2015 මා–ෂි හමුව සංස්කරණය

මෙම ලිපිය (P) ලෙස දැක්වීමට හේතු වූයේ එහි තොරතුරුකොටුවෙහි (තොරතුරුකොටුව සිදුවීම) සිංගප්පූරුව යන්න වැරදි ලෙස දක්වා තිබීම යි. මෙය ඉතා කුඩා කරුණක් වුවත් වැරදි මාතෘකාවකට රතු සබැඳියක් යොමු වී තිබීම නුසුදුසු යැයි සිතමි. මෙය මා විසින්ම නිවැරදි කර Y ප්‍රධානය කිරීම නුසුදුසු යැයි සිතමි. ස්තුතියි!----Randeer (talk) 11:13, 8 නොවැම්බර් 2015 (යූටීසී)Reply

තන්ජාවූර් දිස්ත්‍රික්කය සංස්කරණය

වචන ප්‍රමාණය ගණනය කර බැලුවෙමි. එය 225 (ඡේදවල පමණක්) කට ආසන්න ගණනක් විය. (Judging tool අනුව වචන සංඛ්‍යාව 322ක් පමණ වන නමුත්) ආශ්‍රිත නොසළකන ලදී. ඒ අනුව 300කට ආසන්න වචන ප්‍රමාණයක් නොතිබීම නිසා විනිශ්චය (N) ලෙස ලබාදීමට සිදු විය. තවද ජනගහනය යන ඡේදයෙහි අක්ෂර වින්‍යාස වරදක් පවතින බව (නාමයක නොවේ) දැකිය හැකිය. මෙම අඩුපාඩු සකස් කරන්නැයි ඉල්ලමි. ස්තුතියි!-----Randeer (talk) 13:36, 12 නොවැම්බර් 2015 (යූටීසී)Reply

