ගෞතම බුදුරජාණන් වහන්සේ යනු බුදු දහමේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරුවරයෙක්ද වෙයි. බෞද්ධයන්ට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ යනු වර්ථමානයේ ගෙවීයන මහා බද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයේ ලොව පහලවී වදාල, තුන්ලොවට උතුම් අසහාය ගුරුවරයෙකු වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේගේ මනුෂ‍්‍යයෙක් ද, අමරණිය තත්තවයට(නිර්වාණයට) පත්වුවෙක්ද , දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරැණු තේරවාද හා මහා යාන නිකායන් අනුව තරමක් වෙනස් වේ. තේරවාදි බුදු දහමට අනුව උන්වහන්සේ අතිමහත් ඥනයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උත්තමෙයකි. මහායාන බුදුදහමට අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය හා දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමුර්තියකි. උන්වහන්සේගේ උපත සිදුවූයේ ඉන්දියාවේ ලුම්බිණියෙදීය. ගිහිකල නාමය සිද්ධාර්ථ ගෞතම නම් විය. සාක්‍යමුනි හෝ ශාක්‍යමුනි (ශාක්‍යකුලයේ මුනිවරයා) ලෙසද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වයි.

ගෞතම බුදුන් වහන්සේ
තොරතුරු
පූර්වප්‍රාප්තිකකස්සප බුදුරජාණන් වහන්සේ
අනුප්‍රාප්තිකමෛත්‍රී බුදුන් වහන්සේ
Portal icon බුද්ධාගම ද්වාරය

සම්බුද්ධත්වයට පත්වූ ස්ථානයසංස්කරණය

බුදු රදුන් සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය අතීතයේ මගධ රාජධානියට අයත් උරුවෙල ජනපදයේ නේරංජනා ගඟ අසබඩ ගයාව වූ අතර වර්තමානයේ ඉන්දියාවේ බුද්ධගයාව ලෙස හඳුන්වන අතර මහාබෝධි විහාරය එහි පිහිටා ඇත.

මවු කුස පිළිසිඳ ගැනීමසංස්කරණය

මෙලොව ඉපදීමට පෙර තුසිත දෙවුලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේ, දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුවනු පිණිස මනුලොව පහළවන්නට පස්මහ බැලුම් බැලුසේක. තමන්ට දෙව් ලොවින් චුත වන්නට කාලය පැමිණි කල ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුතව මහාමායා දේවිය කුස තුළ පිළිසිඳ ගන්නාලදී.

මාර පරාජයසංස්කරණය

ගිහිගෙය කළ කිරුණ උන්වහන්සේ සියලු දේ අතහැර පැවිදිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර සොත්ථිය බමුණා දුන් කුස තණ අට මිට ද ගෙන ගයා ශීර්ෂයෙහි අතු පතර විහිදුවමින් තිබූ ඇසතු වෘක්ෂ මූලය වෙත වැඩම කළසේක. එහි වජ්‍රාසනය මත එම කුස තණඅට මිට අතුරා පෙර බුදුවරුන් බුද්ධත්වයට පත් වූ නැගෙනහිර දිශාව දෙසට පළඟක් බැඳ තිර අදිටනින් භාවනාවට සිත යොමු කළසේක.

මේ අවස්ථාවේ පවිටු මාරයා සිද්ධාර්ථ මාගේ විෂය ඉක්මවා යන්නට හදන්නේය, එයට ඉඩ නොදිය යුතුයි සිතා මාර සේනාව රැගෙන බෝසතාණන් වහන්සේ වෙත පැමිණියා. ඒ මාර සේනාව මාරයාගේ ඉදිරියෙන් දොළොස් යොදුනක්ද, දකුණු පසින් හා වම් පසින් දොළොස් යොදුනක්ද පිටුපසින් සක්වළ කෙළවර කොට ද සිටියේය. ඉහළින් තව යොදුනක් දක්වා පැතිර සිටියේය.

