සාරු මාරු යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන විහාර සංකීර්ණයකින් සහ බෞද්ධ ලෙන් සමූහයකින් යුත් පුරාවිද්‍යා අඩවියකි. මෙය පිහිටියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සෙහොරේ දිස්ත්‍රික්කයේ බුධානි ටෙහ්සිල් හි පංගෝරාරියා ගම්මානය අසල ය.[1][2] මෙම ස්ථානය සාංචියට 120 km පමණ දකුණින් පිහිටියේ ය.

සාරු මාරු
සාරු මාරු
සාරු මාරු හි මහා ස්තූපය
සාරු මාරු හි මහා ස්තූපය
සාරු මාරු is located in ඉන්දියාව
සාරු මාරු
ඉන්දියාව තුළ පිහිටීම
සාරු මාරු is located in මධ්‍ය ප්‍රදේශ්
සාරු මාරු
සාරු මාරු (මධ්‍ය ප්‍රදේශ්)
ඛණ්ඩාංක22°43′48″N 77°31′12″E / 22.729949°N 77.519910°E / 22.729949; 77.519910ඛණ්ඩාංක: 22°43′48″N 77°31′12″E / 22.729949°N 77.519910°E / 22.729949; 77.519910
මාදිලියබෞද්ධ ජනාවාසය, ස්තූප සහ ලෙන්
මෙහි යටත් පෙදෙසකිපන්ගෝරාරියා

විස්තරය සංස්කරණය

මෙම ස්ථානයෙහි ස්තූප ගණනාවක් මෙන්ම භික්ෂූන්ගේ වාසයට භාවිතා කළ ස්වාභාවික ලෙන් ගණනාවක් ද දක්නට ලැබේ. ලෙන්වල ස්වස්තිකය, ත්‍රිරත්න, කලස යනාදී බෞද්ධ සංකේත දක්නට ලැබේ. ප්‍රධාන ලෙනෙහි අශෝක රජුගේ අභිලේඛන ද්විත්වයක් වේ: ඉන් එකක් අශෝකගේ ආඥාවක් වන සුළු ශිලා ආඥා අංක 1හිම ප්‍රභේදනයකි. අනෙක් අභිලේඛනයෙන් කියැවෙන්නේ පියදසි (අශෝක රජුගේ විරුද නාමයකි) මහාරාහකුමාර (කුමරුගේ) චාරිකාවක් පිළිබඳවයි.[1][2]

 
අනුස්මරණ අභිලේඛනය

පියදසි නාම/ රාජකුමාල ව/ සංවාසමනෙ/ ඉමං දේසං පපුනිථ/ විහාර(ය)තාය්(ඒ)

"(රාජාභිෂේකයෙන් පසුව) "පියදසි" නම් (වූ) රජ (වරෙක) සිය අවිවාහක බිසව සමඟ සිටි (පාලක) කුමාර අවධියේ විනෝද චාරිකාවක් සඳහා මෙම ස්ථානයට පැමිණියේ ය."

— අශෝකගේ පැමිණීම අනුස්මරණය කරන අභිලේඛනය, සාරු මාරු. පරිවර්තනය ෆෝක් විසිනි.[3][4]

එම අභිලේඛනයට අනුව අශෝක නෙම බෞද්ධ විහාර සංකීර්ණය බැහැදැක ඇත්තේ කුමාර සමයේ මධ්‍ය ප්‍රදේශයේ පාලකයාව සිටි කාලයේ ය. එකල ඔහුගේ නිවහන වූයේ වීදිශාවයි.[1] බෞද්ධ සම්ප්‍රදායයෙහි අශෝකගේ භාර්යාව වීදිශාදේවී ලෙස හඳුන්වනු ලබයි.

සම්පූර්ණ අනුස්මරණ අභිලේඛනය සංස්කරණය

සාරු මාරු හි අශෝකගේ අනුස්මරණ ගිරි ලිපිය, මධ්‍ය ප්‍රදේශ්.
පරිවර්තනය
(සිංහල)
ප්‍රතිලේඛනය ප්‍රතිලේඛනය
(බ්‍රාහ්මී අක්ෂර)
අභිලේඛනය
(ප්‍රාකෘත බසින් බ්‍රාහ්මී අක්ෂරවලින්)

(රාජාභිෂේකයෙන් පසුව) "පියදසි" නම් (වූ) රජ (වරෙක) සිය අවිවාහක බිසව සමඟ සිටි (පාලක) කුමාර අවධියේ විනෝද චාරිකාවක් සඳහා මෙම ස්ථානයට පැමිණියේ ය.

— අශෝකගේ පැමිණීම අනුස්මරණය කරන අභිලේඛනය, සාරු මාරු. පරිවර්තනය ෆෝක් විසිනි.[6]

පියදසි නාම
රාජකුමාල ව
සංවසමනෙ
ඉමං දේසං පපුනිථ
විහාර(ය)තය්(ඒ)

 

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 Gupta, The Origins of Indian Art, p.196
  2. 2.0 2.1 Archaeological Survey of India
  3. Allen, Charles (2012). Ashoka: The Search for India's Lost Emperor (ඉංග්‍රීසි බසින්). Little, Brown Book Group. pp. 154–155. ISBN 978-1-4087-0388-5.
  4. Falk, Harry. The Preamble at Panguraria (ඉංග්‍රීසි බසින්). p. 119.
  5. Sircar, D. C. (1979). Asokan studies. Plate XVI.
  6. Allen, Charles (2012). Ashoka: The Search for India's Lost Emperor (ඉංග්‍රීසි බසින්). Little, Brown Book Group. pp. 154–155. ISBN 9781408703885.