විනිශ්චය (N) වශයෙන් ලබාදුන් ලිපියක් නැවත පිළිගත හැකිද? අපි Judging tool එක භාවිතා කරන්නේ එහි ඇති ක්‍රමවත්භාවය නිසා. ලිපියේ වචන ප්‍රමාණය අතින් ගණන් කිරීමට තිබුනානම් ටූල් එක ලිපියක වචන ප්‍රමාණය ගණනය කිරීම සදහා භාවිතා නොකර ඉන්න තිබුණා. ඔබ විසින් ලිපියේ වචන ප්‍රමාණය 225 ක් ලෙස අරුත් දැක්වූවේ කොහොමද? ලිිපියේ වචන අතින් ගණනය කිරීමේදී ආශ්‍රිත වල වචන නොසළකා හරින බව මීට පෙර කොහේ හෝ අපගේ උපමාන කොටසක දක්වා තිබුනාද? මෙහි ව්‍යාපෘති පිටුවේ උපමානය ලෙස දක්වා ඇත්තේ වචන 300ක් ලෙසයි. එහි ඊට වැඩි යමක් දක්වා නැහැ. මේ නිසා ඔබේ ඒකමතික උපමාන අනූව සිංහල විකිය තුලදී ආශ්‍රිත හී දක්වා ඇති වචන නොසලකා හරින බව පැවසීම හා Judging tool භාවිතයෙන් ලිපිය එක්වරම ප්‍රතික්ෂේප කොට දැමීම ගැටළු සහගතයි. එසේම ටූල් එකට අදාල සාකච්ඡා පිටුවේ මෙසේ දක්වා තිබෙනවා. 3,500 bytes is the size of the page as reported by the MediaWiki software, and 300 words counts only the text of the article (i.e. excluding articles, categories, references, tables, etc) මම හිතන්නෙ ටූල් එක මින් පරිභාහිරව ප්‍රතිඵල ලබා දෙන ලෙස තනා නැහැ. මේ නිසා Judging toolහී අදාල උපමාන සංතෘප්ත කොට තිබියදී ලිපිය ප්‍රතික්ෂේප කිරීම මාගේ අදහස අනූව පිළිගන්න බැහැ. මොකද Judging toolහී ලිපියක වචන සම්බන්ධ ගැටළු පවතීනම් ඒ සම්බන්ධව අදාල පිරිස් දැනුවත් කිරීමයි සිදුකල යුතු වන්නේ. ඕනෑම අයෙකුට මේ ටූල් එක හරහා තමන්ගේ ලිපියේ වචන ප්‍රමාණය පරික්ෂා කෙරිය හැකියි. අතින් ගණන් කිරීම සියළුම දෙනාට කල හැකි ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවයි මගේ අදහස. -- L Manju (talk) 19:05, 12 නොවැම්බර් 2015 (යූටීසී)Reply
විශාල ආශ්‍රිත ලැයිස්තුවක්, මූලාශ්‍ර ලැයිස්තුවක් සහ අමතර/වැඩිදුර කියැවීම් සහිත ලැයිස්තුවක් සහිත ලිපියක වචන 300 යන සීමාව, ඒවා මගින් පමණක් වුවත් සම්පූර්ණ විය හැකියි. නමුත් එහි ඡේදවල අන්තර්ගතය ඉතා කුඩා නම් එම ලිපිය අදාළ උපමාන වලට අනුකූල යැයි සැළකිය හැක්කේ කෙසේද? ඔබේ ලිපියේ වචන ප්‍රමාණය අඩු යැයි හැඟුන බැවින් එය ගණනය කර බැලුවෙමි. සෑම ලිපියක් සම්බන්ධයෙන්ම Judging tool ප්‍රතික්ෂේප කර අතින් ගණනය කිරීමක් සිදු නොකළෙමි. Judging tool මගින් වචන සංඛ්‍යාව නිමානය කිරීමක් පමණක් සිදුකරන බවක් මිස එය හරියටම වචන සංඛ්‍යාව ප්‍රකාශ කරන බව සඳහන් වී නොමැත. එමෙන්ම, (N) හෝ (P) ලද ලිපියක් නැවත සංස්කරණය කොට නැවත ඉදිරිපත් කරන විට පමණක් ඔබට (N) හෝ (P) ඉවත් කළ හැකිය අනුව විනිශ්චය (N) වශයෙන් ලබාදුන් ලිපියක් නැවත පිළිගත හැකිද? යන ගැටළුව ඇති වීමට හේතුවක් ඇතැයි නොසිතමි. නමුත් තවදුරටත් මා වැරදි නම් කරුණාකර ඒ පිළිබඳව මට දන්වන්න. නොපමාව මගේ වරද පිළිගෙන වරද නිවැරදි කරන්නට කටයුතු කරමි. ස්තුතියි!----Randeer (talk) 01:45, 13 නොවැම්බර් 2015 (යූටීසී)Reply
වචන ප්‍රමාණය සම්බන්ධව අපගේ ව්‍යාපෘති පිටුවේ උපමානහී සදහන් කිරීම ඉදිරි පරිශීලකයන්ට ප්‍රයෝජනවත් වේවි. ඔබගේ නිවැරදි කරුණු දැක්වීමට ස්තූතියි. -- L Manju (talk) 03:54, 13 නොවැම්බර් 2015 (යූටීසී)Reply
විකිපීඩියා ආසියානු මාසයෙහි පරිපාලකයන්, විනිශ්චය පිළිබඳ මෙසේ විවෘත ලෙසින් අදහස් හුවමාරු කරගැනීම, අවශේෂ පරිශීලකයන් තුල ඒ පිළිබඳ පැවැති විශ්යාසනීත්වය පළුදු වීමට හේතු කාරක විය හැකි බැවින් මෙම කරුණ විගසින් විසඳා ගනු මැනවයි ගෞරව බහුමානයෙන් ඉල්ලා සිටිමි. --- Shwetha (talk) 03:47, 13 නොවැම්බර් 2015 (යූටීසී)Reply

ඉහත Shwetha විසින් කල කරුණු දැක්වීම ඉතාමත් නිවැරදියි. විනිශ්චය පිළිබඳ විනිශ්ය කරුවන් විසින්ම විවාදාත්මක කරුණු ගෙනහැර පෑම අනෙකුත් පරිශීලකයන් මෙම වැඩසටහන කෙරෙහි පවතින විශ්වාෂනීත්වය නැතිවීමට කෙලින්ම බලපාන හේතුවකි. කෙසේ වුවත් නිර්මාණය කර ඇති සියලු ලිපි උසස් තත්වයක ඇතිබව පෙනේ. බොහෝ ලිපි ඉංග්‍රීසි ලිපි වලම පරිවර්තන වගේ පෙනෙන්නේ,එක මුලින් නීති රීති වල කියලානොතිබුන එක අඩුපාඩුවක් වගේ (ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කර තමාගේම නිර්මාණයක් ලෙස දැක්වීමට හැකිදැයි එබැවින් නොදනී Must provide an'interlanguage link' to the source article by name, to give credit to the original writers in English Wikipedia.) .වැඩසටහනට දායක වන්නන්ට සහ මෙහි සංවිධායකයින් දිරිමත්වෙවා !--Rsekanayake (talk) 14:23, 13 නොවැම්බර් 2015 (යූටීසී)Reply

@Rsekanayake - සිංහල විකියට ලිපි තැනීමේදී, ඉංග්‍රීසි හෝ වෙනත් විකියක තොරතුරු පරිවර්තනය කොට ඉදිරිපත් කිරීම අනිවාර්ය නැහැ. විශේෂයෙන් විදේශීය රටක් ගැන තොරතුරු ඉදිරිපත් කරද්දී අපිට අපේ භාෂාවෙන් පවතින මූලාශ්‍ර ඔස්සේ ලිපි තැනිය හැකියි. එවිට වෙනත් විකියක් පරිවර්ථනය කිරීමක් අවශ්‍ය නැහැ. නමුත් සමහර අවස්ථාවලදී විදේශීය රටවල් වල දෑ ගැන අප නොදන්නා නිසා, ඒ වගේම අන්තර්ජාලය තුල සිංහල භාෂාවෙන් තොරතුරු සොයා ගත නොහැකි අවස්ථා ඇති වන නිසා අපිට ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන මූලාශ්‍ර සොයා ගැනීමට වුවමනා වෙනවා. ඒ වගේ අවස්ථා වල තියෙන පහසුම මග තමයි ඉංග්‍රීසි විකිය පර්වර්තනය කරන එක. මූලාශ්‍ර, සැකිලි, තොරතුරු කොටු ආදිය එහි අවශ්‍ය පරිදි තනා තිබීමත්, බහුතර ප්‍රජාවක් විසින් ලිපි බොහෝවාරයක් සංස්කරණයට ලක්කරන නිසා දෝෂ අවම වීමත් හේතුවෙන් එම ලිපි වල ගුණාත්මකභාවය වැඩියි කියල පිළිගැනෙනවා. එසේම අපි විකියට තනන ලිපි අප සැමටම අයිතියි. ලිපියක් ඉදිරිපත් කල පසු ඕනෑම අයෙකුට එය සංස්කරණය කල හැකියි. එවිට ලිපියේ හිමිකාරීත්වයක් ගැන කිව නොහැකියි. interlanguage link එක අපිට වම් පැත්තේ භාෂාවන් කියන කොටසෙන් ලබා දිය හැකියි. විකිපීඩියාවට දායක වන මම, ඔබ, ලෝක ව්‍යාප්ත අප සැවොම නිදහස් තොරතුරු/දැනුම බෙදා ගන්න, බෙදා දෙන අය. විකිපීඩියාව ව්‍යාපාරික අරමුණක්/මුදල් ඉපැයීමේ අරමුණක් නොමැති ලාභ නොලබන සංවිධානයක් නිසා නිතැතින්ම credit එකක් අපට හිමියි. (මුදලට තොරතුරු/දැනුම බෙදා දීමක් නොවන නිසා) මේ පිළිබද අවධානය යොමු කිරීම ගැන සතුටුයි, ඔබට ජය -- L Manju (talk) 12:24, 22 නොවැම්බර් 2015 (යූටීසී)Reply
මේ ලිපියත් වැදගත් වේවි. 'Ownership of content' මීට අනූව (Work submitted to Wikipedia can be edited, used, and redistributed—by anyone). -- L Manju (talk) 12:30, 22 නොවැම්බර් 2015 (යූටීසී)Reply

L Manju මහත්මයාණනි!බොහෝ විකිපීඩියානුවන් දන්නා ඒ තොරතුරු පිළිබද මාද අවදියෙන් තැබීම පිළිබද ඔබට ස්තුතියි. ඉහත මා විසින් කර ඇති සටහනේ ප්‍රදාන මුලය වන්නේ.>> ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කර තමාගේම නිර්මාණයක් ලෙස ඉදිරිපත්කිරීමක් ලෙස අධුනිකයෙකු ලෙස මට වැටහුනා නිසාවෙනි.ආසියානු මාසයට ඉදිරිපත් කර ඇති සියලුම ලිපිවාගේ පරිවර්තනයන් වන බැවින්.මෙය අනිකුත් සාමාජිකයින් නොදන්නා බැවින්,මෙය නීතිමාලාවේ සදහන් කර තිබුනානම් ඉංග්‍රීසි පරිවර්තනයන් සහ සිංහල භාෂාව මනාලෙස හැසිරවිය හැකි ඔබ වැනි වෙනත් පුද්ගලයින් මෙයට සහභාගී කරවාගැනීමේ හැකියාවක් තිබිණි.කෙසේ වෙතත් සිංහල විකිපීඩියාව බුද්ධිමණ්ඩලයක් යටතේ පෝෂණය වෙනවානම් හොදයි කියා මට සිතේ.

සැ.යු . මාගේ මෙම සටහන දැමීමට මුලය වුයේ ජෙෂ්ටයෙක් වු Shwetha විසින් කර ඇති ප්‍රකාශයක් නිසාවෙනි.එනම් .සිංහල විකිපීඩීයාව පවතින්නේ ඉංග්‍රීසි නොදන්නා සිංහල පමණක් දන්නා අයගේ ප්‍රයෝජනය සඳහාය යන්න ඔබ කලින් දැන නොසියානම් දැනුදු එය තේරුම් ගන්නට උත්සාහ නොකිරීම ගැන කණගාටු වෙමි සහ සිංහල විකිය යනු එලෙස පරිවර්තනය කිරීම යන්න ඔහුගේ අනිකුත් ප්‍රකාශයන් තුලින්ද ගම්‍ය වන බැවිනි. ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්දයෙන් කල සාකච්චාව මෙහි ඇත.--Rsekanayake (talk) 14:00, 22 නොවැම්බර් 2015 (යූටීසී)Reply

පකිස්තානයෙහි න්‍යෂ්ටික බලශක්තිය සංස්කරණය

ඊශ්‍රායලය යනුවෙන් ලිපියක් පවතින අතර ඊශ්‍රායෙලය යනුවෙන් රතු සබැඳියක් දැක්වීම ද්විගුණනයකට ඉවහල් විය හැකිය. තුන්වන ඡේදයෙහි the පකිස්තානු රජය සහ දෙවන ඡේදයෙහි PARR-II යනු දේශීය ප්‍රතික්‍රීකයක් වන අතර කොටසේ වචනයක අක්ෂර අඩුව යන දෝෂ දක්නට ලැබුණි. නිවැරදි කරන්නැයි ඉල්ලමි.----Randeer (talk) 03:49, 15 නොවැම්බර් 2015 (යූටීසී)Reply

තිම්පු සංස්කරණය

සහ ටිබෙට් උච්චාරණය: [{{{1}}}] යන සැකිලි නිර්මාණය කර නොමැත. ඒවා නිර්මාණය කිරීම හෝ පිටුවක ආරම්භයේදීම නොපවතින සැකිලි දෙකක් දැක්වීම නොගැලපෙන/නුසුදුසු බැවින් ඒවා ඉවත් කිරීම හෝ කළ යුතුව ඇත. එමෙන්ම තොරතුරු කොටුවේ ඉහළින් දැක්වෙන රතු සබැඳියේ, වරහන් ද සබැඳිගතව පැවතීම නුසුදුසුය. දෙවන ඡෙදයෙහී, එහෙත් 54 කිලෝමීටරs (34 mi) පමණ දුරින් කොටසේ s අක්ෂරය අනවශ්‍ය පරිදි යෙදී ඇත. මෙම අඩුපාඩු සම්පූර්ණ කරන්නැයි ඉල්ලමි.----Randeer (talk) 03:58, 16 නොවැම්බර් 2015 (යූටීසී)Reply

ලිපිය පිළිගත නොහැකිය. සුධීර විසින් සකසන ලද්දක් නොවේ. -- Mr. 1100100 (Talk) 04:13, 16 නොවැම්බර් 2015 (යූටීසී)Reply
ඔව්, මෙම ලිපිය 2015 නොවැම්බර් මාසය තුල නිර්මාණය කළ නව ලිපියක් නොවන බැවින් සිංහල විකිපීඩියාවේ ආසියානු මාසය උපමාන වලට අනුකූල නොවන අතර එය (N) ලෙස සටහන් කරන්නට සිදුවේ. විකිපීඩියාවේ (2015 නොවැම්බරයට පෙර සිට) පැවති ලිපි සංවර්ධනයට (ආසියානු මාසය තුල) අවස්ථාව ලබා දී ඇත්තේ ඉංග්‍රීසි සහ චීන භාෂා විකිපීඩියාවල පමණක් බව සලකන්න. ස්තුතියි.----Randeer (talk) 04:18, 16 නොවැම්බර් 2015 (යූටීසී)Reply

රුසියාවේ විද්‍යාව හා තාක්ෂණය සංස්කරණය

දෙවන ඡේදය:"විශය ක්ෂේත්‍රයන්ට වැදගත් දායකත්වයන් සපයන් ලදී". තද කළුකර දක්වා ඇති වචනවල වැනි, අක්ෂර වින්‍යාස දෝෂ පිළිබඳ සැළකිලිමත් වී ලිපියේ ගුණාත්මක බව තවත් වැඩිදියුණු කළ හැකි යැයි සිතමි. "ව්ලැඩිමීර් ශුකොව් විසින් පළමු බිඳීම් ක්‍රමය නිර්මාණය කළා. සර්ජි ලෙබෙඩෙව් විසින් පළමු වාණිජමය හා මහා පරිමාණයෙන් සකස් කළ හැකි කෘතිම රබර් වර්ගය (පොලිබියුටඩයිඊන් කෘතිම රබර්) නිර්මාණය කළා." වැනි, ලිඛිත ක්‍රමයට අනුකූල නොවන වාක්‍ය මගින් ලිපියේ ගුණාත්මක රචනයට හානි වේ යැයි සිතමි. (මගේ පෞද්ගලික මතයක් පමණි). පෘථිවි විද්‍යා ඡේදය: "එමෙන්ම ගැඹුරින් ෛජෛව ගෝල හා..." දෝෂය.---Randeer (talk) 07:27, 18 නොවැම්බර් 2015 (යූටීසී)Reply

බර්ජ් ඛලීෆා සංස්කරණය

සැකිල්ල:තොරතුරුකොටුව ගොඩනැගිල්ල යන පරිවර්තිත සැකිල්ල භාවිත කළ හැකිය.----Randeer (talk) 07:47, 18 නොවැම්බර් 2015 (යූටීසී)Reply

පරිවර්තිත තොරතුරුකොටුව සැකිල්ලක් තිබියදීත් එය භාවිත නොකිරීම සහ භින්න වූ ගොනු සබැඳි සහිත පිටුවක් වන නිසා ලිපියේ ගුණාත්මක බව පහත වැටී ඇත. නිවැරදි කිරීමක් (දින දෙකක් තුළ) සිදු නොවුවහොත් තීරණය (P) ලෙස වෙනස් කිරීමට සිදු වන බව කරුණාවෙන් සළකන්න.----Randeer (talk) 12:50, 20 නොවැම්බර් 2015 (යූටීසී)Reply

තායිපේ සංස්කරණය

බස් රථය යනුවෙන් ලිපියක් පවතින බැවින් බස් රථ යන රතු සබැඳියේ අවශ්‍යතාවය සළකා බැලිය යුතු වන්නේ එකම මාතෘකාවකට අදාළ ලිපි දෙකක් නිර්මාණය වීමට රතු සබැඳි ඉවහල් විය හැකි නිසාවෙනි. මුල් පදංචිකරණය යන අනුමාතෘකාව දෝෂ සහිතයි.----Randeer (talk) 02:30, 19 නොවැම්බර් 2015 (යූටීසී)Reply

පරිශිලක එල්ලේ සංස්කරණය

ශ්‍රී ලංකා එල්ලේ‎, ගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩ‎, රාගම දුම්රිය ස්ථානය‎, ගණේමුල්ල දුම්රිය ස්ථානය‎, තිබ්බොටුගොඩ‎, තිබ්බොටුගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය‎ යන ලිපි සියල්ල ශ්‍රී ලංකාව හා සබැදි මාතෘකා නිසා තීරණය (N) ලෙස ලබා දෙන ලදී. -- L Manju (talk) 04:39, 22 නොවැම්බර් 2015 (යූටීසී)Reply

@ එල්ලේ ආසියානු මාසය වෙනුවෙන් ඔබ විසින් ස්වයං නිර්මාණයක් ලෙස ඔබ විසින්ම ලිපි සකසා ඉදිරිපත් කීරීමෙන් කල උත්සාහය කෙසේනමුත් අගය කෙරේ --Rsekanayake (talk) 06:18, 23 නොවැම්බර් 2015 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය සදහා ඉදිරිපත්කර ඇති ලිපි පරික්ෂා කිරීම සංස්කරණය

විකිපීඩියා ආසියානු මාසයේ නීතිරීති යටතේ එක් සංවිධායකවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ලිපි අනෙකුත් සංවිධායකවරු විසින් පරික්ෂා කළ යුතුයි. ලෙස නීති ගත කර ඇත. සංවිධායක වරුන් ලෙස L Manju,Randeer සහ Mr. 1100100 ලෙස නම් කර ඇත . එබැවින් විකිපීඩියා ආසියානු මාසය සදහා සංවිධායකවරු විසින් ඉදිරිපත්කර ඇති ලිපි සංවිධායකවරු එකිනෙකා අතර පරීකෂා කරන බවකි. මෙම නීතය කොතෙක් දුරට ගැලපෙනවාද කියලා හිතාගන්න බෑ.මෙය පහදා දෙන්න . ස්තුතියි !--Rsekanayake (talk) 08:16, 22 නොවැම්බර් 2015 (යූටීසී)Reply

Rsekanayake මහතාණෙනි, සරලවම කිව්වොත් සංවිධායකයෙකු ලිපියක් ලියා එය නාම යෝජනාවක් ලෙස ඉදිරිපත් කළහොත්, අදාල පරිශීලකයා සාමාජිකයෙක් ලෙස සලකා ඔහුගේ ලිපිය වෙනත් සංවිධායකයෙකු විසින් පරීක්ශා කරනවා; සිදුවන්නේ එයයි. -- Mr. 1100100 (Talk) 09:47, 22 නොවැම්බර් 2015 (යූටීසී)Reply

1100100 මහත්මයාණෙනි !ඔබට ස්තුතියි.

  1. ඉංග්‍රීසි විකිපීඩියාවේ ආසියානු මාසය සදහාවු නීතිමාලාවේ මෙම නීතිය නෑ නේද ?
  2. වෙනත් විකිපීඩියානුවෙකුට (සාමාජිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන කෙනෙකුට) ඉහත සංවිධායකවරුන්ගේ ලිපි පරික්ෂා කල නොහැකිද ?
  3. සිංහල විකිපීඩියාවේ ආසියානු මාසයට ඇති නීතිරීති වල ඇති "ප්‍රාදේශීය විකිපීඩියාවේ මිනිස් විනිශ්චයකරු(වන්) විසින් අවසානයේදී තීරණය කරනු ඇත" ලෙසද සදහන් කර ඇත ඔවුන් කවුරුන්ද ?
  4. සංවිධායකවරුන් විනිශ්චයකරුවන් ලෙසද කටයුතු කරනු ලබන්නේද ? ස්තුතියි --Rsekanayake (talk) 12:45, 22 නොවැම්බර් 2015 (යූටීසී)Reply

@Rsekanayake

  1. මෙම කොටස බලන්න meta:Wikipedia_Asian_Month#Rules එහි මේසේ දක්වා තිබේ. (Articles submitted by an organizer need to be checked by other organizers.)
  2. ඕනෑම අයෙකුට ලිපි පරික්ෂා කල හැකියි.
  3. මිනිස් වශයෙන් යොදා තිබෙන්නේ විකිය තුල රොබෝවරු ඉන්නා නිසයි.
  4. ලිපිය අදාල උපමාන සංතෘප්ත කරයිද නොකරයිද යන්න තහවුරු කරන්නේ සංවිධායකවරු

ස්තූතියි -- L Manju (talk) 13:17, 22 නොවැම්බර් 2015 (යූටීසී) පැහැදිලිව පැහැදිලිකරදීම ගැන ස්තුතියි.නමුත් තෙවැනි ප්‍රශ්නයට පිළිතුර අසම්පුර්නයි.human judge(s) හෝ Asian Month jury ලෙස ඉංග්‍රීසි විකියේ අර්ථකථනය කර ඇත. සිංහල විකියේ ඒ සදහා ඉන්නේ කවුද ?සංවිදායක වරුන්මද යන්නත්  ? නැත්නම් ජුරි මණ්ඩලයක් සිටීද යන්නත්ය ? ඔබගේ වටිනා කාලය ආසියානු මාසය සදහා මිඩංගු කරලීම ගැන ඔබ සියලුදෙනාටම ස්තුතියි.--Rsekanayake (talk) 14:41, 22 නොවැම්බර් 2015 (යූටීසී)Reply

විකිපීඩියාවට සිංහල ලිපි එකතු කරන අයට මගේ ප්‍රණාමය!!! සංස්කරණය

මම දැක්කා හුගක් අය රටවල් ගැන සිංහල ලිපි ලියලා දාල තියනවා.ඒවා ලියපු අයට මම ස්තුති කරනවා.මට ඒ ලිපි පාසල් වැඩ වලටත් උදව් උනා.


තවම මට ලිපියක් ලිවීමට බැරි වීම ගැන කණගාටු වෙමි...


--██ AE ██ (talk) 02:46, 25 නොවැම්බර් 2015 (යූටීසී)Reply

"රුසියාවෙහි ඉතිහාසය" ලිපිය සංස්කරණය

රුසියාවේ ඉතිහාසය අලලා ආසියානු මාසය වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම ලිපිය දෘෂ්‍ය ලෙස නිර්ණායකයන්ට අනුව සමහරවිට පිහිටුවා ඇති නමුත් සමහර ස්ථාන නිවැරදි ලෙස සිංහල භාෂාවට අනුවර්තනය වී නැතිබවක් පෙනේ. ආරම්භයේ දීම කියවා තේරුම් ගැනීමට අපහසු බවක් පෙනේ. අපේක්ෂිත අවසන් පරමාර්ථය සාර්ථකව ඉටුවී නොවී ඇති බැවින් මෙම ලිපිය තවදුරටත් වර්ධනය කර නිර්මාණය කල යුතු බව පොදු වැටහීමයි.මෙම ලිපිපිය ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබෙන මෙම ලිපියේ කොපියකි. එබැවින් , මෙම ලිපි දෙක කියවා සංසන්දනය කර හෝ . සිංහල භාෂාව මනා ලෙස හැසිරවිය හැකි අයෙක් මෙය තවදුරටත් පරිවර්තනයෙන් සහ අනුවර්තනයෙන් සංවර්දනය කරන්නේනම් සිංහල විකිපීඩියාවට කරන මහගු සේවයකි.එවිට සිංහල දන්නා අයට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිය .ස්තුතියි --Rsekanayake (talk) 14:24, 27 නොවැම්බර් 2015 (යූටීසී)Reply

'රුසියාවෙහි ඉතිහාසය' ලිපිය පිළිබඳ මගේ අදහස සංස්කරණය

කොමාව (,) යොදා ඇති ස්ථාන අනුව සිහිනුවණින් යුතුව නැවතිල්ලේ කියවන විට කියවා තේරුම් ගැනීමට අපහසුවක් නැත. දිගින් දිගටම විකිපීඩියා සංස්කාරකවරුන්ට පෞද්ගලික පහරදීම් පමණක් සිදු කරමින් සාකච්ඡා පිටු ලුහුබඳින එහෙත් ප්‍රයෝජනවත් සංස්කරණ කිසිවක් සිදුනොකරන විකිජගුවරයන්ගේ ප්‍රකාශ ගණනකට නොගෙන සිටින්නැයි පරිශිලකවරුන්ගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම අවැසි නැතැයි සිතමි. ආසියානු මාසය තුළ ලිපියේ විනිශ්චය අභියෝගයකට ලක්කර ඇතැයි සිතන නිසා මෙය සටහන් කලෙමි. ස්තුතියි!----Randeer (talk) 15:00, 27 නොවැම්බර් 2015 (යූටීසී)Reply

යම් නිශේධ අධිකාරී බලයකින් ඉහත කල මත විවරණයට පිළිතුරු මා විසින් මේ අවස්ථාවේ නොසපයුනුයේ එය ආසියානු මාසයට අදාළ නොවී ඉන් ඔබ්බට ගොස් මෙම ක්‍රියාකාරී වැඩපිළිවලට භාදාවන බැවිනි.( වෙනත් අයගේද විවේචනයන් ඇත්නම්,ප්‍රති විවේචන විද දරාගතද හැකිනම් මා විසින් එය පසුව කරමි,තවද එල්ල කරන චෝදනා ඉලක්කයට යොමු කරන්න ලෙසද ඉල්ලමි.) අදාළ ලිපියේ කතෘ තුමා විසින් 27 නොවැම්බර් 2015 දින 15:00 වෙලාවේ අදාළ සාකච්චා පිටුවේ රුසියාවෙහි ඉතිහාසය ලිපිය පිළිබදව විමසා සිටි බැවින් එම සාකච්චා පිටුවේදී මා එම ලිපිය පිළිබද මගේ මතය මෙතන තවදුරටත් පැහැදිලි කර ඇත.ඔබට ස්තුතියි --Rsekanayake (talk) 01:01, 1 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

ලිච්චවී (රාජධානිය) සංස්කරණය

පළමු ඡේදය
ක්‍රියු 400 සිට 750 දක්වා, කත්මන්දු (කත්මන්ඩු පවතී??), රීක්ෂ හෝ රාක්ෂ යන්නෙහි සංස්තෘත අර්ථය වනුයේ...
ආර්ථිකය ඡේදය
ටිබෙටය (ටිබෙට්)----Randeer (talk) 14:48, 29 නොවැම්බර් 2015 (යූටීසී)Reply
ස්තුතියි. සකස් කළෙමි. --- Shwetha (talk) 15:47, 29 නොවැම්බර් 2015 (යූටීසී)Reply

ඔකිනාවා දූපත සංස්කරණය

දෙසැම්බර් අවසාන සංස්කරණය අවස්ථාවේ ලිපිය අදාල උපමාන සංතෘප්ත කොට නැති නිසා (N) ලෙස තීරණය දුන්නෙමි. ඔබේ දායකත්වයට ස්තූතිවන්ත වෙමි. --L Manju (talk) 12:51, 2 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසයේ සමස්ථ ප්‍රථිපල 2015 සංස්කරණය

ප්‍රයෝජනවත් සංස්කරණයන් සිදුකරමින් දායකවූ සියලු දෙනාට සහ ජයක්ග්‍රාහකට සුභ පතමි ! --Rsekanayake (talk) 06:46, 9 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

Return to the project page "විකිපීඩියා ආසියානු මාසය/2015/සාමාජිකයින්".