සරසවිය හොඳම ගායකයා සම්මානය

සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය ඉදිරිපත් කරනු ලබන්නේ සරසවිය සම්මාන උළෙල මඟිනුයි. සරසවිය නම් ලේක් හවුස් නිෂ්පාදන සමාගමේ සතිපතා පුවත්පතකි. මෙම සම්මාන මුලින් පිරිනමනු ලැබූයේ 1964 වර්ෂයේදීය.මෙම සම්මානය පසු කලකදී හඳුන්වා දෙනු ලැබූවකි.

ඉතිහාසය පුරාවට සම්මාන ලබා ගත් පුද්ගලයින්ගේ නාමයන් පහත දැක්වේ.

වසර ගායකයා චිත්‍රපටිය
1964 නාරද දිසාසේකර රන්මුතුදූව
1965 ඩබ්. ඩී. අමරදේව ගැටවරයෝ
1966 මොහිදීන් බෙග් අල්ලපු ගෙදර
1967 ඩබ්. ඩී. අමරදේව සැනසුම කොතැනද
1968 ඩබ්. ඩී. අමරදේව සත් සමුදුර
1969 වික්ටර් රත්නායක ආදරවන්තයෝ
1970 ඩබ්. ඩී. අමරදේව බිනරමලී
1971–1979 සම්මාන නැත
1980 ඩබ්. ඩී. අමරදේව මුවන් පැලැස්ස
1981 ඩබ්.ඩී. අමරදේව සිරිබෝ අයියා
1982 ඩබ්. ඩී. අමරදේව ආරාධනා
1983 එච්.ආර්. ජෝතිපාල මිහිදුම් සිහින
1984 මිල්ටන් මල්ලවආරච්චි ඈතින් ඈතට
1985 ෂෙල්ටන් පෙරේරා සසර චේතනා
1986 එච්.ආර්. ජෝතිපාල ඔබට දිවුරා කියන්නම්
1987 සුනිල් එදිරිසිංහ පූජා
1988 සනත් නන්දසිරි මංගල තෑග්ග
1989 සුනිල් එදිරිසිංහ සඳකඩපහණ
1990 අමරසිරි පීරිස් සිරිමැඳුර
1991 විජය කුමාරතුංග සහරාවේ සිහිනය
1992 විජය කුමාරතුංග දොළොස් මහේ පහණ
1993 ග්‍රේෂන් ආනන්ද රජ දරුවෝ
1994 රූකාන්ත ගුණතිලක සප්ත කන්‍යා
1995 ඩබ්. ඩී. අමරදේව අහස් මාළිගා
1996 රූකාන්ත ගුණතිලක චිටී
1997 ගුණදාස කපුගේ බිතුසිතුවම්
1998 ගුණදාස කපුගේ වීසීදැල
1999–2001 සම්මාන නැත
2002 සුනිල් එදිරිසිංහ පොරොන්දුව
2004 අමරසිරි පීරිස් රජ්ජුමාලා
2005
2006
2007 කසුන් කල්හාර සිකුරු හතේ
2008 එඩ්වඩ් ජයකොඩි සිරි රජ සිරි