ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් පැතුම් හර්ෂණ, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --අනංගයා (talk) 00:16, 5 පෙබරවාරි 2011 (යූටීසී)Reply

සංස්කරණය කළ ලිපියකට පින්තූරයක් එක් කරන්නේ කෙසේද? සංස්කරණය

මා විසින් සංස්කරණය කරන ලද ප්‍රේමසිරි කේමදාස යන ලිපියේ තොරතුරු කොටුව තුළට මෙම ඡායාරූපය යොදන්නේ කෙසේද?

[[ගොනුව:Example.png|thumb|යටි ලියමන් පෙළ]] පරිදි ය. “Example.png“ යනු ගොනු නාමය යි. “යටි ලියමන් පෙළ“ යනු Image Caption ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:45, 7 පෙබරවාරි 2011 (යූටීසී)Reply
පළමුව ඔබට එය විශේෂ:උඩුගත_කිරීම මගින් උඩුගත කිරීම කළ යුතු වෙයි. පසුව භාවිතා කළ හැකිය. -- බිඟුවා සාකච්ඡාව 08:46, 7 පෙබරවාරි 2011 (යූටීසී)Reply
විශේෂ:උඩුගත_කිරීම සබැඳිය ඔස්සේ ගිය විට පහත පරිදි දෝෂයක් දිස් වේ. ඔබ අයැදුම් කර සිටි කාර්යය, ඉදිරි කාණ්ඩ සමූහය අතුරින් එකකට අයත් පරිශීලකයන්ගේ පරිහරණයට සීමා කර ඇත: ස්වයං-චිරස්ථිත පරිශීලකයෝ, පරිපාලකවරු, තහවුරු කරනු ලැබූ පරිශීලකයන්. --පැතුම් හර්ෂණ (talk) 09:34, 7 පෙබරවාරි 2011 (යූටීසී)Reply
ඒක හරි. ඔයාගේ ගිණුම අද හදපු එකක්නේ. අනික ඔයා සංස්කරණ 10ක් කරලත් නැනේ. ඒකයි හේතුව. විකිපීඩියා:ස්වයං-චිරස්ථිත_පරිශීලකයෝ මේක බලන්න. පොඩ්ඩක් ඉන්න. මම ඔයාව ඒකට එක් කරන්නම්. දැන් බලන්න. -- බිඟුවා සාකච්ඡාව 09:46, 7 පෙබරවාරි 2011 (යූටීසී)Reply
මෙන්න මෙතනදී තමා ඔයාගේ ආයාචනය දාන්න ඕනැ -- බිඟුවා සාකච්ඡාව 09:53, 7 පෙබරවාරි 2011 (යූටීසී)Reply


දැන් පින්තූර උඩුගත කරන්න පුලුවන් නේද? -- බිඟුවා සාකච්ඡාව 10:19, 8 පෙබරවාරි 2011 (යූටීසී)Reply
ඔව්. පුළුවන්. ස්තුතියි උදව් කරාට --පැතුම් හර්ෂණ (talk) 10:22, 8 පෙබරවාරි 2011 (යූටීසී)Reply
ඒක හරි. -- බිඟුවා සාකච්ඡාව 10:27, 8 පෙබරවාරි 2011 (යූටීසී)Reply

වරපත් ගැන සංස්කරණය

Gv1.jpg, Gvart1.jpg, Gv2.jpg, මේවා ඔයා ගත්ත පින්තූරද? කොහෙන්ද? -- බිඟුවා සාකච්ඡාව 10:23, 8 පෙබරවාරි 2011 (යූටීසී)Reply

මේවගේ ප්‍රකාශණ හිමිකම් ගැන ගැටළුවක් තියෙනවා. බලන්න මෙන්න මේක. St.Clair's Waterfall.JPG හරියට ඒවා දාලා තියෙන්නේ. නැත්නම මේවා මකන්න වෙනවා. -- බිඟුවා සාකච්ඡාව 10:33, 8 පෙබරවාරි 2011 (යූටීසී)Reply
ප්‍රකාශන හිමිකම් ඇතුලත් කරන්නේ කො‍හොමද?--පැතුම් හර්ෂණ (talk) 10:48, 8 පෙබරවාරි 2011 (යූටීසී)Reply
පින්තූරයක උඩුගත කරන වෙලාවේදීමත් පුලුවන්. නැතනම් පිටුව සංස්කරණය කරලත් පුලුවන්. මේක බලන්න -- බිඟුවා සාකච්ඡාව 10:55, 8 පෙබරවාරි 2011 (යූටීසී)Reply
දැනුවත් කරාට ස්තුතියි. මම ප්‍රකාශන හිමිකම් ඇතුලත් කළ හැටි හරිද?--පැතුම් හර්ෂණ (talk) 14:29, 8 පෙබරවාරි 2011 (යූටීසී)Reply
මේකේ නම් පොඩි අවුලක් තියෙනවා පැතුම්. මේ පින්තූර අපිට පාවිච්චි කරන්න බැරි හැඩයි. Produced by Lake House Copyright © 2008 The Associated Newspapers of Ceylon Ltd. මෙහෙම තියෙනවනේ. මේ කියන්නේ එයාලගේ අයිතිය කියලනේ. තව පොඩ්ඩක් හොයලා බලමු. -- බිඟුවා සාකච්ඡාව 05:04, 10 පෙබරවාරි 2011 (යූටීසී)Reply

ඝනත්වය ලිපිය සංස්කරණය

නියමයි පැතුම්, එලටම කරලා තියෙනවා. ජය! -- බිඟුවා සාකච්ඡාව 05:01, 10 පෙබරවාරි 2011 (යූටීසී)Reply

ස්තුතියි.--පැතුම් හර්ෂණ (talk) 05:28, 10 පෙබරවාරි 2011 (යූටීසී)Reply

පැතුම් , ඔබ විසින් මෙතෙක් ලියන ලද ලිපි ප්‍රේමසිරි කේමදාස ‎, ඝනත්වය ‎, ඩොප්ලර් ආචරණය ඉතා වැදගත් සහ ඉතාමත් පිළිවෙලට මහන්සියෙන් සංස්කරණය කර තිබෙනවා.සිංහල ජනතවට ඔබ කරන සේවය ඉතා වැදගත් වෙයි. සුබපැතුම්. ....:----සමන් (talk) 03:55, 7 අප්‍රේල් 2011 (යූටීසී)Reply

ස්තුතියි --පැතුම් හර්ෂණ (talk) 02:44, 13 අප්‍රේල් 2011 (යූටීසී)Reply

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය සංස්කරණය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

‍ \text tag එක සඳහා අනුරූප සිංහල tag එක සංස්කරණය

ඉංග්‍රීසි විකියේ ලිපිවල ඇති මෙවැනි සමීකරණ සිංහලයට හැරවීමේ දී යොදා ගත යුතු tags මොනවාද?

 

--පැතුම් හර්ෂණ (talk) 13:37, 25 ජූනි 2011 (යූටීසී)Reply

මේකට උත්තරයක් හොයා ගත්තද? --Lee (talk) 14:30, 27 ජූනි 2011 (යූටීසී)Reply

සෑම දෙයක්ම සිංහලට හරවන්න අපහසුයි මිත්‍රයා! අපි පොඩ්ඩක් බලමු මේගැන...සිඳු කාවින්ද  සාකච්ඡාව 11:20, 28 ජූනි 2011 (යූටීසී)Reply

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය සංස්කරණය

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

 

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:28, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

සැකිල්ලක් සිංහලයට පරිවර්තනය කරන්නේ කෙසේද? සංස්කරණය

අලුතෙන් සැකිල්ලක් නිර්මාණය කරන ආකාරය හෝ සිංහලයට පරිවර්තනය කරන ආකාරය කියා දෙන්න පුළුවන්ද? --පැතුම් හර්ෂණ (talk) 10:49, 28 අප්‍රේල් 2012 (යූටීසී)Reply

පැතුම් හර්ෂණ,
සැකිල්ලක තියෙන්නේ විකිකේතයි. මෘදුකාංග ඉගෙනගන්න එක ක්‍රමයක් තමයි පරිගණක භාෂාව ඉගෙන ගෙන රීති අනුව ලියල පුරුදු වෙන එක. තවත් ක්‍රමයක් තමයි ලියන තියෙන කේත සහ ඒවායේ ප්‍රතිඵලය දිහා බලල ඉගෙන ගන්න එක. මෙතනදි දෙවන ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි විකියේ ලියල තියෙන සැකිල්ලක් බලල ඉගෙන ගන්න බලන්න. අපි නිදසුනක් ගනිමු. ඉංග්‍රීසි විකියේ [[Template:!]] යන සැකිල්ල. ඒකෙ කේතය බැලුවොත් තියෙන්නේ මේකයි.
|<noinclude>{{template doc}}</noinclude>
මෙම සැකිල්ල {{!}} විදිහට සැකිල්ලක් ඇතුලේ භාවිතා කලාම වන්නේ, "|" යන සංකේතය සැකිලි පරමිතික අතරට වැටෙන එක පමණයි. කේතය දිහා බැලුවම ඒක පැහැදිලියි. කේතයේ මුලින්ම තියෙන්නේ "|" සංකේතයයි. ඊට පස්සේ <noinclude> හා </noinclude> යන ටැග අතර {{template doc}} යන්න දාලා තියෙනවා. සැකිල්ලක <noinclude> හා </noinclude> යන ටැග අතර තියෙන කේත සැකිල්ල භාවිතා කරාම execute වන්නේ නැහැ. ඒවුනාට සැකිල්ල විවෘත කලාම ඒක පේනවා. ඉංග්‍රීසි විකියට ගිහින් search කවුලුවේ "Template:!" කියල ගහලා බලන්න. "|" සංකේතය උඩින්ම පෙනෙයි. ලා නිල් පාට කොටුවක් තුල සැකිල්ලේ Template Documentation එක පෙනෙයි. සැකිල්ලක් තුල {{template doc}} යෙදුවම එම සැකිල්ල විවෘත කරන කොට විකිකේත ස්වයංක්‍රීයව සැකිල්ලේ doc පිටුව ප්‍රදර්ශනය කරනවා. මෙතනදී [[Template:!/doc]] යන්න.
දැන් බලන්න මෙම සැකිල්ල සිංහලට පරිවර්තනය කරල තියෙන හැටි. එතන තියෙන කේතය තමයි
|<noinclude>{{සැකිලි ලේඛය}}</noinclude>
මෙතන සිංහල හරවල තිනේනේ "template doc" වෙනුවට "සැකිලි ලේඛය" යෙදීම පමණයි. {{template doc}} කියන්නේ [[Template:template doc]] කියන සැකිල්ල. ඒක [[සැකිල්ල:සැකිලි ලේඛය]] යනුවෙන් පරිවර්තනය කරල තියෙන්නේ. දැන් සිංහල විකියේ ගවේෂණය කරන්න කවුලුවේ "සැකිල්ල:!" කියලා ගහල බලන්න. "|" සංකේතය උඩින්ම පෙනෙයි. ලා නිල් පාට කොටුවක් තුල සැකිල්ලේ සැකිල්ල ලේඛගතකිරීම එක පෙනෙයි.
මේක සරලම උදහරණයක්. ඔබව මම අවුල් කරාද දන්නේ නැහැ. උත්සාහය තියේ නම් ඉගෙන ගන්න පුළුවන්. සංකීර්ණ සැකිලි වල if statement ආදිය තියෙනවා. පරාමිතික සඟල වරහන් තුනක් ඇතුලේ තියෙන්නේ. ඒවා පරිවර්තනය කරන්න එපා. ටැග පරිවර්තනය කරන්න එපා. සඟල වරහන් දෙකක් අතර තියෙන්නේ තවත් සැකිලි වල නම්. ඒවා පරිවර්තනය කරනවා නම් අදාල සැකිල්ල පරිවර්තනය කරන්න. සැකිල්ලට කේරුමක් තියෙන සිංහල නමක් දාන්න අමතක කරන්න ඒපා.
මේක ටිකක කල් ප්‍රගුණ කලාම සිංහල විකියට ගැලපෙන අළුත් සැකිලි ලියන්න පුළුවන්. ඒක කාලීන අවශ්‍යතාවයක්. බෙහෝ සැකිලි අපි ඉංග්‍රීසි විකියෙන් කොපි කරල තියෙන්නේ. ඒවා ගැලපෙන්නේ ඒ සමාජයට. මේ ගැන පසුව කතා කරමු. -- ශ්වෙත (talk) 14:21, 28 අප්‍රේල් 2012 (යූටීසී)Reply
බොහොම ස්තූතියි ඔබේ කාලය වැය කර මේ තරම් හොඳ විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන. මම හිතනවා මට වැඩේ කරන විදිය තේරුණා කියලා. වෙලාව තියෙන හැටියට කරන්න උත්සහ කරලා බලන්නම්. --පැතුම් හර්ෂණ (talk) 03:55, 29 අප්‍රේල් 2012 (යූටීසී)Reply