බාහිර සබැඳි සංස්කරණය

අශෝක ආඥා
(රාජ්‍ය. ක්‍රි.පූ. 269–232)
අශෝක රජුගේ
රාජ්‍ය වර්ෂ
ආඥා ප්‍රභේදය
(සහ අභිලේඛනයේ පිහිටීම)
භූගෝලීය පිහිටීම
වර්ෂය 8 කාලිංග යුද්ධයේ අවසානය සහ "ධර්මය" වැළඳ ගැනීම
 
 
උදේගෝලම්
 
නිට්ටූර්
 
බ්‍රහ්මගිරි
 
ජතිංගා
 
රාජුල මණ්ඩගිරි
 
සාසාරාම්
 
අයි ඛානූම්
(ග්‍රීක නගරය)
  සුළු ශිලා ආඥාවල (ආඥා 1, 2 & 3) පිහිටීම
  සුළු ශිලා ආඥා ලෙස වර්ග කෙරෙන සෙසු අභිලේඛන.
  මහා ශිලා ආඥාවල පිහිටීම.
  සුළු ස්තම්භ ආඥාවල පිහිටීම.
  මහා ස්තම්භආඥාවල මුල් පිහිටුම.
  අගනගර
වර්ෂය 10[1] සුළු ශිලා ආඥා සම්බන්ධිත සිදුවීම:
බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ බැහැදැකීම
මහාබෝධි විහාරය සහ බුද්ධ ගයාවේ වජ්‍රාසනය ඉදිකිරීම
ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය.
සංඝයාගේ අසමගිය
තෙවන ධර්ම සංගායනාව
ඉන්දියානු භාෂාවෙන්: සෝහ්ගෞරා අභිලේඛනය
අශෝක ස්තම්භ පිහිටුවීම්ེ
කන්දහාර් ද්විභාෂා ශිලාලේඛය
(ග්‍රීක සහ අරමයික භාෂාවලින්, කන්දහාර්)
අරමයික-භාෂා සුළු ශිලා ආඥා:
ලඝ්මන් අභිලේඛනය, තක්ෂිලා අභිලේඛනය
වර්ෂය 11 සහ පසුව සුළු ශිලා ආඥා (අංක 1, 2 සහ 3)
(පාංගුරාරියා, මස්කි, පල්කිගුණ්ඩු සහ ගවිමාත්, බහපූර්/ශ්‍රීනිවාස්පූරි, බායිරාට්, අහ්රෞරා, ගුජරා, සාසාරාම්, රාජුලා මණ්ඩගිරි, යේරාගුඩි, උඩේගෝලම්, නිට්ටූර්, බ්‍රහ්මගිරි, සිද්දපූර්, ජතිංගා-රාමේශ්වර)
වර්ෂය 12 සහ පසුව[1] බරාබර් ලෙන් අභිලේඛනය මහා ශිලා ආඥා
සුළු ස්තම්භ ආඥා ග්‍රීක බසින් යුත් මහා ශිලා ආඥා: ආඥා අංක 12-13 (කන්දහාර්)

ඉන්දියානු භාෂාවලින් යුත් මහා ශිලා ආඥා:
ආඥා අං.1 ~ අං.14
(ඛරෝෂ්ඨී අක්ෂරවලින්: ෂහ්බාස්ගර්හී, මාන්සෙහ්රා ආඥා
(බ්‍රාහ්මී අක්ෂරවලින්: කල්සී, ගිර්නාර්, සෝපාරා, සන්නති, යේරාගුඩි, දිල්ලි ආඥා)
මහා ශිලා ආඥා 1-10, 14, තනි ආඥා 1&2:
(ධෞලි, ජෞගාදා)
සංඝභේද ආඥාව, බිසවගේ ආඥාව
(සාරනාත් සාංචි අලහබාද්)
ලුම්බිණි අභිලේඛනය, නිගාලි සාගර් අභිලේඛනය
වර්ෂය 26, 27
සහ පසුව[1]
මහා ස්තම්භ ආඥා
ඉන්දියානු භාෂාවලින්:
මහා ස්තම්භ ආඥා අං.1 ~ අං.7
(අලහබාද් ස්තම්භය දිල්ලි ස්තම්භය ටොප්රා කලාන් රාම්පූර්වා ලෞරියා නන්දන්ගාර් ලෞරියා-අරාරාජ් අමරාවතී)

අරමයික බසින් ව්‍යූත්පන්න ශිලා ලේඛන:
කන්දහාර්, ආඥා අං.7[2][3] සහ පුල්-ඉ-දරුන්තේ, ආඥා අං.5 හෝ අං.7[4]

  1. 1.0 1.1 1.2 Yailenko,Les maximes delphiques d'Aï Khanoum et la formation de la doctrine du dhamma d'Asoka, 1990, p. 243.
  2. Inscriptions of Asoka de D.C. Sircar p. 30
  3. Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39
  4. Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39
"https://si.wikipedia.org/w/index.php?title=සාරු_මාරු&oldid=518737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි