G 15 රටවල් එකමුතුව
මෙම G 15 රටවල් එකමුතුව (G-15) යන අවිධිමත් සංසදය පිහිටුවා ඇත්තේ ලෝක වෙළඳ සංවිධානය (WTO) සහ G 7 රටවල් එකමුතුව වැනි වෙනත් ජාත්‍යන්තර සංවිධාන සඳහා සහයෝගය ලබා දීමට ය. ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාවේ වර්ධනය හා සමෘද්ධිය පොදු ඉලක්කය කරගත් මෙය ස්ථාපිත කරන ලද්දේ 1989 සැප්තැම්බර් දී යුගෝස්ලාවියාව, බෙල්ග්රේඩ් හි පවත්වනු ලැබූ නවවැනි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව රැස්වීමේ දී ය. G-15 අවධානය යොමු කරනු ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජන, වෙළෙඳ සහ තාක්ෂණික අංශවල සහයෝගීතාවයයි. සාමාජිකත්ව රටවල් ගණන 18 දක්වා ඉහළ ගියද මෙහි නම තවම නොවෙනස් ව පවතී. චිලී, ඉරානය, කෙන්යාව තවමත් සාමාජිකත්වය දරණ අතර යුගෝස්ලාවියාව තවදුරටත් සාමාජිකත්වය නොදරයි. ආරම්භක සාමාජික රාජ්‍යයක් වූ පේරු 2011 වසරේ දී G-15 හැර යාමට තීරණය කළේය.
සංස්ථාපනය | 1989 1990 (සමුළුව) |
---|---|
අභිප්‍රාය | සංවර්ධනය වෙමින් පවතින් රටවල වැඩි සහයෝගිතාවයක් ඇති කිරීම සදහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. |
පිහිටුම |
|
Membership | 17
ඇල්ජීරියාව ආජන්ටිනාව බ්‍රසීලය චිලී ඊජිප්තුව ඉන්දියාව ඉන්දුනීසියාව ඉරානය ජැමෙයිකාව කෙන්යාව මැලේසියාව මෙක්සිකෝව නයිජීරියාව සෙනෙගල් ශ්‍රී ලංකාව වෙනිසියුලාව සිම්බාබ්වෙ |
G-15 Chair | කෙන්යාව |
Affiliations | G-15 Chair |
වෙබ් අඩවිය | www.g15.org |
ව්‍යුහය හා ක්‍රියාකාරකම්
සංස්කරණයG-15 හි අරමුණු කිහිපයක් පහත වේ:
- සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයක් වර්ධනය කිරීම.
- සංවර්ධනය වෙමින් පවතින රටවල ට ලෝක තත්ත්වය හා ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා මගින් ඇති වන බලපෑම ක්‍රමවත් ලෙස සමාලෝචනය කිරීම.
- සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා වූ දැක්මක් සමගින් උපදේශන සේවය ලබා දීම.
- South-South cooperation සඳහා නව සහ ස්ථිර යෝජනා ක්‍රම හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම හා ඔවුන්ට වඩා පුළුල් වූ සහයෝගයක් ලබා දීම.
- ගැටලු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වඩාත් ධනාත්මක සහ ඵලදායී නව ක්‍රම සොයා ගැනීම.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ලෝක බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර සංවිධාන මෙන් නොව G-15 පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමෙන් වැලකී සිටී. නමුත් G-15 ජිනීවා හි පිහිටා ඇති තාක්ෂණික සහාය පහසුකම් (TSF) වලින් සමන්විතය. මෙම TSF හි කාර්යයන් සඳහා මඟ පෙන්වීම කරනු ලබන්නේ වත්මන් වසර සඳහා වන සභාපති විසින් වන අතර G-15 හි කටයුතු සහ අරමුණු සඳහා සහාය ද සපයයි. G-15 හි අනෙකුත් කොටස් හා කාර්යයන් පහත පරිදි වේ:
- රාජ්‍ය නායකයින් හා රජයේ සමුළුව : G-15 සමුළුව ද්විවාර්ෂික ව සංවිධානය කරනු ලබන අතර එය පවත්වනු ලබන ස්ථානය ලෙස G-15 සාමාජික වන සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශ තුනෙන් එකක් තෝරා ගනී.
- විදේශ කටයුතු ඇමතිවරුන් ගේ වාර්ෂික රැස්වීම් : ඉදිරියේ පවත්වන සමුළු පිළිබඳ කටයුතු සාකච්ඡා කිරීමට සහ කණ්ඩායම් කටයුතු සම්බන්ධීකරණය කිරීමට G-15 හි විදේශ කටයුතු අමාත්‍යවරුන් වසරකට වරක් හමු වේ.
