ගුණදාස කපුගේ
ගුණදාස කපුගේ සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහුගේ සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස වේ. ඔහු එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, කරන්දෙනිය ජාතික පාසල සහ ගාල්ල නගොඩ පාසල යන පාසල් මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි.
ගුණදාස කපුගේ | |
---|---|
ගොනුව:Gunadasa Kapuge.jpg | |
උපත | අගෝස්තු 7, 1945 |
මිය යාම | April 3, 2003 | (වයස 57)
මිය යාමට හේතුව | හදිසි අනතුරක් |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | කපුගේ |
අධ්‍යාපනය | කරන්දෙණිය මධ්‍ය මහාවිද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, භාත්කණ්ඩේ සගීත ආයතනය, ලක්නව් විශ්වවිද්‍යාලය |
රැකියාව | ගායක, ගීත රචක, සංගීතවේදී |
කලත්‍රයා(යන්) | ප්‍රේමා කපුගේ |
දරුවන් | මිත්‍ර කපුගේ, රිද්ම කපුගේ, සජානි කපුගේ |
1996 :
- ස්වර්න සන්ක සම්මානය – හොඳම කටහඬ
- විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ
1997 : රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා
- ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා
- සරසවි සම්මානය – හොඳම කටහඬ
- OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය
1998 : ජනාධිපති සම්මනය – හොඳම ගායකයා
1999 : සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය
ඔහු ලංකාවේ ඉතා ඉහල තැනක් දිනූ ඉතා වටිනා කලාකරුවෙකි. ඔහුගේ ගායන විලාසය හා ඔහුගේ ගීත බොහෝ දෙනාගේ සිත්තුල නිදන්ගතවී තිබුනි. 2003/04/03 දින ඔහු අප අතරින් සමුගත්තේය. ඔහුගේ ජීවිතය අප අතර නැතිවුනත් ඔහු ගැයූ ගීත අප සවන් තුල සදා පවතී.