බටර්
වෙඬරු හෙවත් බටර් කිරිපට්ටි වල හෙවත් කිරිහලවල් වල මන්ථනය කිරීමෙන් හෝ මුහුම් කරනලද ක්රීම් වලින් හෝ කිරි වලින් නිෂ්පාදනය කෙරේ. මෙය සමන්යයෙන් පතිරුම් ද්රව්යක් ලෙසද අමතර අහාර රසකාරකයක්ද වේ. බටර් වල ප්රධාන වශයෙන් මේදය, ජලය, කිරි ප්රොටීන අන්තර්ගත වේ. බටර් වැඩියෙන්ම නිෂ්පාදනය වන්නේ එළදෙනුන්ගේ කිරි මගිනි. නමුත් ඊට අමතරව බටර් ඔටුවන් , මී හර්කන්, බැටළුවන්, එළුවන් වැනි වෙනත් සතුන්ගේ කිරි මගින්ද නිෂ්පාදනය කල හැක. බටර් රසකැවීමට හා සංරක්ෂනයට ලුණු උපයෝගී කර ගන්නවා. බටර් සමන්යයෙන් කහ පැහැයක් ගෙන දේ. නමුත් මෙය සුදට හුරු කහ පැහැයටද වෙනස් කල හැක.මෙම වර්ණය බොහෝ දුරට රදා පවතින්නේ සතුන්ගේ අහාර වල පවතින පෝෂණ ගුණයෙනි.
බටර් වල ඇති සෞඛ්ය වටිනාකම:සංස්කරණය
- බටර් වල ඇති තෙල් සහිත බව මගින් හමේ සිනිදු බව හා නිරෝගී බව අති කරයි. [තහවුරු කරන්න]
- එහි පවතින විටමින් K2 මගින් අතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස්, දත් දිරායැම්, ක්ෂය රෝගය, එම්පිසිමාව හා ඇදුම වැනි රෝග වලට ප්රතිකාරකයක් ලෙස ක්රියා කරයි.
- බටර්, බාලයගේ සිට මහල්ලා දක්වා ජඨක අන්ත්රික මැලේරියා වසංගතය බෝ වීමෙන් අරක්ෂා කරයි. [තහවුරු කරන්න]
- බටර් වල පවතින කොලොස්ටරෝල් ළමයින්ගේ මොළය වර්ධනයට හා ස්නායු වර්ධනයට උපකාරී වේ.
- බටර් සන්ධි වල හා කේතු ග්රන්ථිවල අති දැඩි බව අඩු කරයි. එමෙන්ම ධමනි වල හා පටක වල දැඩී වීම වලක්වයි.
- බටර් වල අති මේද ප්රමාණය මගින් දත් දිරායම වලක්වයි. [තහවුරු කරන්න]
- ධමනි වල දුර්වලතා හා මුලික වශයෙන් ශරීරයේ අතිවන හානි වලින් ශරීරය ආරක්ෂා කරයි. [තහවුරු කරන්න]