මේ මහා මාර සේනාවෙහි ශබ්දය මහපොළොව පැළී යන ආකාරයට යොදුන් දහසක් දක්වා පැතිරින. මාරයා ‘’ගිරිමේඛලා’’ නම් හස්ති රාජයා පිට නැගී නොයෙක් ආයුධ ඇති අත් දහසක් මවාගෙන විවිධ පාට ඇති, විවිධ මුහුණු ඇති විවිධ ආයුධ සහිත පිරිවරද සමග බෝසතාණන් වහන්සේ බිය ගන්වන්නට පැමිණියේය. මාරයා එහි පැමිණෙන්නට කලින් දස දහසක් සක්වළ දේවතා සමූහයා මහබෝසතුනට ස්තුති ගායනා කරමින් ඒ අසළ සිටියේය. නමුත් මාරසේනාව පැමිණෙන විට ඒ කිසිදු කෙනෙකුට එහි රැඳී සිටින්නට තරම් චිත්ත ශක්තියක් නොතිබුනේය. ඒ සියල්ලෝම පැන ගියේය. මහ බෝසතාණන් වහන්සේ තමන් සමීපයෙහි සිටි දෙව් දේවිතාවුන් ද නැති බව දැන, තමා ඉදිරියෙහි සිටින දස දහස් ගණන් මාර සේනාව දැක, තනි මා හා සටනට මේ සා සෙනගක් පැමිණ ඇතැයි සිතා තමන් වහන්සේ සසරදී පුරුදු කරන ලද දානාදි පාරමිතාවන් සිහි කරමින් එහිම වැඩ සිටිනලදී. මාරයාද මහා වාතයෙන් බෝසතුන් විනාශ කරමියි සිතා මහ සුළඟක් මැවනලදී. ඒ සුළඟ අඩ යොදුන්, දෙයොදුන්, තුන් යොදුන් විශාල වූ මහා පර්වත පළා දමා අසල ඇති මහ ගස් පවා මුලින් උගුල්වා සුණු විසුණු කරවමින් හමා යන ලදී. නමුත් සසර පුරුදු කළ අපමණ පුණ්‍ය ධර්ම ඇති මහ බෝසතාණන් වහන්සේගේ සිවුරු කොනකුදු සොලවන්නට ඒ මහ සැඩ සුළඟට හැකියාවක් ලැබුණේ නැත. ඉන් අනතුරුව මාරයා ජලයෙන් විනාශ කරමියි සිතා මහ වැස්සක් මැවන ලදී. ඒ වැසි ජල ධාරාවන්ගෙන් වේගය නිසා පොළොව සිදුරු වී ගියේය. මහා ගස් යට කරන් ජලධාරාවන් ගලා ගියත් බෝසතාණන් වහන්සේගේ සිවුරු එකදු දිය බිඳකින් තෙමන්නට තරම් හැකියාවක් ඒ ජලකඳට ලැබුණේ නැත. එයින් පසුව ගිය මාරයා මහ පාෂාණ වර්ෂාවක් වැස්සවන ලදී. විශාල වූ ගල් පර්වත කැබැලි බවට පත් වී දුම් දමමින් ගිනි ගනිමින් අහසින් අවුත් උන්වහන්සේ ඉදිරියෙහි මල් මාලාවන් බවට පත් විය. මාරයා ආයුධ වර්ෂාවක් මැවනලදී. එක් පැත්තක් කැපෙන දෙපැත්තම කැපෙන දිළිසෙන ආයුධ දහස් ගණනක් දුම් දමමින්, දිළිසෙමින් අහසින් පැමිණි ඒ ආයුධ වැස්ස බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි වැටුණේ මල් වැස්සක් ලෙසිනි. එවිට මාරයා ගිනියම් වූ අඟුරු වැස්සක් මවා පෑවා. ඒ ගිනි අඟුරු වැස්ස අහසින් බෝසතාණන් වෙත පැමිණ දිව්‍යමය මල් ලෙසින් විසිරී වැටිනි. ඉන් අනතුරුව උණු අළු වැස්සක් මැවන ලදී. ඒ උණු අළු වැස්සි බෝසතුන් වෙත පැමිණ සඳුණු කුඩු බවට පත් වී ගියේය. එයින්ද සෑහීමකට පත්නොවුණු මාරයා බෝසතාණන් වහන්සේට විරුද්ධ ව වැලි වැස්සක් මැවන ලදී. එම වැලි වැස්ස ඉතා සියුම් එකක් දුම් දමමින් දිළිසෙමින් අහසින් අවුත් ඒ වැලි වැස්ස දිව්‍ය මල් මෙන් බෝසතුන් ඉදිරියේ වැටුණා. දිව්‍ය ජලධාරාවක් ලෙසින් බෝසතාණන් වෙතට පැමිණ නැවතුණේ මාරයා විසින් මවන ලද මඩ වැස්සයි. එයද දුම් දමමින් දිළිසෙමින් පැමිණියත් උන්වහන්සේට හිරිහැරයක් වූයේ නැහැ. නවවෙනුව මාරයා විසින් මහා අන්ධකාරයක් මවා බෝසතාණන් බිය වද්දන්නට උත්සාහ කරන ලදී. ඒ අඳුර මහා ඝන අන්ධකාරයක් වුවත් බෝසතාණන් වහන්සේට පීඩාවක් නොවුනේ උන්වහන්සේ වැඩ සිටිය තැන ඉර උදාවූවා සේ ආලෝකවත් වී තිබූ බැවිනි.