- මෙහෙයුම් කමිටුව (ත්‍රිත්වය): මෙහෙයුම් කමිටුව හෝ ත්‍රිත්වය විදේශ ඇමතිවරු තුන් දෙනෙකුගෙන් වේ. එනම්, පෙර සමුළුවේ සත්කාරක රට, වර්තමාන සත්කාරක රට සහ අපේක්ෂිත ඉදිරි සත්කාරක රට යන රටවල් තුනෙහි ඇමති වරුන්ය. මොවුන් තිදෙනා අධීක්ෂණ හා සම්බන්ධීකරණ කටයුතු සඳහා වගකිව යුතු වේ.
- රාජ්‍ය නායකයින් සහ රජයේ පෞද්ගලික නියෝජිතයින්: ජිනීවා හි නිතර හමු වීම සඳහා එක් එක් සාමාජික රටක් නියෝජනය කරමින් පෞද්ගලික නියෝජිතයින් පත් කර ඇත.
මීට අමතරව Federation of Chambers of Commerce, Industry and Services (FCCIS) යනු G-15 සාමාජික රටවල් විසින් පිහිටුවා ගන්නා ලද සංවිධානයකි.
2010 වර්ෂයේ දී G-15 හි සභාපතීත්වය ශ්‍රී ලංකාව භාර ගනු ලැබීය. ඒ ටෙහෙරාන් හි පැවති 14 වැනි G-15 සමුළුව අවසානයේදී ය.
සාමාජිකයන් රටවල් සහ සංවිධාන
සංස්කරණයප්රදේශය | සාමාජිකයා | නායක | විදේශ අමාත්‍යවරයා | ජනගහනය |
ද.දේ.නි. (ඇ.ඩො.බි.) | ඒකපුද්ගල ද.දේ.නි. (ඇ.ඩො.බි.) | ||
---|---|---|---|---|---|---|---|---|
අප්‍රිකාව | ඇල්ජීරියාව |
ජනාධිපති |
අබ්ඩිලාසිස් බෞටෙෆ්ලිකා |
විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
මෞරාඩ් මෙඩෙල්සි |
35,954,000 | 263.7 | 7,333 |
ඊජිප්තුව |
ජනාධිපති |
අබ්ඩිල් ෆටා එල්සිස් | විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
නබිල් ෆාමි |
79,356,000 | 519.0 | 6,540 | |
කෙන්යාව |
ජනාධිපති | උහුරු කෙන්යාටා | විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
අමිනා මොහොමඩ් |
40,910,000 | 71.4 | 1,746 | |
ජනාධිපති |
මහාමදු බුහරි |
විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
ගියොෆෙරි ඔනියෙමා |
174,507,539 | 1109 | 6,204 | ||
සෙනෙගල් |
ජනාධිපති |
මැකි සාල් |
විදේශ සම්බන්ධතා
අමාත්‍යවරයා |
මන්කූර් නදියෙ |
13,443,000 | 25.2 | 1,871 | |
සිම්බාබ්වේ |
ජනාධිපති |
රොබඩ් මුගාබි |
විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
සිම්බරාසෙ මුම්බෙන්ගෙග්වි |
12,575,000 | 6.1 | 487 | |
ආසියාව | අගමැති | නරේන්ද්‍ර්‍ර මොදි |
විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
ශුශ්මා ස්වරාජ් |
1,326,917,000 | 9457.8 | 7,994 | |
ඉන්දුනීසියාව |
ජනාධිපති |
ජොකො විඩොඩො |
විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
රෙට්නො මර්සුදි |
241,030,000 | 1124.6 | 10,585.4 | |
ඉරානය |
ජනාධිපති | හසාන් රෞහානි | විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
මොහොමඩ් ජවාඩ් සාරිෆ් |
75,859,000 | 990.2 | 13,053 | |
ජනාධිපති | නජිබ් ටුන් රසාක් |
විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
අනිෆා අමාන් |
28,731,000 | 447.3 | 15,568 | ||
ජනාධිපති | මෛත්‍රීපාල සිරිසේන |
බාහිර සම්බන්ධතා අමාත්‍යවරයා |
මංගල සමරවීර |
20,541,000 | 116.5 | 5,674 | ||
ලතින් ඇමරිකානු සහ
කැරිබියානු |
ජනාධිපති | මෞරිසියො මැක්‍රී |
විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා , ජාත්‍යන්තර වෙලදාම සහ වන්දනාව | සුසාන මල්කොර්‍රා | 43,417,000 | 816.4 | 17,516 | |
ජනාධිපති | මිචෙල් ටිම |
