පට්ඨානප්පකරණය
හැදින්වීම
සංස්කරණයප්රස්ථාන මහා ප්‍රකරණය(පට්ඨාන මහා පකරණ) අභිධර්ම පිටකයෙහි සප්ත ප්‍රකරණයන් ගෙන් එකකි. තථාගතයන් වහන්සේ(බුදුරජාණන් වහන්සේ) විසින් දේශනා කරන ලද සර්වාංග සම්පූර්ණ විස්තර බහුල හේතුඵල විග්‍රහය ප්‍රස්ථාන මහා ප්‍රකරණයයි. මෙය ලෝකයේ ඇති විශාලතම ප්‍රකරණයයි. එබැවින් එය අනන්ත නය සමන්නාගත පට්ඨාන මහා පකරණයයි කියනු ලැබේ. එහි බණවර දෙසිය සතළිස් දෙකකි. එය පොත්වල පේයාල ක්‍රමයෙන් ලියා ඇති බැවින් වචන ඇත්තේ සීමා සහිත ගණනකි.
කොටස්
සංස්කරණයපට්ඨාන පකරණය පච්චය විභංග වාරය හා මහා වාරය යැයි කොටස් දෙකකින් යුක්ත වේ. එයින් පච්චය විභංග වාරය පළමු කොට දේශනය කර තිබේ. එය ප්‍රත්‍ය විසි හතර (24) පිළිබඳ සාමාන්‍ය විස්තරයකි. මාතිකා නික්ඛේප වාරය යනු එයට තවත් නමකි. එය පට්ඨාන පකරණයට පිවිසීමේ දොරටුවක් වැනි ය. මහා වාරය පට්ඨාන විසි හතරකින්(24) යුක්ත ය. එයින් එක් එක් පට්ඨානයක් අති විශාල ප්‍රකරණයකි.
විශාලත්වය
සංස්කරණයතථාගතයන් වහන්සේ සම්මා සම්බුදු බවට පැමිණ සතර වන සතියෙහි රතනඝරයෙහි වැඩ හිඳ අභිධර්මය මෙනෙහි කළ සේක. උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් බුදු රැස් විහිදෙන්නට පටන් ගත්තේ සර්වඥතා ඥානය පට්ඨාන පකරණයෙහි හසුරුවන විට ය. පට්ඨාන පකරණය සේ ගැඹුරු වූ ද විශාල වූ ද තවත් ග්‍රන්ථයක් නැත්තේ ය. මහාගතිම්බය තිස්සදත්ත තෙරුන් වහන්සේ මහබෝ විඳිනු පිණිස නැවකින් දඹදිව යන්නාහු මහසයුරේ දී නැවේ උඩ තට්ටුවේ සිට සාගරය දෙස බැලූ හ. උන්වහන්සේට සාගරයේ එතෙර මෙතෙර නොපෙනිණි. උන්වහන්සේ මහා සාගරයේ රළ වේගය බලවත් ද, පට්ඨාන පකරණයේ නය මුඛය බලවත් දැයි සිතූ හ. සිතන්නා වූ උන්වහන්සේට උඩ යට දෙකින් හා සිවු දිගිනුත් පරිච්ඡේදයක් ඇති මහා සාගරය හා බලන කල අනන්ත නය සමන්නාගත පට්ඨාන පකරණයේ පරිච්ඡේදයක් නො පෙනේ යයි බලවත් ප්‍රීතියක් ඇති විය. උන්වහන්සේ එතන ම හිඳ, එම ප්‍රීතිය විෂ්කම්භනය කොට, විදසුන් වඩා සව්කෙලෙසුන් නසා රහත් වූ හ. [1]
- ^ මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමි, පට්ඨාන මහා පකරණ සන්නය