මේ නව මහා වර්ෂාවන් වස්සා බෝසතාණන් වහන්සේ බිය වද්දන්නට නොහැකි වූ තැන මාරයා මාර සේනාව සමගින් බෝසතාණන් වහන්සේ වෙත පැමිණ සිද්ධාර්ථයාණෙනි පලා යව, මේ අසුන මගේය. ඔබේ නොවේය යනුවෙන් පැවසන ලදී. මහ බෝසතාණන් වහන්සේ ද මේ අස්න මගේ ය ඔබේ නොවේය යනුවෙන් නොබියව පිළිතුරු දුන්නේය. කෝපාවිෂ්ට වූ මාරයා කෝපය ඉවසාගත නොහැකිව උන්වහන්සේ වෙත චක්‍රායුධයෙන් දමා ගැසුවා. තමන් විසින් පුරන ලද පාරමි ධර්ම සිහිකරමින් සිටි බෝසතාණන් වහන්සෙට කිසිදු උපද්‍රවයක් ඇති වූයේ නැත. එයද අහසින්විත් බෝසතාණන් වහන්සේගේ හිසට ඉහළින් මල් වියනක් සේ අහසේ රැඳුණා. අනෙකුත් මාර සේනාව විසින්ද එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාරයන් සියල්ලෙන් සිදුහත් මහ බෝසතාණන් වහන්සේට කිසිදු පීඩාවක් ඇති වූයේ නැත. මාර සේනාවට බියෙන් පළා ගිය දේවතාවුන් සිදුහත් කුමාරයා විනාශ වී ගියේ දැයි සක්වළගලට මුවා වී හිස ඔසවා බලන්නට වුණා.

තමන් අසල සිටින විශාල මාර සේනාව පෙන්වූ මාරයා මේ සියල්ල මාගේ සාක්ෂිකරුවෝ ය ප්‍රකාශ කරන ලදී. බෝසතාණන්වහන්සේ ඒ සඳහා සාක්ෂි දිය හැකි සජීවි කෙනෙක් එතැන නොසිටි බැවින් වෙස්සන්තර ආත්මභාවයන් ආදියෙහි දී තමන් වහන්සේ පුරුදු කළ දාන පාරමිතාව සිහිකළා. මහ පොළොව මෙතැනදී තමන්ට ඇති සාක්ෂිය යැයි පවසා සිවුරු පට තුළින් තම දකුණු අත එළියට ගෙන භූමිය ස්පර්ශ කරන ලදී.

ඒ හා සමඟින් මහපොළොව මහ හඬ දී කම්පා වුණා. ඒ භූමි කම්පාවෙන් තැති ගත් ගිරිමේඛලා හස්ති රාජයා බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි දණ ගැසන ලදී. එය දුටු මාර සේනාව හිස හැරුණු හැරුණු අත දුවන්නට විය. බියෙන් පලා යන්නා වූ මාර සේනාව දුටු දේව සමූහයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දිනුවා මාරයා පරාජයට පත්වුණා යනුවෙන් සතුටින් හඬ නවගන්නට විය.

.==පිරිනිවන් පෑම==.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සල් උයනේදීය.