බාහිර සම්බන්ධතා අමාත්‍යවරයා |
ජොසේ සෙර්‍රා | 205,338,000 | 3294.2 | 11,769 | ||
චිලි |
ජනාධිපති | මිචෙලි බැචෙලෙට් |
විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
හෙරල්ඩො මුනොස් | 18,006,407 | 299.6 | 17,222 | |
ජැමෙයිකාව |
අගමැති | ඇන්ඩෘ හොල්නෙස් |
විදේශ සම්බන්ධතා සහ විදේශ වෙලද අමාත්‍යවරයා |
කමීන ජොන්සන් ස්මිත් | 2,741,000 | 24.8 | 9,029 | |
ජනාධිපති | එන් රික් පෙනා නෙල්ටො |
විදේශ සම්බන්ධතා ලේඛම් |
ජොසේ ඇන්ටෝනියෝ මීඩේ කුරිබ්‍රෙනා |
119,530,753 | 2999.6 | 14,610 | ||
වෙනිසියුලාව |
ජනාධිපති | නිකොලස් මදුරො | විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා |
ඩෙල්සි රුද්‍රිගු | 31,416,000 | 374.1 | 12,568 |
G-15 සමුළු
සංස්කරණයසමුළුව | දිනය |
සත්කාරක රට | සත්කාරක නගරය | සත්කාරකයා |
---|---|---|---|---|
1 වැනි G-15 සමුළුව | 1990 ජුනි 1–3 | මැලේසියාව | ක්වාලා ලාම්පූර් | මහතීර් මොහොමඩ් |
2 වැනි G-15 සමුළුව | 1991 නොවැම්බර් 27–29 | වෙනිසියුලාව | කැරකස් | කාර්ලෝස් අන්ඩ්‍රේස් |
3 වැනි G-15 සමුළුව | 1992 නොවැම්බර් 21–23 | සෙනෙගල් | ඩකාර් | අබ්ඩො ඩිඔෆ් |
4 වැනි G-15 සමුළුව | 1994 මාර්තු 28–30 | ඉන්දියාව | නව දිල්ලිය | පි.වි. නරාශිමහ රෞ |
5 වැනි G-15 සමුළුව | 1995 නොවැම්බර් 5–7 | ආර්ජන්ටිනාව | බූයනොස් එරිස් | |
6 වැනි G-15 සමුළුව |
1996 නොවැම්බර් 3–5 | සිම්බාබ්වේ | හරාරේ | රොබඩ් මුගාබි |
7 වැනි G-15 සමුළුව | 1997 ඔක්තොබර් 28 – නොවැම්බර් 5 | මැලේසියාව | ක්වාලා ලාම්පූර් | මහතිර් මොහොමඩ් |
8 වැනි G-15 සමුළුව | 1998 මැයි 11–13 | ඊජිප්තුව | කයිරො | |
9 වැනි G-15 සමුළුව | 1999 පෙබරවාරි 10–12 | ජැමෙයිකාව | මොන්ටෙගො බොක්ක | පි.ජෙ. පාටසන් |
10 වැනි G-15 සමුළුව | 2000 ජුනි 19–20 |
ඊජිප්තුව | කයිරො | හොස්නි මුබාරක් |
11 වැනි G-15 සමුළුව | 2001 මැයි 30–31 | ඉන්දුනීසියාව | ජාකර්තා |
අබ්ඩුර්මන් වහිඩ් |
12 වැනි G-15 සමුළුව | 2004 පෙබරවාරි 27–28 | වෙනිසියුලාව | කැරකස් | හුගො චාවිස් |
13 වැනි G-15 සමුළුව | 2006 සැප්තම්බර් 14 | කියුබාව | හවානා | |
14 වැනි G-15 සමුළුව | 2010 මැයි 17 | ඉරානය | ටෙහෙරාන් | මොහොමඩ් |
15 වැනි G-15 සමුළුව | 2012 | ශ්‍රී ලංකාව | කොළඹ | මහින්ද රාජපක්ෂ |
තවදුරටත්
සංස්කරණය- Global System of Trade Preferences among Developing Countries (GSTP)
සටහන්
සංස්කරණයයොමු
සංස්කරණය- Haas, P.M. (1992). "Introduction. Epistemic communities and international policy coordination", International Organization 46,1:1-35. ISSNISSN 0020-8183, E-ISSNISSN 1531-5088
- Bob Reinalda and Bertjan Verbeek. (1998). Autonomous Policy Making by International Organizations London: Routledge. ISBN 9780415164863; ISBN 978-0-203-45085-7; OCLCOCLC 39013643
බාහිර යොමු
සංස්කරණය- G-15 official website සංරක්ෂණය කළ පිටපත 2017-09-12 at the Wayback Machine
- G-15 Summit in Tehran - Part I Part II යූ ටියුබ් වෙත Part III යූ ටියුබ් වෙත (Free PressTV documentary)
- IMF