විකිපීඩියා:සංගණ්‍යත්වය

විකිපීඩියාවේදී එය යෙදෙන ආකාරයට, සංගණ්‍යත්වය යනු යම්කිසි මාතෘකාවක් සඳහා ස්වීයවූ ලිපියක් තිබිය හැකිද යන්න තීරණය කිරීමට සංස්කාරකවරුන් විසින් භාවිතා කරන පරික්ෂණයකි. විකිපීඩියාවෙහි තොරතුරු ඒවායේ සත්‍යෝක්ෂ්‍යතාව මත යැපෙයි; කිසියම් මාතෘකාවක් පිළිබඳ විශ්වසනීය තෙවන-පාර්ශව මූලාශ්‍ර සපයා ගත නොහැකි නම්, එය සඳහා වෙන්වූ ලිපියක් තිබිය යුතු නොවේ. මාතෘකාවන් වගවිභාගයක් නොමැතිව අන්තර්ග්‍රහණයකිරීම වැළැක්වීමට විකිපීඩියාවෙහි සංගණ්‍යත්ව සංකල්පය විසින් මෙම මූලික ප්‍රමිතිය භාවිතා කරයි. ලිපි හා ලැයිස්තු මාතෘකා, සංගණ්‍ය ඒවා හෝ "සැලකිල්ලක් දැක්වීමට තරම් යෝග්‍ය" ඒවා හෝ විය යුතුයි. සංගණ්‍යත්වය සමාපනය කිරීම ප්‍රසිද්ධිය, වැදගත් බව, හෝ ජනප්‍රියක්වය වැනි දේ මත අනිවාර්යයෙන්ම නොයැපෙතත් —පහත විස්තර කෙරෙන මාර්ගෝපදේශන සපුරාලන කිසියම් විෂයයක් අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව එම ගුණාංග විසින් ඉහළ දමනු ලැබිය හැක.