පූජා ගෞතමී උමාශංකර්, බොහෝවිට දන්නා පූජා යනු ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියකි, ඇය දෙමළ, සහ සිංහල,තෙලිගු, මලයාලම් සහ අමටුර් සිනමාවේ ජනප්‍රිය නිළියකි. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ , බාලා'ගේ නාන් කඩවුල් චිත්‍රපටයෙනි. එහි දී පූජා ඉදිරිපත් කළ දෑස් අඳ සිඟන්නියකගේ චරිතය සඳහා දක්ෂිණ ෆිල්ම්ෆෙයා සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ලැබීය. ඇය සිංහල සිනමාවෙහි සාර්ථක නිළියක් වූයේ අංජලීකා (2006), ආසයි මං පියාඹන්න (2007), සුවඳ දැණුනා ජීවිතේ (2010) සහ කුස පබා (2012), චිත්‍රපට රඟපෑමෙනි.

පූජා උමාශංකර්
පූජා උමාශංකර් 2012දී
උපත
පූජා ගෞතමී උමාශංකර්

ජුනි 25, 1981 (1981-06-25) (වයස 42)
රැකියාවනිරූපිකාවක, රංගන ශිල්පිණියක
සක්‍රීය වසර2003–වර්ථමානය තෙක්
වෙබ් අඩවියpoojaumashankar.in
ආගමහින්දු

මුල් අවදිය සංස්කරණය

පූජා සන්ධ්‍යා නම් ශ්‍රී ලාංකික සිංහල කාන්තාවකට හා ඉන්දියානු කන්නඩිග බ්‍රාහ්මින් වන ශ්‍රින්ගරි හි චික්මගලූර් දිස්ත්‍රික්කයේ, කර්ණාටක ප්‍රාන්තයේ එච්.ආර්. උමාශංකර් නම් ව්‍යාපාරිකයෙකු හට දාව, ජුනි 25 දින ශ්‍රී ලංකාවේදී පූජා උපත ලැබුවාය.[1]

ශ්‍රී ලංකාව තුලදී සිය පෙරපාසල් අධ්‍යාපනය හමාර කල පූජා, පසුව ඉන්දියාව වෙත සංක්‍රමණය වූවාය. එහිදී අඩ්ලූර් හී Poornapragnya වෙතිනුත්, පසුව මයිසෝර් (Mysore) හී නිර්මලා කන්‍යාරාමය වෙතිනුත් ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවාය.[2] ඉක්බිති බැංගලෝරයේ බෝල්ඩ්වින්ස් බාලිකා උසස් පාසලෙන්ද සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ගත් පූජා, බැංගලෝරයේ මවුන්ට් කාමල් විද්‍යාලයෙන් B.Com උපාධියක් සහ MBA පශ්චාත් උපාධියක් හිමි කර ගත්තාය.[2]

හින්දුස්ථාන් යුනිලීවර්හී කළමනාකරුවෙකු වූ පූජාගේ පියා, සිනමා ක්ෂේත්‍රය කෙරෙහි රුචිකත්වයක් නොදක්වන්නෙක් වූවත්, පූජා ඊට සම්බන්ධ වූ බව පැවසෙයි. කන්නඩ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරවීමේ හැකියාවද පූජා සතු බව සඳහන් වෙයි.[2]

පෞද්ගලික ජීවිතය සංස්කරණය

පූජා ශ්‍රී ලාංකික නිරූපන ශිල්පියෙකු වූ දීපක් ශන්මුගනාදන් සමඟින් 2014 දී විවාහය ගිවිස ගැනීය.

වෘත්තීය දිවිය සංස්කරණය

පූජා හඳුන්වා දෙනු ලැබූයේ ඇයගේ මිතුරෙකු වූ කැමරාකරණ ශිල්පී පසුව අධ්‍යක්ෂකවරයෙකු වූ ජීවා, විසිනි.

පුංචි තිරයේ සංස්කරණය

කලෙයිඥර් ටීවී, හා සන් ටීවී හී ජනප්‍රිය රියැලිටි නර්ථන වැඩසටහනක් වූ ආටම් පාටම් කොන්ඩාටම් (Aatam Paatam Kondatam) හා ටීවී දෙරණ "සිටි සිටි ඔෆ් ඩාන්ස්" හි විනිශ්චයකාරවරියක ලෙසද පූජා කටයුතු කර තිබෙයි.

රංගනයන් සංස්කරණය

වසර චිත්‍රපටිය චරිතය භාෂාව කරුණු
2003 ජේ ජේ සීමා දෙමළ Amrutha Surabi හොඳම නැගීඑන නවක නිළිය චිත්‍රපටි සම්මානය
2004 අට්ටහාසම් සප්නා දෙමළ
2005 උල්ලම් කේටුකාමේ අයරින් දෙමළ
2005 ජිතන් ප්‍රියා දෙමළ
2006 අංජලිකා අංජලිකා,
උත්තරා
සිංහල නිර්දේශිත - සරසවිය හොඳම නිළිය සම්මානය
නිර්දේශිත - සරසවිය ජනප්‍රියම නිළිය සම්මානය
2006 පට්ටියාල් සන්ධ්‍යා දෙමළ
2006 තම්බි ආචනා දෙමළ Sri Gell Kodai Fm Star of the year Award
2006 තංගපාන්සාමි මාරිකෝසුන්ධු ෂන්මුගම් දෙමළ
2007 පෝරී පූජා දෙමළ
2007 පන්තයා කෝලී ෂන්බගාම් මලයාලම්
2007 ආසයි මං පියාඹන්න රන්මලී / මලීෂා සිංහල නිර්දේශිත - සරසවිය හොඳම නිළිය සම්මානය
නිර්දේශිත - සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය
2007 ඔරාම් පො රාණි දෙමළ
2007 යහළුවෝ මනෝරාණි සිංහල
2009 නාන් කඩවුල් (දෙවියන් මම වෙමි) හම්ෂවල්ලි දෙමළ ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය සම්මානය – දෙමළ
තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මානය - හොඳම කාන්තා චරිත නිරූපණය
විජයි හොඳම නිළිය සම්මානය

ලෝක මලයාලී කවුන්සිල චිත්‍රපටි හොඳම නිළිය සම්මානය - දෙමළ

නිර්දේශිත - හොඳම නිළිය ජාතික චිත්‍රපටි සම්මානය

2009 TN-07 AL 4777 දෙමළ ආරාධිත රංගනය
2010 සුවඳ දැනුනා ජීවිතේ රෂ්මි සිංහල
2010 ද්‍රෝහී රෝජා දෙමළ ආරාධිත රංගනය
2010 ඔරේන්ජ් මීනක්ෂි ගුරුතුමිය තෙළිඟු ආරාධිත රංගනය
2011 ස්මෝකින්ග් කිල්ස් පූජා ඉංග්‍රීසි කෙටි චිත්‍රපටිය
2012 කුස පබා පබාවතී සිංහල දෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ජනප්‍රියම නිළිය සම්මානය
නිර්දේශිත - දෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් හොඳම නිළිය සම්මානය
නිර්දේශිත - හිරු ස්වර්ණ සිනමා සම්මාන ජනප්‍රියතම නිළිය
2012 Mirage ප්‍රියා ඉංග්‍රීසි කෙටි චිත්‍රපටිය
2013 වීදියම් මුන්න් රේඛා දෙමළ නොර්වේ දෙමළ චිත්‍රපට සම්මාන උළෙල - හොඳම නිළිය

විකටන් සම්මාන හොඳම නිළිය
බෙහන්ඩ්වූඩ් ස්වර්ණ Sumit හොඳම නිළිය
නිර්දේශිත – විජයි සම්මාන හොඳම නිළිය
නිර්දේශිත - ෆිල්ම්ෆෙයා හොඳම නිළිය සම්මානය
නිර්දේශිත - එඩිසන් සම්මාන හොඳම නිළිය
නිර්දේශිත - දකුණු ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන හොඳම නිළිය

2014 කඩවුල් පාති මිරුගම් පාති දෙමළ
2016 පත්තිනි කණ්ණගි සිංහල
2017 සරිගම (මරියා) සිංහල

ටෙලිනාට්‍යය සංස්කරණය

වසර ටෙලිනාට්‍යය චරිතය භාෂාව විස්තර
2013 දස්කොන් ප්‍රමිලා රාජකුමාරි සිංහල

මූලාශ්‍ර සංස්කරණය

  1. "පූජා උමාශංකර්: අබවුට් මී". පූජා උමාශංකර්. සම්ප්‍රවේශය 2010-06-30.
  2. 2.0 2.1 2.2 "I am enjoying every moment of acting". The Hindu. Chennai, India. 2007-05-30.

බාහිර සැබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පූජා_උමාශංකර්&oldid=436960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි