වළගම්බා හෙවත් වඨ්ඨගාමිණි අභය ( වළගම්බාහු ) ක්‍රි.පු. 103 සිට 77 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු කැරළි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ පරාජයට පත් වි සිහසුන අහිමිවිය. නමුත් වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනිමට එතුමාට හැකි විය. මාතලේ අළුවිහාරයේදි මුල්වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම එතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවු මහඟු ක්‍රියාවලියකි.(මේ සදහා ප්‍රාදේශීය පාලකයෙක් සහය වූ බව සදහන් වෙතත් වළගම්බා අනුග්‍රහය දැක්වූබවක් මහා වංශයේ නොදැක්වේගමෙය විමසිය යුතු කරැනකි.බොහෝ දුරට වළගම්බාවන් සහය නොවූ බවට සාධක තිබේ.සහය වූවානම් ඒ සදහා මූලාශ්‍ර සැපයිම අවශ්‍ය වේ) ඒමෙන්ම විශාල වෙහෙර විහාර කරවිමටද එතුමා කටයුතු යොදන ලදි. ඒයින් අභයගිරි විහාරය හා rස්ථුපය රන්ගිරි දඹුළු රජමහා විහාරය ප්‍රධානියක් ගනි.

වළගම්බා රජ
ශ්‍රී ලංකාවේ රජ
රාජ්‍ය සමයක්‍රි.පු. 103 ,ක්‍රි.පු. 89 සිට ක්‍රි.පු. 77
පූර්වප්‍රාප්තිකයාමහාරඨ්ඨක
අනුප්‍රාප්තිකයාමහකුලි මහතිස්ස
වල්ලභයාඅනුලාදේවිය
සෝමාදේවිය
සම්පූර්ණ නාමය
වඨ්ඨගාමිණි අභය

සිහසුනට පත් වීමසංස්කරණය

වළගම්බා රජු , සද්ධාතිස්ස රජුගේ හතර වෙනි පුතුයි. එතුමාගේ වැඩිමහල් සහෝදයන් වු තුලත්ථන , ලංජතිස්ස ( ලැමිණිතිස් ) , බල්ලාඨනාග යන රජවරුන් මෙතුමාට කලින් රාජ්‍යයත්වය දැරීයබල්ලාඨනාග රජු මරා දමා මහාරක්කත නම් රජුගේ සෙනවියා සිහසුන පැහැරගෙන තිබුණි.වළගම්බා රජු සිහසුනට පත්වූයේ මහාරක්කත ඝාතනය කිරීමෙනි.

කැරළි හා ආක්‍රමණසංස්කරණය

වළගම්බා රජු සිහසුනට පත්වන විට රටතුළ පැවතියේ ව්‍යාකූල දේශපාලන වතාවරණකි.රජුගේ පළමු රාජ්‍ය වර්ශය තුල රෝහණයේ නකුල ග්‍රාමයේ ථිය හෙවත් තිස්ස නම් බ්‍රහ්මණ වංශිකයකු සිහසුන පතා කැරැල්ලක් ඇතිකොට තිබේ.එම කාලයේදීම පංච ද්‍රවිඩ ආක්‍රමණය හෙවත් සප්ත ද්‍රවිඩ ආක්‍රමණය සිදුවිය.ද්‍රවිඩ ආක්‍රමණිකයන් හත් දෙනකුගේ නායකත්වයෙන් යුතු හත්දහසක සේනාවක් ලක්දිව ආක්‍රමණය කර තිබේ.මොවුන් වළගම්බා පරාජය කොට අනුරාධපුරයේ බලය අල්ලාගෙන තිබේ.

වලගම්බා රජු.සංස්කරණය

වලගම්බා කුමරුගේ පියා සද්ධාතිස්ස රජතුමා ය.

වළගම්බා රජතුමාගේ පාලන කාලයේ දී සතුරු කරදර කිහිපයකට මුහුණ පෑමට ඔහුට සිදු විය.

මෙතුමාගේ බිසව වූ සෝමා දේවිය නිර්භීත කාන්තාවකි.

අභයගිරිය දාගැබ ගැනීම, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරවීම මේ රජතුමාත් ඉන් ඉටු වූ වැදගත් සේවා ය.

බැමිණිතියාසාය සාගතය නිසා එතෙක් ධර්මය කට පාඩමින් රැගෙන අය භික්ෂූහු පිරිසක්ද අපවත් වූහ ඒ නිසා මෙසේ කටපාඩමින් පමණක් ධර්මය රැක ගැනීම අනාගතය දී බුදුදහමට හානී දායක වන බව වටහා ගත් ඒ බුද්ධිමත් රජතුමා මෙසේ ධර්මය පොත් වල ලියන වීමට කටයුතු යෙදීය.

වළගම්බා රජුගේේ සොහොයුරු ඛල්ලාටනාග ය. ඛල්ලාටනාග රජුගේ පුතා මිය යෑම නිසා වළගම්බා රජතුමා පිතු රාජ වශයෙන් හැඳින්විය යැයි මහාවංශයේ සඳහන්වේ. පිතුරාජ යන නාමය සෙල්ලිපිවල පිතමහරජ වශයෙන් යෙදී තිබේ. පසුව පිත රජ වශයෙන් යෙදී තිබේ.

වළගම්බා රජතුමා තම රටවැසියන්ගේ යහපත උදෙසා බොහෝ දෑ කළය.

භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය දියුණු කිරීමට පිරිවෙන් ඉදිකිරිමට එතුමා උනන්දු විය.

තම බිසව වූ සෝමා දේවිය සතුරන් ඉදිරියට ගිය තැන සිහිවීම පිණිස තැනක් සෝමාරාමය ඉදි කරවා ඒ භික්ෂූන් වහන්සේලාට පූජා කිරීමට කටයුතු යෙදීය.

වළගම්බා රජතුමා යනු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි.

බාහිර සබැදිසංස්කරණය

වළගම්බා රජ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
මහාරට්ඨක
අනුරාධපුර රජ
ක්‍රි.පු. 103 ,ක්‍රි.පු. 89 සිට ක්‍රි.පු. 77
අනුප්‍රාප්තික වූයේ
මහකුලි මහතිස්ස
"https://si.wikipedia.org/w/index.php?title=වළගම්බා_රජ&oldid=458367" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි