විටමින් A ලෙස හඳුන්වන පෝෂ්‍ය පදාර්ථය මගින් මිනිස් ශරිරය තුළ ඉතාම වැදගත් මෙහෙයක් කරනු ලබනවා.[1]
එයින් කිහිපයක් නම්,

  • ශරිරයේ කායික වර්ධනය සඳහා
  • රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා
  • ඇස් වලට පෙනීම ලබාදිම සඳහා
  • මිනිස් ශරිරයේ ඉතාම විශාලතම ඉන්ද්‍රියවන සමේ ආරාක්ෂාවට මෙන්ම සම නිරෝගීව පවත්වා ගැනීමට
  • හිසකෙස් හා ශරිරයේ විවිධ කොටස් නීරෝගීව පවත්වා ගැනීමට
  • හොඳ ප්‍රජනක සෞඛ්‍ය තත්වයක් දිවිය තුළ පවත්වා ගැනීමට
විටමින් A හි අණු සැකැස්ම දැක්වෙන රූප සටහනක්

විටමින් A අපේ ශරිරයට ලැබෙන ආකාර සංස්කරණය

විටමින් A අපේ ශරිරයට ලැබෙන ආකාර අපට කොටස් දෙකකට වෙන් කළ හැකිය. ඒ සත්ව ආහාර, ශාක ආහාර ලෙසටයි.

සත්ව ආහාර සංස්කරණය

සත්ව ආහාර ලෙස අපි හඳුන්වන පීකුදු, බිත්තර, කිරි, යෝගට්, බටර්, චීස්, සත්ව තෙල් වර්ග. මෝරතෙල් මගින් ශරිරයට වඩා පහසුවෙන් ප්‍රයෝජනයට ගතහැකි ආකාරයෙන් විටමින් A ලබාගන්න පුළුවන්.

ශාක ආහාර සංස්කරණය

ශාක ආහාර වන ගස්ලබු, අඹ, ලාවුලු, මුකුණුවැන්න, සාරණ, කතුරුමුරුංගා, නිවිති, ගොටුකොළ, කැරට්, වට්ටක්කා, කහ බතල. තක්කාලි වැනී කෑම වර්ග මගීන් අපට විටමින් A ලැබෙනවා.

අදාල සංස්කරණය

  1. Fennema, Owen (2008). Fennema's Food Chemistry. CRC Press Taylor & Francis. pp. 454–455. ISBN 9780849392726.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=විටමින්_A&oldid=628634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි