විකිපීඩියා:සංස්කරණ යුද්ධ
මෙය විකිපීඩියා ව්‍යාපෘති පිටුවකි.
සංස්කරණ යුද්ධ ඍණාත්මක දෙයකි.සංස්කරණය
- ඵලදායක යමක් කිරීමට ඇති කාලය විනාශ වේ.
- සංස්කරණ යුද්ධයක් කිරීම එම පරිශීලකයන් ගේ නමට කැළලකි.
- අනෙක් පරිශීලකයන්ට දායකවීමට බාධා ඇති වේ.
- සංස්කරණ ඉතිහාසය අනවශ්‍ය ලෙස දික් ගැස්සෙයි.
- සෑම සංස්කරණයකට ම පරිගණක දෘඩාංග සම්පත් වැය වීමක් සිදු වේ.
සංස්කරණ යුද්ධවලින් තොරව ගැටුම් නිරාකරණයසංස්කරණය
- යම් සංස්කරණයක් ගැන ගැටළුවක් වේ නම් පළමුව අදාළ සංස්කාරකවරයා සමඟ සංවාදයක් අරඹන්න.
- එම විෂය සම්බන්ධ මූලාශ්‍ර පරිශීලනය කරන්න.
- අනෙක් පරිශීලකයන් ගේ අදහස් විමසන්න.
- ආවේගවලින් තොර වී චිත්ත සමාධියෙන් සංස්කරණයේ යෙදෙන්න.
වාසනාවකට පෙර මෙතෙක් කල් සිංහල විකිපීඩියාවේ සංස්කරණ යුද්ධ දුලභ දෙයක් විය.
සංස්කරණ ප්‍රතිවර්තනය ගැන ප්‍රතිපත්තිසංස්කරණය
මේ ගැන සිංහල විකිපීඩියා ප්‍රජාව ප්‍රතිපත්තිමය එකඟතාවන් සකසා ගැනීමට කාලය පැමිණ ඇත.