ධෞලි

කන්දේ මුදුන වෙත දිවෙන මාර්ගයේ පසෙක වූ ගිරි කුලක කැටයම් කළ අශෝක අධිරාජයාගේ ප්‍රධාන ආඥාවකි.

ධෞලි කඳු (ඔඩියා: ଧଉଳିଗିରି) පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඔඩිෂාවේ භුබනේස්වර් සිට 8 km දකුණින් දයා ගංගා ඉවුරේ ය. විශාල විවෘත ප්‍රදේශයකින් සමන්විත මෙම කඳුගැටයේ මුදුන තෙක් දිවෙන මාර්ගයේ පසෙක වූ ගිරි කුළක අශෝක අධිරාජයාගේ ප්‍රධාන රාජාඥාවක් සඳහන්ව ඇත. ධෞලි කඳු ප්‍රදේශය කාලිංග යුද්ධය සිදුවූ ප්‍රෙද්ශය යැයි අනුමාන කෙරේ.[1]

ධෞලිගිරියේ ශාන්ති ස්තූපය
ධෞලි අශෝක රජුගේ ප්‍රධාන ශිලා ලේඛනයක්. ඉදිරිපස හස්තියකුගේ හැඩයට සකසා ඇත. ධෞලි, පූරි දිස්ත්‍රික්කය, ඉන්දියාව.

මෙහි හමුවන ශිලා ආඥා අතරට අංක I-X, XIV ශිලා ලිපි සහ වෙනත් කාලිංග ආඥා දෙකක්ද ඇතුළත් වේ. කාලිංග ආඥාව VI තුළ, "සමස්ත ලෝකයටම සෙත සැලසීම" සඳහා තමන් තුළ ඇති අභිප්‍රාය නිරූපණය වේ. රාජාඥාවලට ඉහළින් ගලෙන් නෙළන ලද හස්ති රුව ඔඩිෂාවෙන් පැරණිතම බෞද්ධ ප්‍රතිමා නිර්මාණය ලෙස සැලකේ. මෙම හස්ති රුවේ දැක්වෙන්නේ අලියාගේ ඉදිරි කොටස පමණි. නමුත් එහි ස්වරූපය සහ ජංගම ස්වභාවය මැනවින් නිරූපණය කොට ඇත.

සටන සිදුවූ ධෞලි සම්බන්ධයෙන් අශෝකගේ විශේෂ දුර්වලතාවක් පැවතිණි. සටනේ දී දයා ගංගාවේ ජලය රතු පැහැයට හැරුණු බවත්, බොහෝ ජනයා මියගිය බවත් පැවසේ. මේ නිසා අශෝක යුද්ධය සමග සම්බන්ධ නිරර්ථක බව වටහා ගත්තේ ය. මේ නිසා ධෞලි බෞද්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් විය. එහි ඔහු චෛත්‍ය, ස්තූප සහ ස්තම්භ පිහිටුවී ය. භික්ෂූන් සඳහා ආරාම තැනවූ ඔහු නිලධාරීන් සඳහා උපදෙස් සෙල් ලිපි පිහිටුවී ය. මහජනයා සඳහා දණ්ඩනීතිවල මූලික සිද්ධාන්ත ගෙනහැර දැක්වී ය. ධෞලියේ ස්තූප ඇතුළු සිය නව රාජධානිය සඳහා ඔහු විශේෂ තත්ත්වයක් ලබාදුන්නේ ය.[2]

ධෞලි ශාන්ති ස්තූපයේ ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්

1970 දශකයේ දී ජපන් බුද්ධ සංඝ සහ කාලිංග නිපොන් බුද්ධ සංඝ සංවිධාන විසින් කන්ද මුදුනෙහි අලංකාර සුදු පැහැ සාම ස්තූපයක් ගොඩනංවන ලදී.

ධෞලගිරියේ ආලෝක සහ ශබ්ද ප්‍රසංගයක්

යාබද ප්‍රදේශයේ ද අශෝකානු ආඥා හමුවන අතර, තංකපාණි මාවතේ භාස්කරේශ්වර් දේවාල භූමියෙන් ස්තූපයක යැයි සිතිය හැකි නටබුන් හමු නොවේ. ධෞලිගිරි කන්දේ පුරාතන ශිව දේවාලයක් ද පිහිටි අතර, ශිව රාත්‍රී උත්සවයේ දී එය රැස්වීම් ස්ථානයක් ලෙස ද භාවිතා වේ.

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

ඛණ්ඩාංක: 20°11′32.54″N 85°50′22.16″E / 20.1923722°N 85.8394889°E / 20.1923722; 85.8394889


"https://si.wikipedia.org/w/index.php?title=ධෞලි&oldid=586996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි