග්‍රන්ථ නාමාවලිය

සංස්කරණය
  • මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි
  • ධර්ම සංග්‍රහය - නාරද හිමි

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ "Tipitaka | Buddhist canon". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). 2020-04-27 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2019-03-12.
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; British Library නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ^ Mizuno, Essentials of Buddhism, 1972, English version by Ritik Bhadana, Tokyo, 1996
  4. ^ Skilling, Peter (1992), The Raksa Literature of the Sravakayana, Journal of the Pali Text Society, volume XVI, page 114
  5. ^ Zhihua Yao (2012) The Buddhist Theory of Self-Cognition, pp. 8-9. Routledge.
  6. ^ Zhihua Yao (2012) The Buddhist Theory of Self-Cognition, p. 9. Routledge.
  7. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Zhihua Yao 2012 p. 92 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. ^ A. K. Warder (2000). Indian Buddhism. Motilal Banarsidass. pp. 282–283. ISBN 978-81-208-1741-8. 2022-10-20 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-10-20.
  9. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Warder2000p2822 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. ^ http://host.pariyatti.org/Tipitaka_Outline.pdf

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිපිටකය&oldid=684758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි