රජ්ජුමාලා
රජ්ජුමාලා යනු 2004 වසරේ දී තිරගත වූ සිංහල චිත්‍රපටියකි. මෙහි ඇති විශේෂත්වය වනූයේ බන්දු සමරසිංහ විසින් හාස්‍යෝත්පාදක රංගනයෙන් මිදී අද්භූත චරිතයකට රඟපෑමයි.
රජ්ජුමාලා | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | අනුර චන්ද්‍රසිරි |
නිෂ්පාදනය | චිත්‍රාණි හිඳුරංගල |
කතාවස්තුව | අනුර චන්ද්‍රසිරි |
සංගීතය | නාලක අන්ජන කුමාර |
නිකුත්වූ දිනය(න්) | 21/10/2004 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
කතාවසංස්කරණය
සේකර(බන්දු) අවුරුදු 40ක් වයසැති වලව් උරුමක්කරුවෙකි. ඔහුගේ මව අංශභාගී රෝගියෙකි, ඇය ජීවිකාව ගෙනයන්නේ රෝද පුටුව ආදාරයෙනි. ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු වලදී අන් ව්‍යාපාරිකයන් සමඟ සහයෝගීතාවයක් හෝ සම්භන්ධතාවයක් නොවීය. සේකර දවල් හීන ද දකින්නෙකි. ඔහු දකින හැම සිහිනයකම තමන් මරා දමන දර්ශන වීය. ඔහු බටහිර සංගීතයට කැමැත්තක් දක්වයි. ඔහු බැලේ නැටුම් නැරඹීමට ද යයි.
සේකර විවාහ වූ පුන්‍යා(දිල්හානි) සමඟ රාත්‍රියේදී එකට සිටිම සේකරගේ මව තහනම් කලා ය. සේකර එක් දිනක් උමතුවෙන් මෙන් නිදන කාමරයේ සිටි තම මවගේ හිස පීරමින් සිටිනු දුටු පුණ්‍යා එය වලක්වා සේකර හට තරවටු කලා ය.
තවත් දිනෙක රාත්‍රියක පුණ්‍යා, සේකර නිද යහනෙහි නොමැති නිසා ඔහු සොයමින් ගියා ය. පසුව ඇය දුටු ඔහු නිවසෙහි සුරූපී වැඩකාරිය සමඟ එක්වී තිබෙන ආකාරය දැක අලවංගුව ගෙන ඇය දෙදෑතින් බදා පහර දී සේකරව මරා දමා සේකර දැකි සිහින ඔප්පු කරනු ලැබූවා ය.
රංගනයසංස්කරණය
- බන්දු සමරසිංහ
- දිල්හානි ඒකනායක
- රොෂාන් පිලපිටිය
- ස්විණීතා කෝන්ගහගේ
සම්මානසංස්කරණය
- හොඳම ගායකයා - සරසවිය සම්මාන 2004 - අමරසිරි පීරිස්